• ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, කාලීන සංවාද, විවිධාංග, විශේෂ

    නෙළුම් යාය 2016 බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්

    Off

    නෙළුම් යාය 2016 වසර සඳහා වන බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්  2017 මාර්තු 25 වනදා පැවැත්වේ. ගිය වසර වලදී මෙන්ම මේ වසරේද පහත සඳහන් අංගයන් සඳහා සම්මාන, සහතික සහ ත්‍යාගයන් පිරි නමනු ලැබේ. වසරේ හොඳම බ්ලොග් අඩවිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය සඳහා පිළිවෙලින් මුදලින් රුපියල්  15000, 10000 හා  5000 බැගින්  පිරි නමනු ලැබේ. හතර  සහ පස්වන…

  • කාලීන සංවාද

    සරසවි දිසාපාමොක්ලා පිළිබඳ කැත සත්‍ය නිරූපිත ගීතයක්

    Off

    අද නොකී කතාව අප හිතමිත්‍ර කලාකරුවෙකු හා ජනමාධ්‍යවේදියෙකු වන කපිල එම්. ගමගේ ලියූ සටහනක්. සරසවි ශිෂ්‍යයෙකු මෙන්ම ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද අප අත් විඳ ඇති මේ කුජීත ක්‍රියාවලිය ගැන නිර්මාණශීලී ලේඛිකාවක වන යනූෂා ලක්මාලි 2010 දී පමණ කැලණිය සරසවියේ උපාධි අපේක්ෂිකාවක ලෙස සිටියදී ඇය ලියූ “පාර” නවකතාවකටද පාදක කොට ගත්තා. මා ඒ ගැන විචාරයක්ද පුවත්පතකට සැපයූවා මතකයි….

  • කාලීන සංවාද

    සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතය

    Off

    සෝවියට් දේශය සංස්කෘතික වශයෙන් ඉතා ඉහල දර්ශකයක් අත් පත් කරගෙන තිබූ දේශයක්විය. සෝවියට් දේශයේ සාහිත්‍ය , නාට්‍ය , ගීත , ඔපෙරා , චිත්‍රපට අන්තර් ජාතික කීර්තියඅත්පත් කරගෙන තිබුණි. ලෝකයේ කුඩා දිවයිනක කුඩා ජන  සමාජයක් නියෝජනය කල අපදමෙම සෝවියට් සංස්කෘතියෙන් පෝෂණය වූයෙමු. ලෝ ප්‍රකට බල්ශෝයි තියාතරය අසලින් මම කිහිප විටක් ඒ මේ අත ගොස් තිබුනද බල්ශෝයිරඟහලට…

  • සාහිත්‍ය කළා විචාර

    හිතුවක්කාරී?

    Off

    මගේ බ්ලොගයේ පළකළ ලිපි ඇතුලත් “පොල්කට්ටෙන් එලියට ” පොත එළි දැක්වූදා ප්‍රකාශකයෙකු විසින් පැමිණ පොත් කිහිපයක් අප අතර බෙදා දුනි. මම එය උඩින් පල්ලෙන් බලා පසුව කියවන්නට තබා ගතිමි. පොත ඇත්තටම කියවන්නට ලැබුනේ පසුගිය උඳුවප් මසය. ඒ හදිසියේ සොහොයුරෙකුගේ අසනීපයට ශ්‍රී ලංකාවට ගිය බැවිනි. පොතද රැගෙන ගිය මම එය කියවා  අවසන් කලෙමි. කතාව පටන් ගන්නේ…

  • ප්‍රහසන

    ඉරිසියාවේ ගස (පවුල් ගසක් උව විය හැක) – The Jealous Tree (May be a Family Tree)

    Off

    ඕන එකෝමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක මනුස්සයෙක් පාරේ යන ගමන් ගලක් කකුලේ වැදුනා. පොරට එක පාරටම මතක් උනා මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද කියන කතන්දරේ. කෝකටත් කියලා ගලත් අතට අරගෙන යන ගමන්, මහන්සියට ගිමන් නිවා ගන්න මහා විශාල ගහක් යට නැවතුනා. ඔය ගහ යට මෙයා ඉතරක් නෙමෙයි තවත් අය ගිමන්…

  • කාලීන සංවාද

    සුදු සුදු ලෙසත්, අළු අළු ලෙසත්, කළු කළු ලෙසත්….

    Off

    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දකුණු අධිවේග මාර්ගය සාදා නිම කළේය. ඒ පිළිබඳව බොහෝ වාද විවාද ඇතිවිය. වසර කිහිපයකට පසු මහා කඳු පවා නාය ගිය අධික වර්ෂාපතනයක් ඇතිවිය. අධිවේග මාර්ගයේ ස්ථාන කිහිපයක කාපට් තට්ටුව ගැලවී ගොස් තිබුණි. මහින්ද විරෝධියෝ ආසියාවේ ආශ්චර්යය යැයි සරදම් පාමින් එම ගැලවී ගිය කාපට් තට්ටුවල පින්තුර දැමීය. අධිවේගී මාර්ගය සැදීමේදී එයට අසාධාරණ ලෙස…

  • කාලීන සංවාද

    හෘදයාංගම මිනිසෙකුගේ නික්ම යාම

    Off

    ඔවුහු අසීමිතව මහ පොළොවටත් මිනිසුන්ටත් ආදරය කළහ.වඩා යහපත් ලෝකයක් බිහිකිරීම උදෙසා  දායකත්වය සැපයූහ. ඔවුහු සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ස්වකීය ජීවිතයේ අවසාන මොහොත දක්වා තම නිරවුල් වාමාංශික මතවාදය කිළිටි නොකරගනිමින් ජීවත් වූ සැබෑ මිනිසුන්ය. එවැනි අතළොස්සක් වූ ඔවුන් ලෝකයේ ඕනෑම බිම් කඩෙකදී හමුවිය හැක.තමා පය ගසා සිටින මහ පොළොව විශ්වාස කරන තරමටම තමා ඇවිද යන…

  • දේශපාලන

    රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය: අශුද්ධ සන්ධානයට මළ මිනිී ඕනෑ කර තිබේ.

    Off

    වසර 2002දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන ලදී. කොටි සංවිධානය සමග සටන් විරාමයකට එළැඹ සාකච්ඡාමය විසඳුමක් සඳහා ද පියවර ගන්නා ලදී. මේ හා සමාන්තරව ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන ඉදිරියට පැමිණියේ ය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සමග බද්ධ වෙමින් බටහිර රටවල හා ජපානයේ ආධාර ඇතිව වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ…

  • ප්‍රහසන

    මහින්දගේ ආණ්ඩු පෙරළීම…

    Off

    2017 වර්ෂයේ තමන්ගේ එකම අපේක්ෂාව පවත්නා රජය පෙරළා දැමීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමන් සෑම විටම සියළුම තත්වයන්ට සූදානම්ව සිටින බවද පෙර සූදානමකින් තොරව තමන් කිසිම කටයුත්තකට අත නොගසන බවද එතුමා වැඩි දුරටත් පැවසීය. අද පවතින රජය පෙරළා දැමීමේ කටයුත්ත සඳහා තමන් සූදානම් වූයේ 2009 වර්ෂයේ සිටම බවද පැවසූ එතුමා ඒ සඳහා…

  • ප්‍රහසන

    පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටි

    Off

    මම හිතුවේ අලුත් අවුරුද්දෙදී බ්ලොගේ ටිකක් වැඩිපුර දේශපාලනය ගැන ලියන්න ඕන කියලා. සිනමාව ගැන ලියන පෝස්ට් වලට තරම් ප්‍රතිචාර නොලැබුණත්. ඒත් අවුරුද්ද පටන්ගනිද්දිම දේශපාලනය ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියා නම් දරා සිටින අජිත් පැරකුම් කියනවා දේශපාලනය ලියලා හරියන්නෑලු. ඔහු ලියලා සපත්තු ගැන සටහනක්. ඒක ලියන්නේ දේශපාලනය ගැන කියැවිල්ලෙනුත් රහක් සපයන්න සමත්වුණ මාතලන් ලියපුසෙරෙප්පු පෝස්ට්එකක් අනුව…

  • කෙටි කථා

    ඉරාජ්ගේ ආශාවරී – කාශ්‍යප රජුගේ නැවත ඉපදීම

    Off

    කාශ්‍යපගේ පළමු වික්‍රමය මෙතනින් කියවන්න ඒ 1565 වසරයි.පරංගි සුවද තවරාගෙන හමනා ගොඩ සුළං රැල්ල සුන්දර අප්පුගේ නහය විනිවිද යන්නේ ඔහුට මහත් අපුලක් ගෙනදෙමිනි.ඔහුට මේ කිසිවක් සිතාගත නොහැක.අතීතයේ තම මුතුන් මිත්තන්ගෙ අනින් පමනකදු නොව තමන්ගේ අනසක යටතේත් විරාජමානවූ ලන්කාද්වීපය පරංගින් රැලක් විසින් යටත් කර ගනු ලැබුවේ කෙසේද ?…යම් තරමකට හෝ අස්වැසිල්ලක් ඇත්තේ තවමත් ඔවුන්ට යටත් කර…

  • දේශපාලන

    දයා පතිරණ යනු ආරම්භක ලක්ෂ්‍යයකි!

    Off

    නජිත් ඉන්දික විසිනි   (මෙය ‘වමේ හඩ’ පුවත්පතේ ජනවාරි කලාපය සදහා රචිත ලිපියකි)   ඒ 1985 වර්ෂයේ දෙසැම්බර් 15 වන දින රාත‍්‍රියයි. බණ්ඩාරගම ‘හිරණ’ තොටුපළ අසළ පාලු අම්බලමක් පිටුපස තිබී, කශේරුකාව වෙන්වන ලෙස ගෙල කපා දමන ලද, නිරුවත් තරුණ මළසිරුරක් මුලින්ම හමුවන්නේ ඒ ආශි‍්‍රතව රැකියාව සිදුකළ තොටියෙකුටයි. එය උදුවප් පසළොස්වක පොහොය දිනයද විය. ඒ වනවිටත් මළසිරුරේ රස්නයවත්…

  • පරිවර්තන

    එක මවකගේ කතාවක් (The Story of a Mother!!)

    Off

    මව තම කුඩා දරුවා අසලින්ම වාඩි වී සිටියාය. ඇය දැඩි වේදනාවකින් පීඩා විදිමින් සිටියාය. තම කුඩා දරුවා මිය යනු ඇතැයි යන ඉමහත්ඇ භීතිය ඇය  වෙලාගෙන තිබිණි. බොහෝ සෙයින් සුදුමැලි වු, කුඩා ඇස් වැසී තිබු ඒ දරුවා විටින් විට ගැඹුරින් හුස්ම ගන්නට විය. එය හරියට සුසුම් හෙලීමක් වැනිය. දැඩි කනගාටුවෙන් යුතුව තව තවත් ඕනෑකමින් ඇය තම…

  • කාලීන සංවාද

    සරත් ගුණරත්න: ජනතාවට නොව තමා පත්කළ තැනැත්තන්ට සේවය කිරීමේ ආනිශංස

    Off

    කලකට පෙර මීගමුව ආසනයෙන් පාර්ලිමේන්තුවට ගියේ උගත්, වැදගත් දේශපාලනඥයන්ය. ලංකා සමසමාජ පක්ෂයේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරමින් මීගමුවෙන් පාර්ලි‌‌මේන්තු ගිය නීතීඥ ඩෙන්සිල් ප්‍රනාන්දු ද මේයට හොදම උදාහරණය. මීගමුවෙන් පාර්ලි‌‌මේන්තු ගිය මෙම උගත්, වැදගත් ලැයිස්තුවේ  අවසාන තැනැත්තාවූයේ නීතීඥ  සරත්චන්ද්‍ර ගුණරත්නය. ඔහු 1992 දී පමණ මියයන ලදී. මීගමුවේ එදා පැවති ඒ උගත්, වැදගත් ලැයිස්තුව දැන් අවසන්ව ඇත. ඒ…

  • ප්‍රහසන

    මැසේජ්, කැලැන්ඩර්, ලිත් සහ පොත්

    Off

    “කුදටික්”   “චුහුක්”   “චුහුක්”   “චුහුක්”   “ඥිමුක්”   “කුදටික්” “මොකද්දනේ ඔය පෝන්නෙක සයිලන් දාන්නකො. හොඳටම නිංදයාගෙන එන වෙලාවෙ.” අපේ ගෙදර 2017 නව වසර පටං ගත්තේ ආං එහෙමයි. ඔය උඩිං තියෙන සද්ද ටික සේරම ආවේ ටෙලිපෝන් එකෙන්. අන්තිම වාක්‍ය දෙක නිකුත් උනේ අපේ ගෙදර ඉන්න අනික් එක්කෙනාගෙ කටිං. අලුත් අවුරුද්දට තමුන් දන්න කියන කාටත්…

  • කෙටි කථා

    තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි

    Off

    දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය… අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට…

  • සඳැස් / නිසඳැස්

    ආයුබොවන්!

    Off

    තුන්සිය හැට හයක් දින දැන් ගෙවී ගිහින් දෙදහස් දහසයත් ඇත දැන් ගෙවී ගිහින් නැවුම් පැතුම් අහුරක් දොතින් ම අරන් හෙට දිනයේ ඇරඹෙයි නව වසර ඉතින්   ගෙවිලා යන දහසයටත් ආයුබොවන් හෙට පැමිනෙණ දාහතටත් ආයුබොවන් ඉටු වුණු හැම පැතුමකටත් ආයුබොවන් හෙට හිනහෙන නව පැතුමට ආයුබොවන්   වාධ බේධ තරහ මරහ වියැකේවා සාමය සතුට නිරෝගි සුව වැඩිවේවා…

  • කාලීන සංවාද

    එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ

    Off

    අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි , ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය​. එළියකන්ද  වද කඳවුර පිලිබඳ කතිකාව මුලින්ම ඇති වූයේ රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද  වද කඳවුර නම් කෘතිය මගිනි. එළියකන්ද වද කඳවුර    නොහොත් කේ පොයින්ට් යනු අපගේ සමාජය එක් කාලයකදී ගමන් කරන ලද අඳුරු යුගයක් සනිටුහන් කරන ස්ථානයකි….

  • සාහිත්‍ය කළා විචාර

    දෙදහස් දාහතේ (2017) වත් රට ගොඩ ඒවා – Happy 2017

    Off

    හාමුදුරුවනේ ණය ගන්නේ කන්න         නෙමෙයි කියමින් කෙලපු ණය දැක්කම තරුද        පෙනෙයි ඒ ණය ගෙවන්නට මුන් තව ණයට         ගෙනෙයි ගිලෙනා නැවේ සිට මැතිවරු පිස්සු            කෙලියි   හැරිසන් සිරිසේන හාලට කෙලින                   කළ…

  • සඳැස් / නිසඳැස්

    මා අයිති කොතැනටද …අසමි නිහඬව මගෙන් (කවි)

    Off

    එකින් එක නියොන් එළි දැල්වෙන්න අරගත්තු උයන් බිම අද්දරින් නැවතෙමි මොහොතකට ඇස් ගැටෙන හැම සොඳුරු දැක්මකට ලොබ නොවී බලා ඉමි හිතේ සුසුමක් හෙමින් මුදා හැර උනුන් තුරුළේ වෙලෙන පෙම්වත්තු සෙනෙහසින් තුරු අසල බංකුවල මිදෙන්නට බැරි ලොබින් ආදරේ හිත පිරෙන සුසුමකට මුවා කර නෙතු පියමි සිනහවක් මුව අගට ගෙන හෙමින් සැඳෑවට උයන් බිම දඟ කරන පොඩිත්තන්…

  • සංගීතය

    තවත් සොඳුරු හදවතක් නත්තල් දා අපෙන් සමු ගති

    Off

    ජෝර්ජ් මයිකල් ගේ මුල්ම වැම් ගීත එළි  දුටු සමයේ මා  සිටියේ සෝවියට් දේශයේය. රොක් ගීත කණ්ඩායම්  බොහොමයක් තහනම් කර තිබුනද ඔහුගේ “Wake Me Up Before You Go-Go” අපේ නේවාසිකාගාර වල පැවැත්වූ ඩිස්කෝ සාදවල වාදනය කෙරුණි.  නමුත් මගේ ප්‍රියතම ගීතය වූයේ ද  බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ගීතය වූ “කෙයාර්ලස් විස්පර් careless whisper ” ගීතයයි. එහි මේ කොටස සැමවිටම මතකයේ…

  • කාලීන සංවාද

    හම්බන්තොට වරාය විකිණීම දේශද්‍රෝහී ක්‍රියාවක්

    Off

    ඩොලර් මිලියන් 15000 ක් වියදම් ණයට ගෙන වියදම් කර ඉදිකෙරුණු හම්බන්තොට වරාය චීන රජයට අයත සමාගමකට අවුරුදු 99 කට බලපාන පරිදි විකිණීමට රජය ගෙන ඇති තීරණය රටේ පැත්තෙන් බලනවිට ඉතා නරක එකකි. රටේ සම්පත් විකුණාගෙන කෑමට එජාප ආණ්ඩු රුසියෝය. පසුගිය ආණ්ඩුව කලේ ණය ලබාගෙන හෝ රටට සම්පත් එකතුකිරීමය. දවසකට කන්ටේනර් තුන්හාරසීයක් බෑමට හැකියාව ඇති බහාළුම්…

  • කාලීන සංවාද

    දිඹුලාගල දෙසට හැරෙමු !

    Off

    උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල පුරවරය ඉතාම ඈත ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික පුරවරයකි. විජයාගමනයට පෙර මේ ප්‍රදේශයේ විසූවෝ යක්ෂ හා නාග ගෝත්‍ර‍ වලට අයත් වූ බැව් පුරවිද්‍යාව පිළිබඳ කරුණු ගෙන හැර බලන විට දැනගන්නට ලැබේ. මේ කියන ඉතිහාසයේදී යක්ෂපුරය ලෙස වර්තමාන දිඹුලාගල පෙදෙස හඳුන්වා දී ඇත. විජය කුමරුන් ලක් දිවට පැමිණෙන සමයේ මහාසේන…

  • කාලීන සංවාද

    නිදහසින් පසු ඇදගෙන නානා රටක් – Fall Apart Since Independence

    Off

    අම්මට සිරි ලංකාවේ ඉන්නා බටහිර විරෝධි ජාතිකත්වය කර තබාගෙන යන පිරිසද, මාස්වාදය කියන්නේ තියා, කල් මාක්ස් හා ලේනින් වෙන් වෙන්ව හඳුනන්නේ නැති උග්‍ර වාමාංශිකයෝද, චේ හා බොබ් මාලේ හඳුනන්නේ නැති විප්ලවවාදියෝද, අම්මට සිරි ලංකාව කියුබාවක් කිරීමට වෙහෙසෙන කොම්‍රඩ් කැස්ත්‍රෝ සහෝදරයාගේ මල්ලිලාද, නොදැනුවත්තම කියනා, පොදු ප්‍රකාශණයක් තියෙනවාය. ඒ, “නිදහසෙන් පසු මෙතුවක් පත් වූ ආන්ඩු කලේ මක්කාද…?”…

  • ප්‍රහසන

    “රෙණ මඟ ඔස්සේ කුරුඳුවත්ත පොලීසිය වෙත” නොහොත් හත්පොලේ ගාගත් රණවිරුවාගේ කතාව

    Off

    “රණමඟ ඔස්සේ කන්දිනඩාල් වෙත” කෘතිය ලියා එක රැයින් ජාතියේ අසහාය යුද වීරයා බවට පත්වූ අසමසම වීර පුරුෂයා කොළඹ නගරයේ සුප්‍රසිද්ධ පිරිමි පාසලක් සතුරන්ගෙන් මුදාගැනීම උදෙසා තවත් විරෝදාර හමුදා මෙහෙයුමකට නායකත්වය දුන් බව අපවෙත වාර්තාවේ. “Operation Scruff of the neck නොහොත් ගලග්‍රහ මෙහෙයුම” ලෙසින් නම්කොට ඇති මේ මෙහෙයුමේදී අදාල ගත් කතුවර රණශූර සෙන්පතියා මෙවර අපොස සාපෙළ විභාගයට…