• අධ්‍යාපනික

    දවල් මිගෙල් රෑ ඩැනියෙල්

    0

    අපිට හම්බ වෙන මිනිස්සු හරි පුදුමාකාරයි. එලියට පෙන්නන මනුස්සය නෙවෙයි ඇතුලේ ඉන්නේ. අපේ නෝන මහත්තයගේ ගෙදර කට්ටිය මට කැමැත්ත දෙන්ඩ කලින් මගේ උපන්න වෙලාව ඉල්ලගෙන ගිහිං පොරොන්දන් බලවලා. ඊට අමතරව මගේ ගති ගුණ ගැනත් සාත්තර කාරයෙකුට කියල අස්සවලා. මනුස්සයා කිව්වලු ඔය උඩිං පෙන්නන මනුස්සයා නෙවෙයි ඇතුලේ ඉන්නේ, මහා දෙබිඩි චරිතයක්, කසාද බැඳලා ටික දවසකින් වහල්…

  • කාලීන සංවාද

    අලුත් අවුරුද්දේ නෑගම් යෑම, ගමේ කඩේ දේශීය කෑම , පාන් පරිප්පු, ඉරිදා උදේ උපවාසය සහ ස්වප්නාගේ අවුරුදු කෑම වේල

    0

    අම්මා හිටපු කාලේ නම් අලුත් අවුරුද්දට අපේ ගෙදර නෑදෑයින්ගෙන් පිරිලාය. අම්මා නැතිවුනත් හරි නෑදෑයින් එන එක ටික ටික අඩුවෙලා ගියේය. දැන් නම් අලුත් අවුරුද්දට අපේ ගෙදර එන්නේ සහෝදර සහෝදරියන් ගේ පවුල්වල අය විතරය. ඒ කොහොම වුණත් මෙදා පාර අලුත් අවුරුද්ද බොහොම කාර්යබහුල විය. වැඩිපුරම තිබුණේ නෑදෑ ගෙවල්වල යන්නටය. නෑදෑ ගෙවල්ද වෙන අවුරුදු වලට සාපේක්ෂව මේ…

  • ප්‍රහසන

    අපූරු පැමිණිල්ල

    1

    හදිසියේම පැමිණිල්ලක් විභාග කරන්න තියනව කියල මට පොලිසියට එන්න කියල තිබ්බ. කුරා කූඹියෙකුටවත් වරදක් කරල නැති මන් මොකක් ද මේ විජ්ජුම්බරේ කියල හිත හිත කුඩෙත් කිහිල්ලෙ ගහන් වැස්සෙ තෙමි තෙමිම පොලිසියට ගියා.

  • කෙටි කථා

    සැහැල්ලුයි, මරණය බර නෑ……. (කෙටි කතාව)

    0

    ‘ඔහු තිරිසනෙක්. කාන්තාවන් සිව්දෙනෙක්ම මාස තුනක් ඇතුළත අමානුෂික ලෙස වධදී මරා දැමීමට තරම් ඔහු තිරිසනෙක්. එහෙත් ඔහුට දෙවියන්ගෙන්නම් ගැළවීමක් නැහැ’

  • අධ්‍යාපනික

    පාපෝච්චාරණය

    0

    මනෝ චිකිත්සකයා සෝපාව මත වැතිරී සිටින තම රෝගියා දෙස උපැස් යුවල යටින් බැලීය. ඔහුගේ දර්ශන පථයට හසුවූයේ රෝගියාගේ හිස, කඳ සහ දෙපා පමණි‚. සෝපාව මත වැතිරී සිටිමින්ම රෝගියා දෑස් වසාගෙන කථාවේ නිරත වෙයි. ඔහු තම ජීවිතයේ අඳුරු තැන් පවා සංස්කරණයකින් තොරව පවසයි. රෝගියාගේ වචන වලට අවධානය යොමුකරමින් චිකිත්සකයා සවන් දීගෙන සිටියි. මනෝ චිකිත්සකයා රෝගියාගේ හිස…

  • කාලීන සංවාද

    ටැබ් නොදී වැසිකිලි දීම හා ටියුෂන් අධ්‍යාපනය

    0

    ආණ්ඩුවට ඕනෑ තරම් ඉඩ තිබුණා ළමයින්ට ආණ්ඩුවේ වියදමින් tab අරන් දෙන්න. ඒක එහෙම කරා නම් ලංකාව ඇතුලේ ලොකු අධ්‍යාපන විප්ලවයක් වෙන්න ඉඩ තිබුණා අධ්‍යාපනය කියන්නේ සමාජ විප්ලවයක ආරම්භය නිසා ළමයින්ට ටැග් නොදීමෙන් ලංකාවේ විප්ලවය ආපස්සට ඇදුන කියලා තමයි මට හිතෙන්නේ. ආණ්ඩුවේ මෝඩ කම වගේම වාමාංශික කුහකකමත් ඒකට හේතු වුණා.

  • අධ්‍යාපනික

    පැරණි ගැමියා, ගෘහාශ්‍රීත කර්මාන්තයක් ලෙස,අපනයනික මට්ටමේ ‘රබර් රොටි’ නිෂ්පාදනය කළ හැටි

    0

    රබර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත භාණ්ඩ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකියයුතු ප්‍රතිශතයක් ආවරණය වේ. 2016 වසර වනවිට දිවයිනේ බිමෙහි හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ රබර් වගාකර ඇති අතර, එම වර්ෂයේදී රබර් මෙට්‍රික් ටොන් අනූ දහසක් පමණ නිපදවා, මෙයින් මෙට්‍රික් ටොන් හතලිස් පන්දහසක් පමණ අපනයනය කර ඇත. 2016 වර්ෂයේදී ස්වාභාවික රබර් සහ රබර් නිෂ්පාදන අපනයනය මගින්…

  • කාලීන සංවාද

    ගමයා පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින්

    Off

    එකෝමත් එක රටක උන්න එකාධිපතියෙක් එලවා, යහපාලනයක් ගෙන එනවා යැයි කියා හොටු පෙරාගෙන අනුන්ගේ ඡන්ද වලින් රජ වූ ගමයෙක්, පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින් ඇතැයි වාර්ථාවේ..

  • කාලීන සංවාද

    විස්වාස බංගයට පසු…..

    Off

    “බාල් නැටුමට පසු…” කියන්නෙ සුප්‍රසිද්ධ රුසියානු ලේඛක “ලියෝ තොල්ස්තෝයි”ගෙ ඉතා ජනප්‍රිය කෙටි කතාවක්….මේ ඊයෙ පෙරේද මම ආයම ඒ කතාව කියෙව්ව. ඒ මතකය ඇසුරින් තමයි මේ සටහනට නම දැම්මෙ…. “We definitely live in strange times”…..අන්න එහෙම උද්ධෘතයක් (Quote ) තියනව කවුරු හරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියාපු. මට හරියටම මතක නෑ ඕක කිව්වෙ මාක් ට්වේන්ද ප්ලේටෝද කියල. කොහොම…

  • කාලීන සංවාද

    ටියුෂන්වලට කෙළින අකිලගේ 1988

    Off

    ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය මහජන මුදලින් ලබා ගැනීමේ අවස්ථාව සියලු සිසුන්ට හිමි ය. එහෙත්, එහි හොඳම කොටස විවිධ කූට උපායමාර්ගවලින් ඩැහැ ගන්නේ සමාජයේ ඇති හැකි පිරිස ය. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ම හොඳම පාසල් ටික හිමි කර ගන්නේ මෙම පිරිසයි. නැති බැරි මිනිසුන්ට හිමි වන්නේ අවර ගණයේ පාසල් ය. එතනින් ආරම්භ වන විෂමතාව අවසන්…

  • සාහිත්‍ය කළා විචාර

    සිංහල වාමාංශික දයලෙක්තිකයේ ප්‍රථම පාඩම

    Off

    By – Deepthi Kumara Gunaratne ”අමාවක” චිත්‍රපටය සංවාද කරන්නේ රටේ සමාජ ගැටලුවක් ගැනය. චිත්‍රපටය මඟින් ඉදිරිපත් කරන විච්ඡේදනයට අනුව ලංකාවේ ජනප්‍රිය පාසලකට ළමයෙකු ඇතුළත් කර ගැනීමට රජයේ පරිපාලන මට්ටමේ නිලධාරීන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිනු ලැබේ. අප ගිය සතියේ සාකච්ඡා කරන ලද්දේ චිත්‍රපටයේ අන්තර්ගතයට 80 දශකයේ දැක්ම ආදේශ වී ඇති ආකාරයයි. එමඟින් චිත්‍රපටය සමකාලීන ප්‍රේක්ෂකයාට දිරවා…

  • විද්‍යා හා තාක්ෂණ

    ටෙක්නොක්රසිය සහ අතත්‍ය වටිනාකම්

    Off

    ඈ විටෙක ව්‍යායාම පුහුණු කරන්නිය. විටෙක වීගන් ජීවන රටා ප්‍රචාරය කරන්නීය. හරිත පුරුදු අගයන්නීය. සත්ව හිංසනය ගැන කතා කරන්නීය. ගී ගයන්නීය. සමාජ විචාර ඉදිරිපත් කරන්නීය.

  • කාලීන සංවාද

    බ්ලොග් ගැන පොඩි කතාවක් සහ සුභ නව වසරක් ඔබ සැමට

    Off

    හුඟක් දවසකින් බ්ලොගය පැත්තේ එන්න බැරි වුණා. ඒ තරමට වැඩ අධිකයි. ඒ අතරේ මම ෆේස්බුක් එකේ මගේ දත්ත කොපමණ තියනවද කියල බැලුවා. දැන් ඒක සකර්බර්ග් කාරය බාගත කරන්න දෙන නිසා. වැඩි අවුලක් නැහැ. යහළුවෝ මැසෙන්ජරය හරහා එවපු පණිවුඩ, කළ කතාබහ ඔක්කොම තියනවා. ඩිලීට් කරපුව නැහැ. එයාලා එවපු ඡායාරූප, වීඩියෝ වගේම මම යවපු ඒවත් තියනවා. මගේ…

  • විවිධාංග

    ගසක කොස් ගෙඩි, බුරුතු පිටින් කඩා වැටීම ‘ඇස්වහ කටවහ දෝෂයක්ද? අහඹු සිදුවීමක්ද?

    Off

    මම ගම් ප්‍රදේශයෙන් පිට ආයතනයක සේවය කරද්දී (1960 ගණන් වලදී) රාජකාරි ස්ථානය කිට්ටුව පදිංචිවී සිටි, අපට දුර නෑකමක් ඇති වෙද මහත්මයෙකුගේ නිවසෙහි නවාතැන් ගත්තෙමි.

  • ප්‍රහසන

    ඇණපති දඟර පාඬියා

    Off

    ලෝකෙ ප්‍රසිද්ධියට පත් වෙච්ච එක එක තෑගි, සම්මාන තියනවා. මොන්ටිසෝරි යන පොඩි එකෙක් ගෙන් ඇහුවත් කියයි නොබෙල් තෑග්ග එහෙම නැත්තං ඔස්කාර් සම්මානෙ එහෙමත් නැත්තං ෆිල්ම්ෆෙයාර් සම්මානේ වගේ සම්මාන ගැන. අද මම කියන්ඩ හිතුවේ එහෙම ප්‍රසිද්ධියක් ලෝකෙ පුරාම නැතුවත් අඩු ගානේ පේරාදෙණියේ කැම්පස් එකේවත් සෑහෙන ප්‍රසිද්ධියක් තියන සම්මානයක් ලබපු උත්තමයෙක් ගැන ලියන්ඩ. මගෙ හිතේ මේ සම්මානේ…

  • සඳැස් / නිසඳැස්

    ඝාතකයන් ගේ විලාපය

    Off

    රනිල් ඔබට මාව මතකද ? මම ගෝනවල සුනිල් මම ඔබගේ මිතුරු ස්ත්‍රී දූෂකයා සුනිල් සමාවෙන් පසු මම යලි උපන්නා නමුත් රතු සහෝදරයන් මගේ ශරීරය පෙනේරයක් ලෙස හිල් කලා මම මගේ ශරීරය අත හැර ඉහලට පාවී ගියා ගිනියම් බටයක් ඇතුලින්

  • විවිධාංග

    —කළු දුමාරය – සත්‍ය කතාවක්—

    Off

    මේ කතාවත් සත්‍ය කතාවක් නමුත් මේක මට සිද්ද වෙච්ච කතාවක් නම් නෙවෙයි. මේක මගේ බිරිදට සිද්ද වෙච්ච කතාවක්. එහෙනම් වැල් වටාරම් නැතුව කතාවට එමු නේද එහෙනම් අවසරයි.