• කෙටි කථා

    වීරතන්ත්‍රී වලව්වේ EN එක

    1

    පොතු ගැලවිච්ච මහා ගහක කඳේ පෙනුම වගේ පෙනුමක් තිබිච්ච දැවැන්ත තාප්පයක් සහ යකඩයි මලකඩයි අතර සදාතන සටනෙන් යකඩ අජූතෙට පරදින බව කියාපාන අලිවිසාල ගේට්ටුවක් තමයි වීරතන්ත්‍රී වලව්ව ළඟින් යන කාටත් පේන්නේ. ඊට අමතරව ලෝකල් බටර් ගාලා උණුවතුරෙන් හේදුවා වගේ සෝමාරි පෙනුමක් තියන හයේ හතරේ බිත්ති ටිකක් සහ රුයිතෙට වර්ක් කරපු සාරියක් වගේ තැනින් තැන කොළපාටට…

  • ඉතිහාසය, පරිවර්තන

    රාජසිංහ රජුගේ අවසානය සහ මුතු මණ්ඩපය

    0

      පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය. ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. ඉංග්‍රීසීන්…

  • කෙටි කථා

    කෙසෙල් කැන විසින් හොරාව වැට පැන්නීම

    0

      ගයාන් නින්දෙන් ඇහැරී ඔරලෝසුව දෙස බැලුවිට එහි පාන්දර 2.30 ලෙස සටහන්ව තිබුණා. තම පපුවට තුරුළු වී නිදන ලක්මාලිගේ ලය මඩල රිද්මයකට උස පහත් වීමෙන් ඇය තද නින්දේ බව පසක් කරගත් ගයාන් ඇයට නොදැනෙන්න ඇඳෙන් බැස්සේ නින්ද අහලකවත් නොවුන නිසා. කොපි උගුරක් සාදාගෙන සාලයට පැමිණ දුම් වැටියක් දල්වා ගත්තේ පෙර දින රැයෙහි සිදුවූ යම් සිදුවීම්…

  • කාලීන සංවාද

    මිලියන 500 යේ කෞතුකාගාරය

    0

      පසු ගිය සතියේ අපි විනෝද චාරිකාවක් සදහා පොලොන්නරුවට ගියෙමු. ඇත්තෙන්ම පොලොන්නරුවේ පෞරානික ස්ථාන නැරඹීම කොහෙන් පටන් ගෙන කොහෙන් අවසන් කල යුතු දැයි සිතාගන්නටවත් අමාරුය. අනෙක් අය නිදාගෙන සිටියදී මම FITAPP ඇප්ලිකේෂන් එක ෆෝන් එකේ ක්‍රියාත්මක කරගෙන හෝටලයෙන් පිට වී කිලෝ මීටර් තුනක් දෙවෙනි ඇල මාර්ගයේ ගොස් ආපසු බුෂේ එකේ වේලාවට හෝටලයට පැමිණියෙමි. මේ ඇල…

  • කාලීන සංවාද

    බොන්න එපා..හැලප අරන් දියන් !

    0

    වෙන රටවල කියන්නෙ Don’t drink and drive කියල. අපේ රටේ කියන්නෙ “බොන්නම එපා!” කියල. “බොන්නම එපා” කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියල කියවෙද්දි එතනින් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටි සමාජයක වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න ආගමකින් දක්කවන මීහරක් ටිකක් වගේ ඒ ආගමෙන්…

  • හයිකු හා කෙටි කවි

    Facebook ආදරේ

    0

      පාන්දරින් අත ලගට තේඑක දුන්නට කෑම ටික රහට  හදලා දුන්නට කවදාකවත් නොකිව්ව …… උන්ඩි කරපු රෙදි අපුල්ලලා වේලලා මැද්දට කියන්න අමතක වෙච්චි ….. උජාරුවට මම මගේ කියන පැටව් දෙන්න කවලා පොවලා හැදුවට කියන්න නොහිතිචිච ….. කණු කුණු නොගා අත තියන සොච්චම මාසෙටම පිරිමැස්සට කියන්නම වටින ආදරේ ……. ලෝකෙටම දැන ගන්න ඉස්ටේටස් එකක් දැම්ම ඔය…

  • කාලීන සංවාද

    අඳුරෙන් එළියට

    Off

    “ආච්චි දඹදිව යන්නද යන්නේ?” “ඔව් පුතේ..ඔච්චරනේ අන්තිමට ඉතුරු වෙන්නේ” “ඔව් නේද ආච්චි..යන්න යන්න.. ගිහින් එන්න එහෙනම්” ආච්චි; බෞද්ධාගමට දැඩි භක්තියක් තිබෙන ඇය කකුල් අමාරුවක් තිබුනත් තම දරුවෙක්ට හෝ කියා ත්‍රීවීල් එකක් හයර් කරගෙන පන්සල් ගොස් සිල් ගැනීම වරද්දන්නේ නැත. ජීවිතයේ අවසන් සමය ගෙවන ඇය දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඇය සතුව ඇති පරණ වූ බෞද්ධ…

  • අතීතකාමය

    සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව

    Off

      කණ්ඩා ඔටු දේශයට (UAE) ගොඩ බැස රැකියාව ඇරඹීමෙන් මුල පිරුණ හත් වසක කාල සීමාවේදී අත්විඳි ඇතැම් දේ කණ්ඩාට අදටත් ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones) සිනමා පටයක් සිහි ගන්වන්නේය … වෙනසකට කියා ඇත්තේ ඉන්ඩියානා ජෝන්ස් කණ්ඩා තරමටම වැඩ කාරයෙකු නොවීම පමණි 🙂 (ඉතින් ඔන්න දුක හිතෙන කතන්දර කියනව එහෙම නෙමෙයි, අඩුම තරමේ IT අතින් හෝ කණ්ඩා…

  • ඉතිහාසය, දේශපාලන

    කුල සහ කාස්ට්

    Off

    කමලිකා පීරිස් මේ සතියේ අයිලන්ඩ් පුවත් පතට බෙරවා කුලය ගැන ලිපියක් ලියමින් පාරම්පරිකව උඩරට නැටුම් වැයුම් ශිල්පය පවත්වාගෙන ආපු පරම්පරාවල මිනිස්සුන් ගැන මේ රටේ මිනිස්සු දරන දරපු ආකල්ප ගැන විස්තරයක් කරනවා. මෙහිදී කමලිකා පීරිස් ඉස්මතු කරන්නේ නුවර ජීවත්වුනු මිනිස්සු බෙරවා කුලයේ මිනිස්සුන් පහත් යැයි සැලකුවත් කොළඹ නගරයේ ජීවත්වුනු උගත් යැයි සම්මත මිනිස්සු ඔවුන්ට සමසේ සැලකු…

  • සඳැස් / නිසඳැස්

    මහඹබාට මූණු දෙකයි

    Off

    ජයවතී… කොහේද උඹ ඒ වෙලාවේ පාරක් ගැහුවට… හිතේ කේන්තියට දැන් ඇඬුවා ඇති නේද වරෙන් එළියට නාඩ අවුරුදු දහයකට මෙපිට උඹ එන්නට කලින් මෙහෙට යක්කු නටපු පිට්ටනියක් වගේ තිබුන මගේ නිවස එළියවුනේ උඹ ආ පසු කොතෙකුත් මම කියා ඇද්ද සමහර කාලවල් තිබුනා දුක් කරදර බොහොම ආපු පාන්බාගේ බෙදාගෙනත් කෑවා අපි සීනි එක්ක උඹ හිටියා මාත් එක්ක…

  • අතීතකාමය

    අසාධ්‍ය රෝගියාගෙ චොපර් පිම්ම

    Off

    ඕලුමඩු රාජකාරි වලින් පස්සෙ යන්න වුනේ පලාලි වලට. එදා තමයි පලවෙනි පාරට ගුවන් ගත වුනේ. ගුවන් යානයක් කිව්වට පවර් සෙට් කෝච්චියෙ වගෙ දෙපත්තෙ ගහපු සීට් පේලි වල වාඩි වෙලා උඩින් ඇදපු කම්බියක එල්ලිලා තමයි පලමු ගුවන් ගමන. මැද නානා ප්‍රකාර බඩු. මිලිටරි කාර්ගො යානා කොයි ලෝකෙත් එහෙම තමයි. ගුවන් ගමනට විනාඩි 50යි. රත්මලානෙන් උඩට නැගලා…

  • කෙටි කථා

    ඒකිත් ගෑණියක්

    Off

    එදා ලස්සන දවසක්. නැගෙනහිරින් හිරු පායා එද්දි හරිම ලස්සනයි. නැතුව ඉතින් බස්නාහිරින් ඉර පායනවයැ. අත් දෙකෙහි ඇගිලි මිටිකර දෙපැත්තෙන් ඉහලට දික් කර උදෑසන ඇග හිරි ඇරියෙමි. ජනෙල් කූරු අතරින් පරිසරය දිහා බලනවට වඩා කොච්චර ලස්සනද මිදුලට ගිහින් ඒ සතුට විද දරා ගන්න එක. මම මිදුලට බැස්ස. මොන කෙහෙල්මල් ලස්සනක්ද. වත්ත පුරා තේක්ක කොල වැටිල.ඒ මදිවට…

  • කෙටි කථා

    ඩියුටිය

    Off

      අඬක් පිලිස්සුනු මදුරුකොයිල් දඟරයෙන් පිටවෙන සුදු පැහැති සිහින් දුමාරය අහිකුන්ටයකුගේ නලා හඬින් පෙනගොබය පුප්පාගෙන නටන නයෙකු සේ දෙපසට වැනෙමින් ඉහල නගියි. සිකුරිටි කුටිය තුලට හමා ආ සුළං රැල්ලක් නිසාවෙන් මඳකට හැකිලීගිය දුමාරය යළි තම කඳ කෙලින් කරගත්තේය. ටික දුරක් ඉහළ නගුන සිහින් දුමාරය කැරලි නංවාලමින් වාතලයේ අතුරුදහන්වි යන්නට විය. රෑ මැදියමේ දැඩි නිහඬතාවය බිඳහෙලමින්…

  • අධ්‍යාපනික

    හිසේ අමාරුවට කොට්ටේ මාරු කරන අද කාලේ රෝගය පපුවේ දැවිල්ල :Gastritis/Heart Burn

    Off

    ” මොකෝ මේ පිගානේ හොදි වෑන්ජන මොනවත් නැහැනේ. ඇයි මේ බත් විතරක් කන්නේ ?” ”මට පොඩ්ඩක් ගැස්ට්‍රයිටිස් වගේ..පරිස්සම් වෙන එක හොඳයිනේ..මන් මේ අල පරිප්පු ගත්තා ඒ මදැයි ” මෑතකදී සාදයකදී ඇසුණු දෙබසක් මේ…. ”ආ මටත් ඔය ප්‍ර​ශ්නෙම තියෙනවා..මාත් මේ පරිප්පුයි බිත්තරයි විතරයි ගත්තේ..කාල දුක් විඳින්න බැහැනේ..” ඒ ගොඩටම වැටුණු තවත් කෙනෙකු සහයට ඇවිත්.. ” ඔව්,…

  • හයිකු හා කෙටි කවි

    රහස්

    Off

      පැලුණු තොල් නියපහර ලද කම්මුල් රිදෙන අතපය පවසන රහස කිවමැන දස්කොන්   අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් https://kadadasikole.blogspot.com/2016/11/blog-post_28.html

  • කාලීන සංවාද

    ටැබ් දීමේ ආදීනව

    Off

    උසස් පෙළ ශිෂ්‍යයන්ට නොමිලේ ටැබ් ලබාදීම පිළිබඳව නොයෙකුත් කතාබහ තැන තැන මේ දිනවල දක්නට ලැබේ. කොටසක් එම ක්‍රියාව අගය කරන අතර, තවත් කොටසක් එය වැඩකට නැති දෙයක් යැයි පෙන්නන්නට නොයෙකුත් හේතු ඉදිරිපත් කරති. මේවා කැඩුනාම හදන්නේ කෙසේදැයි කෙනෙකු ප්‍රශ්න කර තිබෙනවා මැ දැක්කෙමි. එවැනි තුනී හේතු දක්වා මෙම බෙදා හැරීමට විරෝධය පල කිරීම ඇත්තෙන්ම පුදුම…

  • අතීතකාමය

    මනුස්සකම සහ ආනන්දසිරිය

    Off

    දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා හිනාවක් පැවේද මේ මිනිහාමය. ගෙදර ඉන්නා බොහෝමයක් වෙලාවල්වල මේ මිනිහා සිය උඩුකය නිරාවරණව සරමක් ඇද…

  • අතීතකාමය, සඳැස් / නිසඳැස්

    මානි නම් වූ ඈ..!

    Off

    ගෙදරම්මාච්චිගේ ගෙමිදුලේ රතු ජම්බු ගහ මුල බිම වැටුනු රතු ජම්බු ගෙඩිපහම දෝතට ගෙන බලාසිටි ඒ පුංචි අවදියේ ජංගිකොටේ උස්සා උස්සා මා වෙත දුවවිත් දෑත දිගුකොට වඩාගන්නැයි කල ආයාචනා අදවගෙ මට මතකයි  නගේ රතුජම්බු පැහැ නුඹ කම්මුල් සිපගත් ඒ පුංචි අවදියේ නුඹ සිනිඳු අත් මා ගෙල වටා තාලෙට යවමින් මා නෙතු අද්දර කල එබිකම් අද වගේ මතකයි …

  • සඳැස් / නිසඳැස්

    සිසිල් උණුහුම් හැඟුම්

    Off

      ඔබේ මුදු සුළඟිල්ල වටා මා වෙලී උන් ඉබේ ටම පියෙන නෙත නුඹේ උරහිසක වන් තිබේ පෙර සසරකම හුරු පුරුදු ආදරෙන් නුඹේ උණුසුම විඳිමි මුදුව තුරුලට අරන් වින්දාට නෙත පිනන මේ උයන මල් රටා දම්පාට මම අඳින ලා සඳේ රූ වටා මැව්වාට මිරිඟුවට යනුය නොහැකිය ඉටා පෙම්පාට හිත තාම දැවටෙන්නේ නුඹ වටා අයිතිය සහ අන්තර්ගතයේ…

  • හයිකු හා කෙටි කවි

    ඔබ තෝරා ගත් හදවත

    Off

    ඔබ තෝරාගෙන ඇත්තේ කර්කශම හදවතකි මතුපිට හිමාලේපිත ඇතුළතින් ගිණි පුළිඟු නළියන තෙතක් කියා කිසි දෙයක් නැති රළු පරළුම හිතකි.. එනිසාවෙන් ඔබට හඬන්නට සිදු වූ කලෙක උරපතක් මත හිස හොවා තුරුළෙහි සනසවන ලෙංගතු දෑතක් පිළිබඳව සුබ සිහින නොදකින්න.. අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් http://sithumpethum.blogspot.com/2016/11/blog-post_20.html

  • සඳැස් / නිසඳැස්

    මිතුරු හවුල

    Off

    කාර්යාලයට හොර බිල් දමා පිල්ලි ගහන ගණකාධිකාරි මහතාද ඉස්පිරිතාලේ බෙහෙත් උස්සලා ෆාමසියට විකුනන ඖෂධවේදියා ද ළමයි ගන්න අත යට ගාන ඉල්ලන ගරු විදුහල්පති තුමාද කට්ටි පැනලා දිස්පෙන්සරියට එන දොස්තර මහතාද කොන්ත්‍රත් කරුවන්ගෙන් අනුමැතියට සල්ලි ගන්න ඉංජිනේරු මහතාද මිතුරු හවුලේදී රහ මෙර බොමින් , අර්ජුණ මහේන්ද්‍රන්ට අම්බානක බැන හදුන්නෙත්තිගේ ගුණ ගයා සතුටින් විසිර ගියහ……………………… අයිතිය සහ…

  • කාලීන සංවාද, දේශපාලන

    අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම – Sleepwalking Towards Justice

    Off

    ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්,…

  • කාලීන සංවාද, දේශපාලන

    ලෝකය ඉදිරියට…. සිරි ලන්කාව කොයිබටද?

    Off

    දෙවන ලෝක යුද්දයට පසු ලෝකය සැනයකින් වෙනස් විය. සමාජයේ වැඩවස්ම් ක්‍රම අඩු වී, කුමන පන්තියකින් ඉහලට පැමිනියත් දැනුම ට මුල් තැන දෙන සමාජයක් බිහි විය. වෙනදාට පාසැල් වත් නොයන අන්දමේ උදවිය ට විස්ස විජ්ජාල දොරවල් විවුර්ත විය. ලෝකයේ ම සිදු වූ එම ක්‍රියාවලිය නිසා රැකියා නැති සෝ කෝල්ඩ් සිවිල් සමාජ උගතුන් බිහි විය. යුද්දයට ලක් වී…

  • අතීතකාමය

    සුබ ගමන් මිතුර..

    Off

    ආදරණීය ප්‍රංකෝ මහත්මයා වෙත.. උබෙන් කොහොමද අහන්න මට පුලුවන් කමක් නෑ, මේ වෙනකොට උබ ඇත්තෙ ජේසු ලග, උබ වගේ නියම මහත්මයෙක් උබ විශ්වාස කරපු ආගමේ හැටියට ට්‍රාන්සිට් නැතුව ජේසු ලගටම යන්න ඇති,ගිය 7 වෙනිදා උබ මේ ලෝකෙන් අයින් වෙලා යන්න ගියා, සරල අවමගුල් උත්සවයක් එක්ක පල්ලියෙ පූජාවෙන් පස්සෙ උබට උබේ පවුලෙ සොහොනට යන්න නම් බැරි…

  • අධ්‍යාපනික, ඉතිහාසය, විවිධාංග

    යුද බිමේ ලේ කඳුලින් උපන් පොපි මලේ කතාව

    Off

    මේ ගතවෙන්නේ ලෝක පොපි මල් සතියයි..වසරකට වරක් පොපි මල මතක්වෙන ශීතල නොවැම්බර් මාසය..ලොව පුරා එතෙක් මෙතෙක් යුද්ධයෙන් මියගිය හෝ ආබාධිතවූ සොල්දාදුවන් සමරන, ඔවුන් වෙනුවෙන් වෙන්වුණු නොවැම්බරය.., යුරෝපය ඇමෙරිකාව , ජපානය චීනය ඇතුළු ආසියාවද, රුසියාවද එකට හිඳ කඳුලින් සමරන පොපි සතිය..සොල්දාදුවන් වැගිරවූ උණු රුධිරය සංකේතවත් කරවන රතුම රතු පොපි මල… නවීන ඖෂධ විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාවේ…