• සාහිත්‍ය කළා විචාර

    මාර පරාජයෙන් පසු ආයෙත් අපි ආවා…………………………..

    Off

    මාස තුනකට ආසන්න කාලයක් පුරාවටම දම්පාට දේදුන්නට පොස්ට් එකක් දාන්න බැරි උනා. කලින් නම් සතියකට දෙක ගානේ විතර පොස්ට් ලිව්වත් ජනාධිපතිවරණ සටන පටන් ගත්තට පස්සේ සංගීතය ගැන ලියනවට වැඩිය ඒකාධිපති රෙජීමය එලවන්න සම්පුර්ණ කාලය මිඩංගු කිරීම වඩා වැදගත් කියල හිතුනා. රාජ්‍ය බලය, රාජ්‍ය මර්ධනය සහ රාජ්‍ය දේපල භාවිතා කරමින් රාජ්‍ය මුදල් මංකොල්ලකමින් රාජපක්ෂ රෙජීමය සහ…

  • කෙටි කථා

    “නිල්” අහස යට

    Off

    “උර්සුලා තව එක වතාවක් මේ ගැන හිතන්න.” රිචඩ්ගේ කටහඬ උස් බිත්තිවල හැපී දෝංකාර දුන්නා. “ඔයා මේ ප්‍රොජෙක්ට් එකට අත්සන් කලේ මාසෙකට කලින්. දැන් ඒක කැන්සල් කරන්න විදියක් නෑ.” “කරන්න දෙයක් නැහැ රිචඩ්. මම ඉන්න තත්වෙ තේරුම් ගන්න. මේක තවත් එක දර්ශනවාරයක් නෙමෙයි. මාස හයක් තිස්සෙ කැලෑවල් ගානෙ, දිය ඇලි ගානෙ ඇවිදින්න වෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්….

  • සාහිත්‍ය කළා විචාර

    නායකයාගේ ආගම

    Off

    ජනාධිපතිතුමා ශ්‍රී මහා බෝධියට නමස්කාර කරනු දැක්වෙන ඡායාරූපයක් සමග කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ශාමිනී සේරසිංහ නමැති මාධ්‍ය වේදිනිය විසින් ලිපියක් පළ කර තිබේ. ඇය සඳහන් කරන්නේ ජනාධිපතිතුමා සියළු ජන කොටස් වෙනුවෙන් පත් වූ නායකයා බැවින් තමන්ගේම ආගම වුවද එයට ප්‍රදර්ශනාත්මකව වන්දනාමාන කිරීම වැරදි බව ය. තවද, ඒ සම්බන්ධයෙන් ජේ. ආර්., චන්ද්‍රිකා සහ රනිල් ආදර්ශයට ගන්නා…

  • සාහිත්‍ය කළා විචාර

    බයියන්ගේ හා ටොයියන්ගේ වෙනස… – Baiyaa Vs Toiyaa

    Off

    මාතලන් මේ ආන්ඩුව පත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ කරුණු දෙකක් පමණි. එක, රෙජීමයෙන් රට බේරා ගැනීමයි. ඉතිරි අවුරුදු දෙකත් උන්නා නම්, මේ රටේ ඒක පුග්ගල ආදායම කෙසේ වෙතත්. ඒක පුග්ගල ණය ප්‍රමාණය නම් අඩුම ගානේ, ලක්ෂ 10 ක් හෙවත්, මිලියනයත් පනිනවාමය. මෙච්චර කල් චේතිය සජ්ජුරුවෝ අපට කිව්වේ, ඒක පුග්ගල ණය ප්‍රමාණේ, තුන් ලක්ෂ ගනනක් කියලාය. ඒ…

  • සඳැස් / නිසඳැස්

    මූණු පොතේ කවි මඩුව- දුංහිඳ අන්දරය Tag- Facebook is there for FUN

    Off

    මූණු පොතේ ගුරු පාර දිගේ ජීවිතය සොයා යන විටෙක අහම්බෙන් වගේ නෙත ගැටුනු සිව් පදයකි.. කවිය ලියා තිබුනේ ප්‍රියන්ති හංසමාලී නම් කිවිඳියයි. කවියත් එක්ක කලාහිතේ තියෙන ලවු එක එසේ මෙසේ එකක් නොවේ. දන්න අතීතයේ ආච්චි අම්මාගෙන් අම්මාටත් අම්මාගෙන් කල්‍යාණ මිත්‍රයාටත් ලෙස දායාද ලැබුණු කවි හිත නිසා පැටලුණු ලෙහුනු අවුල් අනන්ත අප්‍රමාණ නමුත් දෙවරක් නොහිතා මේ…

  • සඳැස් / නිසඳැස්

    සඳ ආයෙත් නොනැගෙන බැව්…..

    Off

    පුර හඳට හැකි ද සැඟවෙන්න අහස් ඉම කොතැන පසලොස්වක දවසකට… සුවඳ මලක ට හැකි ද සැඟවෙන්න තුරු පත් අතර බඹරුනට නො පෙනෙන්න… කඳුළකට හැකි වේද සැඟවෙන්න නෙත් පියන් කොන දෙ කම්මුල් නො තලා ඉන්න… නුඹට හැකිවුණි ද කෙලෙස නුඹ වම සිතන සිතකට මේ තරම් දුක් දෙන්න…

  • සඳැස් / නිසඳැස්

    ඉතිරි කිරීම

    Off

    තරුණ විවාහක යුවලක් – මුදල් ඉතිරි කරන මගක් සොයා සැලසුමක් සාදා – මෙලෙස කරන්නේ දෙදෙනා එක්වන හැමවිට -මේසය මත ඇති කැටයට සැමියා එක කාසියකුයි – ඇතුල් කරන්නේ

  • සඳැස් / නිසඳැස්

    මගෙ බිසවුනේ අසාපන්

    Off

    “දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි…” “රත්නේ.. රත්නෙ..” “රත්නේ..” “හ්..හ්ම්.. ඇ..ඇයි?” “හප්පේ..මොන ලෝකෙද හිටියේ? මං කොච්චර කතාකලාද. ඇයි රත්නෙ මේ? අද ඉස්කෝලෙ ඇරිල ආව වෙලාවෙ ඉඳල ඔයා හරි වෙනස්. බලාගත්තු අතේ බලාඅගෙන කල්පනාකරනවා. ඇයි මේ? මොකුත් ප්‍රශ්නයක්වත්ද? කියන්නකො මටත්.” “ප්‍රශ්නයක්නම් තමයි හේමා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. කෝ.. දූ නිදිද?” “හ්ම්.. උදේ ඉඳල නට නටා…

  • සාහිත්‍ය කළා විචාර

    රට පෙරට (ද) ?

    Off

    වියයුත්ත එපරිද්දෙන්ම සිදුවෙමින් මහින්ද රාජපක්ෂ පරදවමින් විපක්‍ෂ අපේක්‍ෂකයා ජය ලැබුවා.ජනධිපතිවරණයට පෙර අලුත් රටක් ගැන තිබ්බ බලාපොරොත්තු ඉටු වෙනවා දකිනකොට හිත ඇතුළේ ලොකු සතුටක් දැනෙනවා.අලුත් රජයේ යම්,යම් අඩුපාඩු පෙනෙන්නේ නැතුව නෙමේ.නමුත් අවුරුදු ගාණක් ආපස්සට ගිය රටක්,ක්‍රමයක් දවසින් දෙකින් එක පාරටම වෙනස් කරන්න අමාරුයි.නමුත් දැන් පේන්න තියෙන ඒ වැරදි,අඩුපාඩු සුළුවෙන් තකන්නේ නැතුව දැම්මම හදා ගන්න එක ආණ්ඩුවට…

  • සාහිත්‍ය කළා විචාර

    මහින්දගේ ලියුම, ජාතික ආරක්ෂාව, KP හා හොඳ බල්ලෝ – National Security, KP, Lap Dogs & A letter from the former King

    Off

    මාතලන් ඊයේ පොඩ්ඩක් බිසි උනේය. ඒ නිසා පෝස්ට් එකක් දාගන්න බැරි උනේය. ඉස්සරහටත් බිසි වෙන ගතියක් පෙනෙන්නේය. ඒ ගැන බොහෝම කනාටු වෙනවාය. මේ වෙන පට්ට පට සීන් අනුව, දිගටම ලියන්න තියෙනවා නම්, දවසකට පෝස්ට් දෙක තුනක් උනත් ලියන්න පුළුවන්ය. සිඳු වෙමින් තියෙනා හැපනින්ග්ස් දැක්කාම, හිනා වෙලා ඉල ඇදෙනවාය. පුකෙනුත් හිනා යනවාය. දැන් හිනා වෙන්න මල්…

  • සාහිත්‍ය කළා විචාර

    කේ පී සමග පොත් බෙදුවෙමු

    Off

    ඒ 2010 වර්ෂයයි. කේ පී ශ්‍රී ලංකා රජයෙන් රඳවා ගෙන සෑහෙන කළකි. ඩි බී එස්‌ ජෙයරාජ් මහතා තමන්ගේ වෙබ් අඩවියේ කේ පි ඇතුළු රඳවා සිටින හිටපු කොටි සාමාජිකයන් යුද්ධයෙන් අනාථ වූ දරුවන්ට උදව් කරන බව ලියා තිබුණි. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උදව් ඇතුව NEDRO නම් සංවිධානයක් පිහිටුවා තිබුනු බවක් සඳහන් විනි. ජෙයරාජ් මහතා දුන් තොරතුරු…

  • සාහිත්‍ය කළා විචාර

    අග විනිසුරු දේශපාලනය නො තේරෙන කුක්කු පැටවුන්ට

    Off

    අග විනිසුරු දේශපාලනය නො තේරෙන කුක්කු පැටවුන්ට අග විනිසුරු මොහාන් පීරිස් පත් කළ ආකාරය මෙන් ම ඉවත් කළ ආකාරය ද වැරදි බව ලංකාවේ අධිකරණය පමණක් නොව සමාජ දේහය ම විනාශ කිරීමට දායක වූ ප්‍රධානියෙක් වන හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා පවසයි.

  • සාහිත්‍ය කළා විචාර

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දකින මෝඩ අපි?

    Off

    මේ කාටුන් එක තිබුනේ ෆේස්බුක් එකේ. දාල තිබුනේ දිමුතු කියල මහත්මයෙක්. මේ පින්තුරේ ඉන්නේ ජවිපෙ නායක අනුර කුමාර. කලින්ම පැහැදිලි කරන්න ඕනේ මම ජවිපෙ සාමාජිකයෙක්වත් සහයෝගය දෙන්නෙක්වත්, සහය දීල බ්ලොග් ලියපු කෙනෙක්වත් නෙමෙයි. කාටුන් එක ගාව මෙහෙම හැඳින්වීමකුත් තිබුන. (මේ කාටුන් එක දාල තියෙන්නේ ජෙප්පන්ට මඩයක් ගහන්න පෙරටුගාමී සමාජවාදී එකට සහයෝගය දෙන අයෙක් කියලයි මගේ…

  • සඳැස් / නිසඳැස්

    ආදරේට බිස්නස් මැනේජ්මන්ට්…………….

    Off

    ආදරේට බිස්නස් මැනේජ්මන්ට්……………. ගීතයක විහග තාලයට හද සුසර කොට කුඩය යට තනිවෙලා පියඔන්න සිත් ආකහේ නොදැනෙන්න ලෝකයට සිපගන්න මුව ඇසිල්ලක පේ‍්‍රමයේ හදවත් කතාකරන මිනිසුන් එකිනෙකා හමුවන නවාතැන්පලකි අපි දන්න ආදරේ ගහක් යට හෙවනක දෑසට දෑස බලාගෙන වචනෙකුදු නොදොඩා බොහෝ දේ කතා කරණ ගැහැණියෙකු පිරිමියෙකු මැද්දට පැන ග‍්‍රහයො ගැළපෙනවාද අහනකොට හිතයි මට සෙනසුරුගෙ බොටුවෙන් අල්ලා බ‍්‍රහස්පතිගෙ…

  • කාලීන සංවාද

    ඉදිකිරීම් ක්‍ෂේත්‍රය චූල ඇසින්

    Off

    පළමුවෙන්ම ආර්ථිකය පිළිබඳව විශේසඥ දැනුමක් නොමැතිව මෙවන් මාතෘකාවක් පිළිබඳව අකුරු කිරීම පිළිබඳව සමාව අයදිමි.එහෙත් කුඩාකළ සිට මේ ක්ශේත්‍රයේ නියලීසිටි පවුලක ජීවත්වීමෙන් ලත් අත්දැකීම් මත හා දැනට මෙම ක්ශේත්‍රයේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයකු ලෙස ලත් අත්දැකීම් මත මෙම ලිපිය අකුරු කරණු ලැබේ.නිවාස ඉදිකිරීම්,ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම්,පොදු අවශ්‍යතා මත සිදුකරනා ඉදිකිරීම් ආදියේ සිට රටේ සන්වර්ධන…

  • කාලීන සංවාද

    ප්‍රශ්නෙ තියෙන්නෙ කෙල්ලන්ගෙ නිරුවත විතරයි

    Off

    පී.කේ. කියන්නෙ මේ දවස්වල නැඟලා යන ෆිල්ම් එකක්. ඒක ඉන්දියාවේ විතරක් පිටපත් 6,000ක් තිරගත වෙනවලු. ලෝකෙ වටේ රටවල් 68ක පිටපත් 844ක් උණු උණුවෙ පෙන්නනවලු. ඒකෙන් තුන හතරක් ලංකාවෙත් පෙන්නනවා. මේ ෆිල්ම් එක රිලීස් වුණේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වුණාට ඒක ඇඩ්වටයිස් කරන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ජූලි මාසෙ. ඉස්සෙල්ලාම ප්‍රමෝෂන් එක විදියට එළියට ආවෙ අමීර් ඛාන්…

  • සාහිත්‍ය කළා විචාර

    ජාතිවාදය ගැන කතා කරමු

    Off

    මේ ජාතිවාදය කියන වචනයත් පහුගිය චන්දෙත් එක්කලා ආයෙත් කරළියට ආවා. මේ වචනය පාවිච්චි කළාට බොහෝ දෙනෙක් ඒකෙ තේරුම දන්නෙ නැති බව ඒ අය කියන කතා වලින් පෙනෙනව. සමහර අය සිතා ඉන්නේ “මං සිංහල, මගේ ජාතිය සිංහල“ කියල කියන එකත්, නැතිනම් “නාන් තමිල්“ කියන එකත් ජාතිවාදය කියල. මට මතක් වෙන පොඩි සිද්ධියක් දැන් කියන්නම්. දවසක් –…

  • කාලීන සංවාද

    මසැසින් නොව මනැසින් ලොව දුටු සොඳුරු මිනිසා

    Off

    “තමන් නොදුටු ලෝකය ගැන තම හදවතේ මතු වූ අදහස් ලියා,තනු නිර්මාණයකර, හඬගා කී,ඒ අපූරු මිනිසා හෙන්රි කල්දේරා නම් වූ අපුරු කලාකරුවාට උපහාරයක් පිණිසයි…………” 1937 අගෝස්තු මස 19 වෙනි දින පවුලේ කුළුඳුල් දරුවා ලෙස ඉතා නිරෝගී දරුවකු වශයෙන් හෙන්රි කල්දේරා නම් කුඩා බිළිඳා මෙලොව එළිය දුටුවේය. ඉපදී දින කිහිපයකට පසුව රෝහලේ පසුවූ හෙන්රි කල්දේරා බිළිඳා රෝහලේදී…

  • සාහිත්‍ය කළා විචාර

    න්‍යාය වමාරා කෑම වෙනුවට ප්‍රායෝගික අරගලය

    Off

    න්‍යාය වමාරා කෑම වෙනුවට ප්‍රායෝගික අරගලය ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පළවා හැරීමේ අරගලය සාර්ථක වේ යයි අපේක්ෂා නො කළ ප්‍රධාන බලවේගයක් වන්නේ අති වාම කණ්ඩායම් ය. මහින්ද රාජපක්ෂ කුමන හෝ ආකාරයකින් ජය ගනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ. එහෙයින් මේ අති වාම කොටස් රාජපක්ෂ පැරදවීමේ අරගලයට සම්බන්ධ වූයේ නැත. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද…

  • සාහිත්‍ය කළා විචාර

    පෙට්‍රල් මිල සහ මහා බොරුව

    Off

    ඛනිජ තෙල් යනු රත්තරන් මෙන් පොළොවෙන් හාරා ගන්නා දෙයකි. තෙල්වලට කළු රත්තරන් කියා අන්වර්ථනාමයක් ද ඇත. ඉන් ඉඟි කෙරෙන්නේ ඛනිජ තෙල්වල ඇති ආර්ථිකමය වටිනාකමයි. ඒ නිසාම, අද පවතින ජාත්‍යන්තර අර්බුද බොහොමයකට ඛනිජ තෙල් එක් සාධකයක් වී ඇති බව නොරහසකි. ලංකාව සම්බන්ධයෙන් නම් ඛනිජ තෙල් දේශපාලන වශයෙන් බලපාන්නට පටන් ගත්තේ 1974 දී පමණ තෙල් අපනයනය කරන…

  • සාහිත්‍ය කළා විචාර

    ජෙනරාල්, පැස්ටෝල් සහ ඇල්සයිමර් – General, Fuel & Alzheimer

    Off

    මාතලන් මේ දවස්වල ඉන්න ගම්මානේ උන්ගෙන්, මාතලන්ට ගැලවීමක් තිබුනේම නැතිය. මේ ගම්මානේ වැඩි පුරම උන්නේ, මහ රජ්ජුරුවන්ගේ යටත් වැසියෝය. සිකැරට් එකක් ගන්න කඩේකට ගියත්, හවස් ජාමේ බාර් ඇසෝසේසන් එකේ මීටින් වලට ගියත්, මහ රජ්ජුරුවන්ගේ උන් කින්ඩිය දැම්මේ, මොනවද ලොක්කා යහ පාළණෙන් ඔහේට හම්බ උනේ කියාය. කොහොම හරි පචවාහිනියටයි, නයි ටී ඇන් එකටයි පින් සිද්ද වෙන්න,…

  • සාහිත්‍ය කළා විචාර

    සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් සහ ජනාධිපති රංජන් රාමනායක

    Off

    මම බුකියේ නැතත් බුකියේ පෙළහර පාන පිංතුර කෑලි නිතරම ඊ මේල් කරන හිතවතෙක් මේ ලඟදි එවූ ඡායාරූපයකි මේ . (මේ පින්තුරයේ ලංකාවේ ගත්තක් ලෙස සාක්ෂි නොමැත. එහෙත් නව ජනාධිපති තම වාහනය කහ ඉරක් ළඟ නවත්වන්නට සැලැස්වූ කතාව සතයක් බව පාඨකයෙක් අපහට පැවසිය – සංස්කාරක ) මේ කතාව දැකපු ගමන් මටනම් හිතුන දේ තමයි සාමාන්‍යයෙන් විය…

  • කෙටි කථා

    එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (පළමු කොටස)

    Off

    “ජබොක්. . .” බෝක්කු බැම්ම උඩ තබා තිබුනු මගේ පොත් ගොඩේ උඩින්ම තිබුනු රබර් මකන කැබැල්ල බෝක්කු බැම උඩ සිට අඩි පහක් හෝ හයක් පහලින් ගලා යන ඇලට වැටුනු ශබ්දයෙන් මම සිහින ලොවින් පියවි ලොවට ආවා වගේ මට දැනුනා . . . උපකාරක පංතිය නිමාවී ඉමාෂාට සමුදී එතැනින් පිටත් වූ මොහොතේ පටන් බෝක්කු බැම්ම උඩ…

  • සඳැස් / නිසඳැස්

    ගාලුමුවදොර තාමත් ඒවගෙයි.

    Off

    …….. මතයන් රැළි නැග ඇවිත් හද වෙරළ හැපී බිදෙනා ඉස්සො වඩයක දසුන අතරින් හදවතත් මහ බර ගෙනා දුකට සතුටට දුවන් ඇවිදින් බදාගෙන අපි ඇඩුව හිනැහුන මිතුරු පෙම් සුවද තාමත් මේ සුළගෙ තැවරෙනා සැදෑ ඇදුමින් සැරසුණ පෙරදාක අපි එක්ක හැප්පුන අහස කිසිවක් අහන්නෙපා දෙන්න උත්තර නැහැනෙ මට කවුදෝ දීගෙක යන පණිවිඩය අහන්නට එක්වුණ ඇසිල්ලක දුවන ජීවිත…

  • සාහිත්‍ය කළා විචාර

    කෙමරූජ් භිෂණය දෙවන කොටස

    Off

    චීනය පොල්පොට් පිළිගනියි 1977 වසරේ පොල්පොට් චීනයේ සංචාරයක නිරත විය. වියට්නාමයට එදිරිව යුද ආධාර ලබා දීමට චීනය පොල්පොට්ට එකඟ විය. එසේම ඔහු විසින් සිදුකරගෙන යන ආර්ථීක ක්‍රියා පිළිවෙත් චීනය අනුමත කරන ලදී. වසරකට ඩොලර් මිලියන 5 ක් වටිනා අවි චීනය විසින් පොල්පොට්ට සැපයූ බව වාර්තා වේ. එහෙත් වියට්නාමය සමඟ සටන් උත්සන්න වූ විට පොල්පොට් චීන…