• කාලීන සංවාද, විශේෂ

    ප්‍රගීත් එක්නැළිගොඩ නැවත ඝාතනය නොකරනු ! – Don’t Kill Prageeth Twice !

    1

    “සූරියකන්ද” කියන්නේ මොන ජාතියේ කන්දක්ද කියා, අද ඉන්නා උන් නොදන්නවා වෙන්න ඇතිය. “ඇඹිලිපිටිය සමූහ ඝාතනය” කියන්නේ මොකක්ද කියා අද ඉන්නා උන් දන්නේ නැතිය. එවා, හෝල් සේල් එකේ විකුණා බලයට ඇවිත් චුත වෙලා ගිය කාළකන්නීන්ටද, ඒවා මතක නැතිව ඇතිය. සූරියකන්දේදී නිරපරාදේ ඝාතනය කොට මරා දැමූ අහිංසකයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීමටද බොහෝ කළෙක් ගත වීය.

  • කාලීන සංවාද, විශේෂ

    අවුල් වුනු ලිබරල් හන්දිය , දොන් කොර්ලියෝනේ සහ ලිබරල් ජවිපෙ

    Off

    “දවස් කීපයක් බැලුවත් හරියන්නේ නැතිය. මේකාට නම් හොඳටම අවුල් වගේය. නෙලුම් යාය දාල බ්ලොග් පල කරහම බ්ලොග් නැති වෙනවා කියා දහ අතේ දිවුරුවේය. මයියා කියන කතාව හරි කිව්වේය. පලු පැලෙන්න ළඟ නැති නෙළුන් අජියාට බැන වැදෙනවාය. ඇත්තටම තමුන්නැහේ ට මොකද වෙලා තියෙන්නේ කියල ඇහැව්වාම, “මාව තේරුම් ගන්නේ නැහැනේ උඹල” කියල අඬනවාය. තෑගී දුන්නහම බ්ලොග් ලියවෙන්නේ…

  • සඳැස් / නිසඳැස්

    අර පාරේ ඉන්න බූරුවාගෙන් අහලා වරෙන් ගෙවල් රත්නපුරේද … ගාල්ලෙද කියලා……

    Off

    කංකං බූරූ…. සිංසිං නෝරූ……. මං කියන දේ කරනවාද??? කරනවා…. එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින් විජයමුණි මාමාගෙන් අහලා වරෙන් අප්පච්චි මළාද….. නැත්තං පුතා මළාද කියලා…..  කංකං බූරූ…. සිංසිං නෝරූ……. මං කියන දේ කරනවාද??? කරනවා…. එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින් විමල් මාමාගෙන් අහලා වරෙන් මහින්ද මාමා ඊළගට ඉල්ලන්නේ පළාත් සභාවටද…… ප්‍රාදේශීය සභාවයටද කියලා…… කංකං බූරූ…. සිංසිං නෝරූ……….

  • සාහිත්‍ය කළා විචාර

    බදුල්ලේ සමන්ත පරාදයි බං

    Off

    ඡන්දය ඉවර වෙලා ටික දවසක් ගමටම වෙලා හිටියා. මිනිස්සු එක්ක කතාබහ කරමින්, ප්‍රථිඵලේ ගැන එකේක විග්‍රහ අසමින් හිටිය. මම බණ්ඩාරවෙල. බදුල්ල දිස්ත්‍රික්කේ…. අපේ පැත්තෙ නම් ඉතින් කතාබහ සමන්ත වද්‍යාරත්න පාර්ලිමේන්තු නොගිය එක ගැන තමයි. යූඇන්පී ශ්‍රී ලංකා හැමෝම සමන්ත පරාද වීම ගැන දුක් වෙනවා. සමන්ත පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලා… මට ඉතින් ඕව අහද්දී මතක්…

  • කාලීන සංවාද

    ලොල්ලන් සහ ගණිකාවන් පෙරටු කරගෙන ඇඟිල්ලේ ඇදය සෙවීම

    Off

    හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද හොයන මිනිස්සුය. නියපොතු කපා ඇත්දැයි හොයන මිනිස්සුය. මැනිකිව් කලේ මොන සැලුනයෙන්දැයි අහන මිනිස්සුය. දැන් මේ පෝස්ටුව කියවීම නවතා “ඉතිං මොකද්ද ඒකෙ ඇති වැරැද්ද?” යැයි විමසා, ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලා ඉන්නා මිනිස්සුය. මේ කියන්නේ අන්න ඒ ආකාරයේ මිනිස්සු ගැනයි. ලංකාවේ මිනිස්සු අති දක්ෂ කුරුමාණම්කරුවෝය. විශිෂ්ඨ ප්‍රහාරකයෝය. ඒත් කරුමය නම්, ඉහත කී ගණයේ,…

  • කාලීන සංවාද

    පිච්චු නම් කෙලින්න එපා සංඝා – Sanga, Don’t be Crazy

    1

    ඒ කලේම මම දැනගත්තා ජැන්ටල්මන් කිව්වට පුල් පිස්සු බුවෙක් කියලා. උඹ ක්‍රිකට් ගහන්න ආපු කාලේ උඹට කිව්වේ, ජරාව දීලා, කළුවව කපලා, ගහන පොරක් කියලා. හැබයි ඉතින් මොකක්දෝ චෑන්ස් එකකට පට්ට ක්‍රිකටර් කෙන්ක් උනා. ඒ මදිවට ළෝකෙම පිලිගන්න මහත්තයෙක් උනා. උඹ ඉස්සෙල්ලම ආවේ කඩුළු රකින්න.  උඹ කඩුල්ල ඉතරක් නෙමෙයි බං රටේ නමත් රැක්කා. ඒත් ඉතින් මම…

  • කාලීන සංවාද, විශේෂ

    සර් කියලා කියාපන්

    2

    මීට අවුරුදු බර ගානකට ඉස්සර නවක ඉංජිනේරුවන් ලෙස මමත් පාලිතත්  අර්ධ රාජ්‍ය ආයතනයක  සේවයට බැඳුනෙමු . ඒ දවස්වලම අලුතින් පත් වූ  තරුණ  ඇමතිවරයෙක් අපේ වැඩබිම බලන්නට ආවේය. ඇමති ආ දවසේ ඔහු සමග තව විස්සක් පමණ පිරිසක් ආවෝය. අපේ ලොක්කාගේ අණ පරිදි ඔහුත් මමත් පාලිතත්  ඇමති හා පරිවාර පිරිසට  වැඩහල් හා පෙරනිමි නිෂ්පාදන පෙන්නන්නට ගියෙමු. ඇමතිවරයාගේ…

  • කාලීන සංවාද

    එතකොට අරවා කාටද ? …… For whom those for ……

    Off

    දිනක් පියෙකු අවුරුදු අටක වයසින් යුත් තම පුතු සමග ෆාමසියකට ගොඩවැදුනි. ඔවුන්ට උපත් පාළන කොපු සහිත රාක්කය අසලින් යන්නට සිදු විය. ඒවා දුටු දරුවා “තාත්තේ මොනවද ඒ?” යනුවෙන් ප්‍රශ්න කළේය. පියා කිසිදු පැකිලීමකින් තොරව, කරුණු කාරණා සහිතව පිළිතුරු දුනි.

  • කාලීන සංවාද

    අපට ඕනෙ….!!

    Off

    අවුරුදු දහස් ගණනක් රාජාණ්ඩු යටතේ එක්තරා වැඩවසම් මොඩලයකට හිරවෙලා මුළු ලෝකෙම තිබුනනෙ.ඉතින් ශ්‍රී ලංකාවෙ අපිත් එහෙමමයි.හැබැයි 1505න් පස්සෙ හම සුදු සෙට් එකක් එයාලගෙ කිරීටයට අපිව යටත් කොරගන්න ට්‍රයි කරා මේ දූපතේ දේවල් ටික අයිති කොර ගන්න.(ඇත්තටම එහෙම කර ගත්තා.)එයාල ඔන්න යනවා

  • විචාර

    හිතේ දුකට එතකොට කවි කියවෙනවා…………….

    Off

    සිත්තරාට වර්ණ මෙන් කවියාට, ගී පද රචකයාට මාධ්‍ය වන්නේ භාෂාවයි. සිත්තරා වර්ණ උපයුක්ත කරගනිමින් ස්වකීය නිර්මාණය හැඩගන්නවා මෙන් කවියා, ගී පද රචකයා භාෂාවේ ජීවය බඳු රසාලිප්ත වචන භාවිත කරම්න් මනබඳනා නිර්මාණ බිහි කරන්නට වෑයම් කරයි. නමුදු කෙටිකතාකරුවාට, නවකතාකරුවාට මෙන් කවියාට, ගේය පද රචකයාට නිදහසේ ඇති තරම් වචන භාවිත කිරීමට ඉඩ හසර නැත. මන්ද ගේය පද…

  • කාලීන සංවාද

    පළමුවෙනි ලෝකයේ පිස්සු ප්‍රශ්න – Have you got a first world problem ?

    Off

    අපේ සාදුලා විසින් ගමේ ආච්චිලාට මෙන්ම නගරයේ සීයලාට ද අභිධර්මය කියා උගන්වන කතන්දරවල කියවෙන පරිදි ලෝක හැටහුටහමාරක් ඇත. “සිත මිස කය නැති බඹ ලොව සතරෙකි, කය මිස සිත නැති බඹ ලොව සතරෙකි” යනා දී වශයෙන් කියවෙන ලෝවැඩ සඟරාවේ කවි තුළින් අපි ද කුඩා කාලයේ සිටම මේ ලෝක ගැන අසා ඇත්තෙමු.

  • කාලීන සංවාද, විශේෂ

    විජේවීර නුදුටු ජැප්පා දුටු සෝවියට් දේශය

    2

    මා සෝවියට් දේශයට ගිය මුල් අවුරුද්දේ රුසියානු භාෂාව, සහ උසස් පෙළ ගණිත විෂයන් නැවත රුසියන් භාෂාවෙන් හැදෑරීමට සඳහා වන පළමු වසර අවසන් කළේ මොස්කව් හි එයාරෝෆ්ලොට් නමැති ප්‍රදේශයේ පිහිටි මාදි (මොස්කව් වල මහා මාර්ග පිලිබඳ විශ්ව විද්‍යාලය ) නමැති රාජ්‍ය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත විශ්ව විද්‍යාලයකටය. එහි ඉගෙනීමට ජපනෙකුද පසුව පැමිණියේය. ඔහු සිටියේ මා උගත් පංතියේය.

  • කාලීන සංවාද, විශේෂ

    ගීතාගේ කන්‍යාභාවය සෙවීම, හඳුන්නෙත්ති හා මුතුගෙට්ටිගම – Geetha’s Virginity, Muthuhetti & Handunneththi

    Off

    ඕනෑම ඉලැක්සොන් එකක ප්‍රොතිඵලේ ආවාම, අතේ තියෙන තුට්ටු දෙක අලි ඩොං කාරයාට දීලා, පිරබාහරන් මහත්තයාගේ TNT වලටත් වඩා සද්ද, බට්ටෝ පාරේ පුපුරුවා, අතින් කයිට් කොරගෙන, ගොන් ආතල් ගන්නා එක මාතලන්ගේ සිරිත නෙමේය. කැමතිම එකා දින්නත්, පැරදුනත්, හංදියේ දැල් කඩෙන් ගල් බෝතලයක් වඩම්මාගෙන විත්, හාමිනා සමඟ කොක්කක් පටලවාගෙන රිසාල්ස් බලනා එක මාතලන්ගේ සිරිතය.

  • කාලීන සංවාද

    ඉරාන් වික්‍රමරත්න: හිටපු බැංකුකරු, දේව ගැති, පාර්ලිමේන්තු මන්ත්‍රී | Eran Wickramaratne: ex-Banker, Preacher, MP

    2

    අන් දේශපාලන නයුවකු විසින් ගනු ලැබී නම් ප්‍රශස්ත විය හැකිව තිබුණු තීරණයක් අද රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබුවා. නමුත් වික්‍රමසිංහට මේ තීරණය ගැනීමට පෙළඹවූ පසුබිම ඉඳුරාම වෙනස් නිසා ඔහුට ඒ ගෞරවය කොහොමටවත් හිමි වන්නේ නැහැ. අනෙක් අතට එය අමනොඥ තීරණයක් සේ එක්සත් ජාතික පාක්ෂිකයින් පවා දකින්නට පුළුවන්. නායකත්වය හා පක්ෂය අතර සබැඳියාව නැවත පෑහිය නොහෙන…

  • කාලීන සංවාද

    එක පොතක්, දෙදෙනෙක්!

    Off

    කියවීමෙන් මිනිසා සම්පූර්න කරයි යන කියමන ඔබ අසා ඇත.ඔබ ද දැනුම, රසවින්දනය ආදී වශයෙන් වූ විවිද අවශ්‍යතා වෙනුවෙන් පොත් කියවනු නොවනුමාන ය. නමුත් ඔබ මෙන් ඇස ඉදිරියට ගෙන පොත් කියවිය නොහැකි පිරිසක් ද ඔබ සමගම ජීවත් වන බව ඔබ නොදන්නවා ද වන්නට පුළුවන. එබැවින් අද පෝස්ටුව ඒ වෙනුවෙන් වෙන් කිරීමට මම කැමැත්තෙමි. ඔබ සමග ම…

  • පරිවර්තන

    නාකි සුල්තාන්! (Old Sultan)

    Off

    එක ගොවියෙකුට හිටියා සුල්තාන් කියල ඔහුට ඉතාම ලැදි වයසට ගියපු බල්ලෙක්. මේ බල්ලගේ එක දතක් වත් නෑ කටේ, ඉතිං මෙලොව දෙයක් ඌට හරියට අල්ලගන්නවත් බෑ. එක දවසක් ගම හාමිනේත් එක්ක දොරකඩ ඉන්න වෙලාවක ගොවියා මෙහෙම කිව්වා. “මං හෙට මේ නාකි සුල්තානය වෙඩි තියල මරල දානවා. ඒ යකාගෙන් දැන් කිසිම වැඩක් නෑ“ ඒත් වයසට ගියපු අහිංසක…

  • සඳැස් / නිසඳැස්

    ඡන්ද අනාවැකි හා කයි පද….. – Predictions for 2015 Election

    1

    මෙළෝ රහක් නැති මේ වර              ඡන්දය සෑම එකාටම වහ උන                      ඡන්දය ගෙවල් ගානේ එති හිඟාන                ඡන්දය පොල්ලක් අරගෙන දීපිය                  ඡන්දය යහ පාලනයේ පළවෙනි  …

  • කාලීන සංවාද

    ඡන්දය, චංදෙ නොහොත් මැතිවරණය

    Off

    නිදහස් සිතුවිලි වල අලුතෙං දාල තිවුන පෝස්ට් එකකට කොමෙන්ටුවක් ලියන්න යද්දි මටත් හිතුන චංදෙ ගැන මට හිතෙන දේවල් ටිකත් ලියන්ට ඕනි කියල. ඒක හිංද වංදනාව ටිකකට පැත්තකිං තියල මාත් ලියනව චංදෙ ගැන. මං පුංචි එකා සංදියෙ ඒ කියන්නෙ අනූවෙ දසකෙ මුල මැතිවරණය ගැනයි මගේ මතකෙට මුලිංම එන්නෙ. ඒ දවස්වල මැතිවරණයක් පවත්වන බවට රේඩිවේකෙ ප්‍රවෘත්ති වලිං…

  • සාහිත්‍ය කළා විචාර

    ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගන්න – Win, win, win….!!!

    Off

    කරුණාකර පෝලිමේ එන්න. කලබල නොවන්න. සියලු දෙනාට ම අවස්ථාව ලැබෙනු ඇත. එසේ නමුත්, මේ මා විසින් පවත්වනු ලබන, ඔබට සහභාගී වී ඡන්ද ප්‍රතිඵල නිවරැදිව කියා වටිනා ත්‍යාගයක් දිනා ගත හැකි තරගයක් නම් නොවේ. ආසන්න වශයෙන් මීට දශක හතරකට පමණ පෙර කාලයක පැවති ඡන්දයක් ආශ්‍රිතව ඉරිිදා පුවත්පතක් විසින් පවත්වනු ලැබූ තරගයක් පිළිබඳව ලියවුණු ලිපියකි. මේ මා…

  • කාලීන සංවාද

    සමාජවාදී අධ්‍යාපන භාවිතාවක්! A constructivist approach for blogging!

    Off

    අජිත් ගේ (කොළඹ ගමයාගේ) පරණ සටහන් ටිකක් කියෙව්වට පසුව හා ඊයේ මා කියවපු නේචර් කලාපයකුත් නිසා මගේ කලින් සටහනේ ඉතිරි කොටස වෙනස්ව ලියන්නට සිතුවා. මා ගිය සතියේ කියවපු පර්යේෂණ ලිපියකට මගේ නිර්දේශය වුණේ කුණු කූඩයට දමන්න කියන එක. හැබැයි නිකම් නොවේ, හේතු සහිතව. එයම බලපු අනික් කෙනා කිසිම විවේචනයකින් තොරව එය පළ කළ හැකි වගට…

  • කාලීන සංවාද

    මගේ ඡන්දය , හෙට ඡන්දය සහ වෙනස්ම වෙනස් හෙට දවස

    Off

    මම හාපුරා කියා ඡන්දය දුන්නේ 1994 මහ මැතිවරණයටය. ගෙදර සියල්ලෝම පොදුපෙරමුණට ඡන්දය දෙන විට මම එක්සත් ජාතික පක්ෂයට දුන්නෙමි. මගේ කුළුදුල් ඡන්දය වැටුනේ එක්සත් ජාතික පක්ෂයටය. දෙමවුපියන් පොදු පෙරමුණට වැඩ කරන විට ගෙදරට ආ අමුත්තන් සමග මා කතාබහ කළේ එජාපය දිනන බවය. පුතා යූඇන්පීද කියා කැන්වසින් යන කීප දෙනෙක්ම පියාගෙන් අසා තිබිණි. මම ප්‍රේමදාස මියයනතුරුම…

  • කාලීන සංවාද

    ඡන්දදායක අපේ වගකීම

    Off

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තවත් මහ මැතිවරණයක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත මේ මොහොතේ මෙසේ ලියා තබමි. ඡන්ද අයිතිය හිමි සිවිල් ජනයා ලෙස ඔබත් මමත් සැබැවින්ම ඒ අයිතිය බුද්ධිමත් ලෙස පරිහරණය කර ඇතිද යන වග විවාදයට තුඩු දෙන්නකි.එසේයැයි ඔබ කියන්නේ නම් සෑම මැතිවරණයකම පොරොන්දු අතරට යහපත් සමාජයක් යන්න එක්වීමේ පිටුපස සැඟවගත් සැබෑ කතාන්දරය කුමක් ද?විශේෂයෙන් සඳහන්…

  • කාලීන සංවාද, විශේෂ

    ජවිපෙ දන්න, පෙසපෙ දන්න, අරය දන්න, මෙයා දන්න, අපි නො දන්න වම (පුබුදු ජයගොඩට පිළිතුරක්)

    1

    (මෙම සටහන තබන්නේ පුබුදු ජයගොඩ විසින් මහ මැතිවරණයට පෙර දිනයේ ෆේස්බුක්හි තබන ලද සටහනක් ඔස්සේ සංවාදයකට පිවිසීම සඳහා ය. පුබුදුගේ සටහන මෙම සටහන අවසානයේදී රතු පැහැයෙන් දක්වා තිබේ.) සමාජය ගැන ගතානුගතික විග්‍රහ හා වචන භාවිතයන් ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නො හැකි ය. ඔබ කියන පළමු ප්‍රවාදය නම් පැහැදිලිව තේරුම් ගත හැකි ය. දෙවන ප්‍රවාදය වන…

  • විශේෂ

    බුද්ධිමත් ජනතාවෙනි, පුන්නක්කු රසද?

    Off

    ජනතාව බුද්ධිමත්ය. ජනතාව සාධාරණය. හංසයා දියෙන් කිරි වෙන්කරනා සේ වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කර ගැන්මට ඔවුනට හැකියාව ඇත. සියලු ආධිපත්‍යන්ට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. සියලුම තීන්දු වලට වඩා උතුම් වන්නේ ජනතා තීන්දුවයි.! දේශපාලකයා උදේ සිට සවස තෙක් ගිරිය පුප්පගෙන කෑගසමින් ජනතාව ගැන ගුණ වැයීමට ඉතාම කැමතිය. ජනතාව සැම විටම ගන්නේ නිවැරදිම තීන්දු පමණක් බව ඔහු…