• අතීතකාමය, විශේෂ

    අහිමි වූ ජෙට් එන්ජිම

    Off

    අපේ යාන්ත්‍රික ඉංජිනේරු සගයෙකු වූ උපාලි  කලක් වැඩ කලේ විදුලි සෝපාන  හා උත්තෝලක හෙවත් එලිවේටර් ගෙන්වන හා සවි කරන සමාගමකය. ඔහුගේ සමාගම විසින් එක්තරා කර්මාන්තශාලාවක සවිකරන ලද එලිවේටරයක් බොහෝ දෝෂ සහිත නිසා සමාගමට  දොස්   අසන්නට සිදු වුනේය. කවුරුන් මොන විදිහට උත්සහ කලත් එහි කරදරකාරී ගැස්සීම  හෝ හිටි හැට්යේ නතර වීම වලක්වා අවශ්‍ය කාරිය කර…

  • අතීතකාමය, විශේෂ

    පොහොසත් ඉන්දියාව හා දුප්පත් ඉන්දියාව

    1

    බඩු කර තියන්නා තරාතිරම්වාදය ගැන ලිවූ කතාවක මගේ ඉන්දියානු වන්දනා ගමන ගැන සඳහන් කලෙමි. මගේ මව සමග යාමට පවුලේ වෙනත් අයට නොහැකි වීම නිසා ගිය ගමනකි මෙය. මම කෙලින්ම ලන්ඩනයේ සිට කටුනායක හරහා (ට්‍රාන්සිට්) චෙන්නායි නගරයට ගියෙමි. බ්‍රිතාන්‍යයේ සිටින බොහෝ ඉන්දියානුවන් ව්‍යාපාර කරන පොහොසත් අය වෙති. නැත්නම් වෛද්‍ය, ඉංජිනේරු, ඖෂධවේදී, හෙදි වැනි රැකියා කරන වෘත්තිකයන්ය….

  • සාහිත්‍ය කළා විචාර

    හමුදා කෙතේ කළමනාකරණය (දෙවැනි කොටස)

    Off

    හමුදා කෙතේ කළමනාකරණය මුල් කොටස එහෙනං තමුන්නාන්සේලා හමුදා කෙතටත් බැස්සා ඈ? හොඳයි හොඳයි, ඔය කොයි කෙතටත් බැහැලා බැලුවම, නවමු අත්දැකීම් ලැබෙනවා. ඒ වගේමයි, ඒ ඒ කෙතේ හැටි සොබාව, බොහොම හොඳින් තේරුම් යනවා. පහුගිය ලිපියෙන් කිව්ව දේවල්, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීම ගැන සතුටුවන ගමන්, ඔන්න අද අපි මේ ලිපි මාලාවේ දෙවැනි කොටස, මෙන්න මේ විදිහට ආරම්භ…

  • විද්‍යා හා තාක්ෂණ

    විජේවීරගේ දොස්‌තර මස්‌සිනා දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයේ ගොදුරක් වූයේද ?

    Off

    අපගේ නීරෝගී බව වනාහී රටේ සමාජ සෞඛ්‍යය හා බැඳී පවතින්නකි – මාටින් ලූතර් කිං  මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව…

  • සඳැස් / නිසඳැස්

    අම්මා මහ වැවයි

    Off

                          අම්මා මහ වැවයි යළ මහ දිය බෙදන කුඹුරයි අප්පච්චි සරු පොළවේ තැනෙන අයියා ගොවි රජා ඒ කෙත හැඩ කරන අම්බරුවා මමයි කුඹුරේ මඩ තලන වැවත් හොඳයි දිය දුන්නා නිසි කාලේ කෙතත් හොඳයි බැත දුන්න සිතු තාලේ ගොවියත් ගොනත් එකතැන බුදියන කාලේ හැඬුවේ මොටද උඹලත්…

  • සඳැස් / නිසඳැස්

    රෑ හොරෙන් කාමරයට ආවෙ කවුද?

    1

    මොර සූරන වැස්සක් .. සීතලයි… රැහැයි හඬවත් …. කනකොක් හඬවත් ඇහෙන්නෙ නැහැ… හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොර සූරන? මොර සූරන වැස්සක් ඒකෙ තේරුම මොකද්ද මන්දා…. ගස් වැල් හඬන සද්දේ…. දුරින් ඇහෙන ගඟ ගලන සද්දේ…තිගස්සවන හෙණ ගෙඩි පුපුරණ සද්දේ අස්සෙන් …….. සැරෙන් සැරේ  වටපිටාවට අණසක් පතුරුවණ විදුලි කෙටීම්…….. බිය මුසු ආස්වාදයක් මගේ හිතට ආවා.. වැස්ස කවදත් සුමිහිරි සිතුවිලි මගේ…

  • විශේෂ

    කළු ගිරවා

    Off

    අහස වැහි අන්ධකාරයෙන් පිරිලා. කළු ගිරවා වටපිට බැලුවා මහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේ පෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා, රතු පාට ගිරව්, කොළ පාට ගිරව්, නිලුයි කහයි කලවං ගිරව්, රතුයි කහයි නිලුයි කලවං ගිරව්, පාට පාටින් කලවං වෙච්චි යායක්.. වේදිකාව උඩ හිටිය නිසා පහළින් හිටපු ලක්ෂ…

  • සාහිත්‍ය කළා විචාර

    සෙල්ලම් පොලීසිය සහ ඇත්ත හොරු

    Off

    කෝප් කමිටුවේ සභාපතිත්වය හඳුන්නෙත්තිට ලැබී ඇත . පෞද්ගලිකව නොහඳුනන මුත් , ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳව මාගේ ඇත්තේ පැහැදීමකි . ඔහු වැඩක් කරන , හොරකම් ගැන කතා කරන , මහන්සි වී වැඩ කරන , අඩුම ගනනේ ප්‍රශ්නයකට විකල්ප විසඳුම් ( එය ගැලපෙනම විසඳුම ද නැද්ද යන්න පැත්තකින් තැබුවත් ) එකක් දෙකක් වත් ඉදිරිපත් කරන්නට තරම් වත්…

  • අතීතකාමය, විශේෂ

    අමුත්තන් ලෙස ජීවත් නොවී පුරවැසියන් ලෙස යුතුකම් ඉටු කළයුතු කාලය එලඹ තිබේ.. Patriotism is written by blood of those who died defending motherland.

    Off

    මේ වනවිට මවුබිමෙන් බොහෝ දුර බැහැරව විසුවත් අදටත් ඉතා දක්ෂ ලෙස සිය අත්දැකීම් අකුරු කරන මගේ හිටපු ජේෂ්ට නිලධාරියෙක් වෙන රවී ද සොයිසා මහතා ගේ ෆේස්බුක් පිටුවේ පලව තිබු විස්තරයක් හා එහි පසුබිම් කතාව මුලින් ලියු මොහොමඩ් ෆර්ශාන් සොහොයුරාගේ ෆේස් බුක් පිටුවේ පළවූ විස්තරයක්.. එහි ඇති වටිනාකම නිසාම ඔහුගේ පුර්ණ අවසරය ඇතිව මෙහි නැවත සටහන්…

  • විශේෂ, සංගීතය

    දෘෂ්ඨි රසය ??

    Off

    ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන්…

  • කාලීන සංවාද

    අඩුමිලට හීලියම් කාර්(Helium cars for sale in Sri Lanka)

    Off

    අයවැයෙන් පස්සේ බහුතරයක් හූල්ලනවා වාහන මිල වැඩිවීම ගැන. සහ දුම් පරීක්ෂණ ගාස්තු වැඩිවීම පිළිබඳව. ඒ වුනාට මේ සැරේ අයවැය මගින් හීලියම් වාහන වල බදු අඩුකරලා තියෙන්නවා. හීලියම් කියන්නේ අපේ ගැහැණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැරිව හිටපු JR මුත්තාටත් දහනය කරන්න බැරි වායුවක් නිසා. හීලියම් වාහන වලට දුම් පරීක්ෂණ වාර්තා අවශ්‍ය නැහැ. එක නිසා සාක්කුවට ප්‍රශ්නයක් නොවී…

  • කාලීන සංවාද, විශේෂ

    රුසියානු යානය බිම හෙලීම; අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමක්ද ?

    Off

    තුර්කිය සිරියාවේ ප්‍රහාරයන් සදහා සහභාගීවූ රුසියානු ප්‍රහාරක යානයක් බිමහෙලීම අද බටහිර රටවල ප්‍රධාන පුවත් සිරස් තලයක් වී තිබේ. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ජාතික පුවත්පත් මෙම සිද්ධිය පිලිබදව ඉතාමත් විමතියෙන් බලාසිටින බවක් පෙන්වන්න අතර එය රුසියානු ජනාධිපති පුටින්ගේ ඊලග පියවර කුමක් වියහැකිද යන්න ගැනද දක්වනුයේ එවැනිම ආකල්පයකි. පසුගිය කාලේ පුරාම රුසියානු ජනාධිපති පුටින්ගේ වීරවික්‍රම සහ ඔහු කියූ ලෙස…

  • විද්‍යා ප්‍රබන්ධ

    දමනය (පස්වන කොටස)

    Off

    ‘දමනය’ යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි. එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ. පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී. එහි පස්වන කොටස වෙනත් කෝණයකින්, විද්‍යා ප්‍රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි. මෙයින්…

  • විද්‍යා ප්‍රබන්ධ

    දමනය 4

    1

    පෙ.ලි. – මේ කතාව ලියෙවෙන්නේ බස්සී විසින් ලියූ දමනය කෙටි කතාව සහ ඉවාන් විසින් ලියූ දමනය 3 නම් දිගුවට තවත් එක් දිගුවක් ලෙස ජෝෂුවාගේ ඇසිනි. ඒ නිසා දමනය කතුවරිය වු බස්සිටත් මෙවැනි වු දිගුවක් ලියන්න අදහසක් දුන් ඉවාන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා ඉදිරියේ මා නවකයකු නිසාවෙන් කතාවට යම් හානියක් සිදුවන්නේ…

  • විද්‍යා ප්‍රබන්ධ, විශේෂ

    දමනය 3

    1

    පෙ.ලි. මේ කතාව ඇත්තෙන්ම ලියවෙන්නේ බස්සිගේ නවාතැනේ ,බස්සි විසින් ලියු දමනය නම් වූ කෙටි කතාව නිසයි. එහි ජෝෂුවා සහ මෙලීසා නම්වූ චරිත ද්විත්වයේ, ජෝශුවාගේ ඇසින් බස්සි අතින් ලියවුනු එම කතාවට දිගුවක් ලෙස මෙලිසාගේ ඇසින් ලියන්නට සිතුනු නිසා කතුවරියගේ අවසරය පිට මේ දිගුව මෙසේ මෙතැන පලකරමි . දමනය 1 දමනය 2 එදායින් පස්සේ ජෝෂුවා මට ඕන…

  • කාලීන සංවාද, විශේෂ

    ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (පළමු කොටස)

    Off

    “ඔව් සර්…” “එහෙනං තව ටිකකින් එන්නකෝ ..” ඒත් එක්කම මගේ මේසය දිහා බැලුව සෞම්‍යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නවා වගේ මට දැනුනා. අතින් කට වගගත්තු සෞම්‍යා එලියට ගියේ ලස්සන ඇස්දෙකෙන් හිනාවෙන ගමන්. ෆෑන් එකේ ටක ටක සද්දේ ආයෙත්. මට පිටුපාලා යන සෞම්‍යා දිහා බලාගෙන හිටපු මම පියවි සිහිය ලැබුවේ එයා දොරත් වහලා ගියාට පස්සේ මම…

  • කාලීන සංවාද, විශේෂ

    අය වැය සමග පොල්කිරි

    Off

    අය වැය ගැන මං දාපු පහුනු පෝස්ට් එකට පවුද්ගලික අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඇති පදම් ගර්හාවට ලක්වුණා. ඒ දිසාපති තාත්තාගෙන් කාපු බත් අමතකදැයි අහලයි. ඉතින් වදේ අමතක නැති නිසා නොවෙන්නම් මේ ලියන්නේ. මේ ප්‍රතිඤාර අනුව මං මේ කල්පනා කරමින් හිටියේ පුලු පුලුවන් හැටියට අපේ දිසාපති තාත්තායි එයාගේ යාලු මහදැන මුතු අමාත්‍යංශ ලේකම් අංකල්ලායි ගෝල රොතුයි හොරකම් කොරන…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    පිං සහ පව්

    Off

    නවත්තපන් ලොරිය ඉදිරියේ ඇති නුග ගහ යට පඬුරක් තියමු දෙවියන්ගේ පාමුල මඟ දිගට තියනවා බාධක ඒවා වලකන්න කියමු දෙවියන්ගේ පිහිටෙන් හරක් ටික ගෙනියන්න ලැබුනොත් පෝරකයට හොඳම හොර හරකාගේ මසින් දානයක් දෙනවා කියමු දෙවියන්ට හොඳ සාරෙට හිල්මි සුපුන්

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    ~පිය සෙනෙහස ~~~

    Off

    හිරු සඳු ඔබය ඝනදුර පිරි මගේ……….. ලොවේ මොළකැටි මුවද සිපගමි පුත සෙනේ….. මැවේ දැක ගනු පිණිස පියඹමි සොය සොයා….. භවේ තිලොවම මගෙය ඔබ ළඟ මගෙ අමද ….. සුවේ කිරි කැටි සිනහ පිනවයි හද ලොවම…… නැවේ මුදු රස බසද සනසයි හිත සතුට ………… දෙවේ දුව දුව වැටෙන නැගිටින යුරු සිතෙහි….. මැවේ කවිකම මොටද වැණුමට බැරි මගෙම…

  • කාලීන සංවාද, විශේෂ

    කවිකාර කිවි දේශය

    Off

    සුනේත්‍රා…. සුනේත්‍රා.. සුනේත්‍රා… තෘෂ්ණාව දුරු කරන්න ඕන, නොඇලී ඉන්න ඕනය කිය කියා ලෝකෙ වටේ ඇවිදිනවා මදිවට ඒව පොත්වල ලිය ලිය ඔයා අපේ සංසාරෙ දිග්ගස්සනවා. සුන්දර රස්තියාදුවට ලොබ බැන්ද හිතක අතිශය තෘෂ්ණා උපදවන තාලෙ පොතක් මේ. ‘‘කවිකාර කිවි දේශය‘‘. නවසීලන්තයේ දකුණු දුපතේ සැරිසරක විස්තර අරන් එන්නෙ ගංඟා, ඇල දොල, විල් සිසිලස, ඈත හිමෙන් වැසුණු කඳු මුදුන්,…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    ඩිජිටල් රේඛා ( digital divide?)

    Off

    ඉරිසියාවෙන් පැලෙමි මම වෙනුවට වම් උරෙහි එල්ලෙන ඔබේ ලැප්ටොපය දැක කුරිරු ලෙස මත්වෙමි මට අයිති ඇඟිලි අල්ලන යතුරු පුවරුව දැක සෙමෙන් වමතේ මුදුව අල්වමි, සිහිනයෙන් බිම බසිනු දැක දැක http://upekshad.blogspot.co.uk/2015/11/digital-divide.html

  • විද්‍යා හා තාක්ෂණ, විශේෂ

    නිරීක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ කළ WT1190F

    Off

    බොහෝදෙනා උනන්දුවෙන් බලා සිටි WT1190F මුහුදට කඩා වැටීම අවසානයේදී සිදු වූයේ නැත. විද්‍යාඥයන් ගණනය කළ දිශානතියෙන්ම, ගණනය කළ වේලාවට ආසන්න වේලාවකදීම පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මේ ආකාශ වස්තුව ඉහළදීම ගිනිගෙන විනාශ වී ගියේය. මේ අතිශය දුර්ලභ අවස්ථාව දැක ගැනීමට බොහෝදෙනා ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයට එක්රැස් වී සිටි අතර අම්බලන්ගොඩ, තංගල්ල යන නගරයන්හිත්, රුහුණු…

  • කාලීන සංවාද

    අමිල සතුටක් ලැබෙන නොමිලේ දීම

    Off

    “සේරා , තව එක රවුමයි , අපි රෑ වෙන්න ඉස්සර වෙලා කොටේජ් එකට යන්න ඕනේ“ “ඕකේ …ඩැඩී ….මෙ රවුමයි තව එකායි “ තාත්ත ගාවින් විදුලියක් වගේ වේගෙන් ලිස්සලා ගිය සේරා පස්සෙන් ඇගේ මල්ලි බ්‍රයන් ටිකක් දුර ගියත් , වෙනද වගේ නෙවි අද ටිකක් කම්මැලි හන්ද ආයෙත් ආව තාත්ත ගාවට , “ඩැඩී , මේ අර ඈත…

  • විශේෂ, සංගීතය

    දෙකකුල් අල්ලා හඬා වැටෙද්දී බඹසර බිලිගත් සලෙලුන්

    Off

    මෙන්ඩාගෙන් බේරෙන්න බැරිකමට පෝස්ට් එකක් ලියනවා. ලියන්න තියෙන කම්මැලිකම ගැන හිතුවම මට හිතා ගන්න බැහැ රවී මහත්තය එහෙම ඔය පරිවර්ථන එහෙම කරන්න කොච්චර කැපවීමක් කරනවද කියල. ලේසියට මගේ සිංදුවක් ගැනම ලියන්නම්. මේ සිංදුව ලිව්වේ දිල්ලි නුවර වෛද්‍ය සිසුවියක් බස් රථයකදී දූශණය කිරීම පිලිබඳව එහෙ විශාල පෙලපාලි ආදිය පවත්වන කාලේ. මෙම සිද්ධිය සිදුවුනේ 2012 දෙසැම්බර් 16…

  • කෙටි කථා, විශේෂ

    තේ

    Off

    සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති. කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක්…