• ප්‍රහසන

    සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් කතා වත්තුව

    Off

    පෙර එක් කලෙක ත්‍රී සිංහලාධිශ්වර ශ්‍රී මහින්දෝත්තම රාජපක්සාභිධාන මහෝත්තම රජාණෝ ලංකාපුරයේ රාජ්‍ය විචාරා “රාජ්‍ය ධනය බලය නම් නැතිවන සුලුය… මාගේ මේ ව්‍යායාමය කිසි කලෙක රජ සැප පිණිසම නොවන්නේය.. ලංකාපුරයේ චිරස්ථිතිය උදෙසාම වන්නේය” යැයි සිංහනාද කර ලංකාපුරයේ සිහසුන තම ඔටුන්න හිමි නීමල් කුමරුන් හට භාර නොදී ” නීමල් නම් අත්දැකීනම් මදම වන්නේය.. එහෙයින් ඔහු නැවත සුදුසුකම්…

  • සඳැස් / නිසඳැස්

    අප්පච්චි මං මෙහේ…

    Off

    උඹව උස්සගෙන බං හංදියක් ගානෙ මං කාර් පෙන්නන්නම් ඇස් ඇරලා බලපන් පෙරහැරේ යන්ට මං, ගෙනා තම්මැට්ටම් වලට තඩි බාපන්…බැන්නෙ බොරුවටනේ මං… උල් කර කොට කරන උඹේ පැන්සල් වගේ ජීවිතේ ගෙවෙන වග දැනන් උන්නත් මං අම්මයි මමයි මැද බලි කුරුටු රූපේ උඹව ඒ මැද්දේ…අඳින්නේ කවුද දැන්… එදා උඹ පෙරහැරේ කර තියං යනකොට මළ බෙරේ සද්දෙට උඹව…

  • විචාර

    කැප්ටන් නෙමෝ දුටු ඉන්දියානු සාගර පතුල

    Off

    ඊයෙ ජුල්ස් වර්න් ගේ Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහල පරිවර්තනයක් වෙච්ච ජිනේන්ද්‍රවංශ ද සිල්වා මහතා විසින් පරිවර්තනය කරපු මහ මුහුදේ ගව් 20000ක් යට පොත කියවල ඉවර කළා. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් අර සුප්‍රසිද්ධ කැප්ටන් නෙමෝ සහ එයාගේ නෞටිලස් සබ්මැරින් එක තියෙන්නේ මේ පොතේ.. මරු කතාවක්.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ පොත…

  • සඳැස් / නිසඳැස්

    සුදු පිච්ච මල නුඹ නාඩන්

    Off

    හතර හමාරේ කනිසමට දින පහක් සතියකට උදේට එයා ආස පාන් එක්ක හොද්දකට පාට පාට පාන් පෙති දෝනිට මහන්සි නොබලා හැදූ මට කලු කලිසමට ගැලපෙන කමීසෙට ටයි පටියට සරිලන මේස් යුගලෙට සුමානෙ දවස් පහකට මැද්දේ මම ඇදුම ඔබේ අගේට දෝනිගේ ඉස්කෝලෙට එයාගේ ඔෆිස් එකට එයාගේ අම්මගේ ක්ලිනික් දවසට මට අකැප .කැබ්, ප්‍රිමියෝ තිබ්බට යුනියෙදි කෝස් වර්ක්…

  • කෙටි කථා

    සුදු අරලිය මල් පොකුරක්

    Off

    ‘ඉහළකෝට්ටේ’ නැවතුම්පොලේදී දුම් රිය නතර කරන විට සවස 6 ට ආසන්න වී තිබුණි. වැහි පොදක් දෙකක් බිම වැටුණද තවමත් සිරුරට දැනෙණුයේ උණුහුමකි. දුම් රියෙන් බැස ගත් මම වේදිකාවේ ආසනයක් මත වාඩි වීමි. පිටේ වූ බෑගය ගෙන ඉන් විදුලි පන්දමත් වතුර බෝතලයත් ගත්තෙමි. බෝතලයේ අඩකටත් අඩු වූ ජලය උගුරට දෙකට හිස් කෙරුවත් ඉන් පිපාසය පහව නොගියේය….

  • කාලීන සංවාද

    ගුරුවරු පෙරේතයි

    Off

    මේ පෝස්ට් එක ලියන්න හිතුනේ සජ්ජා ගේ ගුරුවරු පෙරේතයි යනුවෙන් පළ කල මේ පෝස්ට් එක නිසා . රටේ අධ්‍යාපනය හරි ගැස්වීම මගේ ඇති උණක් නිසා මේකට පිළිතුරක් පෝස්ට් එකකින්ම දානවා. මට හිතෙන්නෙ සජ්ජාත් රටේ අධ්‍යාපනය කරවන අය සහ දේශපාලකයින් වගේම ප්‍රශ්ණයේ වැරදි පැත්තෙන් අල්ලගෙන කියලයි. ගුරුවරයෙකුගේ වැටුප ගැන සජ්ජා ගෙන එන්නේ කාලීන ප්‍රශ්ණයක් බව පිලිගත…

  • සඳැස් / නිසඳැස්

    නිකමට වගේ කියන්නේ :)

    Off

    අනේ මොකට හෙමිහිට අපායටත් කලින් යන්ට අනේ ඉතිං තව ගන්ට ගෙදරටත් ගෙනියන්ට බයිට් ගෙන්නා ගන්ට එත් මදි වෙනකොට කැමතිනම් උන්දවත් බයිටට ගන්ට හා නේ මක් වෙනවද කාණුවක පේමන්ට් එකක ටිකක් ඔහේ ඇලවෙන්ට කාලයක් යනකොට ලේ නහර පිරවෙන්ට කටු ඇනලා සේලයින් පුරවන්ට හිස් බෝතල් පොඩි ලොකු කොටු හරි හුරුබුහුටි කාසි කර කැමතිනම් privet යන්ට, ආණ්ඩුවේ ඒවායේ…

  • කාලීන සංවාද

    ගුරුවරු පෙරේතයි…

    Off

    “මොකද්ද යකෝ මේ බයිසිකලේ , ගොනා වගේ , පිකප් වෙන්නෙ නෑ ගොළු වෙනව , ඉස්කෝලේ මහත්තේක් ගාව තිබ්බ එකක්ද?” ඔය කතාව සමහර වෙලාවට අහන්න ලැබිල ඇති කවදහරි. ඉස්කෝල මහත්තයෙක් ගාව තිබ්බ මෝටබයිසිකලයක් , වැගන් මොඩල් කාර් එකක් කියන්නෙ පෙට්‍රල් සුවඳටත් දුවන, මළාට පිකප් කරන්න බැරි වාහන විදියටයි ටික කාලෙකට කලින් සමාජගත වෙලා තිබ්බ මතය. හයියෙන්…

  • කෙටි කථා

    අළුත් බල්ලෙක් – A New Dog

    Off

    සාම්ප්‍රදායික කෙටි කතාවක් නොවේ. මාතලන්ගේ කෙටි කතාවකි. – ඇත්තටම මම ඒ බල්ලා දැක්ක දවසේ ගොඩාක් බය උනා මෙයා. ඌ මාව දැක්ක මුල් දවසේ බුරාගෙන ආපු විදියට මම හිතුවේ, මම ඉවරයි කියලා. හොඳ වෙලාවට ඌ මගේ කිට්ටුවටම එන කොටම, මිස්ටර් ගෝතම ගුණවර්ධන, “හේයි……, ඩෙන්වර්, නෝ…..” කියලා කෑ ගහපු ගමන්, එක පාරටම ඌ රොබෝ කෙනෙක් වගේ නැවතුනා….

  • කාලීන සංවාද

    ‘භූමි’ ගේ කතාව

    Off

    භූමි (එතකොට කුමුදු) සහ මම ඉගෙනගත්තේ එකම පාසලේ. එය කොළඹ නග‍රයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යාලුවෝ නොවුනද මම ඔහු ගැන දැනගෙන සිටියා. (ඇත්තම කියනවා නම් කවුරුත්ම වගේ කුමුදු ගැන දැනන් සිටියා) මම මගේ මිතුරන් සමග අන්තර්-පාසල් නාට්‍ය තරගයට ලැහැස්ති වනවිට කුමුදු සහ ඔහුගේ…

  • විචාර

    හිම මල් යායක කතන්දරේ

    Off

    පුංචි ම කාලෙ මගේ සුන්දර ම මතකය විසල් පොල් වත්තක් මැද මැටි ගඩොල් බිත්ති බැඳල සුදු හුණු ගාපු, පොල් අතු හෙවිල්ලපු, සීතල සිමෙන්ති පොළවක් තිබුණු පුංචි ගෙයක අම්මයි, තාත්තයි, ලොකු නංගියි එක්ක ගෙවපු ජීවිතේ… අවුරුදු පහක් වෙද්දි ඒ ලස්සන වටපිටාව දාලා ගෙවල් පොකුරක් මැදට එන්න සිද්දවුණත් මං හැමදාම ආදරය කළේ ‘කණු කැලේ‘ නමින් හැඳින්වුණු ඒ…

  • කෙටි කථා

    සර්ප පුනරුප්පත්තිය

    Off

    කුරුළු මලගම මං කුරුල්ලෙක්.කළුවරෙන් ගල් ‍වෙච්ච පොලොවට රන් පාට වැස්සක් වගේ ඉර එලිය වැටෙනකොට මගේ පියාපත් වලට වඩා වේගෙන් හිත ඉගිලෙනවා… ලස්සන දවසක්…ලස්සන දවසක් ..හිත මුර ගානවා කුරුල්ලෙකුට කොයි තරම් නම් වැඩද? නිදං ඉන්න පුංචිම කැකුළු නුපුරුදු ඉර එලියට බයේ අඞද්දි නැලවිලි ගීත කියල නලවන්න ඕන…තාමත් ඇහැරෙන්න වේලාසන වැඩි බව හිතුවක්කාර වෙලා දඟලන පුංචි කැකුළු…

  • සාහිත්‍ය කළා විචාර

    සෝමවංශ අමරසිංහ; නොකළ යුත්තේ කුමක්ද?

    Off

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ (දැනුවත්ව සහෝදරයා යන වචනය නොයොදමි) ජීවිතයෙන් සමුගත්තේ ය. 1989 වර්ෂයේ දී අවසන් වූ අසාර්ථක සමාජ විප්ලවයෙන් පසු 90 දශකය මුල ජවිපෙ යළි සංවිධානගත වූයේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ කරගෙනය. මෙම පශ්චාත් අසූව දශකයේ ජවිපෙ දේශපාලනය ගැන මූලික වාමාංශික විග‍්‍රහ 2ක් ඇත. 1. ජාතිකත්වය සහ මාක්ස්වාදය දෙමුහුම් කිරීමට යාම නිසා…

  • ඉතිහාසය

    හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම- වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර

    Off

    වහකෝට්ටේ, වාසල කෝට්ටේ හා වසකෝට්ටේ නමින් උඩරැටියන් හැඳින්වූ වහකෝට්ටේ ග්‍රාමය වර්තමානයේ ප්‍රසිද්ධියක් උසුලන්නේ සුප්‍රසිද්ධ ජන වන්දනා ස්ථානයක් වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේදේවස්ථානය නිසාය. මෙම ග්‍රාමයට වහකෝට්ටේ නාමය ලැබීම හා සම්බන්ධ ජනප්‍රවාදයන් හා ජනශ්‍රැති කීපයකි.   තම සැමියාගේ මරණයෙන් කම්පනයට පත්වූ බිසවක් කොට්ටය යට තබාගත් වස බීමෙන් දිවි නසාගත් යන අරුතෙන් වසකෝට්ටේ හෙවත්වහකෝට්ටේ වූ බව එක් ජනප්‍රවාදයකි….

  • දේශපාලන

    මිහින්තලේ මුවා සහ අර්ජුන සාධකය – Spotted Deer at Mihintale & Arjuna Factor

    Off

    සිරිසේන ජනාධිපති තුමා යාපනේ ගිහින් ඇවිත්, මහන්සියටත් එක්ක හාන්සි පුටුවේ දිගාවී, උදේ පාන්දරම පත්තර ටික ගත්තේ, පෝය දවස සිරි ලාංකීය බෞද්ධ ජනතාවට මෙන්ම, රහමෙර කටේවත් නොතිබ්බත්, තමන්ටද අනුරාජපුරේ ආපු උන් එක්ක සෙල්ෆි ගන්නයි, දන්සැල් බෙදන්නයි, හාන්දුරුවරුන්ගේ බයිලා අහන්නයි, කප්පරක් වැඩ තියෙන පට්ට බිසි ඩේ එකක් නිසා, සමහර නිව්ස් මිස් වෙන්න පුළුවන් නිසාය. පත්තරේ අස්සේ තියෙන…

  • දේශපාලන

    සෝමවංස මැරුණේ නැත.

    Off

    සෝමවංස අමරසිංහ මහතාගේ අවමගුල් උත්සවයට දේශප්‍රේමින් සියල්ලම පාහේ සහභාගී වුහ .ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමින්ද විමල් වීරවංස දේශප්‍රේමින්ද පෙරටුගාමී දේශප්‍රේමින්ද , පොදු විපක්ෂයේ දේශප්‍රේමින්ද පැමිණ සිටියහ. අවමගුල් උළෙලේ ප්‍රධාන වගකීම් දැරුවේ ජනතා සේවක පක්ෂයේ දේශප්‍රේමින්ය .පෙට්ටිය මත එලූ රතු පාට රෙද්ද වසා ජාතික කොඩියක් ඇතිරුවේ ගුණදාස අමරසේකර දේශප්‍රේමියාය. ගුණදාසට ඒ වැඩේ කිරීමට සපෝර්ට් කළේ ජවිපෙන් අස්වී…

  • කාලීන සංවාද

    ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව

    Off

    පෙර ලිපියෙන් මා පැහැදිලි කළේ නිපදවන ‘භාණ්ඩය’ ගබඩා කිරීමේ හැකියාවක් නැති වෙළඳපොළවල් වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමේදී මිල හා නිෂ්පාදන මට්ටමට අමතරව ගනුදෙනුවක් සිදු වන තුරු බලා සිටිය යුතු කාලයද මේ සමතුලනය තුළ වැදගත් සාධකයක් වන බවයි. මෙහිදී, මෙසේ ‘බලා සිටිය යුතු’ කාලය නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර බෙදී යන්නේ කෙසේද යන්න තීරණය වන්නේ මේ…

  • සඳැස් / නිසඳැස්

    මකුළු මහත්මියකගේ පැමිණිල්ල..

    Off

    කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ මගෙ ගේ ඒ වුණත් මම කියා වෙන කොහේ යන්නද… අව් වැසි මහ සුළං පීඩා ඉවස ඉවසා බැරිම තැනමයි ඔබෙ වහල යට ඉඩ ගන්න සිතුවේ… සිසිලසයි හරි සනීපයි පැටවුන්ට වුණත් හරි හොඳයි ඔබේ ගේ මගෙ කැදැල්ලට කදිමය කියාමයි හිතුණෙ…

  • බ්ලොග් නවකතා

    විමලෙගෙ වාං පතුල් කතා – 40 – පිළිස්සූ කුකුළකු නිසා අහිමිවූ මගේ ආදරය

    Off

    හුටා එහෙමත් එකක්ද?අයියත් දන්නවද සීන් එක? දෙයියෝ සාක්කි ඉතිං මොකේදැයි දං වළඳන්නේ?..කියල ඇහුවලු ලොකු හාංදුරුවො… “හරි හරි මල්ලි ඔව්ව ඔහොම තමයි….මේ ජීවිතේදි අපිට ඔහොම දේවල් වලට මූණ දෙන්ට වෙනව” අයිය මගෙ උරහිසට අතක් තියල මිරිකුවා. “අපි බලන්ට ඕන එව්වට මූණ දෙන විදිහක්. කිසිම දේකින් අකම්පාල වෙන්ට නරකයි…හරි මට වැඩි විස්තර දැනගන්ට ඕන නෑ. නිමල් මට…

  • සඳැස් / නිසඳැස්

    Here is my heart you can take it…..

    Off

    දැන්නම් ඇති ඕනෙම නෑ කවදාවත් ආපහුනම් බඳිනවා ලොකු තාප්පයක් සුළඟක්වත් නොම එන්නට නාරිලතා මල් පොකුරක…. මංගල කිංකිණි, මංගල සීනුව කපු ඇන්ටිලා , කපු මාමලා ඒ මදිවට… නුමුහුන් පෙලපත, නැට්ට කපා ඇති පනුවොත් හලලා කෑමට හුරු ඇති… මොන ලැජ්ජාවක්ද ඒක මටනම් බෑ….මල ජරාව…. බුලත් ගන්න හෙප්පුවකින් ඇඹරි ඇඹරි එනකොට ඇය හීනෙන්වත් හිතුවද මම ඒ කාලේ ඔය…

  • බ්ලොග් නවකතා

    අමුතු කතාවක් 4.: පනිවිඩකාරයෙක් නැති පනිවිඩ

    Off

    උදුලා කුමාරිහාමි වැලඳී තිබුණ ලියුකේමියා රෝග තත්වයෙන් ම මිය ගියා. ඒ නිසා මොන තත්වයක් තිබුනත් ටිකිරිබණ්ඩාරට උනේ මළ ගෙදර කටයුතු අවසන් වෙනකල් අලුත් වලව්වේ රැඳෙන්නයි. ටිකිරිබණ්ඩාරත්, රූපත් හැම මොහොතක්ම ගත කළේ භියෙන්. සැකෙන්. තනියෙන් ඉන්න එක ඒ දෙන්නට මරණ භය ඇති කළා කියුවොත් නිවැරදි. පරණ වලව්වේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙලයි තිබුනේ. ගෙදරින් එලියට බහින්න…

  • ඉතිහාසය

    තල් කොලය හා පන්හිඳ

    Off

    (මේ ලියාගන යන්නෙ උග්ගල් අලුත්නුවර දේවාල ගම්මානයේ ඇත්තන් අධ්‍යාපනය ලැබුව විදිහ පිළිබඳ ඇහිඳ ගත්ත දේවල් අතරින් ගත්තු “අසම්පූර්ණ විස්තර” කිව්වට වරදක් නෑ. ඒව අසම්පූර්ණ විස්තර කියල කිව්වෙ මූලාශ්‍රමය දත්තවල හිඟකම නිසයි. සමාව අවසර සමහර විස්තර ජනප්‍රවාදය පමණක් ඇසුරු කර ගත්තුවා වේවි) අදක ඊයෙක නෙවෙයි, වසර දහස් ගණනක ඉඳන්ම ලංකාවෙ ඇත්තන්ට යම් යම් දෑ පහසුවෙන් ලියා…

  • සඳැස් / නිසඳැස්

    හරි පුදුම ඉස්කෝලෙ

    Off

    ලංකාවෙ අපි හිටිය ගේ වටට ඉස්කෝල ඒත් අපෙ පොඩි පුතුට ඉඩ තිබුනෙ නෑ එකක……. ඉපදිලා පස් වසර ගෙවුනෙ රටවල් දෙකක පදිංචියෙ තහවුරුව පෙන්නන්නෙ මොන බිලද?…… තෝක්යෝවට ඇවිත් හය මසක් නොගෙවාම පොඩි එකා දැන් ඉන්නෙ ගේ මුලම ඉස්කෝලෙ යාන වාහන වලින් එන්න බෑ පාසලට ඉතින් කවුරුත් ඉන්නෙ පයින් ඇවිදින දුරක TERM TEST ඇගයීම් නිළ ඇදුම් මොකුත්…

  • විචාර

    ෆැන්ටසිය ගෙට ගමුද?

    Off

    රටටම ගංවතුර ගලලා තියෙද්දි හඳයගෙ ඇගේ ඇස අග දෙවෙනි පාරටත් බලන්න රීගල් එකට ගියා. ඒක නරුම විදිහට පෙනුනත් පුද්ගලික මට්ටමෙන් ඒ විදිහෙ පවතින තත්වයෙන් දුරස්ත වීමක් ඕනවෙනවා. නැත්තං අපි හුස්ම ගන්න අමාරු තරමට ඒ ඉමෝෂනල් ගංවතුරෙ ගිලිලා යනවා. ඇගේ ඇස අග කොහොමටත් නැවත නැවත නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔලූවෙ ලොකු බරක් පටවනවා වෙනුවට ජීවිතේ ගැන…

  • කාලීන සංවාද

    උඹලාගේ හොඳ හිත් හන්දා – පොඩි උන් වෙසක් කූඩුත් බැන්දා

    Off

    සුමිත් කලණසිරි නැත්නම් අපේ (කල්‍යාණමිත්‍ර) කමියා මං ඇස් දෙකට දැකල නෑ – හැබැයි අපි බ්ලොග් ලෝකෙත් ෆේස් බුක් එකෙත් යාළු මිත්‍රයො. මං දැක්ක දවසක් කමියා මොණරාගල පැත්තෙ ඉස්කෝලෙකට වතුර පහසුකම් අරං දෙන්න යාළුවො සැට් එකකුත් එක්ක කරපු වැඩක් ගැන බ්ලොග් පෝස්ට් එකක්. කකුලත් කඩාගෙන රස්සාවත් නැතිකරගෙන ගෙදරට වෙලා ඉද්දි ඒ වගේ විස්තර අහද්දි ඒවට සහභාගිවෙන්න…