• සඳැස් / නිසඳැස්

    පරණ පාරක් දිගේ

    Off

    කාලෙකට පස්සේ පිය නඟපු පාරේ කරස් කරස් සද්දෙට පෑගෙන කොළ යට පාරට නැමුණු විසල් රුක් ගොමු යට ඉපල් වෙලා ගිය පරණ ගස් වැල් යට එපා වෙලා හැලිල ගිය මොරණ පිහාට්ටක් යට ගලා ගෙන දිය දොලේ පොඩි ගල් යට තාමත් මම දැක්කා ආදරේ ටික ටික ඉතිරි වෙලා තියෙනවා කොළ අතර මතු වෙච්ච පුංචි පැළයක් ළඟ බලාපොරොත්තුවක්…

  • කාලීන සංවාද

    Music පුපුරෝපං…..!!

    Off

    අපෝ අපේ කාලෙ වගේද දැන් හැදෙන ඒවා කිසි කමකට නෑ… අපේ කාලෙ සින්දුනෙ සින්දු… දැන් ඒවා ප්‍රබුද්ධ නෑ.. සුභාවිත නෑ.. වගේ කතා ගොඩාක් ඔබේ වැඩිහිටියන්ගෙන් ප්‍රබුද්ධ යැයි සම්මත උගත් බුද්ධිමත් යැයි සම්මත විචාරකයන්ගෙ ගීත විශාරදයන්ගෙන් හැමදාම අපි අසන්නෙමු… අනේ සතේකට ගණං ගන්නෙපා… ඕකට කියන්නෙ අතීතකාමය… ඔය මිනිස්සුන්ගේ තාත්තලාගේ පරම්පරාව කිව්වේද ඕකමය.. ඒ තාත්තලාගේ තාත්තලාද කිව්වේ…

  • කාලීන සංවාද

    ලන්ඩනයට බඹරු ඇවිත්

    Off

    හඳුනාගත්තොත් ඔබ මා…… උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා මාලනී ෆොන්සේකා ,විජය කුමාරණතුංග ,ජෝ අබේ වික්‍රම ,අමරසිරි කලන්සුරිය ,සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා,දයා අල්විස් ,ඩබ්ලිව් ජයසිරි වැනි ප්‍රවීන හා ජනකාන්ත නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වන ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණයක් වන” බඹරු ඇවිත්”චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමට අගෝරා කලාකවයේ කට්ටිය හෙට සෙනසුරාදා(ඔක්තෝබර් 01) සවස සුදානම් වෙනවා. ඉන්පසුව බඹරු ඇවිත්…

  • විවිධාංග

    ජීවිතය සුන්දරද මෙතරම්?

    Off

    ඊයේ උදයේ ලංඩන් අහස කලු රෙදි පොරවං හොරාට බුම්මගෙන සිටියද ඔයතරම් තද වැස්සක් නම් හදිසියේම කඩා වැටෙතැයි මම සිහිනයෙන් හෝ නොසිතුවෙමි. නොසිතූ ලෙස වට වරුසාව මගේ සියොළඟ තෙමා ලද්දී , වැස්සේ තද කෙතරම්ම වීද යත් මීටර කිහිපයක් ඈතින් තිබූ බිල්ඩිමට දුව යනවිටත් මා දියබත් වී හමාරය. වැස්සත් සමඟ ඇදී ආ සීතල සුළඟ මට පහර දුන්නේ…

  • කාලීන සංවාද

    චීනයේ පෞද්ගලික දේපළ තිබේද?

    Off

    අපගේ චීන සංචාරයේ දී විශාල මාධ්‍ය ආයතන (CCTV, Shinhua Radio, CRI) නැරඹීමට යන විට අපගේ දේශීය මාධ්‍යවේදීන් අදාළ ආයතනවල ප්‍රචාරක නිලධාරීන්ගේ අවධානයට ලක් කරන ලද ප්‍රධාන ප්‍රශ්නයක් මෙසේය. “මේ ආයතන අයිති රජයටද? නැත්නම් පුද්ගලික අංශයටද?” ඔවුන්ගෙන් හැම විටම ලැබුණේ එකම උත්තරයකි.“දෙකටම” (Both) මේ උත්තරය කෙනකුගේ සිහිය අවුල් කරනසුලු උත්තරයකි. පසුගිය දිනෙක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට…

  • සාහිත්‍ය කළා විචාර

    ලංඩනය මන්මත් කළ ඒ ඉරිදා හැන්දෑව…..

    Off

    ලංඩනයේ එවන් දවසක් , එවන් සවසක් , එවන් දසුනක් මම මීට පෙර දැක නොමැත්තෙමි. එවන් කැපවීමක්, එවන් උනන්දුවක්, එවන් ප්‍රබෝධයක් මට දැනී නොතිබුණි. එවන් රසයක් මම කිසිදා විඳ නොතිබුණි. ලංඩන් අහස සෙලවී උදෑසනම වට මල් වරුසා තණපත් අතර පිනි බිඳු තවරද්දී වැහි වළා දෙබෑ කරමින් පායා ආ හිරු කිරණින් ඒ පිනි , මිණි බවට පෙරළිණි….

  • ප්‍රහසන

    අඬුව තියෙද්දී අත පුච්චා ගැනීම හෙවත් බයියන්ගේ දිව්‍යලෝක සංචාරය.

    Off

    මධුවිතක් එහෙම අරගෙන දවල්ටත් කාල දිව්‍යාංගනාවන් හතර පස් දෙනෙක් එකතු කරගෙන පොඩි ඇලර්ට් එකක් දාන්න හැදුව විතරයි ශක්‍රය‍ට රිසෙප්ශන් එකෙන් කෝල් එකක්. “සර්, ලංකාවෙ හාදයො කිහිප දෙනෙක් ඇවිල්ල ඉන්නව ඔබතුමා හම්බවෙන්න….” එහා පැත්තෙන් ඇහුන. “මොකද්ද කාරණාව? ආයෙත් කලිං එක්කෙනා ඉල්ලනවද?” “ඒ වගේ තමයි,… සර්ම කතාකරල බලන්නකො……[හරි හරි ලොක්ක අවසර දුන්න, තමුසෙල යනවකො ඇතුලට]” “අවසර දෙන්නත්…

  • කාලීන සංවාද

    ඉතින් මගේ ආදරණීය “සු”…

    Off

    ආදරණීය  “සු” “මං මැරෙන්න කලින් මං ගැනත් ලියන්න”… “සු” එදා එහෙමයි අපේ සංවාදේ පටන් ගත්තේ… “මොකටද මැරෙන්නේ…ඒ පාර මක් වුනාටද” මං යැව්වේ කෙටි පණිවිඩයක්… “හේතුවක් දන්නේ නැහැ…ජීවිතේ නතර වෙලා…ඉස්සරහට කරන දෙයක් හිතා ගන්න බැහැ” ඇයි හත් දෙය්යනේ ඊයේ පෙරේදා අළුත් ගෙදරකට ගොඩ වැදුනේ…ඒකෙ සිවිලිමේ වත් දෝෂයක්ද…මේ ගෑණි මේ මරු කියවන්නේ…මට හිතුනේ එහෙම… “තමන්ට මනුස්සයෙක් විදියට…

  • අතීතකාමය

    පරීක්ෂණ .. නිරීක්ෂණ..නිගමන..

    26

    දින විසි පහක නිහඬතාවයකින් අනතුරුව මේ ලියන්නට තනන්නේ සෑහෙන්න අනතුරු සහිත පොස්ටුවක් නිසාවෙන් කියවනා පාඨකයින් මේ කියවන අල්ලපනල්ලේ අනතුරු හෙම කරගත්තොතින් ඕන් මම නම් එව්වාට වගකියන්නේ නැතිය. මේ පෝස්ටුව පුරා ලියවෙන්නේ අම්බලන්ගොඩයාට සිදුවූ අලකලංචි අටෝරාසියක විස්තරය. අම්බලන්ගොඩ හාදයා තම ප්‍රථම මංගල අඩව්ව අල්ලන්නේ පාසලේ එක දෙක වසරේ බව යාන්තමට මතක ඇතත් ඒ පිළිබඳව ටක්කෙටම කිව…

  • කාලීන සංවාද

    අමූදාගේ අරගලය …… Amudha’s Struggle ……

    Off

    මම බ්ලොග් ලියන්නෙක්ද කියන තරමටම මට බ්ලොග් අමතක වෙලා. එපා වෙලාද කියලත් වෙලාවකට මට හිතෙනවා. පහුගිය මාස කිහිපයේදී ලිවීම වගේම කියවීමත් සිදු වුණේ බොහොම අඩුවෙන්. නමුත් මේ අතරවාරේ ලිපියක් දෙකක් කියවන්නත් සිදු වුණා. ඒ මගේ කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙක්ම බ්ලොග් රසිකයින් නිසා. ඔවුන්ගේ දැනුවත් කිරීමෙන් බ්ලොග් දෙක තුනකට ගොඩ වුණා. වෙලාවකට මේක අල්ලලා දාන්නත් හිතුණා….

  • සංචාරක හා ඡායාරුප

    බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ

    Off

    ලෝකයේ තුන්වෙනි විශාලම දුපත වන බොර්නියෝව පිහිටලා තියෙන්නේ අග්නිදිග ආසියාවේ. ජාවා දුපතට උතුරිනුත්, සුමාත්‍රා දුපතට නැගෙනහිරිනුත්, සුලාවෙසි දුපතට බටහිරිනුත් තමයි මේ බෝර්නියෝ දුපත පිහිටලා තියෙන්නේ. දේශපාලනික වශයෙන් රටවල් තුනකට මේ දුපත අයත් වෙනවා. ඒ රටවල් තමයි බෘනායි රාජ්‍යයය, ඉන්දුනීසියාව සහ මැලේසියාව. ඉන්දුනීසියානු භාෂාවෙන් Kalimantan විදියට තමයි මේ දුපත හඳුන්වන්නේ. මැලේ භාෂාවෙන් සහ ජාත්‍යන්තරව දුපත හඳුන්වන්නේ…

  • සඳැස් / නිසඳැස්

    මතකය

    Off

    කසනවිට සනීපයි මොහොතකට තුවාලය දැවිල්ලයි පසුවට වාගෙයි මතකය නුඹෙ http://sampathjt.blogspot.co.uk/2016/09/blog-post.html

  • සඳැස් / නිසඳැස්

    සඳේ කැලුම් වඩිණු මැනවි

    Off

    කොඳ කුසුමන් පිපී සුවඳ බෙදන නිසල රාත්‍රියක සඳේ කැලුම් වඩිණුමැනවි මගෙ දෝතට ඉතින් හනික කිරි පැණි ඉල්ලන්න නොවේ, සාවිය ඉල්ලන්න නොවේ සඳේ කැලුම් වඩිණුමැනවි මගෙ දෝතට ඉතින් හනික මනාලියක් වී පෙර දා කැදලි තනා ඉගිලුනාට ඒ නිවසේ උණුසුම මට සිහි වන වා හැම මොහොතෙම සිත ඉගිලෙන මුත් නිවසට යා නො හැකිය හනික එලෙස සඳේ කැලුම්…

  • සඳැස් / නිසඳැස්

    හැරවුමක්

    Off

    බයිසිකලයේ යකඩ ගොඩ උඩ හයේ කණිසමෙ පස්ස තිබ්බා වේලපහ නැහැ වෙලාවට මම ගරාජයෙ දොර ඇරල දැම්මා මුහුණු ඇද කරගත්තු එක එක පුදුම වාහන රවන් හිටියා රුහුණු කිරි මීපැණිත් එක්කම බෙදන හැටි මම දැනන් උන්නා දවල් බත බංකුවක් උඩ කන්න ඉදගත් පොඩිම කොල්ලා අවුල් හිතකින් මගේ දෙස බලා මොනවද ඇහෙන් කිවුවා, මජන් පොඩ්ඩක් ගෑ වෙච්ච වතෙ…

  • අධ්‍යාපනික

    උග්ගල් අලුත්නුවර ඇසළ මහ පෙරහර -2016

    Off

    මහා පෙරහර මහෝත්සවය හරියටම තව මාසයකින්. දින 30 කින්. ඒ කියන්නෙ ඔක්තෝබර් මස 12 දින උග්ගල් අලුත්නුවර මහා පෙරහරේ පළමු දිනය උදාවන බව දේවාලයේ නිල ආරංචි  මාර්ග පවසයි. මේ පළමු දිනය යදින බැතිමතුන්ට විශේෂ වූවකි. විද්වතුන්ට අතිවිශේෂවූවකි. ඒ සාම්ප්‍රදායික පෞරාණික චාරිත්‍ර විධි කිසිදු අඩුවක් නොමැතිව ඉටුකරන්නට රාජකාරි ඇත්තන් අකුරටම වග බලාගන්නා බැවිනි. මහ පෙරහරේ නවවැඳුම්…

  • කාලීන සංවාද

    රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය වැලැක්වීම සඳහා විද්‍යුත් ප්‍රසම්පාදනය – බලධාරීන්ගේ අවධානය පිණිසයි.

    Off

    යහපාලන රජය පත්වූ පසුව රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයක් ඇතිබව බහුතරයක් මහජනතාවගේ චෝදනාවකි. එහි සත්‍යයක් නැත්තේ නොවේ. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති පමණක් නොව බොහොමයක් රජයේ ආයතන වල එදිනෙදා ක්‍රියාකාරකම් වලද විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි. මෙයට හේතුව රජයේ ව්‍යාපෘති බොහොමයක් ප්‍රසම්පාදන ක්‍රියාදාමය තුල සිරවීමය. දැනට බලපවත්නා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය වසර 10කට ඉහත 2006 වසරේ සම්පාදනය කරනා ලද්දකි….

  • කාලීන සංවාද

    තේ ගස යට හෙවත් Under the tea tree – 3 (බෙහෙත් ගැහිල්ල, දළු කැඩිල්ල)

    Off

    දැං තේ පැලේ පැලවෙලා ටිකෙන් ටික උස්වෙන කාලෙ. තේ ගහට උදව්වට කෙනෙක් ඉන්න ඕනි. හරිනං මේ වෙනකොටත් එයා මෙතන ඉන්න ඕනෑ. ඒ තමයි ලාඩප්ප ගහ. දන්නෑ නේද? එහෙනම් “නංචි”? ආ ඒක දෙමළ නමක්නෙ? එහෙනං “ග්ලිරිසීඩිය”, “වැටමාර”? ඔය කොයි නමින් කිව්වත් ඒ ලාඩප්ප ගහ තමයි. ඔය ලාඩප්ප ගහ හිටවන්නෙ තේ ගහට හෙවනක් වෙන්නලු. ඒ වුනාට එක…

  • සාහිත්‍ය කළා විචාර

    ළමා සොල්දාදුවා

    Off

    2004 වසරේදී පමණ මම චිත්‍ර ප්‍රතිකාර කියා වැඩ පොතක් එළි දැක්වූයෙමි. මෙම පොත චිත්තාවේගීය ගැටළු තිබූ ළමුන් සඳහා Expressive Therapy  හෙවත් ප්‍රකාශාත්මක චිකිත්සා සඳහා යොදා ගත හැකිය​. මේ පොත මුද්‍රණය කොට බෙදා හරින ලද්දේ කඳානේ ANL ප්‍රකාශකයන් විසිනි. චිත්‍ර ප්‍රතිකාර පොත පළවී ස්වල්ප කාලයකට පසු ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරිනියක් මා අමතා මෙම පොත දැනට හමුදාවට භාර වූ…

  • අධ්‍යාපනික

    මට ගහක් වෙන්න ඕනේ…

    Off

    මුහුණ වසාගෙන තනිවම හඬන කුඩා ළදැරියක් (සේයාරුව අන්තර්ජාලයෙනි) එදා ආවේ ටොර්නෙඩෝවක්…ඒ කුණාටුව විසිත්ත කාමරයේ සෝපාවක් උඩට තල්ලු කරගෙන ආවේ අම්මා… තාත්තාට තුරුළු වෙන එක වරදක්…මට එහෙම කිව්වෙත් අම්මා… ටාලියාට ලං වෙන්න එපා…තාත්තට එහෙම කිව්වෙත් අම්මා… පුංචි සුළං ඉත්තකින් පටන් ගත්තු ඒ කුණාටුවේ, තාත්ත කරකැවුනේ හරිම වේගයෙන්…අම්මා හිතුමතේ විසි කරපු වචන ගිහින් සැරින් සැරේ වැදුනේ තාත්තගේ…

  • සඳැස් / නිසඳැස්

    සිතින් පත්තිනි නොහොත්

    2

    කන්නකී වී කෝවලන් ලග තුරුලු වන්නට සිතා ඉන්නැති.. පතිනි දම් සුදු සාලු අස්සේ සගවා ඉන්නට වෙර දරන්නැති..   ලොවට රහසින් අදුරු කුටියක කෝවලන් ලග සලු ලිහන්නැති රන් රිදී මුතු ගෑවිලා නැති පා සලබ අමතකව එන්නැති..   පා සලබ සේ නුබව දවසක කෝවලන් මග දමා යන්නැති පතිනිවත අමතකව දහසක් කෝවලන්ලා නුබ සොයන්නැති…     පියයුරක් පොලොවේ…

  • සාහිත්‍ය කළා විචාර

    සැම්සන් මියගියේ කොහොමද….??

    Off

    සෙනෙවිරත්න සිය මෝටර් රථය අධිවේගී මාර්ගයෙන් කොළඹට ඇතුල් කළේ සතුටු සිතෙනි. පාන්දර නිසා වාහන තදබදයක් නැත. වෙනදාට සිදුවන ලේ රත්කරගැනීම් වලින් තොරව අද උදේ පැවැත්වෙන දානමය කටයුත්ත සඳහා සහබාගි විය හැකි බව ඔහු කල්පනා කළේ සැහැල්ලුවෙනි. බොරැල්ල හන්දියේ ලා අඳුර කපාගෙන දිස්වෙන කහපැහැ ආලෝකය කුමක්දැයි විමසිලිමත් වූ හෙතෙම දුටුවේ එය විසල් ගිනි ජාලාවක් බවය. එය…

  • අතීතකාමය

    හැදිච්ච බීට්ල් එකක් නැහැදිච්ච ගෙදරක් ළඟ පාක් කළෙමි!

    Off

    බීට්ල් එක නවත්තලා බහිද්දී ඉස්සරලාම ඇහුණේ වේලිච්චි කොළ සරසර ගාලා කකුලට පොඩිවෙන සද්දේ. ඒ කියන්නේ කවුරුවත් දැන් මේ ගෙදර මිදුල අතුගන්න කරදර වෙන්නේ නෑ කියන එකයි. මේ අපේ ලොකු තාත්තලාගේ මහගෙදර. ඒ ගෙදර දශක ගාණකින් අලුත්වැඩියා කරලා නැහැ. ආයේ කවදාවත් අලුත්වැඩියා කරන එකකුත් නැහැ. අපේ තාත්තලා මම ඉතාම පුංචි කාලේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ පදිංචියට ආපු…

  • කෙටි කථා

    මම ලිවීම අත් හැරියෙමි

    Off

    “ඔයා රස්සාවක් කරන්ඩ ඕනෙ නෑ” තනි එන්ජින් එකකින් ගේම ගෙනියන්ඩ පුළුවන්ය කියල හිතාගෙන ඇයට මම එහෙම කිව්ව. ඒත් ඉතිං ඇත්තටම බැලුවම ඒ කාලෙ හැටියට එංජින් දෙකක් මොකටද  සල්ලි හම්බ කරන්න. ඉස්කෝලෙ ගිහිං අහවර වෙන්ඩත් කලින් කසාද බැඳපු අපි දෙන්නට. ඒක එහෙම උනත් පහු පහු වෙනකොට ඒ කියන්නෙ පවුල දෙන්න තුන්දෙනා වෙනකොට තුන්දෙනා හතර දෙනා වෙනකොට…

  • සඳැස් / නිසඳැස්

    සීත අඳුරෙ පලයන් මා හැර දමලා………

    Off

    පිදු  සෙනෙහසක අරුමය සිත තුළට ගලා සුදු  පරවියන් යුවලක් මුතු කදුලු       සලා කදු  මායිමේ හිරු මඩලට මුවා       වෙලා මදු  මාලතිය යන්න ගියා වහං        වෙලා නෙතට  අගුලු දා කදුලැලි  මැකුවාට පොතට  වද දිදී කුරුටුව      රැව්වාට ගතට  හිරිගඩුව සරදම්        මැව්වාට හිතට  දුකයි ඈ මා ළඟ      නැතුවාට සීත  සුළං දැවටෙන විට අහක      බලා පීත  පාට මල් දලපෙති         පටලවලා…