• අතීතකාමය

    මගේ දුක නිවන්න තාත්තා අරන් දුන් චිත්‍රකතා පොත

    Off

      මෙතෙක් ආ ගමනේ වීරත්වය කාට ද හිමිවෙන්න ඕනි සර්? සහතිකවම තාත්තා තමයි මගේ වීරයා. මොකද මම එහෙම කියන්නේ එයා තරම් මාව හඳුනාගත්ත වෙනත් කෙනෙක් තවත් නෑ. මගේ තාත්තා කඩුගන්නාවේ රජයේ බෙහෙත් ශාලාවේ ඔෟෂධ සංයෝජකයෙක් ලෙසයි රැකියාව කළේ. ඒක ලොකු වැටුප් හම්බවෙන ඉහළ තරාතිරමේ රැකියාවක් නො වුණත් ගමේ අය තාත්තට හරියට සැලකුවා. ගමේ අය තාත්තට…

  • සාහිත්‍ය කළා විචාර

    ශාස්ත්‍රීය ඖචිත්‍යයට හසුනොවන ජීවන ලාලසාව, ජොලිසීයා , ලලක්කා සහ අමරසිරි පීරිස්.

    Off

    නිර්මාණයක් සර්වකාලීන වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි ඖචිත්‍යය. ඔචිත්‍යය කියන්නේ සාහිත්‍යයමය ඔචිත්‍යය වගේම වින්දන ඔචිත්‍යයත් හරිම වැදගත්. මම ඉන් අදහස් කරන්නේ අපි කතා කරන ප්‍රස්තුතය එක්ක වඩාත්ම තදාත්මීයව බැදෙන සමහර රටාවන් තියෙනවා. ගණිකාවන් සම්බන්ධව ලංකාව ඇතුළෙ ලියවුණු ගීත අපමණ තියෙනවා .ඒ අතරින් වඩාත්ම කතා බහට ලක්වුණ රන් බණ්ඩා සෙනෙවිරත්න විසින් රචනා කළ ලඳුනේ ගීතය සාහිත්‍ය…

  • කාලීන සංවාද

    විල්පත්තු සහ මුස්ලිම් විවාහ – ඉස්ලාමෝෆෝබියා I

    Off

    රාවය ඉතා වැදගත් ලිපි දෙකක් ලිව්ව පහුගිය සතිවල. (මේ ලින්ක් එකෙන් කියවන්න.) ලිව්ව මාතෘකාව ගැන තිබුණු උනන්දුව හින්ද මමත් තොරතුරු සෙවීමේ වෙහෙසකර වැඩේට උදව් වුණා. පහල තියෙන්නේ ඒ ලිපි දෙක. 1. විල්පත්තුවේ ගෙවල් හදන්නේ මිනිසුන් අතැර ගිය ඉඩම්වලය 2. සිංහල ජාතිවාදීන් හංගන විල්පත්තුවේ දුක්ඛ සත්‍යය විල්පත්තු වන විනාශය කියන්නේ දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරන මිත්‍යාවක්….

  • කාලීන සංවාද

    සමලිංගිකතාව – මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්

    Off

    සමලිංගිකත්වය මානව ශිෂ්ටාචාරය පුරා පැවති චර්‍යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්‍යාවක් ලෙස සැලකුනේ නැත​. ග්‍රීක ඉතිහාසඥයෙකු වන හිරොඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්වදේශිය ජන සමාජ වල සමලිංගිකත්වයට තහංචි නොවීය​. රතු ඉන්දියානුවන්  අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක් ඇති (Two-spirited ) තැනැත්තන් ලෙසටය. ​පිතෘ මූලික සමාජයක් වූ…

  • අතීතකාමය

    ප්‍රජනන සෞඛ්‍යය

    Off

    පහුගිය කාලයේ අපේ රට වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්වුනේ සෙක්ස් හෙවිල්ලට බව ගූගල් සමාගම අපිට කෝචොක් දැම්මේය. “හොඳා එහෙනං “porn” හොයාපු එවුං වැඩියම ඉන්න රටවල් එලියට දාහං” කියා ගූගල් එකෙන් ගේම ඉල්ලන්න එකෙක්වත් හිටියේ නැත. දැං ආයෙමත් සමලිංගිකත්වයට අනුමැතිය දෙන්නට යන බව කියා බුකියේ ජෝගියක් පටංගෙන ඇත්තේය. මං මේවා ගැන එතරං තැකීමක් නොකලේ ‘සූටිං මාටිං බැලීම’, ‘පේස්බුක්…

  • ප්‍රහසන

    පුවක් එෂැණිං 24 – Sri Lanka Goes down on Global Corruption Index. Government Vehemently Protests….

    Off

    ඊයේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව නිකුත් කරන ලොව අන්ත දූෂිත රාජ්‍ය දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2015 වසරේ ලබාගත් 83 වන ස්ථානයේ සිට ස්ථාන 12ක් පහළටගොස් 95 වන ස්ථානය ලබා ඇති බවයි. සමාලෝචනයට ලක්වූ ලෝකයේ රටවල් 176 ක් අතුරින් ඒ අනුව රටවල් 81ක් ශ්‍රී ලංකාවට වඩා…

  • සඳැස් / නිසඳැස්

    අවසර මා හට…!

    Off

    ඔබ මා වෙන් කල සයුර මැව්වේ අපමද මොහොතින් මොහොත මාහට ආදරයේ විස පෙව්වේ ඔබමද !   දුරබනුව විතරමද අප ලංකලේ නෑ නොවේද…? මා ඔබ දකින්නේ යතාර්ථයේම නොවන්නේ නම් කෙසේ අප එක්වෙම්ද  මේ භවයේ සොඳුරිය…!   ඉසුරු යැයි හිතා අප ලංවූ මොහොතක් සදාකාලිකයැයි සේ ඇයි මා සිතුවේ  දැනෙනා තුරු මා සිතට අප දෙදෙන එකෙකුම වීම හීනයක්ම…

  • කාලීන සංවාද

    ට්‍රම්ප් ගේ ජීවිතය අනතුරේද? අවුරුද්දකට වඩා ට්‍රම්ප් රජකම් කරයිද?

    Off

    එක්සන්මොබයිල් තෙල් නිධියක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති චන්දය දිනා අවසානය. ඔහු ගේ චන්ද ප්‍රමාණය,  ප්‍රධාන විරුද්ධවාදිනිය  වූ හිලරි ක්ලින්ටන් ට  ලැබුණු මුළු ඇමෙරිකා  එක්සත් ජනපද ජනප්‍රිය චන්ද ප්‍රමාණයෙන් මිලියන්  3 කින් පමණ අඩු වුවද ඉලෙක්ටොරල් ක්‍රමයෙන් ඔහු ට  ජය ගැනීමට හැකිවිය.  නමුත් ප්‍රශ්නය එය නොවේ. පසුගියදා සී අයි ඒ සංවිධානයේ ඉවත්ව යන ලොක්කා  වන ජෝන් බ්‍රෙනන් ගේ ප්‍රකාශය බලන්න….

  • කෙටි කථා

    වීරතන්ත්‍රී වලව්වේ EN එක

    1

    පොතු ගැලවිච්ච මහා ගහක කඳේ පෙනුම වගේ පෙනුමක් තිබිච්ච දැවැන්ත තාප්පයක් සහ යකඩයි මලකඩයි අතර සදාතන සටනෙන් යකඩ අජූතෙට පරදින බව කියාපාන අලිවිසාල ගේට්ටුවක් තමයි වීරතන්ත්‍රී වලව්ව ළඟින් යන කාටත් පේන්නේ. ඊට අමතරව ලෝකල් බටර් ගාලා උණුවතුරෙන් හේදුවා වගේ සෝමාරි පෙනුමක් තියන හයේ හතරේ බිත්ති ටිකක් සහ රුයිතෙට වර්ක් කරපු සාරියක් වගේ තැනින් තැන කොළපාටට…

  • කාලීන සංවාද

    පරපීඩාකාමි පාතාලයෙකුගේ දරුවෙකු ලොවට බිහි කරනවද? දුෂණයට ලක්වු මවකගේ ප‍්‍රශ්ණය.

    Off

    උපන් ගම කුලියාපිටිය. අ.පො.ස.(සා.පෙළ) විභාගයෙන් සමත්. විෂයන් 8- සම්මාන 4 යි. අසමත්ව ඇත්තේ නැටුම්. 2013 වසරේදී සිය පෙම්වතා  සමග යුග දිවියට පිවිසෙන ලදි. ඔහුට වයස අවු:24යි. ඇයට වයස අවුරුදු 17 කි. ඇය සිය සැම්යා ගේ ගමේ පදිංචියට යන ලදි. එ් ඇඹීලිපිටයේ. දරු උපතින් පසුව, වයස අවු: 18 සම්පූර්ණ වූ විට, විවාහය ලියා පදිංචි කිරීමට පියවර…

  • කාලීන සංවාද, විශේෂ

    සම්මාන උළෙලවල් අපට පංජංද….

    Off

    2015 සම්මාන උළෙල අහවර වෙලා ටික දවසකින් ලියන්න ගත්ත සටහන අතරමග නවතල තිබිල 2016 සම්මාන ගැන කොළඹ ගමය ලියල තියෙනව දැකල ආයෙම ලියන්න ගත්තා. නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015 අවසන් වෙලා එහි උණුසුම ටිකක් අඩු වෙන තුරු උන්නෙ එක පාරටම කට්ටියගෙ හිත් තලා පෙලා දාන්න හොඳ නෑ කියල හිතුණ නිසයි ලියන එක නවැත්තුවේ.  …

  • ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, කාලීන සංවාද, විවිධාංග, විශේෂ

    නෙළුම් යාය 2016 බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්

    Off

    නෙළුම් යාය 2016 වසර සඳහා වන බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්  2017 මාර්තු 25 වනදා පැවැත්වේ. ගිය වසර වලදී මෙන්ම මේ වසරේද පහත සඳහන් අංගයන් සඳහා සම්මාන, සහතික සහ ත්‍යාගයන් පිරි නමනු ලැබේ. වසරේ හොඳම බ්ලොග් අඩවිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය සඳහා පිළිවෙලින් මුදලින් රුපියල්  15000, 10000 හා  5000 බැගින්  පිරි නමනු ලැබේ. හතර  සහ පස්වන…

  • කාලීන සංවාද

    සරසවි දිසාපාමොක්ලා පිළිබඳ කැත සත්‍ය නිරූපිත ගීතයක්

    Off

    අද නොකී කතාව අප හිතමිත්‍ර කලාකරුවෙකු හා ජනමාධ්‍යවේදියෙකු වන කපිල එම්. ගමගේ ලියූ සටහනක්. සරසවි ශිෂ්‍යයෙකු මෙන්ම ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද අප අත් විඳ ඇති මේ කුජීත ක්‍රියාවලිය ගැන නිර්මාණශීලී ලේඛිකාවක වන යනූෂා ලක්මාලි 2010 දී පමණ කැලණිය සරසවියේ උපාධි අපේක්ෂිකාවක ලෙස සිටියදී ඇය ලියූ “පාර” නවකතාවකටද පාදක කොට ගත්තා. මා ඒ ගැන විචාරයක්ද පුවත්පතකට සැපයූවා මතකයි….

  • කාලීන සංවාද

    සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතය

    Off

    සෝවියට් දේශය සංස්කෘතික වශයෙන් ඉතා ඉහල දර්ශකයක් අත් පත් කරගෙන තිබූ දේශයක්විය. සෝවියට් දේශයේ සාහිත්‍ය , නාට්‍ය , ගීත , ඔපෙරා , චිත්‍රපට අන්තර් ජාතික කීර්තියඅත්පත් කරගෙන තිබුණි. ලෝකයේ කුඩා දිවයිනක කුඩා ජන  සමාජයක් නියෝජනය කල අපදමෙම සෝවියට් සංස්කෘතියෙන් පෝෂණය වූයෙමු. ලෝ ප්‍රකට බල්ශෝයි තියාතරය අසලින් මම කිහිප විටක් ඒ මේ අත ගොස් තිබුනද බල්ශෝයිරඟහලට…

  • සාහිත්‍ය කළා විචාර

    හිතුවක්කාරී?

    Off

    මගේ බ්ලොගයේ පළකළ ලිපි ඇතුලත් “පොල්කට්ටෙන් එලියට ” පොත එළි දැක්වූදා ප්‍රකාශකයෙකු විසින් පැමිණ පොත් කිහිපයක් අප අතර බෙදා දුනි. මම එය උඩින් පල්ලෙන් බලා පසුව කියවන්නට තබා ගතිමි. පොත ඇත්තටම කියවන්නට ලැබුනේ පසුගිය උඳුවප් මසය. ඒ හදිසියේ සොහොයුරෙකුගේ අසනීපයට ශ්‍රී ලංකාවට ගිය බැවිනි. පොතද රැගෙන ගිය මම එය කියවා  අවසන් කලෙමි. කතාව පටන් ගන්නේ…

  • ප්‍රහසන

    ඉරිසියාවේ ගස (පවුල් ගසක් උව විය හැක) – The Jealous Tree (May be a Family Tree)

    Off

    ඕන එකෝමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක මනුස්සයෙක් පාරේ යන ගමන් ගලක් කකුලේ වැදුනා. පොරට එක පාරටම මතක් උනා මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද කියන කතන්දරේ. කෝකටත් කියලා ගලත් අතට අරගෙන යන ගමන්, මහන්සියට ගිමන් නිවා ගන්න මහා විශාල ගහක් යට නැවතුනා. ඔය ගහ යට මෙයා ඉතරක් නෙමෙයි තවත් අය ගිමන්…

  • කාලීන සංවාද

    සුදු සුදු ලෙසත්, අළු අළු ලෙසත්, කළු කළු ලෙසත්….

    Off

    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දකුණු අධිවේග මාර්ගය සාදා නිම කළේය. ඒ පිළිබඳව බොහෝ වාද විවාද ඇතිවිය. වසර කිහිපයකට පසු මහා කඳු පවා නාය ගිය අධික වර්ෂාපතනයක් ඇතිවිය. අධිවේග මාර්ගයේ ස්ථාන කිහිපයක කාපට් තට්ටුව ගැලවී ගොස් තිබුණි. මහින්ද විරෝධියෝ ආසියාවේ ආශ්චර්යය යැයි සරදම් පාමින් එම ගැලවී ගිය කාපට් තට්ටුවල පින්තුර දැමීය. අධිවේගී මාර්ගය සැදීමේදී එයට අසාධාරණ ලෙස…

  • කාලීන සංවාද

    හෘදයාංගම මිනිසෙකුගේ නික්ම යාම

    Off

    ඔවුහු අසීමිතව මහ පොළොවටත් මිනිසුන්ටත් ආදරය කළහ.වඩා යහපත් ලෝකයක් බිහිකිරීම උදෙසා  දායකත්වය සැපයූහ. ඔවුහු සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ස්වකීය ජීවිතයේ අවසාන මොහොත දක්වා තම නිරවුල් වාමාංශික මතවාදය කිළිටි නොකරගනිමින් ජීවත් වූ සැබෑ මිනිසුන්ය. එවැනි අතළොස්සක් වූ ඔවුන් ලෝකයේ ඕනෑම බිම් කඩෙකදී හමුවිය හැක.තමා පය ගසා සිටින මහ පොළොව විශ්වාස කරන තරමටම තමා ඇවිද යන…

  • දේශපාලන

    රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය: අශුද්ධ සන්ධානයට මළ මිනිී ඕනෑ කර තිබේ.

    Off

    වසර 2002දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන ලදී. කොටි සංවිධානය සමග සටන් විරාමයකට එළැඹ සාකච්ඡාමය විසඳුමක් සඳහා ද පියවර ගන්නා ලදී. මේ හා සමාන්තරව ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන ඉදිරියට පැමිණියේ ය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සමග බද්ධ වෙමින් බටහිර රටවල හා ජපානයේ ආධාර ඇතිව වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ…

  • ඉතිහාසය, පරිවර්තන

    රාජසිංහ රජුගේ අවසානය සහ මුතු මණ්ඩපය

    Off

      පෙබරවාරි මස 05 වන දින රජතුමා නැවේ සිටි ඉංග්‍රීසී ජාතිකයන් ආහාර අනුභව කරන ආකාරය තමන්ට නැරඹීමට හැකිදැයි කපිතාන් ඕබ්‍රික් ගෙන් අසා පණිවඩයක් යැව්වේය. ඒ සදහා ඔවුන් කෑම ගන්නා ස්ථානය අසල එය නැරඹීමට රජතුමාට ආසනයක් සකස් කර දෙන ලදි. ඔහු පැමිණ අසුන් ගෙන තමා එතන නැතැයි සිතා සාමාන්‍ය ලෙස ආහාර ගන්නා මෙන් ඉල්ලා සිටියේය. ඉංග්‍රීසීන්…

  • ප්‍රහසන

    මහින්දගේ ආණ්ඩු පෙරළීම…

    Off

    2017 වර්ෂයේ තමන්ගේ එකම අපේක්ෂාව පවත්නා රජය පෙරළා දැමීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමන් සෑම විටම සියළුම තත්වයන්ට සූදානම්ව සිටින බවද පෙර සූදානමකින් තොරව තමන් කිසිම කටයුත්තකට අත නොගසන බවද එතුමා වැඩි දුරටත් පැවසීය. අද පවතින රජය පෙරළා දැමීමේ කටයුත්ත සඳහා තමන් සූදානම් වූයේ 2009 වර්ෂයේ සිටම බවද පැවසූ එතුමා ඒ සඳහා…

  • ප්‍රහසන

    පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටි

    Off

    මම හිතුවේ අලුත් අවුරුද්දෙදී බ්ලොගේ ටිකක් වැඩිපුර දේශපාලනය ගැන ලියන්න ඕන කියලා. සිනමාව ගැන ලියන පෝස්ට් වලට තරම් ප්‍රතිචාර නොලැබුණත්. ඒත් අවුරුද්ද පටන්ගනිද්දිම දේශපාලනය ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියා නම් දරා සිටින අජිත් පැරකුම් කියනවා දේශපාලනය ලියලා හරියන්නෑලු. ඔහු ලියලා සපත්තු ගැන සටහනක්. ඒක ලියන්නේ දේශපාලනය ගැන කියැවිල්ලෙනුත් රහක් සපයන්න සමත්වුණ මාතලන් ලියපුසෙරෙප්පු පෝස්ට්එකක් අනුව…

  • කෙටි කථා

    ඉරාජ්ගේ ආශාවරී – කාශ්‍යප රජුගේ නැවත ඉපදීම

    Off

    කාශ්‍යපගේ පළමු වික්‍රමය මෙතනින් කියවන්න ඒ 1565 වසරයි.පරංගි සුවද තවරාගෙන හමනා ගොඩ සුළං රැල්ල සුන්දර අප්පුගේ නහය විනිවිද යන්නේ ඔහුට මහත් අපුලක් ගෙනදෙමිනි.ඔහුට මේ කිසිවක් සිතාගත නොහැක.අතීතයේ තම මුතුන් මිත්තන්ගෙ අනින් පමනකදු නොව තමන්ගේ අනසක යටතේත් විරාජමානවූ ලන්කාද්වීපය පරංගින් රැලක් විසින් යටත් කර ගනු ලැබුවේ කෙසේද ?…යම් තරමකට හෝ අස්වැසිල්ලක් ඇත්තේ තවමත් ඔවුන්ට යටත් කර…

  • දේශපාලන

    දයා පතිරණ යනු ආරම්භක ලක්ෂ්‍යයකි!

    Off

    නජිත් ඉන්දික විසිනි   (මෙය ‘වමේ හඩ’ පුවත්පතේ ජනවාරි කලාපය සදහා රචිත ලිපියකි)   ඒ 1985 වර්ෂයේ දෙසැම්බර් 15 වන දින රාත‍්‍රියයි. බණ්ඩාරගම ‘හිරණ’ තොටුපළ අසළ පාලු අම්බලමක් පිටුපස තිබී, කශේරුකාව වෙන්වන ලෙස ගෙල කපා දමන ලද, නිරුවත් තරුණ මළසිරුරක් මුලින්ම හමුවන්නේ ඒ ආශි‍්‍රතව රැකියාව සිදුකළ තොටියෙකුටයි. එය උදුවප් පසළොස්වක පොහොය දිනයද විය. ඒ වනවිටත් මළසිරුරේ රස්නයවත්…

  • පරිවර්තන

    එක මවකගේ කතාවක් (The Story of a Mother!!)

    Off

    මව තම කුඩා දරුවා අසලින්ම වාඩි වී සිටියාය. ඇය දැඩි වේදනාවකින් පීඩා විදිමින් සිටියාය. තම කුඩා දරුවා මිය යනු ඇතැයි යන ඉමහත්ඇ භීතිය ඇය  වෙලාගෙන තිබිණි. බොහෝ සෙයින් සුදුමැලි වු, කුඩා ඇස් වැසී තිබු ඒ දරුවා විටින් විට ගැඹුරින් හුස්ම ගන්නට විය. එය හරියට සුසුම් හෙලීමක් වැනිය. දැඩි කනගාටුවෙන් යුතුව තව තවත් ඕනෑකමින් ඇය තම…