• කාලීන සංවාද

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉක්මනින් අවශ්‍යවන්නේ ඇයි ?

    0

    ඕනෑම රටක ජාතියක කොඳුනාරටිය වී ඇත්තේ අධ්‍යාපනය යැයි පැවසුව හොත් එය නිවැරදිය. අධ්‍යාපනය ඒ තරමටම රටක හෝ ජාතියක අනාගත දිශානතීන් සලකුණු කෙරෙන කේන්ද්‍රීය සාධකයකි. එය අද දවසට හෝ හෙට දවසට හෝ නොව සර්ව කාලීනව බලපවත්වන්නකි.

  • ඉතිහාසය

    මාර්ක් ට්වේන් ගේ ලංකා සංචාරය

    0

    සැමුවෙල් ලෝන්ග්හොන් ක්ලෙමන්ස් (1835-1910) ඇමෙරිකාවේ සිටි අතිශය ජනප්‍රිය ලියන්නෙකු,හාස්‍ය රචකයෙකු, පොත් ප්‍රකාශකයකු,දේශකයකු විය. ඔහුගේ Adventures of Huckelberry Finn පොත ඇමෙරිකාවේ ශේෂ්ථ නවකතාව ලෙස පිළිගැනේ. විලියම් ෆෝල්ක්නර් වරක් ඔහු ඇමෙරිකානු සාහිත්‍යයේ පියා ලෙස හැඳින්විය.

  • කාලීන සංවාද

    අදින්නාදානා නෝ ප්‍රොබ්ලම් කරන මොක්පුර නොදුටු දෙව්දත්ලා

    0

    ලංකාවේ බුද්ධ ශාසනය විනාස කරන්නේ මුස්ලිම්වරුන් හෝ කතෝලික පල්ලිය හෝ ක්‍රිස්තියානි මිෂනාරීන් නොව දේශපාලනයෙන් අන්ධවූ අමන චීවරධාරීන් විසින් බව යලිත් වරක් තහවුරුවී තිබේ. මේ වතාවේ මේ අමනයානන් වහන්සේලා අදින්නාදානා ගැටලුවක් නොවන බව කියන්නට උත්සහ කරන්නේ සිවුරුත් ඇඳගෙනය.

  • කාලීන සංවාද

    ලඟ එන ප්‍රාදේශීය සභා චන්දයේ ජය කාටද ?

    0

    ලිපියේ මාතෘකාවේ ප්‍රාදේශීය සභා චන්දය යනුවෙන් සඳහන් වුවද ඇත්ත වශයෙන්ම මා අදහස් කරන්නේ පළාත් පාලන චන්දයයි. එයට ප්‍රාදේශීය සභා මෙන්ම නගර සභාද අයත් වෙයි .බොහෝ විට මෙම මැතිවරණය ලබන ජනවාරි මස පැවැත්වීමට ඉඩ තිබේ. මේ ලිපියේ සලකා බලන්නේ උතුර සහ නැගෙනහිර හැර අන් ප්‍රදේශයන්ය.ඒවායේ වැඩි වාසිය අත්වන්නේ දෙමල ජාතික සන්ධානයට සහ මුස්ලිම් කොන්ග්‍රසයටය. අනෙකුත් ප්‍රදේශ…

  • අතීතකාමය, විශේෂ

    පෝතක බාලදක්‍ෂයා

    0

    නාලන්දා විද්‍යාලයේ පෝතක බාලදක්‍ෂ සංගමයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මම 1974 කාලයේදී පෝතක බාලදක්‍ෂයෙකු වූයෙමි. ඒ කාලයේ මම සිටියේ දෙක වසරේය​. මා සමග පෝතක බාලදක්‍ෂයන්ව සිටි සිසිර දාබරේ , සුනන්ත වික්‍රමසූරිය , හර්ෂ මෙන්ඩිස්, මනෝජ් නීලාංග , විරාජිත් ෂාමේන්ද්‍ර බොයිස් ,ජනක් චන්දිම සිරිතුංග ,ගැමුණු ජයසීල ආදීන් මට මතකය​. අප පෝතක බාලදක්‍ෂයන් වූ කාලයේදීම මැල්කම් මහතා විසින්…

  • කාලීන සංවාද

    ඔබේ දරුවා ජනප්‍රිය පාසැලකට ඇතුළත් කරගන්නේ කෙසේද?

    0

    සිරි ලංකාව නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් බව කුරුටුගාමීන්ද, පෙරටුගාමීන්ද, රතු සෙට් එකද, රට්ටුන්ද, පාලකයින්ද නිතර කියනා දෙයක්ය. හැබැයි ඒකත් හරියට අර රටේ නම වාගේමය. සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යැයි නම තිබුණාට මෙහේ ඇති රෙද්දේ සමාජවාදයක් නැත්තේය. ඇත්තේ සමාජ වද පමණි. මෙහෙ ඇති හැම දේම එහෙමය. ඇත්තේ නමට පමණි. නොමිල සෞඛ්‍ය සේවයක් කියා දෙයක් ඇතද…

  • කාලීන සංවාද, විශේෂ

    හිරේ යන එක මාර ෆන් ද? (රජයේ නිලධාරීන්ගේ විශේෂ අවධානයට)

    0

    කට කණේ ගෑවෙන තරමට පනාව දාගෙන අත් උස්සාගෙන හිරේ යන දේශපාලකයන් කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලට ය. ගෙවන වාට්ටුවලට යන අයත් සිටිති. හිරේ යන එක ෆන් වැඩක් නො වන බව එයින් ම පෙනෙනවා ය. හිරේ ජීවිතය ගැන හිතාගන්නට උවමනා නම් බැඳලා හදන බල්ලකුගේ ජීවිතය හිතින් මවා ගන්න. එය ඉතා කටුක ය. විශේෂයෙන් ම, වියපත් මිනිසුන්ට එය…

  • අතීතකාමය

    මේ දැන් අල්ලපු මාලූ – මාතර ඉඳන් ගෙනාපූ…

    0

    අපේ රටේ එක කාලෙක හරි අපූරු අධ්‍යාපන ඇමති කෙනෙක් හිටියා. ස්විමිං පූල් එකක වතුර ලෙවල් එක වැඩි කරන්ඩ මෙතුමා කරපු උත්සාහයක් ගැන ඒ කාලෙ පත්තරවල හෙම තිබුනා. ඒ වගේ අලුත් දේවල් ගානක් අත් හදා බලපු මේ ඇමති තුමාට ඕන උනා ලංකාවේ කැම්පස් වලින් පිට වෙන උපාධිධාරීන්ගේ ඉංග්‍රීසි හැකියාව වැඩි කරන්ඩ. එතුමා ඒකට කෙටි ක්‍රමයක් හොයා…

  • කාලීන සංවාද

    අනුනට සාර්ථකත්වය උගන්වන වංචනිකයන්

    0

    යුග ගණනාවක් පුරා සිය මුලික අවශ්‍යතා සපුරාගෙන සරලව දිවි ගෙවූ මිනිසා සංකීර්ණ ජීවන රටාවකට යොමු වුයේ කාර්මික විපලවයෙන් පසුවය. කාර්මික විප්ලවය මිනිසා වෙත බොහෝ පාරිභෝගික භාන්ඩ රැගෙන  ආවේය. මේ පාරිභෝගික භාන්ඩ වෙත ලොල් වූ මිනිසා ඒවා හැකි තරමක් තමන් සතු කරගැනීමට තරඟයකට එළඹුණි. එයටම සමගාමීව වැඩවසම් ක්‍රමය සහ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීම තුල මිනිසාට විශාල…

  • කාලීන සංවාද

    ලලිත් වීරතුංග ගෙන් රාජ්‍ය සේවය පාඩමක් ඉගෙන ගනියිද?

    0

    තිස් වසරක් ඇදීගිය ඊලාම් යුද්ධය නිමකිරීමට කැපවූ ප්‍රධාන චරිත තුනකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුධ ක්‍රියාන්විතයට දේශපාලන නායකත්වය ලබා දෙන විට ජනරාල් ෆොන්සේකා හමුදා නායකත්වය සැපයුයේය. යුද්ධයක් පවතින කාල වකවානුවක රාජ්‍යතාන්ත්‍රික පරිපාලනය අත්‍යවශ්‍ය සාධකයකි. එම රාජ්‍යතාන්ත්‍රික පරිපාලනයහි නියමුවා වුයේ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේඛම් වරයාය.  අප දන්නා පමණින් ලලිත් වීරතුංග යනු අති දක්ෂ රාජ්‍ය නිලධාරියෙකි….

  • කාලීන සංවාද

    ගබ්සාව ගැන(ම) නොවේ

    0

    ගබ්සාව ගැන මේ දවස්වල ඕනාවටත් වඩා කතා වෙනවා. ඒ නිසා ඒ ගැන කතා නොකර වෙනත් දෙයක් ගැන කතා කරන්නට හිතුවා . හැමදාම වගේ රෝහලේ විත්ති තුළින් රෝහලේදී අත්දැකීමට ලැබූ එක් සිදුවීමක් කියන්නම්.

  • විවිධාංග, විශේෂ

    සිත් සනසවා තිබුනලු බ්ලොග් වසන්තයක්………

    0

    හත් පා බිමේ ඉරු දින මල් සුගන්ධයක් සිත් සනසවා තිබුනලු බ්ලොග් වසන්තයක් අත් පුඩි ගසා සමරන්නෙමි මිනිත්තුවක් ඇත් තම කියමි සතුටකි මට අනන්තයක්