• දේශපාලන

    ජවිපෙන් ටයිම් පාස් කිරීම

    0

    මැතිවරණය විසින් සමාජයේ සියලූම සංවාදයන් අනුභව කර ඇති මොහොතක බුකිය තුළ ඇතිවී ඇති එක් තත්වයක් ගැන ලියන්න හිතුව. ඒත් මේ සංවාද විවාද හැම මගුලක්ම මැතිවරණයේ දිග පළලට සාපේක්ෂව බුකියේ එක්තරා කවයක අපේ ආතල් අපිට ආතල් පන්නයේ දෙයක් වුවද වැදගත්කම අඩුවෙන් නෑ. පහුගිය මැතිවරණයේ වගේම මේකෙදිත් ලිබරල් බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්නව දකින්න…

  • අතීතකාමය

    කොළපාට නිල්පාට වීම හා පීටර් මහත්තයාගේ නොමිනේෂන් කතාව

    0

    නවසිය අසූ ගණන් වල දී අද තියන ප්‍රාදේශීය සභාව එන්නට පෙර වෙන්නප්පුව සුළු නගර සභාවක් ලෙස පැවතුණි. සුළු නගර සභාව නැත්නම් ටවුන් කවුන්සිලයත් පක්ෂ පක්ෂ වල අය ඡන්ද තියා පත්වෙන කොට්ඨාශ කීපයකට බෙදා තිබුණු අතර, එදා ව ඒ ඡන්ද අද වාගේ වේදිකා අටවා, පක්ෂ නායකයින් ඇවිත් පච හලන හෝ අඩුම ගානේ පෝස්ටර් කටවුට් තාප්ප පොල්ගස්…

  • කාලීන සංවාද

    චන්දෙ දවසෙ රෑ…

    0

    ආයෙත් ළඟම ඡන්දයක් එන නිසා , ඉස්සර අපි ඡන්ද ප්‍රතිඵල අහපු සුන්දර කාලේ මතක් වුනා. මගෙ කුළුදුලේ ඡන්දෙ අහක ගියේ යෞවන කාලේ විප්ලවීය අදහස් එක්ක කතිරෙත් විප්ලවීයව භාවිතා කරපු නිසා.

  • කාලීන සංවාද

    පින්නවල අලි පෙරහැරේ නටවමුද ?

    0

    පන්සල් වල ඉම්න අලි ගැන පුදුම ආදරයක් තියන අය ඒ අලි කැලේ නිදහසේ හිටියානම් මොකද කියලා අහනවා. එහෙනම් සත්තු වත්තේ ඉන්න අලි ගැන කෝ කැක්කුමක්, උන් පෙරහැරේ නොගියට කූඩූ කරලා, ගැටගහලා අන්තිමට අලි නැටුම් නටවලානේ නවතින්නේ

  • බ්ලොග් නවකතා

    හද වෙණ සත්සර…21

    0

    යාළුවොත් එක්ක මේ ඇවිදින්න යන එකට අම්මානං එච්චර කැමතිවුණේ නෑ. රස්තියාදු ගහන්න පුරුදු වෙන්න එපා කියලා කෙළින්ම කිව්වා. පික්නික්, හයිකිං ගියාට තාත්තානං මුළදි මුකුත් කිව්වෙ නෑ. ඒත් කැම්පස් එකෙන් ටිකක් ඈත තිබ්බ පොඩි කැලෑවක අපි කට්ටිය ගිය ඇඩ්වෙන්චර් ටුවර් එකේ විස්තර කිව්ව දවසෙනං තාත්තගේ මූණත් ටිකක් හොඳ නැති වුණා.

  • කාලීන සංවාද

    සිරිසේන !

    0

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපූරු කතා ගොඩක් මෑත දිනවල කියනවා. රටේ මෑත කාලයේ බිහිවුණ වැනෙනසුළුම පාලකයා ඔහු. වැනෙනසුළු බව කිව්වේ ඔහු හිටං ඉන්නකොට වැනෙන එක ගැන නෙවෙයි. ඔහුට ස්ථීර අදහසක් නැහැ. තමන් හිටගත්ත තැන හිටගන්න බෑ. ඔහු වරින් වර තමන්ගේ අදහස් වෙනස් කරනවා.

  • සංචාරක හා ඡායාරුප

    රස්තියාදු ගැසීම, කොළ කැඳ, දෙල්, කළුවාමෝදර අවුරුදු උත්සවය, බිරියානි සහ ඩැනිස්ගේ සොමිය

    0

    අපි කොල්ලො කාලෙ වැඩිපුරම රස්තියාදු ගැහුවේ පොඩි මහින්දලගේ කඩේය. හරියටම කිව්වොත් පොඩි මහින්දලගෙ ගෙදරය. මුලින් මුලින් ඇල්බීනු මුදලාලිගේ කඩේ ළඟ රස්තියාදු වුනු අපි කණ්ඩායමම පොඩි මහින්ද කඩේ පටන්ගත්තාට පසුව එතැනට සේන්දු වුණේ කඩේටත් වඩා පොඩි මහින්දලගෙ ගෙදර ඉස්සරහ කාමරේ කුලියට අරගෙන පදිංචිවී රෙදි මෝලේ වැඩට ගිය ඩැනිස් නිසාය. අපට ඒ ගෙදර අපේ ගෙදර වගේ හැසිරෙන්නට…

  • සඳැස් / නිසඳැස්

    ව්‍යාකුල මී හරකාගේ කථාවස්තුව

    0

    සැදැවේ මඩ වලක් දුටුවෙමි – ගස් ගොමුවෙ මනරම් රැළි නගා මට ඉඟි කළා දිය – ගිලීලා බලපන් එත් ඈතින් වල අයිති මහ – නැඩා දුටුවෙමි මං මග හැරලා වල ඉවත ඇදුනෙමි -ඌට සුබ පතමින්

  • කාලීන සංවාද

    අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ

    0

    ගිය පෝයට පායපු හඳ බැලුවද? වැහි මංදාරන් ගතිය හිංදා හරියටෝම බලන්ඩ බැරි උනත් මට නං හිතුනේ ජනවාරි මුල පායපු හඳ මීට වඩා ලොකුවට තිබ්බා කියලයි. පෝය දාට හරි, ඊට පස්සේ දවසේ හරි හඳ පායන දිහා බලන හුඟක් දවස් වලට මට මතක් වෙන සුන්දර සිදුවීමක් තියනවා. ඒ තමයි මම දැකල තියන ලස්සනම හඳ.

  • විවිධාංග

    හොද්දට ලුණු ඇඹුල දමන පදම ඉගෙන ගනින් දුවේ / පුතේ

    0

    මා නිදහස් චින්තනය කෙතරම් ඇලුම් කල ද, සෑමවිටම මගෙ අදහස වූයෙ ගතානුගතික නොවීම යනු සාම්ප්‍රදායිකව බලාපොරොත්තු වන දෑ නොහැකි නිසාවෙන් එය වහගන්නට යොදා ගන්නා රෙදි කඩක් නොවිය යුතුය යන්න ය. සාම්ප්‍රදායික ගැහැණියගෙන් බලාපොරොත්තු වන දේ වල කිසිඳු වරදක් මා නොදකින අතර වරද මා දකින්නෙ ඒව ගැහැණියගෙන් පමණක් බලාපොරොත්තු වීම තුල ය. නැතිනම් තමන්ටම කෑම වේලක්…

  • ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

    හබරළ යාය, සයිබර්යාය, නෙළුම් යාය හැර තවත් යාය වල් ඇත්ද මහරජ

    0

    පහුගිය දවස් වල ඊමේල් සෑහෙන ප්‍රමාණයක් ලැබුන යාය උළෙලක් ගැන අහල . ඒ වගේම මෙසෙන්ජර් එකෙනුත් සමහරු ඇහුව. ජනවාරි මාසෙත් අවසාන වීගෙන යන නිසා වෙන්න ඇති.

  • කාලීන සංවාද

    අන්න ගන්නවානම් මළ ගෙවල් ! Not the length but the depth of life what matters..

    0

    සංසාර ගමන කෙසේ වෙතත් මේ කොලොම්පුරේත් ඉන් ඔබ්බටත් දුව දුව ජිවිතේ හොයන මේ ගමනේදීම අපිට හමුවෙන විවධ පුද්ගලයින් හා ඔවුන්ගේ චර්යා අධ්‍යයනය කරන එක ආයේ අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕනි නැති මගේ එක්තරා විනෝදාංශයක්.. යෙදිලා හිටි හා ඉන්න රස්සාවල හැටියට රට පුරාම ඇවිදින්න ලැබීමත් නා නා ප්‍රකාර මිනිසුන් ඇසුරු කරන්න ලැබීමත් නිසා මේ විනෝදාංශය ලේසියන්…

  • කාලීන සංවාද

    සුරාව, චින්තන ධර්මදාස හා අජන්තා රණසිංහ

    0

    පසුගිය දිනවල මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ මූලිකත්වයෙන් යුතුව මත්පැන් සම්බන්ධව කාලයක් තිස්සේ තිබුණු කාන්තාවන්ට වෙනස් ලෙස සලකන නීති වෙනස් කරන්නට පියවර ගැනුණා. එයට ජනාධිපතිවරයා මැදිහත් වී ඒ නීති සංශෝධන ආපසු හරවන ලද අතර, දැන් එය අධිකරණයට ගිය මානව හිමිකම් නඩුවක් වී තිබෙනවා.