අධ්‍යාපනික, සංචාරක හා ඡායාරුප

නොන්කායි රෑ Night at Nongkhai

0

රුපියල් දාහක් තිබ්බා කවුන්ටරේට. දාහම ඒගොල්ල තියාගත්තා. කාමරේට පන්සීයයි ඉතුරු පන්සීය ඩිපොසිට් එක. මෙතන ඉඳලා එක කතාවක් මිස් වෙනවා. ඒක ලියනවාද නැද්ද කියලා හිතනවා. ඒත් ඒක නොලියා ඉන්න එක සනීපෙට හොඳයි වගේ.

දැන් ඉතින් බස්වල වෑන්වල ඇවිල්ලා මහන්සි ඇති කියලා මට හිතුනා. ඒ නිසා වොශ් එකක් දාගෙන ඉද්දි අර තුන්වෙනි ජෙන්ඩර හිමීට කාමරේට ආවා. පොර අමු කඩ්ඩෙන් ඌ තුන්වෙනි ජෙන්ඩරය උවමනා නම් කටටත් ගන්න හැකිය කියලා කිව්වා. ක්රෑක් තුහ් යකෝ. මොකා උනත් කොල්ලෙක් නේ. මම නිකමට ඇහුවා මසා ගැන. මසාාජ් කෙල්ලෙක් කාමරේට ගෙනත් දෙන්නම් බාත් පන්සීයයි කිව්වා.

කෝල්කලා. කෝල්කලාම පන්සීය තමයි මසා එකේ ගාන අමතර සේවා ගැන එයාල දන්නෑ එන අය එක්ක කතා කරගන්න කිව්වා. ඒවායේ පයිසුත් ඒ එන අයම තමා දන්නෙ කියලත් කිව්වා. කොහොම වටෙන් ටෝක් කලත් මුන් ගාන කියන්නේ නැහැ සම්පූර්ණ වැඩේට.

පස්සේ මම කැරකි කැරකි ඉන්නකොට ආයේ අර තුන්වෙනි කේස් එක ඇවිත් කොන්ඩොම් ඕනිද කියලා ඇහුවා. ආයේ කවුන්ටරේ දිහාට ගියා. ඒ කිව්වේ රිසෙප්ශනිස්ට් කවුන්ටරේට. ගියාම ඒකේ හිටපු රිසප්ෂන් කෙලී තුන්වෙනි ජෙන්ඩරයාගෙන් උගේ අතේ තිබ්බ කොන්ඩම් පැකට් එක ඉල්ලුවා. සිරා. ඒකේ කොන්ඩොම් 1 යි තියෙනනේ. තුනක් තියෙන්නෙපෑ. ඒ ගමන එ්කි කොහෙද ලාච්චුවක් ඇදලා තව කොන්ඩම් තුන හතරක් දුන්නා. බෝඩිමෙ ඇන්ටි ඒ කොන්ඩම් ටික ඕක්කොම බෑග්එකේ දාන් ආවා ගෙනාපු එක බෑක් එකක එක පොකට් එකක ඇති.

කොන්ඩම් ටිකට උන් බාත් පනහක් ඇද්දා. සමහර විට ඒක ගාන වෙන්න ඇති. මසාජ් කෙලී ආවා මසාජ් එක සුපිරියට දැම්මා. අමතර සේවාවනුත් තිබුනාද දන්නේ නැහැ ඉතින්.

මීකොන් ගඟබඩ

මීකොන් ගඟ තමයි තායිලන්තේ මේ පැත්තේ මායිම වෙනනේ. මීකොන් ගඟෙන් එහා ලාඕසය. මේ ලාඕසයට යන්න පුලුවන් තායි වීසාවලින්ම ඒත් මම ඒක එච්චර හිතුවේ නැහැ. මොකද මට තියෙන දවස් දහයට ඇවිදින්න තායිලන්තය ඇති කියලා මට හිතුනා. අනික බෝඩර් චෙක් පොයින්ට්වල වාත වෙලා ලාඕස් යෑමට අදහසක් තිබුනේ නැහැ.

මීකොන් ගඟ ආසන්නේ හොඳට හදලා තියේ තායි පැත්තේ. ලාඕස් පැත්තේ ඒ තරම් ලස්සනක් නැහැ. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර පලල ගගක්. වතුර ටිකක් අඩුයි. ගං ඉවුර කෙළවකරක තියෙනවා ලස්සන සෑයක්. ඒක ලස්සන එකක්. ඒ සෑය ගාවම වගේ ගඟ මැදත් තියේලු මොනා හරි පූජා ස්ථානයක්. මම ඒකට ගියේ නැහැ. සෑය බලලා වැඳලා පුදලා ආවා.

එදා සෑ…
රාත්‍රිය මනරම් කියා
සඳට තරුවට දුක කියා
මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා

කියල පසන් ලියනගේගේ අඩන සිංදුවක් තියෙනවා. රාත්‍රිය ලෝකේ කොහෙ හිටියත් අපි ඉන්නේ එකම අහසක් යට. පේන තරු පේන හඳ පලුව වෙනස් වුනත් අවුරුද්දේ මොන කාලෙකදි හරි අපි එකම තරු සෙට් එක ලෝකේ කොහේ හරි ඉඳන් දකිනවා. රෑ අහස නොන්කායි ගං ඉවුරට නම් අරං එන්නේ ලස්සන පසුබිමක්.

නොන්කායි ගං ඉවුරේ එහා පැත්තේ ලාඕසය. මේ පැත්තේ ඒ කියන්නේ තායිලන්තේ පැත්තේ දිගට දිගේ තියෙනවා කිලෝමීටර ගානක් දිගට ලස්සන පේමන්ට් එකක්. පේමන්ට් කිව්වට හොදට හදපු ගං ඉවුර තමයි තියන්නේ. මේ අසල පාරෙත් මේ ලොකු පේමන්ට් එකෙත් එක එක වැඩ වෙනවා.

ලස්සන කෙලි නැට්ටියෝ ටිකක් ලොකු සෙටප් එකක් අරං ඇවිත් එකේ මියුසික් දාගෙන ඇරොබික්ස් පුරුදු වෙනවා. අපේ රටේ වගේ ටැක්සි රියදුරෝ දෙන්නෙක් පැත්තක පොඩි බයිට් එකක් එක්ක ලාවට බාගයක් ක්‍රියා කරනවා. ඩබලක් මටත් කතා කලා. මගේ මොකක් හෝ කරුමෙකට මට තායි බස බැහැ. යන්න කලින් තායි ඉගෙනගන්න තැනක් බැලුවත් හරිගියේ නැහැ. ඉතින් තායි බැරි මම උන් එක්ක මොනවා කතා කරන්නද ? හැබැයි උන් හොඳ මිනිස්සු. මගෙන් සිගා එකක් ගහනවද සොට් එකක් ගහනවද කියලා ඇහුවා. ටැක්සිකාරයෝ ඩේන්ජර්. ඒත මම හිතන් නෑ උන් දෙන්නා එහෙම උන්ය කියලා.

නොන්කායි උන් කෑමට බීමට දක්ෂයි. රෙස්ටොරනට් හැමතැනම. ගං ඉවුර දිගට රෙස්ටොරන්ට්. ඒවායේ සමහරක මේස විතරක් පනහක් හැටක් තියේ. අපේ ගෝල්ෆේස් කියන්නේ ලංකාවේ අගනගරයේ තියෙන ඒ වගේ තැනක්. හැබැයි ගෝල්ෆේස් පහක විතර තියෙන කඩ මේ එක තැනක තියෙනවා. පුදුම කෑම වර්ග තොගයක්.

ඇවිදන් යනකොට බාර් සෙට් වෙනවා. ඒවායෙ කට්ටිය බොනවා. ඒ අතර මියුසිකල් ෂෝ තියෙන බාර් එහෙමත් තියෙනවා. පිරිමි, විශේෂයෙන් විදේශිකයින් එනකල් ඒවා ඇතුලට ඇවිත් බොනකල් බලාගෙන ඉන්න ලලනාවෝ සුලබ නැහැ. ඒත් වරක් බැලුවාම එහෙම උන් නැත්තෙත් නැහැය කියලා පේනවා. ඔක්කෝම බැලුවම නොන්කායි ගං ඉවුර රෑට හැපනිං තැනක්. සමහර බාර් එකක සෙනඟ පිරිලා. මොකෙක්දෝ සිංදුවක් කියනවා. ඩ්‍රමාලා ගිටාරිස්ට්ලා සංගීතෙත් දෙනවා.. ඒ අස්සේ සුද්දෝ සුද්දියොත් ඉන්නවා. මේ ඔක්කෝම ගං ඉවුර දිගේ ඇවිදන් යද්දි පේනවා.

කෑම

ඇවිදන් ගිහින් ගිහින් එක තැනක නැවතුනා. ඒක අමුතු විදියෙ කෑම වේලක් තියෙන තැනක්. අපිට අමුවෙන් ඔක්කොම දෙනවා. තව ගල් අඟුරු වගේ ගිනි උඳුනකුත් දෙනවා මේසේ උඩට. ඉන් පස්සේ හිමින් හිමින් හදාගෙන කන්නයි තියෙන්නේ.

එකපාර සුප්, නූඩ්ල්ස්, තම්බපු එලෝලු, සහ බාබකිවු හදාගන්න පුලුවන් මේ මෙව්වා එකේ. මට තායි බෑ. ඒ ගමන ඒ රෙස්ටොරන්ට් එකේ උන්නා පොඩි එකෙක්. ඌ ඉන්ටර්නැශනල් ස්කූල් යන 6 වසරේ වගේ ඇච්චෙක්. ඌට කඩ්ඩ පුලුවන්. පොර ඇවිත් මට ස්ටෙප් බයි ස්ටෙප් කියා දුන්නා කෑම හදාගන්න හැටි. මුලින්ම ඌරු මස්වල තියෙන තෙල් කෑල්ලක් ගාගන්න ඕනි බාබකිවු කරන ප්ලේට් එකේ. මොකද නැත්නම් ඇලෙනවා. ඉන් පස්සේ හෙමීට හෙමීට අනෙක් දේවලා දාන්න ඕනි. ඒ එක්කම බියර් එකකුත් ගත්තා. බියර් එකත් සයිඩ් එකෙන් ගහනවා. ඒ අතර කෑම ටික හදාගෙන කනවා. සෝස් පාරකුත් වතුර එහෙමත් ලැබුනා.

මගේ වීඩියෝ එකක මම රෙකෝඩ් කරගෙන ඇති ඒ කෑම ගැන වීඩියෝවක්. ටිකක් විතර මිලයි. ඒත් ඒ කෑම මැක්සා. හැමදෙයක්ම ෆ්‍රෙෂ් නේ. තම්බන්න තියෙන එලෝලු පලා වර්ග ආදිය පවා අලුත්පිට තියෙනවා. මස් උනත් එහෙම. මස්වල තෙල් කෑලි නැහැ.

වේටර්ලා සහ කඩේ උන්දැලා මාව ඇඳින්නුවේ ශ්‍රී ලංකන් කියලා. පොඩි එකා ඇවිත් මට කියල දීල අවසානේ ඉෆ් හූ හෑව් අ ප්‍රොබ්ලම් ප්ලීස් හැන්ස් අප් කියලාත් කියලා ගියා. මට එහා පැත්තේ ටේබලේක ඩබලක් බොනවා. උන් බෝතලයක් ගහනවා. ඒත් වෙරිපිටම කෑමත් හදාගෙන කනවා. බයිට් එකට මරු ඉතින්. බාබකිව් ඌරුමස්, බොයිල් වෙජි එවෙලෙම ලැබෙනවා . සුප් පාරකුත් ඇදත හැකි නේ.

කෑම කාල ඉවර වෙලා අයෙත් පොඩි රවුමක් ගහලා මම යන්න පිටත් වුනා.

එදා රෑ ඌරුමස් බාබකිව්, නූඩ්ල්ස් සුප් ආදී මික්ස් එකත් එක්ක බඩ උල් වෙන්න කෑවා. ඉතින් සැපටම නින්ද ගියා.ලැප්ටොප් එක අරන් ගියේ විස්තර ආදිය ටයිප් කරන්න හිතාන. ඒත් ඉතින් ගිහින් හොදට කාල බීල රෑ වෙන්න ආවාම ඒවා මතක නැති වෙනවා.

උයාගෙනම කන්න තිබුන ඇටවුම

හිතවත් වූ යුවතියක්

සොසේජස් වේලන අයුරු

අලංකාර පංසලක්

හදාගෙන කෑමට ලැබුන එලවලු

මකරෙක්

අන්සතු දිනපොත

නොන්කායි දක්වා

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල