සංගීතය, සඳැස් / නිසඳැස්

පිදුම -ඇයට

Off

මේ සටහන
ජීවිතය විඳින විඳවන
තම ජීවිතය සුරතින් දරාගත්
කෙනෙකුට
අදාළ කළ හැක්කක් ද යයි
නොදනිමි

එහෙත්, අර්බාත් වීදියේ
දිනෙක හිම කිරමයක
සීතල රස විඳගත්
රතු දෙතොල හිමි සුන්දර යුවතිය

දැන හඳුනා ගෙන ගතවූ
සුන්දර අතීතය
පිළිබඳ මතකය
සිතෙහි නොවෙනස්ව
රැඳී ඇත

ක්‍රෙම්ල්හි තාප්පය පහල උද්‍යානයේ
සීතල වැස්සේ කුඩයක් ඉහලාන
තුරු ලතා අතර ඇවිද්දා මතකද
මා මත වැසි පොද පතිත වන හෙයින්
ඔබත් කුඩය හැකිළුවා මතකද
තෙමෙන්නට එකම වැස්සේ

“යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද” යයි
මා ඇසූ ගීයක තිබුණි
නමුදු වැස්ස යළි යලිත් පැමිණ
තාප්පය පහළ තුරු ලතා සිඹිනු ඇත
නැත්තේ අප පමණි

වෙනස් වන ලෝකය
ඔබට කුරිරු වන්නට ඇත
අපට අතපසු වන දේ
තවකෙකුගේ නිර්දය ලැබීමක්
බව වටහා ගන්නට
ගතවූ කාලය
නැවත හැරවිය නොහැකිය

එහෙත්, ඒ කෙටිම වූ
මුත් සුන්දරම වූ කාලයක
පතිනියව කෙනෙකුගේ
ජීවිතය රසවත් කළ

ඔබ අද නොසිටිය හැකිවද
ඔබේ මතකය ජීවත්වනු ඇත
ඔබ වෙනුවෙන් ඉඩක්
මිහිතලය මත වෙන්
නොවන්නට ඇතත්…

අකුරු කිහිපයක ඔබ
තවත් කාලයක් රැඳෙනු ඇත

දයාබර නතාලියා

ප්‍රශස්ත ගායක අමරසිරි පීරිස් ගයන මේ ගීතය වනාන්තරයකට වැටුණු වැසි පොදක් ගැන යැයි දනිමි.

ප.ලි.
සෑහෙන කාලයක් තිස්සේ ලියූ කතාවක අවසානය තවත් ඉතිරිව ඇතත් මේ පිදුම පසුගිය පරිච්ඡේදයක් හා සබැඳෙන බව ඔබට වැටහෙනු ඇත.

කොළඹ ගමයා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල