අතීතකාමය, විවිධාංග

නොස්ටලොජියාවක මතක | Memories of Nostalgia

Off

මං වෙනදා වගේම ටෝච් එකයි වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි, ඊටත් වඩා බඩගිනියි. ඒත් මොනවා කරන්නද ? මං හැමදාමත් වගේ මේ වෙලාවට කරන්නේ වෙපන් එක පරිස්සම් වෙන විදියට, කාටවත් ගන්න බැරි විදියට අතේ තියාගෙන ටෝච් එකත් සාක්කුවට දාගෙන ඈත අහස දිහා බලාගෙන කල්පනා කරන එක. ඒක ටයිම් පාස් කරන්න මාරම කික් එකක් දෙනවා. ඒ වගේම ගතවෙන දවස් ගැන පොඩි සෙල්ෆ් රිවීව් එකක් ගන්නත් මරු චාන්ස් එක.

ඉතිං හැමතිස්සේම ඒ අතීතට මතක් කරද්දි ඒ මොමන්ට් එකට, ඒ මෙමරි එකට සෑහෙන ලොකු ඉඩක් වෙන්කරලා තියෙනවා මගෙ මතකය ඇතුලේ. ඇයිද කියලා මං දන්නෙ නෑ හරියටම. ඒත් ඒක හරිම නෙස්ටොලොජික් ඉමෝෂන් එකක්.

දීප්තිමත් ආලෝකයක් එක්ක පොයින්ට් එකේ පැත්තකින් මතු වෙච්ච කාර් එකක් කට්ට කලුවර කපාගෙන වේගයෙන් ඇතුලට යන්නේ අවට පරිසරයෙ තිබ්බ පාලු මූසල ගතිය කුඩු කරගෙන. ම්ම්… වෙලාව පාන්දර 1ට විතර ඇති. ඒත්, මට බෑ ඒක හරියටම කියන්න. මොකද මං ලග ඔරලෝසුවක් නෑ ඒත්… හැමදාම වගේ මේ වෙලාවට තමයි ඒ වාහනේ යන්නේ ඩියුටි පොයින්ට් එක පහුකරගෙන. එතනත් කරෙක්ෂන් කරන්න වෙන තැනක් තියෙනව. හැමදාම කිව්වට දවසක් ඇර දවසක් වගේ තමයි මං දකින්නෙ.

“ඇදෙන් බහින්න එපා මාස තුනක් යනකං. ඊට පස්සෙත් රෝද පුටුව යූස් කරන්න වෙයි” ඩොක්ටර් කිව්වෙ නං එහෙම. ඒ මීට අවුරුදු 10 කට කලින්. කාලය ගතවෙච්ච වේගය. හෙට උදේ පාන්දර ඇහැරිලා වත්ත වටේ දුවන්නත් එපැයි වට 10ක් විතර. ඒ වේදනාව මතක් වෙද්දිත් පපුව හෝස් ගාලා යනව. ඒත්, මං හිත හදාගන්නෙ හරිම බොළද විදියට. හැබැයි ඒකත් සාර්ථකයි. පිටිපස්සෙන් පොලු අතේ තියන් පන්නද්දි, නිදිමතයි මහන්සියයි එක්ක සීතල සරදම් කරද්දි, මං ගුටි නොකා මරබියේ දුවනව නෙමෙයි දිව වෙනවා. ඉතිං මං බයික් එකක් ගැන මනෝ පාරක් ගහන් අනිත් උන් අස්සෙන් ඉස්සරහට යනව. නෑ… යැවෙනව! පොයින්ට් එකේ මගෙ තනියට මගෙ ඇද බඩියත් ඉන්නව ගොඩක් දවස්වලට. ඉතිං අපි දෙන්නා ගොඩක් දේවල් කතා කරනවා. කෙල්ලො ගැන, වාහන ගැන, ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන එහෙම. ඒ කතා ඇදිලා යනවා පැය ගාණක්. ඉතිං ඒ තරම් සැනසීමක් නැති තරම් ඒ කටුක ජීවිතයට.

මං ආයෙත් ඈත අහස දිහා බලනව.අපි මේ තාප්ප වලට වටවෙලා. මෙතතින් එහා ලෝකය කොච්චර නිදහස් ඇතිද, මං කල්පනා කරනව. ලංකාව කියන රටට මොනව වෙලා ඇත්ද? අපිට කිසිම නිව්ස් ස්ටීම් එකක් එන්නෙ නැහැ. ඉදල හිටලා ගෙදරින් එන ලියුම මිසක්. ඒකත් දැන් මතක් කරද්දි හරිම රහ අත්දැකිමක්. ඇදට වාරු වෙලා ලියුමක පිටුවක් ලියලා ඉවර වෙද්දි ඒකෙන් බාගයක් බොද වෙලා, කදුලු වලටම. මාසෙකට විතර පස්සෙ එන ලියුම එනකං හැමෝම බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් අපි කොච්චර දුක් වින්දත් ඒක කාටවත් කියන්නෙ නැතිව ඉන්න හරිම මහන්සියක් ගන්නවා. ඉතිං එහෙම ඉන්න මට හයිය දෙන තව ගොඩාරියක් ලොකු හේතුවක් තියෙනවා. ඒ මොකක් කියලද ඔයා හිතන්නෙ ?

මලියගෙ සටහන්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල