කාලීන සංවාද, දේශපාලන

ත්‍යාගශීල්න්ගෙන් ගසා කෑම හා ලීනියර් ඇක්සලරේටර් මාෆියාව

Off

ලීනියර් ඇකසලරේටර් සම්මාදම් මාෆියාව ගැන යමක් සොයා බැලූ ආන්ඩුකාර මා හිතවත් රජිත් කීර්ති තෙන්නකෝන් ට මුලින්ම ස්තූතිය පුද කළ යුතුය.

මොහු මේ ගැන සොයා බලා කරුණු වාර්ථා කරන්නේ සෞඛ්‍ය බලධාරින් හා සම්මාදන් කාරයෝ කට පුක වසාගෙන සිටියදි වීම ඊට හේතුවයි.

ඔහු කියනාකාරයට කරාපිටිය රෝහලට ලබා දුන් යන්ත්‍රය අද වන තෙක්, වසර හතරක් පුරා ගෙනා ආකාරයටම පැකින් පිටින් එහෙම්මම තියෙනවාය.

දැනගැනීමට ඇති ආකාරයට මහරගමද මෙවන් යන්ත්‍ර දෙකක් ගෙනා අතර ඒ සදහා විශේෂිත ගොඩනැගිලිද සාදා අවසානය.

කරාපිටිය බලධාරින්ගෙන් විමසූ ආන්ඩුකාරවරයාට ඔවුන් කියන්නේ, විශේෂිත ගොඩනැගිල්ලට විදුලිය සපයා නොමැති නිසා යන්ත්‍රය සවි කිරීමට නොහැකි වූ බවකි.

වාර්තාවනාකාරයට තවත් මෙවන් යන්ත්‍ර දෙකක් මඩකලපුව හා යාපනයට සපයා ඇති අතර ඒවායේ තත්වය කුමක්දැයි කියා වාර්ථා නොමැත.

මෙයින් පැහැදිලි වන කරුණ නම්, ඉතා ඉහළ මිළක් පෞද්ගලික රෝහල් වලට ගෙවීමට සිදුවන නිසා., වෛද්‍යවරුනට මෙන්ම නිළධාරින්ටද හොද ගතමනාවක් පෞද්ගලික රෝහල් වලින් ලබෙනා බවය.

මන්ද මහා ලොකු වෛද්‍ය සංගමය මේ වන තෙක් මේ ගැන වචනයක් කතා කර නොමැති අතර, සෞඛ්‍ය අමාත්‍යංශයද කටක් හොලවා නැති නිසාය.

මේ සම්මාදම් කරන උන්ගෙන් අපට ඇසීමට ඇත්තේ මේවාය..

* මහරගම දැනටමත් යන්ත්‍ර දෙකක් ඇති බව ඔවුන් නොදන්නේද?

* නැවතත් යන්ත්‍ර ගෙන්වන්නෙ කව් ද?

* ඒවා මිළදී ගැනීමට හා පරීක්ෂා කිරීම සදහා යන්නේත් දායක මුදල් වලින්ද?

* යන්ත්‍ර ගෙන ඒමට පෙර ගොඩනැගිලි හා යටිතල පහසුකම් සම්පූර්ණ කළ නොහැකිද?

* ඒවා සදහා නැවත සම්මාදම් කරන්නේද?

* ගෙන්වා ඇති යන්ත්‍රවල වට්නාකම මෙන් හතර ගුණයක් ගෙවා ඇති බව දන්නවාද?

* යන්ත්‍රයක් කෙලින්ම මිළදී ගන්නේ නම් ඒ සදහා වැය වන්නේ ඉතා සුළු මුදලක් නේද?

* මේ සදහා විදේශාධාර ලබා ගැනීමේ මගක් ඇත්තේම නැද්ද..?

* ඩෙංගු මර්ධනය සදහා එසේ ලැබුනු විදේශාධාර වලට සිදු වූයේ කුමක්ද?

* සම්මාදම් මුදල් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගිණුමකට බැර වන බව ජනතාවගෙන් වසං කළේ ඇයි?

* මේ ගිණුම් පිළිබද නිසි විගනනයක් සිදුවන්නේද?

* නිස කළමනාකරණයක් සිදු නොවනා තැනකට තවත් යන්ත්‍ර ගෙනාවත් සිදු වන්නේ මේ ක්‍රියාදාමයම නොවේද?

* ත්‍යාගශීලී ජනතාවගේ සංවේදිතාවය මෙන්ම පිලිකා රෝගීන් මෙසේ අතරමං කළේ ඇයි?

මේවාට නිසි පිළිතුරු කවුරුන් හෝ ලබාදෙන්නේ නම් එය ත්‍යාගශීලී ජනතාවට මෙන්ම රෝගින්ටද කරනා මගගු සද්කාරයකි.

මාතලන්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල