සඳැස් / නිසඳැස්

මව් ගුණ ගීත ……….

Off

පියගුණ ගී කලින් පොස්ට් එකේ දාපු නිසා මේ ගමන මව් ගුණ ගී ටිකක් දාන්නම්. කලින් එකේදී මම ඉල්ලා හිටියා පොස්ට් එකේ නැති සින්දු මතක් කරන්න කියලා. බලමු මේ පොස්ට් එකේදී වත් මතක් වෙයි ද කියලා. මව් ගුණ ගී නම් පොස්ට් කීපයක් දාන්න වෙයි වාගේ ….
01-ආදරයේ උල්පත වූ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ…
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී…

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා…
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා…

ආද‍රයේ උල්පත වූ…//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා…

ආදරයේ උල්පත වූ…//

ගායනය හා සංගීතය -වික්ටර් රත්නායක
ගී පද- ප්‍රේමකීර්ති ද අල්විස්
මෙතැනින් අහන්න
02- මිහි මඬලේ අඳුරු කුසේ

මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
පර සම්පත අම්මා…

සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා..
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා…

මිහි මඬලේ අඳුරු කුසේ…

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා…
උදා ගිරෙන් ලොවට අදින..
ලහිරු මඬල අම්මා…

මිහි මඬලේ අඳුරු කුසේ…

ගායනය : නන්දා මාලනී
පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
මෙතැනින් අහන්න

03- සියක් ආයු ලැබ

සියක් ආයු ලැබ – මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් – ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා

මහා පොළොව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මංපෙත හෙළි කළ
පහන් ටැඹක් වේවා

ගායනය : ටී.එම්. ජයරත්න
පද – රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය – එච්.එම්. ජයවර්ධන
මෙතැනින් අහන්න
04- කඳුළු හෙලා නෑඹිලියට

කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා

ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා

දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා

පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: බන්ධුල විජේවීර
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
මෙතැනින් අහන්න
05 – කසාවත ගත දැවටි

කසාවත ගත දැවටි ඇති මට
නුඹේ මළ ගමදී
වටා පතගෙන නුඹේ ගුණ කඳ
කියනු බැහැ අම්මේ//

සියක් මවු ගුණ කියා ඇතිමුත්
සෙනෙහේ සිතුවිල්ලෙන්
බිදක් නුඹේ ගුණ කියනු කොහොමද
නෙතග කදුළැල්ලෙන්…//

කසාවත ගත……..

පෙරුම් පිරුවත් සසර කතරෙහි
යළිත් හමුවේ නම්
නිවන් දක්නට එක්ව පැතුමක්
පතන්නම් සෙනෙහෙන්…//

කසාවත ගත……..

ගායනය – ටී.එම්. ජයරත්න
පද රචනය – කැටවල බුද්ධසිරි හිමි
සංගීතය -අශෝක කොවිලගේ
මෙතැනින් අහන්න

06 – කරුණා සුවඳ තවරාලූ

කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
ලේ කිරි කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචිකාලෙ දණ ගාගෙන යන විට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන්කරලා
ඔවදන් දුන් අම්මේ
මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
බඩගිනි වීලා හැඩු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්නලා මට
මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩගහලා
පුතා කියූ අම්මේ
ඔබ මතු බුදුවී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ……….

ගායනය – නිහාල් නෙල්සන්
ගී පද – කොලින්ස් අලුත්ගේ
මෙතැනින් අහන්න

07- දවසක් පැල නැති ‍හේනේ

දවසක් පැල නැති ‍හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ‍ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කළුකරගෙන
මුහුදු හුළඟ හඬලනකොට ‍
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ

ගායනය /සංගීතය – ගුණදාස කපුගේ
පද රචනය – රන්බණ්ඩා සෙනෙවිරත්න
මෙතැනින් අහන්න

08- වෙහෙරක් වගේ

වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා….

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා….

කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගගුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මා….

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
ගී පද -පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
මෙතැනින් අහන්න

09- සොම්නස හෝ සන්තාපය

සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා නිමකට පිළිරුව අම්මා

ආදරයේ බලමහිමේ රතු ලේ සුදු වූවා
මෑණිය ගේ සෙනෙහසිනේ රට ජාතිය හැදුවා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

පාවෙන සුළගේ සිසිලස මවමින් පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පුජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන්කැට මේවා ඕනේද ඕනෑ නෑ ළග අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

ගායනය / සංගීතය -සුසිල් පේ‍්‍රමරත්න
ගී පද – සරත් විමලවීර
මෙතැනින් අහන්න

10- ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැනනින්දේ හීන දකින්නේ
මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ

ගමට කලින් හිරු….
වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා

ගමට කලින් හිරු….

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
ගී පද /සංගීතය – සුනිල් දයානන්ද කෝනාර
මෙතැනින් අහන්න

උපුටා ගැනීම – http://sinduano.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල