විද්‍යා ප්‍රබන්ධ

යුද්ධය විසින් සොල්දාදුවන් තුල ඇති කරන ලද පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය පිලිබඳ අධ්‍යනය

Off

මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට පසුව ඇතිවන්නකි.

අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයක් හුවා දැක්වූ දීර්ඝතම යුද්ධයක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර වූ සටන හැඳින්විය හැකිය. ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ වෛරය හා කෲරත්වය කුළු ගැන් වූ මේ යුද්ධය මිනිස් ජීවිත 75000 කට වඩා බිළිගන්නා ලදුවාට අමතරව ඊට ඍජුව සම්බන්ධ වූ හමුදා සෝලදාදුවන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට සේම සිවිල් වැසියන්ටද අතිශය දරුණු ව්‍යසනකාරී ක්ලමථ තත්ත්වයන් ඇති කළ ප්‍රපංචයක් විය. යුද්ධයට ඍජුව සම්බන්ධ වූ හමුදා භටයින් හා එල්.ටී.ටී.ඊ. සොල්දාදුවෝ ශාරීරික මෙන්ම මානසික වශයෙන් ද තුවාල ලදහ. යුද්ධය නිසා ලාංකීය සමාජය තුළ සිදු වූ දෙදරීම සුළුපටු නැත. එබැවින් යුද්ධය නිමාවකට පැමිණියත් එයින් ඇති වූ කැළල තවත් දශක ගණනාවක් යන තුරුම ලාංකීය සමාජය තුළ පැහැදිලිව දෘශ්‍යමාන වනු ඇත.
යුද්ධය විසින් සොල්දාදුවන් තුල ඇති කරන ලද පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය පිලිබඳ අධ්‍යනය

කියවන්න :

http://transyl2014.blogspot.ca/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල