කෙටි කථා

ලණු කොස්ස..

Off

මේ අපේ මනුවා සම්බන්ධ තවත් රසකතාවක්..
අපේ සෙට් එකේ ඉන්නවා වැඩිය උසත් නැති මහතත් නැති කොල්ලෙක් (බටු වර්ගයේ ) … හැබැයි ඉතිං මේකගෙ වැඩ නම් සුපිරියි කොටින්ම ඉලෙක්ට්‍රොනික් බට්ටෙක්..(බට්ට ගැන කතාවක් පස්සෙ ලියන්නම් )
ඉතින් අපේ බට්ටගේ අප්පච්චි ඇවිල්ලා දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්…

නිවාඩු දවසට, පුළු පුළුවන් වෙලාවට අපේ මිත්‍රයො “බට්ට ඩඩා” ට උපරිම සහයෝගයක් දෙනව.

දවසක් අපේ බට්ට ඩඩා අපේම මිත්‍රයෙක්ගේ ගෙදරක වැඩක් කරන කොට
අත් උදව්වට අපේ මනුවා ඇතුලු පිරිස සහභාගී උනාලු.
අපේ සැට් එක ඉන්න තැනක ඉතිං පාළුවක් හතර මායිමක ඇත්තෙ නැත්තෙ මෙයාල විහිළු වලට උපන් හපන්නු ටිකක් නිසාවෙන්මයි..

ඕන් ඉතිං එදත් කස්ටිය කෙනෙකුට බයිටක් දෙන ගමන්, කඩියෝ වගේ එහෙ මෙහ දුවගෙන ගජරාමෙට වැඩලු ..ඔහොම වැඩේ නැගල යන අතරෙ, වැඩ තද වෙලා ඉඳපු බට්ට ඩඩා මනුවට කිව්වලු

“ලණු කොස්සක් ගෙනෙන් පුතේ ”

මනුවට කියන දේවල් ඇහෙන්නේ අමුතුවට කියල මං කලිනුත් කියල ඇතිනේ..

ඉතිං මේකත්
“හං”
කියල දඩ බඩේ දුවල ගියාලු..ගිහිං මේකා ඒ ගේ වටේ දිව්වලු,මිදුලෙ වටයක් කරකුනාලු,
ආයෙම කුස්සියටත් ඔළුව දමල බැලුවලු…පස්සෙ කඩාගෙන බිඳගෙන දුවන් ගියාලු.
ඕක නෝට් කරන් ඉඳපු බට්ට ඇතුළු අපේ සෙට් එක අන්දුන් කුන්දුන් වෙලා බලං හිටියලු..

ඒ වෙද්දි මනුවගේ පරක්කුව ගැන විපරම් කරපු බට්ට ඩඩා…,

“කෝ මේ කොළුව?”

කියාගෙන එතනට ආවලු.
මනුව දැකපු බට්ට ඩඩාගෙ ඇස් ලොකු වෙලා හිනාවක් දාන ගමන් මෙන්න මෙහෙම කිව්වලු,,,

“ඈ පුතේ.., ඕකෙන් කොහොමෙයි බං කපරාරුවට දිය ඉහින්නේ????? ”

වැඩේ මීටර් උන අපේ සැට් එක තක් බිර් වෙලා බලං ඉඳපු මනුව දිහා බලල එදා බඩවල් අල්ලගෙන ඉල ඇදෙනකල් හිනා උනාලු.

ඇයි ඉතිං ලණුකොස්සයි උළුවස්සයි පටලෝගත්ත අපේ මනුවා මතු වෙලා තිබුනෙ බාගෙට හදාපු උළුවස්සක් කරතියන් නොවැ.

ප.ලි . :- (“ලණු කොස්ස” යනු කපරාරුවට දිය ඉසීම සඳහා ලණු මිටියක් එක් කොට සදා ගන්නා උපකරණයකි)

නිමන්තිකා
උපුටා ගැනීම – http://dilagelokaya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල