විද්‍යා ප්‍රබන්ධ

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය – 2 කොටස

Off

පොඩි දේවල් ටිකක් ලියල ඉන්නම් . කලින් කතාවට ඌණ පුරණයක් විදියට

මට මගේ හිත ඇනලයිස් කරලා බලන්න පුළුවන් .. මම මගේ හිත තේරුම් ගන්න උත්සාහ ගන්න ඇත්තේ සමහරවිට ඔය තාත්තගේ මරණෙන් පස්සේ වෙන්න ඇති . සරලම උදාහරනේ තමයි ඊට පස්සේ මට දුක හිතන ඕනෑම වේලාවකදී මම හිතල බලනවා ඇයි මම මේ සිද්දියට දුක් වෙන්නේ ? මිට වැඩිය දෙයක් මට වුනානේ. ඉතින් මේක මොකක් ද ? ඔච්චරයි.

හරි ඉතින් මම බණ පොත්, ජාතක කතා එහෙම ඊට ගොඩක් කලින් ඉඳන් කියවල තියෙනවා. මම මේ කතාව කෙටියෙන් පටන් ගන්න තමයි අර රේරුකානේ හාමුදුරුවන්ගේ පොතෙන් පටන් ගත්තේ.

ඔය එහෙන් මෙහෙන් කියවපු දේවල් වලින් සහ දෙමව්පියන්ගෙන් මම හොඳ නරක කියන දේ දැනගෙන හිටියා ..ඒ කියන්නේ පන්සිල් රකින(ඉඳල හිටලා මදුරුවෙක්, කුඹියෙක් මරල/ ඉස්කෝලෙට රස්සාවේ බොසාට බොරුවක් කියනවා ඇරුනම) මහා ලොකු ලෙස පවක් නොකරපු කෙනෙක්. මේ අපි හැමෝම වගේ තමයි.

මම ඔය බොහොමයක් පොත් වල දී දැක්කේ, එහෙම නැත්නම් ඔය බණ වලදී අහන්න ලැබෙන්නේ මිනිස්සුන්ගේ අන්න ඒ බේසික් ටික හදන්න ඕනේ කරන ධර්මය .. ඊට අමතරව ඉතින් මේ සංසාරේ දුකයි . අපි පින් කරලා කොහොම හරි කෙලවර නිවන් දකින්න ඕනේ කියන ටික තමයි මට නම් ඔය හැම බණකදිම ඇහිලා තියෙන්නේ.

අපිට නිතර ඇහෙන්නේ සමස්ථ සමාජය හදන්න කියන බණ මිසක් ධර්මයේ හරය නැත්නම් ගැඹුරු තැන් පැහැදිලි කරන බණ නෙවෙයි . අනිත් එක බණ අහනකොට මුලින් ම ඔළුවට දෙන්නේ මේක ඔය ආවට ගියාට තේරුම් ගන්න බෑ .. මේවා පින් කරපු අයට විතරයි තේරෙන්නේ වගේ අදහස් ..

අවංකවම සමහරවෙලාවට ඒ වගේ බණ කියන හාමුදුරුවන්ට වැඩිය නම් ගමේ කුලී වැඩක් කරලා , හවසට ෂොට් එකක් දාගෙන, සිංදුවක් කියාගෙන ඉන්න මනුස්සය තුල නිහතමානි කම , අව්‍යාජ කම , නිරහන්කාරය වගේ මහා සුත්‍ර වලින් පැහැදිලි කරන ධර්මය ප්‍රායෝගිකව තියෙනවනේ කියල මට හිතිලා තියෙනවා.

ඉතින් මට හිතුනේ හරි මේ ටික මම දැනටම දන්නවා . ඒ කියන්නේ හොඳට ජිවත් වීම කියන කොටස. කෙළවර තියෙන නිවන ගැන කවුරුත් දන්නේ නෑනේ. අඩුපාඩු ඇති. හැබැයි මෙතනින් එහාට කොහොමද කියන එක

ඊට පස්සේ අපි හැමෝම කරන භාවනාව, මමත් අනාපානසතිය, සමථ , විදර්ශනා ආදී වශයෙන් ඔය උගන්නන හැම එකම වගේ ට්‍රයි කළා සැහෙන කාලයක් . බොරු කියන්නේ මොකටද එක විනාඩි යක් හිතේ සිතුවිලි නැතුව ඉන්න මට බැරි වුණා. නමුත් අර හිත ඇනලයිස් කරලා බලන ගතිය නිසා විදර්ශනාව එච්චර අමාරු දෙයක් විදියට හිතුනේ නෑ .. නමුත් මම විදර්ශනා භාවනාව කියල මහ ලොකුවට භාවනා කලේ නෑ..

මට ඔය දවස් වල නිකමට වගේ හිතුනා භාවනා කරන්න, හිත එකග කරන්න මෙච්චර අමාරු නම් .. ඒ කාලේ කොහොමද තොග ගානට මිනිස්සු සෝවාන් ආදී මාර්ග ඵල ලැබුවේ කියල … හැබැයි ඒ පෙර පින නැත්නම් සසර පුරුද්ද කියන එකෙන් එහා ගිය උත්තරයක් මට හොයන්න ඕනේ වුණා.

ඔන්න ඔය වගේ ආපු ප්‍රායෝගික ප්‍රශ්න වලට අර පොත් වල උත්තර නොතිබුන නිසා තමයි ඒ දවස් වල මම ඒවා කියවන එක අතෑරියේ …රේරුකානේ හිමියන්ගේ පොත් වල තියෙන ධර්මය හෝ ඒ මාර්ගය ගැන මට කිසි ගැටලුවක් නෑ .. ඒව 100% ක් ඇත්ත . හැබැයි මට ඒ මාර්ගය හරි නොගිය නිසා අතෑරලා දැම්ම.

මට ඕනේ වුනේ මම ගෙවන මේ ජීවිතය තියාගෙන මේක තේරුම් ගන්න . ඒ නිසා වෙන්න ඇති මට අධිකාරම් මහත්මය සහ ක්‍රිෂ්නමුර්ති තුමාගේ ජිවන චරිත සහ ඉගැන්වීම් අල්ලලා ගියේ ..

ඌණ පුරණය ඉවරයි …

වැඩි විස්තර මෙතැනින්

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය – 1 කොටස

උපුටා ගැනීම – http://biththiya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල