හයිකු හා කෙටි කවි

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 5

Off

සුභ දවසක් ඔයාල සියළු දෙනාටම. පසු ගිය පෝස්ටුවෙන් අපි මෙතෙක් ඉගෙන ගත්ත ඕපන් කෝඩ්ස් වලින් අභ්‍යාසයක් කතා කලා ඔයාලට මතක ඇති. ඉතින් ඔයාල ඒක පුරුදු වෙන්න උත්සහයක් දැරුවානම් තේරුම් යන්න ඇති ඒ තිබ්බ කෝඩ්ස් ටික මාරු කරන්න ටිකක් අපහසු බව.

මම කලින් පෝස්ට් එකකදී කීව මතක ඇති එක කෝඩ් එකක් ඇල්ලිය හැකි ආකාරයන් කිහිපයක් තිබෙන බව. අන්න ඒ විදිහට විවිධ ක්‍රම ගොඩක් තියෙන්නෙ කෝඩ්ස් මාරු කිරීමේදී ඇති විය හැකි අපහසුතාවයන් අඩු කර ගැනීමටයි. ඒ කියන්නෙ අපි වාදනයක් ඉදිරිපත් කරද්දී තිබෙන කෝඩ්ස් සියල්ලම ෆ්රෙට් බෝර්ඩ් එකේ ෆ්රෙට්ස් කිහිපයක් අතර වාදනය කිරීමට පුළුවන් කමක් තියෙනව. එහෙම කරද්දී අර කීව ක්‍රම සියල්ලම යොදා ගෙන ඉතා පහසුවෙන් කෝඩ්ස් මාරු කිරීම සිදු කල හැකියි. ඉතින් ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 2, 3 කියන පෝස්ට් වලදී අපි එහෙම ක්‍රම කීපයක් ගැන කතා කලා. අද පෝස්ට් එකෙනුත් ඒ වගේ තවත් ක්‍රමයක් ගැන තමා කතා කරන්න යන්නෙ.

මෙම ක්‍රමයත් ඕපන් කෝඩ්ස් වලදී කතා කරපු E මේජර්/මයිනර් සහ F මේජර්/මයිනර් කෝඩ්ස් අල්ලන ආකාරයම ෆ්රෙට් බෝර්ඩ් එක ඉදිරියට විකාශනය වන හැටි තමා කතා කරන්නෙ. සරළවම කිවොත් ඕපන් කෝඩ්ස් වලදී කතා කරපු E මේජර්/මයිනර් කෝඩ් එකේ ඉඳන් ෆ්රෙට් බෝර්ඩ් එක ඉදිරියට යන්නෙ කොහොමද කියල තමා අද කතා කරන්නෙ.

වැඩි විස්තර මෙතැනින් කියවන්න

උපුටා ගැනීම – http://managepintharuwa.blogspot.co.uk/
ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 4

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල