විවිධාංග

අම්මා part 3 | ට්‍රැෆික් පොලිස් සහ අපේ අම්මා

1
අම්මා ගැන  සංවේදී  කවි  කෙටි කතා වගේ දේවල්    සුලබව ලියවෙනවා.. අපේ අම්මා ගැනත් මං කවි ලියලා තියෙනවා… අපේ අම්මා ගැන  එක ලිපියක් ලියලා ඉවර කරන්න බැහැ  කියලා ගිය පාර බල්ලට නමක් දාපු  පෝස්ට් එකේදී කිවුවනේ. එදා කාට හෝ කමෙන්ට් එකක පොරොන්දු වුණා  අම්මා ලයිසන්  නැතුව  බයික්  පැදලා  පොලිසීයට  අහුවෙලා කීප සැරයක්ම  බේරිලා ආපු  කතා ටිකක් ලියන්න…
අපේ  ගෙවල් තියෙන්නේ ගම ඇතුලේ. ගම ඇතුලේ පාරෙන් ඇවිත්  ප්‍රධාන  පාරට වැටුනට පස්සේ  බස් හෝල්ට්  4ක් වගේ  තියෙන්නේ  ටවුන් එකට එන්න. ඔන්න දවසක්  අපේ අම්මා බයික් එකෙන්  ටවුන් එකේ  මිරිස්  මෝලට  ගිහින්.ඔය  මෝල තියෙන්නේ  ප්‍රධාන පාරේ  බස්  හෝල්ට් 3ක් විතර ගියාම. මෙයාට  තියෙන්නේ  ස්කුටීයක්. ( ඉස්සර මගේ  දැන් ඔක්කොම එයාගේ කරගෙන) කොහොමහරි  මිරිස් කොටාගෙන  ආපහු  ඇවිත්  මහපාරෙන් ගමේ පාරට හරවද්දී  පිටිපස්සෙන් ආපු  පොලිස්  කාරයෝ  ආම්මව නවත්තලා..
ඊට පස්සේ..
 “ලයිසන් ගන්න බලන්න “
 
“තාම ලයිසන් ගත්තේ නෑ” 
අම්මා කියලා. පොලිස් කාරයෝ දෙන්නා මුණට මුණ බලන් හිනාවෙලා. 
“ලයිසන් නැතුව බයික් පදින එක වරදක් කියලා දන්නවද?” 
 පොලිස් කාරයෝ අහලා 
 
“ඔව් සර්  දන්නවා”
“එහෙනම්  ඇයි ලයිසන් නැතුව පදින්නේ?”  
 
“පුරුදු වෙන්න එපැයි සර්  ලයිසන් ගන්න කලින්”
 
ආ එහෙමද? ඉතින් ගමේ  පාරේ පැදලා පුරුදු වෙන්න එපැයි”
“ගමේ පාරේ බස්  එහෙම යන්නේ නෑනේ” 
ඒකයි අද මේ  පුරුදු වෙන්නත් එක්ක  තනියම  ආවේ  පළවෙනි වතාව”
 
“තමුන්ටත්  මේ  ලැබෙන අන්තිම වතාව” 
 
තැන්ක්යූ  සර්  හෙට  තාත්තගේ  හත් දවසේ දානේ …දානෙට උයන්න  මිරිස් කොටන්  එන්න ගියේ යන්නම්  සර් පරක්කු වෙනවා.. 
 
………………………………………..
 
තව දවසක්  ගම  ඇතුලේ  බයික් එකෙන්  යද්දී  වෙන වැඩකට  ආපු ජීප් එකක් අම්මව  නවත්තලා  අහලා  
“ලයිසන් තියෙනවද?”  
 
“නෑ  සර් තාම ගත්තේ  නෑ  පුරුදු වෙන්නේ  ගන්න  තමයි මේ පුරුදු වෙනවා” 
 
පොලිස්  කාරයෝ  මොනවා කියන්නද  අම්මා යන විදියට පේන්නෙත්  පුරුදුවෙන්න පදිනවා වගේ තමයි.
…………………………………………….
 
එක පාරක්  අම්මා  හෙල්මටුත් නැතුව සයිඩ් කණ්නාඩිත් නැතුව  මිනුවන්ගොඩ ගිහින්..  (ඊට කලින් දවසක බයික් එක පෙරලිලා  එක සයිඩ් කණ්නාඩියක්  කැඩිලා අනික බුරුල් වෙලා තිබුණේ  මෙයා ඒකත් ගලෝලා තියලා  ගිහින්) මිනුවන්ගොඩ ඉදලා එද්දී  යටියන පන්සලට මෙහා හැමදාම පොලිසියෙන්  ඉන්න  නිසා  අම්මා අනිත්  පැත්තෙන්  ගිහින්.. කොළඹ  මිනුවන්ගොඩ  පාරෙන්  අතුරු පාරට හරවන තැනම පොලිසියෙන් ඉඳලා. පොලිස්  කාරයෝ දැකපු හැටියේ  මෙයාට  හිනාගිහින්  ඒ  මිනිස්සු  නවත්තන්න කියලත් නැතුව මෙයාම නවත්තලා අමතක වෙලා.. ඒක මරු වැඩේ,
ඊට පස්සේ පොලිස් කාරයෝ අහලා 
“හෙල්මට් නැහැ  සයිඩ් කණ්නාඩි  නෑ.”.. 
 
“අනේ බලන්න සර්  බයික් එක ටවුන් එකේ  නවත්තලා මීගමු ගිහින් එන්න ගියා හදිසියට…ඇවිත් බලද්දී  හෙල්මට් එකත් නෑ සයිඩ් කණ්නාඩිත්  නෑ..කරන්න දෙයක්  නැති තැන  අර පැත්තේ  පොලීසියෙන් ඉන්න හින්දා මෙහෙන් ආවා.. මෙහෙන් එද්දී  සර්ලා..  “
 
ගෙදර ඇවිත්  කියද්දී මටයි මල්ලිටයි  හිනාවෙලා පණ නෑ..
————————–
ප/ලි 
 
ඊයේ මගේ උපන්දිනේ. පුංචිකාලේ  තාත්තා එක්ක කිරිබතුයි ලුණුමිරිසුයි  හායි හූයි කිය කියා කෑවට පස්සේ මතක ඇතිකාලෙක සතුටින් ගෙවුණු එකම උපන්දිනය වෙන්න ඕනේ  . වයස සහ අවුරුදු  ඉලක්කම් විතරයි..නමුත් සතුටුවෙන්න  හේතු හොයන මං වගේ කෙනෙක්ට ඒකත් හොඳ අවස්ථාවක්.. අම්මා  හවස  හයට විතර කෝල් කරලා අහනවා අද  ඔයාගේ උපන්දිනේ නේද ??  හි හි  ඊලග  පෝස්ට් එක ලියන්න ඕපාදුප ටිකකුත් අම්මා කියාගෙන ගියා…

Related Posts

1 Comment

  1. apurvi April 29, 2015 at 6:18 am - 

    ස්තුති අයියේ

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල