පරිවර්තන

හැම තැන ඉන්නේ මිනිස්සු….!!!

Off

ඇය විදුලි දුම්රියේ ආසනයක් මත ඇලවී, අත මත හිස තබා ගෙන අඩ නින්දේ පසු‍ වෙයි. ඇය හැඳ සිටි ඇඳුම් ඉතාමත්

නරක තත්වයේ ඒවාය. ඇයට නොගැළපෙන තරම් වු පිට කබාය රතට හුරු අව පැහැයකින් යුක්තය. ඇය පය ළා

ගෙන සිටින ලෝම පාවහන්, වසරේ එම කාලයට කිසි‍සේත්ම නොගැළපෙන ඉතාමත් උෂ්ණාධික ඒවාය. කඩමාළු

පෙනුමකින් යුත් අළු පැහැති ලේන්සුවක් ඇය හිසේ දවටාගෙන සිටියි.

ඇය කතාවට මුල පුරයි.

“ අපි තවම රාමෙන්වලට ආවේ නැති ද?” ඇය නැඟිට කවුළුවෙන් ඉවත බලයි. පිටත ඇද හැලෙන වරුසාව දුටුවෙන් ඇය

කනස්සලු ස්වභායකට පත්ව, ශෝකී ජනක ලෙස තෙපළයි.

“ මහා ලැජ්ජා නැති වැඩක් නොවැ. දැන් අපිට වැස්සෙන් ඇති වැඩේ මොකක්ද?”

“ මේ නැවුම් වැස්ස හොඳයි නොවැ හතු හට ගන්න. ඒකේ ඇති වැරුද්ද මොක්කද?”

ඇය විමතියෙන් ඔවුන් දෙස බලයි. ඇය මේ කතා බහ කරමින් සිටින්නේ නගර වැසියන් සමඟ බව සිහිවුයෙන් ඇය

නැවත පැහැදිළි කළාය.

“ මේ වැස්ස අපට කරදරක් මිස එයට බැහැ කිසිදෙයක් අස්වද්දන්න.”

“ අපි ජීවත් වෙන්නේ පාන් වලින්, නැතුව හතු වලින් නෙමෙයි.” මඳ වෙලාවකට පසු ඇය දඟකාර ලෙස නැවතත්

කියයි. නමුත් එහි කිසියම් අප්‍රසාදයක් ගැබ්ව තිබුණි.

ඇය පුංචිය. හිරු රැස් වලට පිළිස්සුණු සම රැළි වැටිලා ය. ඇය මහළුය. ඉතාමත්ම මහළුය. සමහර විට වයස

අවුරුදු අසූවක් විතර ම. එහෙත් ඇය තවමත් තරුණියක සේම ප්‍රබෝධමත් ය. ඇයගේ දෑත් යුග රළු නමුදු

ශක්තිමත්ය. දිගු, සිහින් කහ පැහැයට හුරු දත් දෙපළක් ඇගේ මුවෙහි ඉදිරිපසින් පිටතට නෙරා ඇත. ඇය ඇගේ හිස

බැඳි ලේන්සුව සකසයි. මිත්‍රශීලි සිනහවක් පාමින් තමන් ගැන ඔවුනට නොවළහා පැවසීමට ඇය ඉදිරිපත් වෙයි.

ඇය පැමිණෙන්නේ සිර්කර්ට්ස්ක් වලට ආසන්න, කිසියම් ගම්මානක සිටය. යුද්ධය නිසා ඇයට ඇයගේ පුතා අහිමි විය.

දියණිය ද මිය ගියාය. ඇයට දැන් ඇගේම කියා කවුරුත්ම නැත. ඇය මොස්කව් බලා යන්නේ ඇ‍ගේ පාරිතෝෂික දීමනාව

පිළිබඳව යමක් දැන ගැනීම සඳහාය. අවසානයේ ඇගේ කතාවෙන් ඔවුනට පැහැදිලි වූයේ, ඇය මෙතරම් දුරක් ගමන්

කර ඇත්තේ, අඩුම තරමේ ඇය සතුව ටිකට් පතක් වත් නොමැතිව බවයි.

“කිසිදු බඩු ‍පොදියක් අඩුම වශයෙන් කුඩා ගමන් මල්ලක් වත් නැතිව.”

“ කොහොමද එහෙම වෙන්නේ? ටිකට් එකක් නැතිව ඔවුන් ඔබව එළියට දැමුවේ නැති ද?” ඇය වටා සිටි මිනිසුසු

පුදුමයෙන් ප්‍රශන් කරති.

“ඉතින් ටිකට් පරීක්ෂක මහත්වරු ඔබව පරීක්ෂා කළේ නැති ද?”

“මොකද නැත්තේ, දෙවරක්ම. ඒත් ටිකට් පරීක්ෂක මහත්වරු කියන්නේ කවුද? අමුතු ජාතියක්ද? නැහැ නෙව” එසේ

කියමන් ඇය යන්තමින් සිනාසෙයි.

“ ඒ ගොල්ලොත් අපි ‍වගේම මිනිස්සු. හැම තැනම ඉන්නේ මිනිස්සු.” ඇය ඉතාමත් ආහ්ලාදයෙන් මෙන්ම දැඩි

විශ්වාසයෙන් යුතුව කියයි. එමෙන්ම ඇයගේ වරදට ඇය හේතුද ඉදිරිපත් කරයි.

“හැරත් මම මේ විනෝද වෙන්න යනවා නෙමෙයි නේ. මම යන්නේ වැදගත් කටයුත්තකට.”

‘හැම තැනම සිටින්නේ මිනිස්සු’ යැයි ඇය කියූ වදනින්, මිනිස් වර්ගයා පිළිබඳව සර්ව ශුභ වාදී මෙන්ම වඩාත් දෘඪ

හැඟීමක් ඇති කළෙන් සියල්ලන්ටම වඩාත් පහසු බවක් දැණිනි. සත්තකින්ම වඩාත් ප්‍රිය ජනක බවක්..!

රුසියාව ‍හරහා බොහෝ දුරක්, එනම් කිලෝමීටර පන්දහසකට වඩා වැඩි දුරක් ටිකට් පතක් නොමැතිව ගමන් කිරීම,

එසේම ආපසු ගමනත් ඒ විධියටම… බැලූ බැල්මට එය මහා විශ්මය ජනක දෙයක් වුව ද මිනිසුන් ඇයව විශ්වාස

කරයි. මන්ද ඇය තුළ අපූර්ව ඥානාන්විත මෙන්ම, ආධ්‍යාත්මීය උදාරත්වයකින් හෙබි යමක් ගැබ්ව තිබූ හෙයිනි.

ඇයගේ මුහුණ, දෑස හා සිනහව මුදු මිත්‍රශීලී බවකින් ද හදවතේ වූ පාරිශුද්ධත්වයෙන් ද පොපි යයි. හැම දේම

වඩා විවෘත ලෙස. ඉඳන් ඇයව විශ්වාස නොකර හිඳීමට නොහැකිය.

මඟියකු ඇයට මස් පෙත්තක් දෙයි. ඇය ඔහුට මහත් බැරූරුම් ලෙස කෘතඥ වෙමින් එය පිළිගන්නී, ඇගේ කුඩා දත්

දෙපළින් එය තලු මරමින් මහත් අභිරුචියකින් යුතුව සපයි.

මඳ වෙලාවකින් වැස්ස නැවතුණි. හිරු සෙමින් නැග එයි. දහස් ගණනින් වැසි බිංදු තණ පත් මත ද ගස් වල

පත්‍ර මත හා ගෙවල පියසි මත ද දීප්තිමත් ව දිදුලයි.

ඇයට මස් පෙත්ත ගැන මඳකට අමතකව ‍ගොස් වශී වුවාක් මෙන් කවුළුවෙන් පිටත බලයි. ඇගේ මලානික දෑස්

අඩවන් වී මුහුණද කාන්තිමත්ව බැබලෙයි.

“දෙවියනේ අර බලන්න කොච්චර ලස්සනද කියලා, නිකමට බලන්න…”

Peoples everywhere – ව්ලැදිමීර් බොගමොලොව්

පරිවර්තනය – සුභාෂිණි චතුරිකා

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල