සාහිත්‍ය කළා විචාර

කව්ද දන්නෙ

Off

දුප්පත් පවුලක් හිටියා – ගොවිතැන් කර දිවි රැකගත්
මව්පිය දෙදෙනා සමගින් – පුතුන් තුන්දෙනා

ඔවුනට තිබු ලොකුම දෙයයි – කිරි එළදෙන හොඳින් වැඩුනු
ඌ මත යැපිලා සිටියේ – පවුලෙ පස්දෙනා

දවසක් උදයේ ගෙවිලිය – කිරිදොවන්න ගිය කලදී
එළදෙන මැරිලා හිටියා – අනේ අනිච්චං

ගෙවිලිය කම්පා වීලා – හතී අතේ දුව පැනලා
ගෙදර ඇවිත් ගෙල වැල ලා – පණ නහ ගත්තා

උදයේ අවදිව ගොවියා – කිසි සද්දක් නැති හින්දා
වට පිට සෝදිසි කරලා – කම්පා වෙනවා

ගෙවිලිය පණ නහගෙන ඇත – එළදෙන මියැදීලා ඇත
කුමක් කරමිදෝ මම යැයි – සොවින් තැවෙන්නා

ගෙටගොස් ගිනි බටය රැගෙන – ඔලුවට තියලා බට කොන
වෙඩි තියාන ගොවියා පරලොව වෙත වැඩියා

ලොකු පුතාද අවදි වුනා – මව් පිය දෙදෙනා දුටුවා
මලවුන් අතරෙයි ඇත්තේ – එළදෙන සමගින්

ගඟට පැනල පණ නහගමි – කියා ගියේ ගඟ අයිනට
පනින්න පෙර ඔහු දුටුවේ – අමුතුම දසුනක්…

අඟ පසඟින් හරි පිරිපුන් – සඳවන් වත කමල පිපුණු
රුවැති කිඳුරියක් දිය මත පා වී ආවා

ඔබ පත්වී ඇති දුක දැක – ආවෙමි මම පිහිට වෙන්න
එක කොන්දේසියක් පිටයි – හැම සිදුවන්නේ

එක දිගටම තුන් පාරක් – මා සමගින් එක්වීලා
මාව සතුටු කලොත් තමා – එය ඉටුවන්නේ

එවිට ඔබට මව් පියන්ද – කිරි එළදෙන සමග තුටින්
කල් ගෙවන්න ඒ හැම මම ආපසු දෙන්නේ

නමුත් ඔබට නොහැකි වුනොත් – ජීවිතයෙන් වන්දි ගෙවා
ඔබටත් සිදුවේය අනෙක් අය වගෙ යන්න…

තරුණයාද කැමති වෙලා – තුන් පාරක් එකතුවෙන්න
සූදානම් වුවත් අහෝ වැරදුනා අනේ

පළමු දෙවන උත්සාහය – හරිගියාට අන්තිමේදි
තුන් වන වර බැරි වුනාලූ – ඛේදයකි අහෝ…

කිඳුරිය ඔහු ගිල්වාලා – ගඟ පතුලේ සැඟවූවා
දෙවන පුතා ඇහැරෙනුයේ – එයිනුත් පසුවයි

මව්පියන්ද සමග ගොසින් – එළදෙන ඇත මරු තුරුලේ
ඒ වන විට ලොකු අයියත් – ඔහු හැර ගොසිනී…

ගඟට පනිමි මමත් ඉතින් – දිවි තොරකර ගන්න රිසින්
දෙවන පුතත් දිව යන්නේ ගඟ වෙතට ඉතින්

දිය කිඳුරිය පැමිණෙන්නේ – පළමු ලෙසම කියවන්නේ
කොන්දේසිය වැඩි වන්නේ – පස් පාරකටයි…

ඇයගේ රූ සිරි දැකලා – මේ පුතාද සැරසෙන්නේ
නමුත් ඔහුට යා හැක්කේ – සිව්වරක් තමයි…

ගඟ පතුලේ ගිලී ගියේ – දෙවන පුතුද නොසිතු ලෙසේ
බාල පුතා අවදි වෙතේ – සැමටම පසුව…

එළදෙන හා මාපියන්ද – වැඩිමල් වූ සොහොයුරන්ද
අහිමිව ඇති බව දැනුනා – බාල පුතාට…

ඔහුද යතේ ගඟ සොයාන – සිය දිවි නහ ගනු විලසින්
දිය කිඳුරිය හමු වන්නේ – ඔහුට එතැනදී

ඔබගේ මවු පිය දෙදෙනා – සමගින් එළදෙන ලැබදෙමි
එපමණක්ද නොවේ ඔබේ – අයියල දෙන්නා

මේ සියල්ල නැවත ඔබට – ගෙනවිත් දෙන්නට හැක මට
දහ පාරක් මා සමගින් – එක් වෙනවානම්…

බාල කොලූ එය අසලා – එඩිතර ලෙස නැගී සිටී
ඇයි දහපාරක් විතරක් – කියා විමසුවා

පහලොස් පාරක් බැරිදෝ- අපි දෙන්නට එකතුවෙන්න
ඔහු විමසීයෙන් කිඳුරිය – මෙවර මවිත වේ…

ඇයි පහලොස් වරක් ඇතිද – විසි පාරක් බලමු නේද
ඔහු ඇසුවා යලිත් වරක් – පුදුමය පතුරා

ඇය හට මෙය හරි අමුතුයි – මෙවන් පිරිමියෙක් නැත තව
ඇය හට මුණ ගැසී ඇත්තේ – කිසිම දවසක…

අවසන ඇය එකඟ වුනා – විසි පාරක් එක් වන්නට
පොරොන්දු වූ ලෙසින් සියලු දේ යලි දෙන්න

මේ මොහොතේ බාල පුතා – ඇය නවතා මොහොතක් සිට
මෙන්න මෙහෙම ගැටලුවකුයි – පැන නංවන්නේ

කවුද දන්නෙ ඔබෙ පොරොන්දු – එලෙසින් ඉටු වෙයිද කියා
විසි පාරෙදි ඔබ මැරුනොත් – එළදෙන වාගේ…

http://madhumadhavi135.blogspot.co.uk/2015/04/blog-post_27.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල