හයිකු හා කෙටි කවි

දිවි පුදා හොරු රකිමු

2

පින් සිද්දවෙයි බුදු මහත්තයො
ගෙනියන්න නම් එපා කොල්ලව
අපේ බඩගින්දර නිවන්නයි
කෙරුවෙ ඌ ඔය දහදුරා වැඩ
අන්න චමිලය ඇරෙස්ට් කරලලු
අතේ කෝට්ලු සුද්දෙ දෙද්දිම
රජකාලේ දඬුවම් දීල මදි
ඔය වගේ වැඩ කරන හැත්තට
පොලිසියෙන් සම්බුව හම්බවෙයි
බිව්ව රන් කිරි මතක් වෙන්නම
බැනර් ටික ඔක්කොම හරිද බන්
හෙට වැඩේ දෙමු ඇට්ටි හැලෙන්න
අපේ ලොක්කට ලෙඩක් දැම්මොත්
මමත් රෙඩි උන් මරන් මැරෙන්න

http://iamdasaya.blogspot.co.uk/2015/04/blog-post.html

Related Posts

2 Comments

  1. කල්‍යාණ මිත්‍ර April 29, 2015 at 5:53 am - 

    අවස්ථා සම්භන්දයනම් හිතා ගත හැකි. කවුද නිර්මාණය කරේ.. ලින්ක් එකක් නැද්ද?

    • editor April 30, 2015 at 8:30 am - 

      ලින්ක් එක දැම්මා . පෙන්නුවට ස්තුතුයි.

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල