කාලීන සංවාද

හොඳම ලෙඩාට තෑගි දීම……18+

Off

හොඳම එවුන් තෝරන තරග වලදි උඩට එන්නෙ අපේ එවුන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ. බොහොම ලොල් සහගත මේවගේ තරග ගැන කතා බර ගානක් තියනව. මතක ඇතිනෙ අර මමියෙ වයස හරියටම කියපු පොලිස් රාලහාමිලාගෙ කතාව, එතකොට අර ඇමේසන් වනයට මුදාහැරපු හාව අල්ලපු අපේ පොලිස් රාලහාමි‍ලාගෙ කතාව එහෙම. ඇයි එතකොට හොඳම ගණිත ඥානය තියන පිස්ස තෝරපු කතාව දන්නවද? ඒ මෙහෙමයි.

ඔන්න පිස්සන් කොටුවෙ පිස්සො අතරින් හොඳටම ගණිත ඥානය තියන පිස්සව තෝරගෙන එයා නිදහස් කරන්න තරගයක් තිව්ව. [පිස්සුව කියන්නෙ මානසික රෝග වලට පොදුවේ කියන නම උනාට මේ “පිස්සු” සහ රෝගියා හඳුන්වන්න “පිස්සා” යනව වදන යොදාගැනීම එච්චර සුදුසු නෑ, නමුත් කතා රසය මරන්නත් බැරි නිසා ඒක පාවිච්චි කරනව] පොඩි ගානක් හදන්න කියලයි මේ තෝරාගැනීම කරන්නෙ.

ඔන්න පළමුවැන්න ආව. “එකයි එකයි කීයද” කියල ප්‍රශ්නෙ ඇහුව. පිස්සගෙ උත්තරේ උනේ “අම්ම” කියල. එයා හොඳම නෑ. දෙවනියත් ආව. ‍”දෙවරක් දෙක කීයද” කියන එකයි ප්‍රශ්නෙ. “හයදාහයි” කියල පිස්ස උත්තර දුන්න. එයා ටිකක් හොඳයි. අඩු තරමෙ ඉලක්කමක් කිව්වනෙ. තුන්වැන්නගෙන් ඇහුවෙ “පස් වරක් පහ කීයද?” කියල. “විසි පහයි” හරියටම උත්තරේ ලැබුන. කට්ටියටම සතුටුයි. උත්සවයක් එහෙම තියල රෝගියව නිදහස් කරන්න කලින්, මයික් එකට ගෙනල්ල ඇහුව ප්‍රශ්නයක්.

“කොහොමද හරියටම පස්වරක් පහ කීයද කියල කිව්වෙ?”

“අම්ම හයදාහෙන් බෙදල ගත්තෙ සර්” පිස්ස කිව්ව.

http://raj1st.blogspot.co.uk/2015/04/18.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල