කාලීන සංවාද

දන්නේ නෑ ඕයි. මතක නෑ ඕයි, දැක්කේ නෑ ඕයි… (23+)

Off

මේ ආන්ඩුව, කෙලින තරමක් කෙලින්නේ පිස්සුමය. දියවැඩියාවට බෙහෙත් ගන්න ඡන්දේ ඉවර වෙනකන් හිටපු බැසිල් ලොක්කා, බෙහෙත් අරගෙන ආපු ගමන්, වැලිකඩ යවනවාය. එතන ඉන්නා යහ පාලන පාළකයන්ට පින් සිද්ධ වෙන්න, ලෙඩා ගෙනත් ගෙවන වාට්ටුවට දැම්ම හින්දා හොඳය. හදිසියේ හරි බැසිල් ලොක්කට වැලිකඩ වාට්ටුවේදී මක්කා හරි උනා නම් හෙම, සිරිසේන ලොක්කාට නවතින්න වෙන්නේ ජිනීවා මානව හිමිකම් කමිටුවේය.

උන්නැහේ වැලිකඩ දාපු එකෙන් සත පහක වැඩක් නැතිය. දැන් නඩුව බලවන දිනේට “මිලියන් ගාන මට මතක නෑ ඕයි…” කිව්වයින් පස්සේ එයාට ඇප දෙනවාය. මේ රටේ තියෙන්නේ පට්ටම පට්ට අධිකරණයක්ය. අධිකරණය කියන වචනේ තේරුම සම හරක් විට තියෙන එකාට “අදිනවා” කියන එක වෙන්න පුළුවන්ය. එහෙම “අදින” කාරනා කටයුතු කරනා තැන නිසා, නම එහෙම වූවා වෙන්නත් පුළුවන්ය. ඉන්ගිරිසියෙන් කියන්නෙත් කොට්ස් කියාය. ඒ සම හරක් විට කෝට් දාගෙන යන නිසා කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්ය. ඒත් ඉන්ගිරිසියෙන් එහෙම දාලා තියෙන්නේ එතනට ගියොත් හෙම කෝට්ස් ඇඳපු ජෙන්ට්ස්ලාට අතේ කෝට් වෙන නිසාය.
අපේ රටේ අධිකරණේ කොච්චරනම් සුවාධීනදැයි කියනවා නම්, මිනී මරලාත්, “මච මචක ඤෑ..” ගාපු ගමන්, මිනීමරුවන්ට පාර්ලිමන්ට් එන්නත් පුළුවන්ය. වෙඩි වැදිච්ච එකා මලේ හොඳ වෙලාවටය. නැත්නම් ඒ යකාට ජීවිතාන්තේ දක්ව හිරේ යන්න වෙනවාය.
හිටපු ජනාධිපති තුමාට, අප්පච්චි.. අප්පච්චි.. ගෑවට උන්නැහේ අවුරුදු 70 ත් පැනපු මුත්තා කෙනෙක්ය. එහෙම නොවනවා නම්, මාතලන්ගේ අප්පච්චිත් තරුණ පොරක්ය. වයසට ගියාම ඇල්සයිමර් කියා රෝගයක් හැදෙනවාය. ඒකෙදි වෙන්නේ, මේ කළ දේ මේ මතක නැති වෙනා එකය. එහෙව් වයසක මනුස්සයාගෙන් පඩත්තල මාද්දියවේදියෝ කියන පිස්සු හුටංලා වගයක්, මයික් පොලු දික්කරගෙන එතුමාගෙන පක්ෂේ රැස්වීම් ගැන අහනවාය. එයා, අනේ “දන්නේ නෑ..” කියනවාය.

රජගෙදර රිලවාගෙයි, සීයේ හිඟන්නාගෙයි මීටින් වලට යනවද කියලා අහනවාය. “එහෙම එකක් තියෙනවාද..?” කියා උන්නැහේ අරුන්ගෙන් අහනවාය. යහ පාලනේ කොහොමෙයි කියා ඇහුවාම, “ඇත්තටම යහ පාලනේ කොහොමෙයි..?” කියා, එයා අපෙන් අහනවාය. පට්ටම ආතල්ය.

මැයි දිනේට ආරාධනා කලාද කියලා අහනවාය. ඊට විනාඩි පහකට කලින් අනුර ප්‍රියදර්ශනයා අතටම දීපූ ආරාධනේ, උන්දෑට මතක නැතිය.

“ඇයි සෑර් මේ දැන් ලේඛම් තුමා දුන්නේ” කිව්වාම, “ජැක්කේ ඤෑ…” කියනවාය. වයසට ගියාම එහෙමය. ඒ තියා එතුමාගේ කාළේ හොරකම් කරපු උන් හිරේ දාන්නත් අමතක වෙලාය. දූෂණය කොරන කොට නොදැක්කා වගේ ඉඳලාය.

මොකක්දෝ කරුමයක් තිලා, අර තංගල්ලේ පුෂ්පකුමාරයාට ඉතරක් කෙල උනේ, එතුමාත් බටහිර කුමන්ත්‍රණ කාරයන්ට අහු වෙච්චි නිසාය. ඒ බවක් නොදන්නා පඩත්තල වේස කොල්ලො. “මහින්ද මහත්තයා බබා” කියා බුකියේ පෝස්ට් දානවාය. දේශපාළණයට එන්න කොලිපිකේසොන් එකක් වෙන ඔය අමතක වීමේ රෝගය නැත්නම්, අම්මට සිරි ලංකාවේ කලටි පොල් කඩන්නට බැරිය.

අර මයික් කොට උස්සගෙන එන පඩත්තල වේස කොල්ලෝ නිසා, එතුමාට බෝධි පූජාවකට යන්න බැරිය, යාළුවෙක් බලන්න හිර ගෙදරට යන්න බැරිය. මලයා බලන්න ඉස්පිටිතාලෙට යන්න බැරිය. තව ටික දවසකින් ඔය වේස කොල්ලෝ මහින්ද මහත්තයාට රෙන්න දෙන එකකුත් නැතිය. එතනදි, සෑර් කක්කා කලාද කියලා ඇහුවොත්, මම දන්නේ නෑ, විමල්ගෙන් අහලා බලන්න.., කිව්වොත් හෙම මල ජංජාලයක් වෙනවාය. මොකෝ උන්නැහේ දෙන්නේ ඒ වගේ අෂ්පැට් මඤ්ඤංද පෝල් පීරිස් උත්තර නිසාය. එහෙම දෙයක් උනොත් හෙම, වෙන වැඩකට කප් ගහලා ඉන්න ලොක්කා, රනිල්ගේ, මංගලගේ, ලැවල් එකට වැටෙනවාය. මොකෝ මහින්ද මහත්තයා රිංගන හැම තැනම අර වාහෙත් යන නිසාමය.

අපි ෆිට් පොරක් කියලා හිතාගෙන උන්නු ගෝඨාභය ලොක්කාටත් “මතක නෑ” ලෙඩේ බෝ වෙලාය. බොහෝ විට මේ වගේ රෝග පරම්පරාවෙන් එන ඒවා නිසා, පවුලටම එහෙම තියෙනවා කියා හිතෙන්නේ, අපේ නාමල් බේබිලා, යෝෂිත බේබිලාත් මේ වගේම උත්තර දෙන හින්දාය. දැන් මතකෙ කඩෙන් අරගෙන එන්න මාස තුනක් ඉල්ලලාය.
danne-ne-2

ගෝඨාභය ලොක්කා අල්විස් කොමිසොන් එකට ආපු දවසේ ඇවිල්ලා හිටපු පිස්සෝ ටික නිසා, එතුමාට මතකෙ තිබුන ටිකත් අමතක වෙන්න ඇතිය. ඒ පිස්සෝ ටික ඔතනට ඉතරක් නොව ලංකාවේ හතර දිග් භාගයේ යනවාය. චීප් ජස්ටිස් නෝනටත්, “ඔයා බබා…” කියා කින්ඩිය දමා ගෙදර යවපු උන්දලා නිසා, එයාලාට අධිකරණ තීන්දුත් වලංගු නැතිය. පොලීසියත් පුල් ගාඩ් එක දෙනවාය.

කොටියාගෙන් රට බේරා ගන්න එන කස්ටිය උනාට, උනුත් බටහිර කුමන්ත්‍රණ කාරයෝ දෙන ගුලි වලට අහු වෙනවාය. උන් එතනට එන කොට, කනත්ත ගාව ඉඳගෙන, ඩයස්පෝරා එකේ උන් විකෘති කොරාපු ජාතික කොඩියක් දීලා, මේක වනපියව් කියලාය. දේශප්‍රේමයෙන් ඇස් අන්ධ වෙලා, ජාති ආලයෙන් ගිනි කන වැටි ඉන්නා මේ නීල කාස හොරුන්ට, ඔය වෙලාවට ජාතික කොඩිය නැතුව, පොල්ලේ ගසා ආච්චිගේ රෙද්දක් දුන්නත් වනන එක වනනවාමය.

දැන් ආච්චිගේ රෙද්ද වනපු උන් කියන්නේ, අපි ඒක ආච්චිගේ රෙද්දය කියා “දැක්කේ නෑ” අනේ, ඒ නිසා සමාව භාජනේකට දාලා, ආච්චිගෙ රෙද්දත් ඒකට දාලා, පත අට එකට සිඳුවා පෙරලා බොන්නය කියලාය. ආච්චිගේ රෙද්ද වනපු ඩලස්ට, මේකට ලෙඩේ අදිනා එක වස කැතය. මොකෝ කියනවා නම්, උන්නැහ කන්නාඩි දාලා උන්නේ නැති නිසාය. සීයේ හිඟන්නා ඇස් කන්නාඩී දාගෙන උන්නාට, එකෙන් ළඟ පෙනෙන්නේ නැතිය. ඒකෙන් පේන්නේ මේ මව්බිම ඩයස්පෝරා එකේ උන් රේප් කොරනා සැක්ස් සීන් විතරමය. ඉතින් බොහෝ දුර පේන නිසා. ඒ පේන ඒවා අපිට කියනවාය. නැත්නම් ඉතින්, අතේ තියෙන්නේ ජාතික කොඩියද, විමල්ගේ ලන්කට් එකද කියා නොපෙනි තියෙන්න බැරිය.

කොහොමින් කොහොම හරි අවුරුදු දහයක් රට පාළනේ කොරලා තියෙන්නේ පට්ට ලෙඩ්ඩු සෙට් එකක්ය. එක්කෝ එයාලා මක්කත් නොදන්නා බබ්බුය එහෙම නැත්නම් නොම්මර එකේ අල්සයිමර් කාරයෝ, එහෙමත් නැත්නම් පොට්ටයෝය. ඕවා බලා මොළේ මඤ්ඤං කොර ගන්නේ නැතිව අපිටත් තියෙන්නේ, මොකුත් නොදන්න, මක්කත් නොදැක්ක පොට්ටයෝ වගේ, කවුරු හරි ඇහුවොත් මට මතක නෑ යකෝ කියා, මහින්ද මහත්තයා වගේ, හීන් සීරුවේ මාරු වෙලා යන එක ඇඟට බොහෝ ගුණදායකය…

http://maathalan.blogspot.co.uk/2015/04/23.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල