කාලීන සංවාද

ගොම්මන්පිලගේ අමුඩේ

Off

අපේ රටේ විතරක් නෙවේ කොයි දේශේ වුනත් දේශප්‍රේමින් කියලා කියන්නේ රටට, ජාතියට ආදරය කොරන කට්ටියට.

ඒ ගොල්ලෝ ජාතික ගීයට, ජාතික කොඩියට ,තව තව ජාතික සංකේතවලට හරියට ගරු කරනවා. අපේ රටෙත් එහෙම තමා. පහුගිය දවස් වල ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්න ඉඩ දීම ගැන අපේ දේශප්‍රේමින් නටපු ඩෙඟාව මතකයිනේ.
එහෙම නටපු එක ප්‍රධාන නැට්‍ටුවෙක් තමා උදය ගොම්මන්පිල කියන්නේ.

හැබැයි එහෙව් ඩෙඟා නටපු ගොම්මන්පිල ඊයේ පෙරේදා තිබුනු උද්ඝෝෂණයකට ඇන්න ඇවිත් තිබුනේ විකෘති කරපු ජාතික කොඩියක්. ඒ ගැන එයා කියන්නේ මාර කතාවක්. තමන්ගේ අතේ තිබුණු ජාතික කොඩිය විකෘති කරපු එකක් කියලා මම දන්නේ නැහැ කියලා.

කොහොමද දේශප්‍රේමිත්වයේ තරම. තමන්ගේ රටේ ජාතික කොඩියවත් හරියට අඳුනන්නේ නැති දේශප්‍රේමියොනේ අපේ රටේ ඉන්නේ.
ඔය සැට් එක එදා එකතු වුනේත් මහා දේශප්‍රේමියෙක් ව අල්ලස් කොමිසමෙන් ගලවා ගන්නනේ. තමන්ගේ රටේ ජාතික කොඩිය අඳුනන එක දේශප්‍රේමියෙක්වත් ඔතැන හිටියේ නැද්ද අම්මපා,

සටහන- මේ සිද්ධිය ගැන ඩලස් අලහප්පෙරුම, ගොම්මන්පිල ඇතුලුදේශප්‍රේමි තුමාලා තවදුරටත් කියා හිටියේ තමන්ගේ අමුඩේ රුන්නේ නොදන්නා පිරිසක් බවයි.

http://bitternight.blogspot.co.uk/2015/04/blog-post_26.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල