කාලීන සංවාද

. පළමුව මව්බිම, දේයි, දේයි, බුදු අම්මෝ සහ පස්සට කරන්ට් ඇල්ලීම.

Off
පහුගිය පෝස්ට් එකට මනෝජ් මල්ලි මෙහෙම කමෙන්ට් එකක් දාල තිබ්බනෙ.

 

/ මහින්දට අල්ලස් එක මගහැරලා යන්න දෙන්න හොඳ නැහැ.පපුවට ගගහා කෑගැහුවේ විදුලි පුටුවේ වුනත් ඉන්නවා කියලා ප්‍රකාශයක් දෙන්න එන්ට කිව්වාම පිස්සු බල්ලෙක් වගේ දගලනවා. /

 

මගේ උත්තරේ මෙහෙමයි.
/ මරා විදුලි පුටුවට බය නෑ බං..උඹ දන්නවද රුසියාවෙ සාර් රජ කාලෙ හිටිය රස්පුටින්ට තුන් හතර පාරක් වහ දීලත් මරන්ට බැරිවුනාලු. එහෙම වුනේ රස්පා ඔය සීන් එක දැනගෙන ටික ටික වහ කාල පුරුදුවෙලා හිටපු නිසා කියලයි කියන්නෙ. මරා ගොයියත් ඔය විදුලි පුටු කේස් එක හින්දම දැන් අවුරුදු තුන හතරක් පුකට කරන්ට් වද්දගෙන පුරුදු වුනාලු. අතේ බැටරි පැක් එකක් තියාගෙන ඒකෙ දෙපැත්තට වයර් දෙකක් අමුණල ඔය  කාල්ටන් එකේ අරලිය ගහ මන්දිරේ නිකං ඉන්න ගමං පුකට අල්ලල කරන්ට් වද්දගන්නව. අන්න එහෙමයි වැඩේ ගිහිල්ල තියෙන්නෙ. ඒ නිසා පොර විදුලි පුටුවලට කිසිම බයක් නෑ. ඒත් කොමිසමට ගෙනල්ල ප්‍රශ්න කිරිල්ල වෙනම කේස් එකක්නෙ. පොරගෙ බොක්ක රත්වුනා ඒක ඇහුවම..අන්න ඒකයි මෙතන වුනේ..යූ අන්ඩර්ස්කර්ට් මනෝජ්? හෙහ්,හෙහ්, /
/ PS – ඔය කරන්ට් අල්ල ගෙන පුරුදු වෙච්ච සීන් එකත් මරු කතාව. ඉඳහන් ආයම වෙලාවක ඒක ලියන්නං /
අරක ලියඤ්ඤං මේක ලියඤ්ඤං කියල පොරොන්දු දැං බර ගණනාවක් පෙන්ඩිං තියන වෙලාවෙ මට හිතුන මනෝජ්ට වෙච්චි පොරොන්දුව මේ ගමන්ම ඉෂ්ඨ කරානං ඒකවත් ඉවරයක්නෙ කියල.
දවසට එක හත අටක්වත් පළාත් සබා මැතිවරන රැස්වීම් අමතා කතා පවත්වන එතුමා ගෙදර එන්නේ රෑ දෙගොඩ හරියේය. අරලිය මැදුරේ ඉස්සරහ තනකොල පිටැන්නට හෙලිකොට්ටරේ හරියකට බාන්ටත් ඉස්සර රෙද්ද කරටගත් එතුමා සාටකේ අනික් අතිං අල්ලාගෙන බිමට පැන්නේය.
දෙදාස් පහේ චන්ද කාලේ අර කොන්ඩෙ බෙල්ලට එනකල් වවාගත්තු හාදයා අපිට ඕනෙ පන ඇති මිනිහෙක් කියල බෙරිහං දෙනකොට ඔය වගෙ දූවගෙන දූවගෙන ගිහිල්ල ඈත ඉඳලම අත්දෙකත් උස්සල ඉස්ටේජ් එකට දබෝරියං ගාල පයින සීන් එකක් ටී.වී. වල ඇඩ් එහෙකට දැම්මෙ අර කටඇරියොත් අහස පොලව නුහූලන චේතිය බොරු කියන පනාපුත්තරයාගේ උපදෙස් අනුවය.බුදු හාමුදුරුවො ලොක්කාගෙ ලඟම නෑයොය කියල කටේ තොලේ නොගෑවී කිව්වෙත් ඔය ගස් ගෝනාය. ඒ අත් උස්සාගෙන ඉස්ටේජ් එකට පයින සීන් එක වැඩකරයි කියල එතුමාටම ඒ හැටි විස්වාසයක් තිබ්බෙත් නැතිවුනාට චන්දෙ දෙන ජහමනයාටත් ඕන වුනේ රාජ්‍ය නායකයෙකුට වඩා සර්කස් කාරයෙක් ද කොහෙද නිසාවෙන් එතුමා බොහොම සුලු වැඩි චන්ද ගනනකින් කප් එක ගැහුවේය.
මොනතරම් නං තමන් ගැන පුරාජේරු ගැහුවත් මේ ලෝඩ් බුද්ධාස් ඩිසෙන්ඩන්ට් සීන් එකට නං එතුමාටත් ටිකක් මොකදෝ මොකදෝ වගේ හිතුනේය. නිකං මේ සුට්ටං විලි ලැජ්ජාවක් වගේය.
” එහෙම කියන එක හොඳද බං? “
එතුමා එහෙම ඇහුවේ ටෙම්පල් ට්‍රීස් එකේ කරදිය පූල් එක අබියස ඩෙක් චෙයාර් එහෙක ඉඳගෙන ගල් ෂොට් එකක් ගසන අතරදීය. කවදත් එතුමාගේ පානය ගල්ය. මම මුල අමතක කරන මිනිහෙක් නෙවෙයි බං එතුමා නිතරම එහෙම කියන්නේය.එතුමා කට ඇරියොත් සීයට අනූනමයක් කියන්නෙ පට්ට කෙබර උනාට මේ මුල අමතක නොකරන කතාව නම් අමූලික ඇත්තය.
ඒ කාලේ එතුමාගේ වලව්වේ දරදිය ඇද්ද ඔක්කෝටම හොඳහැටි හතරවරං ගහන්ට, ආන්ඩුව ගානෙ දෑතිම්ම කන්ට චෑන්ස් එක අරංදුන්නෙ ඒ මුල අමතක නොකරන ගතිය හින්දාය. ගිව් ද ඩෙවිල් හිස් ඩියු කියලා සුද්දත් කියල තියන නිසා මොනවා වුනත් හොඳට හොඳ කියන්ට ඕමනාය. ඤාතීංට සැලකීම අතින්ද එතුමා කප් එක ගැහුවේ වට දෙකතුනක් තියාය. ( ඥාතීං කියලා ලියන්ට ගන්නේ අර පූසෝ ඤාව් ගාන ඤා එකද නැත්තං ඥාණකතා ඥා එකද කියලා මට හරියට මතක නම් නැත. ඒ කෝක හරි කමක් ද නැත. හරි එක දන්නා අය ඒක මෙතනට ආදේස කලාට මගෙං වැරැද්දක්ද කොහෙත්ම නැත. ඤාව් කියල කියාගන්ට දන්නෙ නැති ටීචර් කෙනෙක් ළමයි පූසෝ කෑගහන්නේ කදව් කදව් කියලා යනුවෙන් උගන්වපු කතාවක් කොහේ හරි පත්තරේක මම දැක්කාය. )
ඉතිං අර පනාපුත්තර නම් සට්ටැඹියාගේ කතන්දරේට ආයෙම ආවොත් ” එහෙම මම බුදුහාමුදුරුවන්ගෙන් පැවත එන කෙනෙක්ය කියලා කියන එක හොඳද බං? “ කියලා එතුමා ඇසූවිට සට්ටඹියා අතකිං තට්ටෙත් අතගගා ඇස් ගෙඩි දොඹගෙඩි සයිස් නෙරවලා කිව්වේ ” එහෙමයි ,එහෙමයි, ඔබ තුමා කොහොමත් බුදුහාමුදුරුවංගෙ පරම්පරාවෙ බව අංග ලක්ෂණ වලින්ම පේනවා ” කියලාය.
” යකෝ ඔහොම ඇස් නෙරවල කතා කරන්ට මේක රනවිරු රියල් ඉස්ටාර් වත් දොරමඬලාව වත් නෙවෙයි ඒ නිසා නෝමල් විදිහට කියන දෙයක් කියාපන් ” එතුමා පනාපුත්තරට උදහස්වී වදාලෝය. ” මේකා ගෙදර ගෑනු මනුස්සය එක්ක කතාකරන්නෙත් මේ විදිහටමද මන්දා..” ආයෙමත් සුටුසුටු ගෑ එතුමා ” හරි බුදු හාමුදුරුවන්ට තිබ්බ මොන අංග ලක්සනේද බං මගෙ තියෙන්නෙ? ” ටිකක් කූල් ඩවුන් වී ඇසුවෝය.
බුදු හාමුදුරුවන්ට තිබ්බය කියන දෙතිස් මහා පුරුස ලක්සන ගැන සට්ටඹියා කල්පනා කලමුත් අර නෙලුම් මලේ කෙමිය වගෙ මොකක්ද එකකුත් ඒ අතර තියන බව කල්පනාවී ඔව්ව කියන්ට ගිහිල්ල ආය අහක යන නයි මොකටද …කියා කල්පනා කොට දෙපැත්තම ෂේප් වෙලා යන්ට මෙසේ කිවේය. ” සර්..බුදු හාමුදුරුවන්ගෙ කණ දිගයි කියනවනෙ උරහිස ගාවට..ලම්බකර්ණ කියලයි ඒකට කියන්නෙ. ඉතිං ඔබ තුමාගෙත් කණ දිගයිනෙ ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබතුමාත් ඒ වංසෙම තමයි “ තට්ට හිස අතගාමින් සට්ටඹියා හිනාවුනේය.
” මූ දන්නවය මගෙ කං දික්වුනේ පොඩි කාලෙ ගණං බැරුව අර පෝරිසාද ගණං මාස්ටර් කොච්චරවත් මගෙ කණෙං ඇදපු හින්දය කියල ” හිතයටින් හිනාවුනු එතුමා නැඟිටලා ගිහිල්ලා තව ගල් ෂොට් එකක් වක්කරගෙන ආවේය.
” මේ අන්න අර හෙට යන රැස්වීමෙ සංවිදායක පලාත්සබා මන්ත්‍රී ඇවිල්ල ඉන්නව. ” ඒ අස්සේ ආර්යාව මැද සාලෙන් එලියට ඔලුව දමා කිව්වාය.
” ආ එළබට්ටද? ඩස්පියාද? වල් අමරෙද? ” 
 
” මංදා කවුද කියල…..අන්න ඉන්නව එලියෙ බෝනික්කෙකුත් තියාගෙන…”
 
” බෝනික්කෙක්? ඒ මොකටද? “
” මම දන්නෙ කොහොමද මනුස්සයො? ….එන්ට කියන්ටද එපාද? අන්න ඒක විතරක් කියනවා …මට තව වැඩ තියනවා. “
” හරි හරි එන්ට කියන්ට එන්ට කියන්ට..” එතුමා කිව්වේ ” හපොයි මේ ගෑණු…” කියමින් දත්මිටි කමින්ය.
ඒ එක්කම මැද සාලේ දෙපලු දොරෙන් පිටවී එතුමා  අසලට ආවේ වල් අමරේය. ආර්යාව කිව්වත් වගේම ඔහු අතේ ලොකු සයිස් එකේ බෝනික්කෙක්ද සිටියේය.
” මොකද්ද බං ඔය? බෝනික්කෙක් නේද? ඔය මොකටද? …”එතුමා ඇහුවේ සාටකේ බෙල්ල වටේ තදට ඔතාගනිමිනි. මූද බෝම කිට්ටු නිසා පූල් එක ගාවට සැරට හුළං එන එක නවත්තන්ට ක්‍රමයක් හොයාගන්ට තවම බැරිවුනාය. ” කොහෙද මේ යක්කු..නෙදකිං විතරක්…එකෙක්වත් ඉන්නවය වැඩකට ඇති එකෙක් ” තොල් මතුරමින් එතුමා ආයමත් අමරේ දිහාට හැරුනේය.
” හැබෑට මොකටද බං ඔය බෝනික්කෙක්? හෙට රැස්වීම තියෙන්නෙ ළදරු පාසලකවත්ද? හක් ..හක්…”
 
” නෑ බොස්..එහෙම එකකට නෙවෙයි. අද රැස්වීමෙ ඔබ තුමා ළමයි වඩාගත්ත විදිහයි කිචි කැව්ව විදිහයි එච්චර හරි නෑ. අනික අර දෙවෙනි ළමයගෙ ඔබ තුමා කම්බුල් මිරිකුවෙත් නෑ. “
 
” පිස්සුද බං? මොකද කම්බුල් මිරිකුවෙ නැත්තෙ? මම මිරිකුවා.. “
” ඒ වුනාට ඒ මදි බොස්…දුර ඉන්න මිනිස්සුන්ට පේන්ටත් එක්කල ළමය දෙතුන් පාරක් උඩ දාන්ටත් ඕන. එතකොට තමයි ඔබ තුමා ජාතියේ ආඩම්බරකාර තාත්තාමයි කියල මිනිස්සු පිළිගන්නෙ…හැබැයි මතක ඇතුව ළමය උඩ දාල ආපහු අල්ලන්ට ඕන. අර ගිය සුමානෙ රැස්වීමෙ වගෙ කරන්ට එහෙම එපා. “
එදින රැස්වීමෙහිදී ළමයි දෙදෙනෙක් එකවර උඩ දැමූ එතුමාට ගණං වැරදිනි. එතුමා ආපසු අල්ලාගත්තේ එක ළමයෙක් පමණි. බරපතල අනතුරක් නොවූයේ එතුමාගේ ආරක්ෂකයකු වහා ඉදිරියට පැන අනික් ළමයා සුරැකිව අල්ලාගත් බැවිනි.
 
” මේ අමරේ..බැරිද ඔය ළමයින්ට කියල අත්දෙක උස්සල ජයවේවා..ජයවේවා කියල කෑගහන්ට පුරුදු කරවන්ට. අන්න එහෙම කරන්ට පුලුවන් නම් මල් හතයි. ඔය ළමයිංගෙ අම්මලාට කියල බලාපංකො. කියපං රුපියල් දාහ වෙනුවට පන්දාහක් දෙනව කියල එහෙම පුරුදු කරන්ට පුලුවන් නං..”
” මම හිතන්නෙ නෑ බොස්..මේ අවුරුද්දක හමාරක පොඩි එවුං ලව්වා ජයවේවා කියල කියවන එක කරන්නෙ කොහොමද? “
 
” හරි හරි එහෙනං ඒක අතෑරල දාපං…මම කතාවෙදි කියන්නං ළමයි එහෙම කිව්වයි කියල. “
 
” හිහ්,හිහ්…මිනිස්සු විස්වාස කරයිද බොස්? “
 
” බයවෙන්ඩ එපා මිනිස්සු විස්වාස කරනව බං..මිනිස්සු විස්වාස කරනව..ඇස් දෙක දොඹගෙඩි වගෙ කරගෙන අපෙ හාමුදුරුවනේ කියල පටන්ගෙන කිව්වොත් ඕන එකක් මිනිස්සු විස්වාස කරනව..මම ඒක දන්නව ටක්කෙටම. “

https://www.youtube.com/watch?v=5dt4A8MdEoE

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල