සංචාරක හා ඡායාරුප

අපේ අස්පයෝ බලන්න ඩෙල්ෆ් ගියා

Off

ස්‌පාඤ්ඤයේ සහ පෘතුගාලයේ පුහුණුව ලැබූ ශූර අසරුවන් ඇරිසෝනාවේ කැලෑ අශ්වයින් ඇල්ලූ කථා “කව් බෝයි” චිත්‍රපට හරහා මම දැක තිබුණා.
හැබැයි මම ඩෙල්ෆ් දූපතට එහෙමත් නැතිනම් උතුරේ ජනතාවගේ හැඳින්වීමෙන් කියනවනම් නඩෙන්තිව් වලට ගොඩ බැස්සේ ඒ වගේ මේ හීලෑ නැති කැලෑ අශ්වයින් අල්ලන්නම් නෙමෙයි.

කොහොම නමුත් ඩෙල්ෆ් වලට යන ගමන අපූරූ අත් දැකීමක්. සැතපුම් 24 පමණ මුහුදු ගමනක්. මේ ගමනේදී ආරක්ෂක අංශ සමාජිකයන්ට පමනක් ලබා ගත හැකි අත් දැකීමක් ලබන්නත් අපිට හැකි වුණා ඒ බෝට්‍ටුව ඇතුළේ යනවා වෙනුවට බොට්‍ටුව උඩ ට වෙලා හතර වටේ ඉමක් කොනක් නැති සාගරය දිහා බලමින් යන්න ඉඩක් අපිට ලැබුණා.

අපි නම් ආවේ බෝට්‍ටුවේ.., ඒත් ලංකාවට ආවේනික නොවුණු මෙම සත්වයින් උතුරු කෙළවරේ දූපතකට ඩෙල්ෆ් වලට ගොඩ බැස්සේ කොහොමද? ප්‍රශ්න ගොඩක් අතර මං අතරමං වුණා. පෘතුගීසි ආක්‍රමණයත් එක්ක මේ අයගේ වැඩ පහසු කර ගන්න ගමන් බිමන් යන්න මෙ අශ්වයින්ව රැගෙන එන්න ඇති කියලා ජනප්‍රවාද තියෙනවා.

delft-2

මහා වංශයේ සඳහන් වන අයුරින් ක්‍රිස්‌තු පූර්ව 3 වැනි සියවසේදී ඉන්දියාවේ සිට වෙළෙන්දෙකුගේ පුතුන් දෙදෙනෙකු වූ සේන සහ ගුත්තික අශ්ව වෙළඳාම සඳහා පැමිණ තිබෙනවා. එම පැමිණීමත් සමග අශ්වයින් ලංකාවේ ඩෙල්ෆ් වල ගාල් කර තිබෙන්නට ඇති. කොහොම වුණත් මේ කැළෑ අශ්වයින්ට ඉතා ඈතට දිව ගිය ඉතිහාසයක් තිබෙන බවනම් පැහැදිලියි.

හරි අපි කතාවට බහිමු. මම ඩෙල්ෆ් ගිහින් ඇවිත් අදට සති 4කට වැඩියි. ඩෙල්ෆ් යනවා කියපු වෙලාවේ ඉඳන් පරිස්සමෙන් ගිහින් වරෙන් හොඳ ආර්ටිකල් එකක් කරපං කියපු මගේ සහෘදයා ස්කයිප් ලොග් වුණ ගමන් අහන්නේ කෝ ඩෙල්ෆ් එක, ලිව්වද? උඹ “අන්තිම අශ්වයත් මැරෙනකල්ද ඉන්නේ” කියලා. ඉතිං ඊට කලින් මේක ලියන්න මං කල්පනා කළා.

කොහොම වුණත් ලන්දේසි විසින් ඩෙල්ෆ් කියලා නම් කළ යාපා පටුනේ නඩෙන්තිව් දූපත වර්ග කිලෝමීටර 48 කින් යුතු දිවයිනක්. මෙහි කැළෑ අශ්වයින් වෙසෙන වන ලැහැබ දූපතේ උතුරු කොනේ පිහිටා තිබෙනවා. මට අස්වයෝ සොයාගන්න නඩෙන්තිව් දූපතම පීරන්න සිදු වුණා. ඩෙල්ෆ් අශ්ව පන්තිය දුටු විගසම මම උන් වෙත දිව ගියා. මට බිය වූ වගක්‌ නො පෙන්වුවත් සැම විට ම මගෙන් ඈත්ව සිටින්න මේ අශ්වයින් උත්සහා ගත්තා.

පඳුරු අස්සෙන් රිංගලා අශ්වයින්ට ලං වුන මගේ ඇස් කඳුළු වලින් පිරුණා. මිනිස්සු මේ අශ්වයින්ගේ පිටවල් පුරා හංවඩු ගහලා. අපිට මං පෙන්වූ දමිළ සහෝදරයාගෙන් ඇහුවා “ඇයි මෙහෙම කරලා තියෙන්නේ” කියලා.

මෙහේ මිනිස්සු හොඳ හයිය හත්තිය තියෙන අහ්වයෝ අල්ලලා තමන්ගේ කියලා අයිති කර ගන්නවා. ඒකයි මෙහෙම කරලා තියෙන්නේ. මේ සත්තුන්ට රත් කරපු යකඩයකින් මේ විදිහට හං වඩු ගහද්දි මොනතරම් වේදනාවක් ඇද්ද කියලා මට හිතෙන්නට වුණා.

කොහොම වුණත් මේ අශ්වයින් සම්බන්ධව ඇති ප්‍රධානම ගැටලුව තමයි අපිව ඩෙල්ෆ් යන්න පෙළඹෙව්වේ. ඒ තමයි මේ සතුන්ට බීමට ජලය නොමැති කම.

වාර්තා වන විදිහට මෙම දූපතේ අස්ව ගහණය 5000කට අධික ප්‍රමාණයක්. එහෙත් වර්තමානය වන විට 1000 ක පමණ අශ්ව ග්‍රහණයක් තමයි වාර්තා වන්නේ. හොඳ පාරිසරික තත්ත්වයක්‌ යටතේ අශ්වයකුගේ පරමායුෂ අවුරුදු 25ක් වුණත් මේ කැළෑ අශ්වයින් බීමට ජලය නොමැති කමින් කෙටි ආයුෂකින් මියයනවා.
නාවික හමුදාව වගේම වෙත් පරිසර හිතවාදීන්ගේ මැදිහත් වීමෙන් මම පෙර සඳහන් කළ අශ්වයෝ වෙසෙන වන ලැහැබ ආශිතව පුංචි ජල ටැංකි ගසා තිබුණත් මෙම සත්වයින්ට ඒ වතුර ප්‍රමාණවත් නැහැ.

delft-3

එහෙමයි මේ කියලා මේ සතුන්ට මැරිලා යන්න ඉඩ නොදි රැක බලා ගන්න වැඩ පිළිවෙළක් යොදන්න රජයේ වගකිව යුත්තන්ට වගකිමක් තියෙනවා.

වසර 2011 දී ඩෙල්ෆ් ජාතික උද්‍යානයක් කරන්න කියලා පරිසරවේදීන් ඉල්ලීම් කරලා තිබුණා. කොහොම වුණත් මේ වනජීවී රක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කිරීම නතර කිරීමට විවිධ අංශ වලින් බලපැම් එල්ල වන්නේ පටු අරමුණු කීපයක් මත. ඔවුන්ගේ අර්ථ දැක්වීම අනුව

* වනජීවී රක්ෂිත ප‍්‍රකාශයට පත් කිරීමෙන් සංවර්ධන කටයුතු වලට බාධා එල්ලවේ.
*එපමණක් නොව එසේ ප‍්‍රකාශට පත් කරන ජාතික රක්ෂිත වල මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුතු හා හෝටල් ඉදි කිරීම පරිසර බලපෑම් අගැයීම් ක‍්‍රියාවලියට යටත් ව ක‍්‍රියාත්මක කිරීමට සිදුවීම බාධාවක්

මෙවන් පටු අරමුණු හේතුවෙන් වර්තමාන හා අනාගත නූපන් පරපුරේ සුරක්ෂිත පැවැත්ම උදෙසා ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න වගේම සුරක්ෂිත කරන්නත් බාධා එල්ල එල්ල වෙලා තිබෙනවා. කොහොම වුණත් තව ටික දවසක් යද්දි ඩෙල්ෆ් දූපතේ අශ්වයෝ හිටියා කියලා පත්තර පිටු වෙබ් පිටු වල ඡායාරූප වල පමණක් මතකයන් තියේවි.

ඉතිං ඩෙල්ෆ් දූපත ගැන ලියන්න තියෙන්නෙ අශ්වයෝ ගැන විතරක් නෙවෙයි. තව ගොඩාක් කතා මේ සංචාරයෙන් අපි එකතු කර ගත්තා. ඒ ගැන පසුවට ලියන්නම්

delft-6

delft-5

delft-4

http://www.lankadiscovery.com/sanchare/item/234-2015-02-10-05-09-10

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල