කාලීන සංවාද

බණ ටෝකින්

Off

පින්වතුනි

වෙසක් හඳත් ඈතින් මුදුන් වේගෙන එනව
වෙසඟේ සිසිල අප ගතටත් හිතටත් දැනෙනව
ඒත් එක්වරම හිතයන්නේ කරදරයට පත්ව ඇති බුදුන් ඉපදුන දේශය වෙත
බුදුන් බිහිකල දේශයේ අද 6800ක මලමිනි ගොඩගහල
අවාසනාවන්ත තත්වයක්.
2004 දෙසැ 26දා ඔබට මතක ඇති සුනාමි ඛේදවාචකය අවුරුදු 30ක යුද්ධයෙන් නැතිවූවාට වඩා ජීවිත සංඛ්‍යාවාක් එක් මොහොතකින් අහිමි උනා
ජීවිතයේ අනියත බව
අප ස්වභාව ධර්මයාගේ සුවච කීකරු යටත් වැසියන් බව
අද රජගෙදර සිටින්නා හෙට මහ මගට ඇද වැටෙන බව
මොනවට කියාපාන්නේද?

මේ ලෝකධර්මයන් ගැන
අටලෝධර්මයන් ගැන ජීවිතයේ අස්තිරබව ජීවිතයේ තේරුම ගැන මනුස්ස ජීවිතයේ වටිනාකම ගැන අපට කියාදුන් බුදුන්ගේ ධර්මය අප කෙසේ ඉගෙනගනිමුද?

දියුණු වූ ලෝකයත් විද්‍යාත්මක දැනුමත් සමග ඉදිරියට නොගිය ලංකාවේ සමාජයේ කොටසක්වන පන්සල හා එහි භාරකරුවන් දෙස බලාවත්

 

දැන් කාලේ පන්සල්වල කෙරෙන කටයුතු
කහ චීවරධාරීන්ගේ කතාබහ කටයුතු
දිහා බලාවත්කෙනෙකුට බුද්ධ ධර්මය ගැන පැහැදීමක්
ඇතිකරගන්නට පුලුවන්වේවිද
හික්මුනු කෙනෙකු කතාබහ කරන අඟ පසඟ පිහිටුවගන්නා ආකාරය මේ යයි පසක් කර ගත හැකිද
නිවුනු සරල ජීවිතය මෙය යයි අදහසක් ඇතිකර ගත හැකිද

ඇත්තටම කොහෙද මේ ධර්මය පවතින්නේ
බුද්ධ ධර්මය තිබෙන්නේ පොත්වලද?

මේ උදාහරණය බලමු!

ප්‍රජාතත්‍රවාදය වෙනුවෙන් පිහිටුවා ඇති ලංකාවේ පාර්ලිමේන්තුව දෙසබලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන පැහැදීමක් ඇතිකර ගත හැකිද ?

ජනවාරි 8 සිදුවු වෙනස ඇතිඋනේ පාර්ලිමේන්තුවට පිටිනි.
මන්ද පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් එදිනෙදා ප්‍රශ්නවල සිරවී සිටින බැවිනි.
වැල යන අතට ගහ උලුවස්සා ක්‍රමයට කටයුතු කරනු විනා අන් මඟක් ඔවුනට නොපෙනේ. එය අභාග්‍යයකි. කෙසේ වෙතත් පුරවැසියන් විසින් ඔවුනට දෙවැනි අවස්ථාවක් ලබාදී තිබේ.

පන්සල ගැනත් එසේ සිතීම වරදක්ද?
ගමේ විහාරයක වසන භික්ෂුවකගේ දිනචරියාව ගතහොත්..
පාරිභෝගිකයාට අව්ශය කාරණාකාරණාවලට දවස ඉඩ මදිය
මල ගෙවල්, මගුල්, පිරිත්, බණ, බුද්ධ පූජ, පිරිත්නූල් බැඳීම, අංගුලිමාල පිරිත්…..

බණ ටෝකින් එක අදට නිමය

http://dayal-bathee.blogspot.co.uk/2015/05/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල