සංචාරක හා ඡායාරුප

සොඳුරු සැරිසර පුලතිසි පුරවර

Off

‘ඔයා ට ඉතින් ගහක් කොලක්, ඇලක් දොලක්, තරුවක්, මලක්, පොතක්, කවියක් තිබ්බම හොඳටම ඇති නෙ ජීවත් වෙන්න..’

රෑ නවයට විතර පෑළ දොරින් ගෙට ගොඩවෙන මං දිහා බලල එහෙම කිව්වෙ සේපාලි.. ඒ වෙසක් පුන් පෝයට කළින් දවස. එතෙක් මං උන්නෙ පරාක්‍රම සමුද්‍රයට ආයුබෝවන් කියල දෙකේ ඇල දිග පිටමං වෙලා යන ජල දහරට පා ඔබාගෙන ඇල අද්දර ගල් පඩියක වාඩිවෙලා…

පුන් පෝය හඳ නිසා හාත්පස එළියයි…. ඇල අද්දර සුදු අරලිය ගස්වලින් ගිලිහුණු මල් දිය දහර එක්ක හාද වෙලා නො එනා ගමන් යන්නෙත් හරිම සතුටින්.. මම වාඩි වෙලා උන්නෙත් ඉපැරණිකම හිතාගන්නත් බැරි තරම් දාර කඳක් ඇති සුදු අරලිය ගහක් යට… විටින් විට ගස යට පොදි ගැහෙන මඳ අඳුර අතරින් සුදු අරලිය මල් කැරකි, කැරකී දිය මත ට පා වුණා. අරලියා කොල අතරින් එබිකම් කර කර හඳ හිනැහුණා…

හිතේ හැටියට ඇලේ බැහැල දිය නෑවට පස්සෙත් මට ආපහු එන්න හිතුණෙ නැහැ. ඒ තරම්ම පරිසරයේ නිස්කලංකය හිත පැහැර ගත්තා. ඒ නිසයි ටික වෙලාවක් අහසයි, සඳයි, ඇලයි, අරලියා මලුයි එක්ක තනිවුණේ….

සරසවි ජීවිතේ යාවජීව මිතුදම් ලංකාවෙ සතර කොනට වෙන් වෙලා තිබුණත් තවමත් අපේ හදවත් ඒ කිචි බිචියට, ඒ ආදරයට කොයි තරම් ලෝබ ද කියල ආයෙමත් දැණුනා පසුගිය දීර්ඝ සති අන්තයේ දීර්ඝ සංචාරය නිසා.

සතිඅන්තය ඇරඹුණේ ගලගෙදරින්.. මධුයි, පුතා පූජනයි මමයි… මැයි දෙවෙනිදා හිමිදිරියෙම නුවරින් පිටත් වුණු අපි රක්වාන, මාතලේ, දඹුල්ල, හබණ හරහා දහවල උදාවෙද්දි පොළොන්නරුවෙ. රක්වාන කඳුවැටි මීදුමේ වැතිරිලා ඉද්දි, මාතලේ හරිත පරිසරය උදා හිරු එළියෙන් නැහැවෙද්දි, දඹුල්ල කලබල නගරයක්ව නිදිගැට හරිද්දි, හබරණ විසල් කැලයත්, පුලතිසි පුරවරයේ වැව්, දාගැබ් වෙහෙර විහාර හිතට නැවුම් බවක් එක් කළා…

thaurasi-2

 

පරාක්‍රම සමුද්‍රයත්, අතීත නටබුන් බිමත් ආසන්නයේ තියෙන සේපාලිගෙ නිවස මට ආගන්තුක නැහැ. ගේ පිටුපසින් ගලන දෙකේ ඇල වගේ ම, ගෙදර ඇත්තන්ගෙ ආදරයත් හිත නිවනවා.. ඒත් මේ සැරේ යද්දි ලොකු අඩුවක් තිබුණා. ඒ තමයි වෙනද අපිව ආදරයෙන් පිළිගන්න අම්මා නැති එක. වසර 12 කට පමණ පෙර මම මුල්ම වතාවට පොළොන්නරු ගිය වෙලාවෙ තමන්ගෙ දූල දෙන්නට වගේම මටත්, ලස්සන සල්වාර් එකක් අන්ඳලා, කොණ්ඩ මෝස්තරයක් දාලා, මලක් ගහල ඥාති මංගල්‍යයකට කැන්දන් ගිය, නෑදෑ හිතමිත්‍රයන්ට ‘දැන් මට දුවල තුන්දෙනෙක් ඉන්නවනේ’ කියල මාව අඳුන්නල දීපු අම්මව මතක් වෙලා මගේ ඇස්වල කඳුළු පිරුණා..

වෙසක් පෝය දවසෙ උදේ වරුව පොළොන්නරු යුගයේ විශිෂ්ඨත්වය නිහඬවම කියා පාන නටබුන් වූ මාලිග, වෙහෙර විහාර, පොකුණු බලන්න වෙන් වුණා.

ඉතිරි ටික බලන්න

http://tharurasi.blogspot.co.uk/2015/05/blog-post_7.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල