විශේෂ, සංචාරක හා ඡායාරුප

මුරුගන් වල්ලි පන්නගෙන ආපු ඔකඳට අපිත් ගියා

Off

අපි සුන්දර ගනේෂ් ගේට් එකට සමුදීලා ඔකඳට යන්න පිටත් වුණා. විස්කි පොයින්ට් එකේ අපි හදපු කෑම වල රස බලන්න ආදරණිය සහෝදරියක් එකතු වුණා. එයා තමයි ෂිහෝ. ෂිහෝ අක්කා ජපන් යුවතියක්.

ඇය මේ වෙද්දි මඩකලපුවේ JICA එකේ වැඩ කරනවා කියලා තමයි එයා ගැන කියද්දි කිව්වේ. ආරුගම්බේ රංගගේ බීච් හට් එකෙන් ෂිහෝ අක්කාවත් අරගෙන අපි නලීන් අයියගෙත් එයාගේ යාළුවෙකුගේත් ත්‍රීවීල් දෙකක ඔකඳ යන්න පිටත් වුණා.

ඔකඳට යන අතරමගදි හමුවුණ ගණදෙයියන් පල ලඟ ත්‍රී වීල් එක නැවැත්තුවා. මේ ඔකඳ ද ?

මම නලීන් අයියාගෙන් ඇහැවා. නැහැ ඔකඳට යන හැමෝම මේ ගණදෙයියන් පල බළඟ බැහැලා කපුරු පත්තු කරලා කොළ අත්තක් එල්ලලයි යන්නේ. අලි ඇතුන්ගෙන් සතා සීපාවගෙන් අතුරු ආන්තරාවක් වෙන්න එපා කියලා මෙතැනදි ප්‍රාර්ථනා කරනවා. නලීන් අයියාගේ අනුදැනුම පිට ගණදෙයියන් පල වැඳ පුදා ගත්ත අපි එතැන තිබුණ කළු ගල් තලාවකට නැග්ගා. ඇත්තටම කළු ගල් තලාවට නැග්ගේ මමත් ෂිහෝ අක්කත් ත්‍රීවිල් එක පදවගෙන ආපු ඒ මිත්‍රයත් විතරයි. ඈතින් දිස්වෙන්නේ කුටුම්බිගල කියලා ඒ අයියා අපි දෙන්නට පැහැදිලා කළා.

ඒ ගල මුදුනේ බුදු පිළිමයක් තැන්පත් කරලා තිබුණා. මං එතැනට ගිහින් ටික වෙලාවක් බලා හිටියා. ෂිහෝ අක්කා මගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා.

What’s your faith? Buddhism??? Are u a believer?

No-I don’t believe. People should not blindly follow any religion.

Why you asked that question?

I also ….don’t believe in any religion. Since you were inside the Image room. I asked that question.

ඇය මට පිළිතුරු දුන්නා. දෙන්නට අදහස් හුවමාරු කරගන්න වුනේ දෙන්නම හරියට නොදන්න ඉංග්‍රීසි භාෂාවෙන්. ඇත්තටම මම බුදු ගේ ඇතුලට ගිහින් හිටියෙනම් කට්ට අව්වෙන් පොඩි වෙලාවකට හරි ඔළුව බේරගන්න හිතාගෙන.

ගල්තලාවෙන් බැහැගත්ත අපි යළිත් අපේ නවාතැන් පළ බලා යන්න පිටත් වුණා. යන අතරතුරේ නලීන් අයියා මෝටර් බයිසිකලේ යද්දි අලි එයාලව පන්නගෙන ආපු හැටි අපිට මතක් කරලා දුන්නේ සුන්දර මතකයන් ආයෙම හාරා අවුස්සමින්. මේ වචන හැම එකක් ඇතුලෙම නලීන් අයියාගේ ආදරණිය සහෝදරයා ලදන් අයියාගේ නම රැඳලා තිබුණා.

එයාගේ වචන 100 කින් 75කම හිටියේ ලදන්. ඒකනම් ඇත්තටම අපි හැමෝගෙම හිත් වලට දුකක් ඇස් වලට කඳුලක් එක් කරන්නක් වුණා. අපේ නඩේ ගුරා වසන්ත අයියා නලීන් අයියාට විහිළු කරද්දි හැමවෙලාවෙම මම එයාට කිව්වේ කොලොප්පන් කරන්න එපා වසන්න අයියේ නලීන් අයියා පව් කියලා. ඒ වසන්න අයියගේ හැටි. එයාටත් ඔනේ වුනේ නලීන් අයියාව සතුටින් තියන්න කියලා අපි හැමෝම දැනගෙන හිටියා.

දිගු ගමනකින් පසුව අපි ඔකඳට සේන්දු වුණා.

අපේ නඩේ ඇත්තන්ට ඊ ලග අම්බලම උනේ ඔකඳ වෙරළයි .අපේ ආදරණිය හිතවතා ,එකම එක බස්නායක නිළමේ ,නලීන් සුරේන්ද්‍ර බණ්ඩාර තමයි ඔකද දේවාලයේ වත්මන් භාරකාරයා දේවාලයට අයත් කුඹුරු ,වැව් ,කැලේ …අක්කර සිය ගණනක හිමිකාරයා ඔහුයි .

ජනප්‍රවාදය අනුව කතරගම දෙවියෝ – මුරුගන් දකුණු ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩ බැස්සේ ඔකද වෙරළෙන් .දෙවියෝ වඩින්නේ රන් ඔරුවෙන් .පස්සේ ඒක ගලක් වුණාලු .රන් ඔරුගල අදත් ඔකද වෙරලේ දැක බලා ගන්න පුළුවන්. බලන්නම වටින තැනක් කිව්වොත් නිවැරදියි.

ඔකද තණ හේනේ කුරුල්ලන් පැන්නූ වල්ලි සුරූපී වැදි කැකුලියක් .මුරුගන් මේ කැකුළු මලට පෙම් බැන්දා. මුරුගන් එයාගේ අයියා ගනේෂ්ගෙන් උදව් ඉල්ලුවා. ගනේෂ් නුවණක්කාරයි. වැදී කෙල්ලගේ සිත ගන්න උපායක් යෙදුවා. මුරුගන් මහළු මිනිසෙක්ගේ රුපෙට මාරු උනා. ගනේෂ් දළ ඇතෙකුගේ වේශය අරගෙන වල්ලි අම්මාව බය කළා.

බියපත් වැදී කැකුළිය වියපත් වේශයෙන් සිටි මුරුගන් වෙත රැකවරණයට දිව ගියා .මුරුගන් හද බැදි සෙනෙහෙන් ඇය සිප වැළද ගත්තා .ඒ සමගම සදා භද්‍ර යව්වනයේ පසුවන දෙව් කුමරුවා තමන්ගේ නියම හැඩ රුවෙන් දිස් වුණා. දෙදෙනා පෙමින් බැදී ගියේ අන්න ඒ විදිහටලු, ඒ නිකන්ම නෙමෙයි සෙනෙහසේ දෙවොලක් ඔකද වැල්ලේ ඉදිකරමින්

ඉතිරි ටික බලන්න

http://www.lankadiscovery.com/sanchare/item/312-2015-04-30-12-09-34

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල