කාලීන සංවාද

අව්ජිත් රෝයි ගේ ඝාතනය හා රයිෆ් බධාවි ගේ සිර දඬුවම හෙළා දකිමු

Off

අව්ජිත් රෝයි, ඔහුගේ බිරිඳ සමග බංග්ලාදේශයේ ඩකා නගරයේ ඇවිද යමින් සිටියදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින් මරා දමන ලදී. මේ පිළිබඳව බොහෝ දෙනා ලියා ඇති බවට සැකයක් නැත. මෙහිදී මට ඇතිවන ප්‍රශ්නය නම් අපි බොහෝ දුරට රටක සිටින සුළු ජාතියක් වශයෙන් හෝ සුලුතරයකගේ ආගමක් අපහසුතාවයකට පත් නොකරන්න යයි සිතා ඒ පිළිබඳව හඬක් නොනැගීමයි. මෙය තව දුරටත් නිවැරදි නොවේ.

අපි ඕනෑම අන්තවාදයකට විරුද්ධ නම් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ නොවී සිටීමේ තේරුමක් නැත. අව්ජිත් රෝයි අදේවවාදියෙකු වශයෙන් තමන්ගේ අදහස් නිර්භයව පල කළේය. බ්ලෝග ලෝකයේ දැවැන්තයකු වූ ඔහු මරා දැමීම බ්ලොග් ලෝකයේ නිදහස් අදහස් ප්‍රකාශනයට එල්ල කල දැඩි ප්‍රහාරයකි. කිසිම පැකිලීමකින් තොරව එය හෙළා දැකීමටත් අපරාධකරුවන්ට දඬුවම් දීමටත් බංග්ලාදේශ රජයට බල කල යුතුය.

බුරුමයේ බෞද්ධ අන්තවාදින් විසින් මුස්ලිම් වරුන්ට කල පහරදීම් අප හෙළා දුටුවෙමු. ශ්‍රී ලංකා වේ අලුත්ගම දී අහිංසක මුස්ලිමුන්ට කල පහරදීම් හෙළා දුටුවෙමු.
එසේ වතුදු මුස්ලිම් අන්තවාදීන්ගේ මේ නවතම සාහසික ක්‍රියාව පිළිබඳව බංග්ලාදේශයේ නිදහස අගයන ජනතාව හැරෙන්නට අනිකුත් රටවල මුස්ලිම් ජනතාව මෙන්ම බොහෝ වාමාන්ශිකයන්ගේ දැඩි නිහඬබවද කන් බිහිරි කරවන සුළුය. අප මේවාට විරුද්ධව හඬ නොනැගුවොත් එවිට එතනට එන්නේ, ඒ තැන ගන්නේ ෆැසිස්ට් වරුය. යුරෝපයේ විශේෂයන්ම ජර්මනියේ, ප්‍රංශයේ, එංගලන්තයේ සිදුවෙමින් පවතින්නේ එයයි. එංගලන්තයේ මන්ත්‍රී ජෝර්ජ් ගැලොවේ වමේ සිටිමින් අන්තවාදී මිනීමැරුම් හෙළා නොදැකීමෙන් අනියම් සහයක් දෙන්නේ ෆැසිස්ට් වරුන්ටය.

රයිෆ් බඩවි බ්ලෝග් කරුවා අත් අඩංගුවට ගෙන ඒක පාක්ෂික නඩු විභාගයකින් වරද කරු කලේ සවුදි අධිකරණයයි. ඔහුට කස පහර 50ක් සෑම සිකුරාදාවකම දීමට නියම කල අතර එය දැන් ක්‍රියාවට නැංවේ. ඔහුට මරණීය දණ්ඩනය නියමකිරීමේ අවදානමක්ද තිබේ.

ඉතාමත්ම මර්දනකාරී මිනිස් අයිතිවාසිකම් සීමිත සවුදි අරාබියට රැකවරණ සලසන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. බ්‍රිතාන්‍යය ද මෙහිදී නිහඬව සිටි. නමුත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා අනෙකුත් අදේවවාදී හා මානුෂික අයිතීන් (humanists) පිළිබඳ සංවිධාන මේ ස්ථාවරය විවේචනය කරමින් බඩවි නිදහස් කරන ලෙසත් සවුදි අරාබියේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය හෙළ දකින ලෙසත් උද්ඝෝෂණ කරයි. සවුදි අරාබිය මෑතකදී සියලුම අදේවවාදීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කර පනතක් සම්මත කර ගත්හ. තමන්ගේ කාම සුඛල්ලිකානු යෝගී දිවි පැවතුම් සුරක්ෂිත කර ගැනීමටත්, තෙල් සල්ලි වලින් සවුදි ඒකාධිපති වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය රැක ගැනීමටත්, සවුදී රජ කල්ලිය හා තෙල් ධනවතුන් මිනිසුන් මඩිමින් නිදහස සිමා කරමින් අත්තනෝමතික පාලනයක් ගෙන යයි. එසේම අයිඑස් අයිඑස් නැමති අන්ත අමානුෂික ත්‍රස්ත කල්ලියට හා උන්ගේ මිනීමරු ඉස්ලාමීය කැලිපෙට් රජයට මුදලින් ආධාර කරන්නේ සවුදි ධනවතුන් බව හෙළි වී තිබේ.

මේ සියල්ලට එරෙහිව නිදහස බුද්ධිමතුන් හා බ්ලොග් කරුවන් එකාවන්ව උද්ඝෝෂණය කල යුතුය. තම තමන්ගේ රජයන් ලවා සවුදි රජයට විරෝධය පෑම් කල යුතුය.
අව්ජිත් රෝයි ගේ ඝාතනය හෙළා දකිමු !
රයිෆ් බඩවි ගේ සිර දඬුවම හෙළා දකිමු !
අව්ජිත් රෝයි බ්ලොග් අඩවිය :
රයිෆ් බඩවි බ්ලොග් අඩවිය
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ විරෝධය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල