සංගීතය

“කොමළ පපා – මුකුළු පපා අපේ ළඟට එන්නකෝ”

Off
බොහෝ සිදුවීම් අතීතයට එක්‌ව වැළලී ගොසිනි. එදවස මෙරට බොහොමයක්‌ “සුවිශේෂ” සිදුවීම් වැඩි දෙනෙකු මතකයට නඟා ගන්නේ අහම්බෙන් හෝ ඒ පිළිබඳව සඳහන් ඇතොත් පමණි. එහෙත් මේ අතීතයට එක්‌වූ බොහෝ සිදුවීම් නිරන්තරයෙන් සිහිපත් කරන ගීත සමුදායක්‌ අපේ සංගීත ක්‍ෂේත්‍රයට දායාද කළ ශිල්පියෙකු ද වේ.ඒ “ඇන්ටන් ජෝන්ස්‌”ය. ඇන්ටන් ජෝන්ස්‌ මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රකටව සිටින්නේ බයිලා ගායකයෙකු ලෙසය. එලෙසම මේ “බයිලා” වල සුවිශේෂ බවක්‌ද ඇත. ඒ ඔහුගේ ගීත සියල්ල “සත්‍ය සිදුවීම්” ඇසුරින් නිර්මාණය වූ ඒවා වීමය. “පොඩි විඡේ, මරුසිරා, ප්‍රේමවතී මනම්පේරි, මතුගම සමන් කුමාර” ආදිය ප්‍රධානව ගීත ගණනාවක්‌ නිදසුන් ලෙස දැක්‌විය හැකිය.

ප්‍රේමවතී මනම්පේරි ………….

ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ හිටිය රූප රැජිනිය
පතිවත කෙළෙසලා ඇගේ මැරුවේ තිරිසනෙක් වගේ
ඒ හිත්පිත් නොමැති උදවිය….
එකදාස් නමසිය හැත්තෑ එකේ වරුසයේ
සිදුවුන සිද්ධියක් නේ මේ අපේ ලංකාදීපයේ
රුහුණු කදිර දෙවිදුන් වැඩ විසුව දේශයේ
වුන අපරාධය පවසමි ශුද්ධ භුමියේ
කතරගමේ රූප රාජිනි මනම්පේරි නම ගත්
ඇගේ රුවට කාගේත් නෙත් සිත්
නැණවත් තරුණියක් වූ ඇය පවුලක දුප්පත්
ඇය හට සිදුවුන දෙය අමතක වෙනවද කවදත් ..
මනම්පේරි මේ සුන්දර රූප රාජිනී
ඇයව සොයා හදිසියෙ ජීප් එකක් පැමිණුනී
කිසිවක් කර කියාගන්න ඇයට බැරි වුණී
ඒ නිලධාරින් ඇය කැන්දන් යන්න සැරසුනී
මේ ලෙස කැඳවා ගෙන යන්න කල වරද කුමක්ද
ඒයි මනම්පෙරි කතා නැතිව එනවද නැද්ද
අකමැත්තෙන් වුව ඇයට යන්න වුනානේ සිද්ධ
ඔය පාළු කුටියකට ඇය කැඳවන් ගියේ මන්ද
එම පාලු තුල තරුණිය හිර කරලා
කැඳවන් ගිය සැම දෙනා එතන රොක් වෙලා
විළි වසා සිටි වස්ත්‍රය ගලවන්න අණ කලා
විලි ලජ්ජාවෙන් වැලපුනි ඇය කඳුළු සලලා
ඇයව වැදූ මවයි කුඩා සොයුරියන් සිහිවිය
සුකුමල මුව කමල කඳුලැලින් තෙත්විය
මට යන්න දෙන්න හෙළි නොකරමි කල විපැත්තිය
ඇගේ ඉල්ලීමට කන් දුන්නැ මුරුග කට්ටිය
දන ගස්වා නිර්වස්ත්‍රව ඇදන් යන විට
වෙඩි උණ්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවෙට
පිටපිට වෙඩි උණ්ඩ නිකුත් නිකුත් වුනා හනිකට
හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද සිරුර
ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගේ මුළු සිරුරින්
කලින් කපා තිබුන වලක් තුලට හිටි ගමන්
වල වසා දමන්නට එතැනට පැමිණුනි ඇලඩින්
සිටු ඇය මේ ලෙසටයි පැවසුවේ ඒ හිදිමින්
අවසාන මොහොතේ උදවුවක් කරන්න පා දයා
ඔබට බුදුබව අත්වෙයිඅනේ  අනේ ඇලඩින් අයියා
මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා
ඇයට පවසන්න ජිවතුන් අතර මේමන් නැත කියා
එපමණයි ලැබුනේ ඇයට ඔහු හට පවසන්න
තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට
අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට
අවසන් හුස්ම හෙලා නෙත් පියාගත්තා සදහට ..

ගායනය – ඇන්ටන් ජෝන්ස්

සල්ලි දීල ගවුම මැහුවෙ ……………….

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ
මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න…
අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා
මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න…
මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ
මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම
සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

ගායනය – ඇන්ටන් ජෝන්ස්

කොමළ පපා මුකුළු……………..

කොමළ පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ
‍ඔමරි ලතා බොළඳ කතා අපිට කියලා දෙන්නකෝ
ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇ‍ඟේ හැපෙයි පාරේ උන්ට මාරකේ
හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා
කොමළ පපා මුකුළු පපා…
තරහා වෙන්න එපා ඔන්න නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ලියේ
මල් කුමාරියේ තනියෙං සවාරියේ
මල් කුමාරියේ තනියෙං සවාරියේ
එන්නද කුමාරියේ
යන්නට අපි සවාරියේ
කොමළ පපා මුකුළු පපා…
බයිල පොලේ තොයිලේ බොලේ ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා පෙට්ට්‍රොල් ටික ටැංකියේ
චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ චෙරියෝ චෙරියෝ
බැරියෝ බැරියෝ තවත් බයිලා බැරියෝ

කොමළ පපා මුකුළු පපා අපේ ලගට එන්නකෝ
‍ඔමරි ලතා බොලද කතා අපිට කියලා දෙන්නකෝ

ගායනය – ඇන්ටන් ජෝන්ස්
සංගීතය – එම්. කේ. රොක්සාමි

ගී පද – ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ

කන්තෝරුව කන්තෝරුව……………

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා
මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන…
පාටියකට යන්නට මට හිතුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්
පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන…
පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දහවල් කෑමට යන්නට සිදු වෙලා
කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන…

ගායනය – ඇන්ටන් ජෝන්ස්

ආසයි බයයි………..

සයුර බලා බඳ ලෙලවා -ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කොමලි නිල්වලා -මෙතර සිටිය අය කැඳවා
මරු තුරුලට අරං ගියා -මුළු සිරිලක දුකෙහි ගිල්වලා..
වෙසක් සිරි නරඹන්නට මාතර පුරවරය වෙතට
නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවට නැගි සතොසේ ‍
සමහරෙකුට යන්නට හිතුනා..
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි ජීවිත ගණනක් බිලි ගත්තයි..
බෝට්ටුවට ගොඩ වන්නේ සතුටින් ඉපිලෙන්නේ
වේගයෙන් දියඹට ඇදුනේ අත්තක බෝට්ටුව හැපුනේ
නොදැනිම ජලයේ ගිලුනේ ඉරණම සැමගේම විසඳුනේ..
වෙසක් සඳ නැග එද්දි මළ කඳන් පාවෙද්දි
නෑදෑ හිතවතුන් වැළපුනේ හද සෝකෙන් ලත වෙද්දි
නෙත් කදුලින් බර වෙද්දි මළ මිනි ගොඩට ගෙනෙන්නේ..
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි..
පිහිනන්නට බැරුව නියා පෙම්වතා ගිලි ගියා
පෙම්වතී ලොවේ තනිවුනා කරුමය මෙලෙස කියා
අන්තිම ගමන ගියා මව්පියො හිතවතුන් වැළපුනා
ඒ සිදුවු විපත අසා රුහුණම දු‍කෙන් වසා
දින ගණනක් දුක පල කෙරුවා
අහසට දෑතම ඔසවා දෙවියන් යැද කීවා
මෙවැනි විපත් යලි නොමවේවා
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි..

ගායනය – ඇන්ටන් ජෝන්ස්

 ගිත සියල්ල මෙන්න

——————————————————————————–
ප.ලි 
මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නකොට මෙතුමාගේ ගීත කීපයක් අහන්න ලැබුනා .ඒ නිසා හැමෝටම මතක් වෙන්නත් එක්ක මෙන්න මේ  දාන්න හිතුවේ ..
අඩු පාඩු තිබේනම් පෙන්වා දෙන්නෝ ..

 

http://sinduano.blogspot.com/2015/06/blog-post_92.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල