ඉතිහාසය

මම මහරජ ගැමුණු හැදුවානං | If I were Jayantha Chandrasiri

Off
ගිය අවුරුද්දේ (2014) අග ඉඳලා පෙන්නන්න පටං ගත්ත මහරජ ගැමුණු ෆිල්ම් එක මෙතන ඉන්න ගොඩ දෙනෙක් බලන්න ඇති… මමත් හෝල් එකටම ගිහිං බැලුවා… ආරංචි විදියට ඒක ආදායම් වාර්තා අලුත් කරාලු… හැබැයි මට අනුව ඒ ෆිල්ම් එක පට්ට ෆේල්!!!
බැරිවෙලාවත් ඔය ෆිල්ම් එක මම හැදුවානං, ඒක කොහොම එකක් වෙයිද? මේ තියෙන්නේ ඒ ගැන මගේ රෝඩ්මැප් එක.
පළවෙනිම දේ තමයි, ගැමුණු රජ්ජුරුවංගේ කතාව එක පැය 3කින් වට කරන්න බෑ… ඒක ඊට වඩා ගොඩාක් විශාලයි… අනිවාර්යයෙන්ම ෆිල්ම් කීපයක් හදන්න වෙනවා සම්පූර්ණ කතාව ආවරණය කරන්න.

1. පළවෙනි ෆිල්ම් එක…

මේකේ ගැමුණු කුමාරයා නෑ!!!
හැබැයි විහාරමහාදේවීගේ තාත්තා අර රහතන් වහන්සේ නම මරපු එක,
කාවන්තිස්ස රජ්ජුරුවෝ රුහුණේ රජකම ගන්න එක,
අසේළ රජ්ජුරුවෝ මරලා එළාර රජ්ජුරුවෝ වෙන එක,
මේ දේවල් කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හදනවා…
ක්ලයිමැක්ස් එක විදියට මුහුද ගොඩගලන සීන් එක ගන්නවා…
විහාරමහාදේවීව නැවක නග්ගලා මුහුදට බිළිදෙන එකෙන් ෆිල්ම් එක ඉවර කරනවා…

2. දෙවෙනි ෆිල්ම් එක…

මේකේ ෆිල්ම් එක පටංගන්නේ විහාරමහාදේවීගේ නැව ,
රුහුණෙන් මතුවෙන එකෙන්…
කාවන්තිස්ස රජ්ජුරුවෝ එයාව රැජිණ කරගන්න එක සහ,
කාවන්තිස්ස රජ්ජුරුවෝ යුද්දෙට ලෑස්ති වෙන එක,
දසමහා යෝධයෝ සෙට් වෙන විදිය,
කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හැදෙනවා.
විශේෂයෙන් විහාරමහාදේවීගේ දොළදුක වෙනුවෙන්,
වේළුසුමන යෝධයා කරපු මෙහෙයුම එහෙම දානවා…
ඒ වගේම දසමහා යෝධයෝ වෙනුවෙන් වැඩි වෙලාවක් වෙන් කරනවා…
ගැමුණු කුමාරයා උපදින එකෙන් ෆිල්ම් එක ඉවර කරන්න පුළුවං…

3. තුන්වෙනි ෆිල්ම් එක

මේකේ බේස් වෙන්නේ ගැමුණු කුමාරයාගේ ළමා කාලය.
ශිල්ප ඉගෙන ගන්න එක,
විශේෂයෙන් රට එක්සේසත් කරන්න ඕනේ කියන ආකල්පය,
ගැමුණු කුමාරයට එන විදිය,
මේ දේවල් කේන්ද්‍ර කරගෙන ෆිල්ම් එක හදනවා…
ඒ වගේම වයසින් ලොකු වෙද්දී ගැමුණු කුමාරයා සහ,
කාවන්තිස්ස රජ්ජුරුවෝ අතර ඇතිවෙන ආරවුල්…
ගැමුණු කුමාරයා තරහ වෙලා මාළිගාවෙන් යන සිද්දිය,
ගිහිං කොත්මලේ නැවතිලා ගෙවපු ජීවිතේ ගැන පෙන්නනවා…
කාවන්තිස්ස රජ්ජුරුවෝ මැරෙන එක,
ඊළඟ රජකමට ගැමුණු කුමාරයා සහ,
තිස්ස කුමාරයා අතර වෙන යුද්දෙ වගේ දේවල් එක්ක ඇවිත්
ගැමුණු කුමාරයා රජ වෙන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා…

4. හතරවෙනි ෆිල්ම් එක

මේකේ තියෙන්නේ තනිකරම යුද්දේ…
ගැමුණු රජ්ජුරුවෝ ප්‍රමුඛ සේනා,
රුහුණේ ඉඳං පිහිටි රටට ගිහිං යුද්ද කරන එක…
යුද්දෙ එක්ක බැඳුන සේරම සිද්දි…
දසමහා යෝධයෝ දක්වපු සූර වීර වැඩ…
යුද්දේ දිනන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා…

5. අන්තිම ෆිල්ම් එක…

මේකේ තියෙන්නේ යුද්දෙන් පස්සේ,
ගැමුණු රජ්ජුරුවෝ රට පාලනය කරපු හැටි…
කරපු ආගමික සහ ශාසනික සේවාව…
සාලිය කුමාරයාගේ කතා, මේ වගේ දේවල්…
අන්තිමේදී ගැමුණු රජ්ජුරුවෝ මැරෙන එකෙන් ෆිල්ම් එක ඉවර වෙනවා…

අවුරුදු දෙකකට සැරයක් හරි,
එකහමාරකට සැරයක් හරි වගේ එක ෆිල්ම් එකක් රිලීස් කරනවා…
අවුරුදු කීපයක් යයි ඔක්කෝම ඉවර වෙන්න…
හැබැයි කොලිටි ප්‍රොඩක්ට් එකක් අන්තිමේ ඉතුරු වෙනවා…

ඔය කිව්වේ දුටුගැමුණු කතාව ෆිල්ම් එකක් කළානං,
මම ඒක කරන විදිය…
හොඳවෙලාවට මම ෆිල්ම් හදන එකෙක් නෙමේ… 🙂

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල