ඉතිහාසය

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 5

Off

“වරදට සමාව දෙන බෝදි සත්තයෙක්”

මේ 1993 දේවේල පෙරහර අවසන් දින රාත්‍රි  ප්‍රධාන කපු මහතා සමග කළ සාකච්ඡාවකින් ලබාගත් විස්තර වලින් කොටසකි.  මේ දවස උග්ගල් අලුත්නුවර දේවාලයට වසරකට වරක් පමණක් උදාවන අති විශේෂ දවසයි. ඇතුල් කට්ටලේ මෙන්ම පිටකට්ටලේ රාජකාරි ඇත්තන් මෙදින රාත්‍රිය පහන් කරන්නේ දේවාලයේමය. ඊට  හේතුව හා තවත් විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න.
මංගලනාත බ්‍රාහ්මණගේ භාරත රත්න මහමතා 2004 දිවංගත වන තුරු වසර 30 කටත් අධික කාලයක් ප්‍රධාන කපු නිළය දරා ඇත.

“දහසක් දැන වැරදි, දහසක් නොදැන වැරදි ඇති සමාවදාරන සේක්වා”යි ආයාචනා කළාම  වරදට සමාව ලැබෙනවා. උන්නාන්සෙ බෝදි සත්තයෙක්. පිනක් දහමක් කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. දෙයියන්ට පින් ගන්ඩ පුළුවන් මිසක්ක පිං කරන්ඩ බෑ.  දෙයියන්ගෙ ආවිස වැඩිවෙන්න නං පින් ඕන. ඒක හන්ද   උන්නාන්සෙට අපි දෙන්න ඕනි එකම දේ පින් තමයි.  “

sugv:- එතකොට මුරුතැන් බාන එකේ,  පූජාවට්ටි දෙන එකේ තේරුමක් නැද්ද ?

මුරුතැන් පූජාවට්ටි තියන එකේ තෙරුමක් නැත්තෙ මොකද. පින් කරල පින් දීල  උන්නාන්සෙට පූජා කරපුවාම මිනිස්සුන්ට අනුකම්පාකරල ඉල්ලා හිටින දේ විජහට දෙන්නෙ එතකොටයි. අපි පූජ කරන මුරුතැන්බත් පළතුරු වගේ ඒවයේ  සුවඳ තමයි උන්නාන්සෙට අහාරය වෙන්නෙ.  පින් නොකර ඇවිත්   පූජාවල් කරාට නං ඒ හැටි වැඩක් තියේද කියන්න බෑ.

” මම දේවාලෙට අාපු ගමන් ඔක්කොටම ඉස්සෙල්ල කෙලින්ම යන්නේ චෛත්‍යය ගාවට. එතනට ගිහින් වැඳල පන්සිල් අරගෙන බෝධීය වැඳල පිළිම වහන්සෙ වැඳල තමයි ; කොච්චර, කවුරු ඇවිත් හිටියත් දේවාලෙ ඇතුලට යන්නෙ. ගිහිල්ල කරණීය මෙත්ත සූත්‍රය කියල උන්නාන්සෙට පින් දීල තමයි රජකාරියි දේවකාරියි කරන්නෙ . එහෙම නේද සිරිසේන මම හැම දාම කරන්නෙ  ?”තමන් කටයුතු කරන ආකාරය පිළිබඳ පැවසූ දේ සත්‍ය බව පවසන්නට කපු මහතා සාක්ෂි කරුවකු ද යොදාගත්තේය.

“අම්ම මුත්ත කාලෙවත් අහල නෑ මෙහාට ගංවතුරක් සුළිසුළඟක් නායක් වගේ වගේ දෙයක් හින්ද  ගමට  නස්පැත්තියක්  වුනා කියල. මේ හීමාව දෙයියො තවමත් ආරස්සා කරනව. හැබැයි ඉතින්  මිනිස්සු බීගෙන අමනුස්ස කං කරන විදිහ බලපුවාම ඉස්සරහදි කන්දස්වාමීන් වහංසෙ  අහක බලාවි. දෙවියො නැති වෙලාවට වැඩ ඉන්න ගංබාර දෙවිවරු මොනව වෙන්න අරීද කියල හිතන්න බෑ. ” මේ භාරත කපු මහතා පළ කළ හා සහ රාජකාරි ඇත්තන් අනුමත කළ  මතය බව ශරීර භාෂාවෙන් දැනුනකි.

“හැම වෙලාවෙම මේ  ගම්මානය ආරස්සා කරනව”

අභාවප්‍රාප්ත ඒ.ජී. අල්විස් මහතා අලුත්නුවර දේවලයේ ගණිත පංගුවේ රජකාරි හිමි පාරම්පරික දැනමුත්තෙක් ලෙස කාගේත් ගෞරවයට පාත්‍රවඋ තැනැත්තෙක් වියඅභාවප්‍රාප්ත ඒ.ජී. අල්විස් මහතා අලුත්නුවර දේවලයේ ගණිත පංගුවේ රජකාරි හිමි පාරම්පරික දැනමුත්තෙක් ලෙස කාගේත් ගෞරවයට පාත්‍රවඋ තැනැත්තෙක් විය එතුමා sugv වෙත කිසියම් කරුණක් පැහැදිලි කර දෙමින් සිටියදී ගත් සේයා සටහනකි

මේ 2012 ඒ.ජී. අල්විස් ලේකම් මහතා සමග  කරන ලද සාකච්ඡාවක කොටසකි. මේ පාරම්පරික දැනමුත්තා පිළිබඳ විස්තර මෙහි ඉහළ ඇති පාරම්පරික ඥාන සම්භාරය පිළිබඳ පිටුවේ පවති.

අභාවප්‍රාප්ත ඒ.ජී. අල්විස් මහතා අලුත්නුවර දේවලයේ ගණිත පංගුවේ රජකාරි හිමි පාරම්පරික දැනමුත්තෙක් ලෙස කාගේත් ගෞරවයට පාත්‍රවඋ තැනැත්තෙක් විය එතුමා sugv වෙත කිසියම් කරුණක් පැහැදිලි කර දෙමින් සිටියදී ගත් සේයා සටහනකි

“මතකද  89 අවුරුද්ද ?. මේ දේවාල ගං හීමාවේ හමුදාවටවත් වෙනකාටවත්  මිනිහෙක්ව මරන්න තියා තුවාල කරන්නවත් බෑරි උනා. හමුදාවෙන් ඇවිත් මුළු කට්ටියටම වෙඩිතිව්වත් කාටවත් වැදුනෙ නෑ. මොනවත් උනේ නෑ”

දේවාලයේ ගණිත පංගුවේ රාජකාරි හිමි කරුවකු වූ ලේකම් මහතා සමග කළ සාකච්ඡාවේ දී ද කපුමහතාගේ මතය සනාථ කරමින් මේ දේවාලය පිහිටි ගම පමණක් නොව පුරාණ එතරවාකෝරළයම  ස්වාභාවික උවදුරු වලින් හානි නොවන පෙසෙක්  බව කියමින්, දේවාල ගම්මානය හැම අතකින්ම බේරී පවතින ප්‍රදේශයක් යි ද පැවසිනි.   28 දින අැඳිරි නීතිය ද පනවා තිබිය දී  මිනිසුන්ට ඒ නීතිය පිළිපැදීමට  තහංචි වැටී තිබිණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නියෝග පරිදි රැස්වීමක් සඳහා  මහ සෙනගක් දේවාල බිමට ඒකරාශිවෙමින් තිබිණි.
1989 ජුලි මස ඇති වූ සිද්ධිය සම්බන්ධව පුවතක් 1991 පෙබරවාරි මස පෙරමග සඟරාවේ පළවී තිබිණි.

රැස්වීම පටන් ගන්න නියම වෙලා තිබුණෙ  උදේ නවයට දේවාල බිම තමයි නියම වෙලා තිබුණ තැන.  ලක්ෂයක ජනතාවකට වුවද  රැස්විය හැකි හොඳට ඉඩකඩ තියන තැනක්.  හැම දෙසකින්ම සෙනග ඇදී  එනව. සමහර වරඩිහිටියො බය වැඩි කමට හිටියෙ පෝය දිනයකුත නැතිව අට සිල් සමාදන් වෙලා. කාගෙත් මුහුණු අඳුරු වොල තිබුණෙ  භීතියෙන් මුසපත් වෙච්ච හින්දයි. “සිල් ගත්තු අය කෙලින්ම දිවිය ලෝකෙ යයි.  එදා වෙඩිකාල මැරුණ නම් අපි කොහෙ යන්නද සිල්වත් අරන් තිබ්බෙනෑ“ කියල අනෙක් අයට හිතෙන්න ඇති.  ඔක්කොටම වඩා බය වෙලා තිබුණෙ පන්සලේ  හිටපු  පොඩි හාමුදුරුවො.

“අනේ මහත්තය පන්සලේ තිබ්බ ස්පීකර් හයිකරවන්න කියල නියම කරල තිතියෙන්නෙ මට. ඒව ගලගම ගෙනිහින් මම මොකද කරන්න ඕන ? යි දැඩිසේ බියටපත්ව සිටි හාමුදුරුවන්  විමසයි.   මේ කාටවත් උපදෙස් දෙන්නවත් කාගෙන්වත් උපදෙස් ගන්න පුළුවන් වෙලාවක් නෙවෙයි නේ. ඒත් පොඩි හාමුදරුවන්ගෙ බියෙන් සුදුමැලිව ඇති මූණ දැක්කම වාවන් නැතුව ගියා. ඔබ වහන්සේ ට ස්පීකර් ගෙනත් හයිකරවන්න ඕන කියල හිතෙනව නං ඔය සෙනග අරං එන වාහෙනකට කියල ගිහින් ගේන්න” යි පැවසීමි. පොඩි හාමුදරුවන් වාහනයකින් ගලගම බලා වැඩියා.

ඉතිරිවෙලා හිටපු අය එක ගුලියට තානායම ළඟට මිනිස්සු  රැස්වෙනව. දැන් වෙලාව උදේ 8.55 යි. ඒ අතර පිරිස අතර හදිසියේම පළවූ මතය වූයේ තමන් දැනට රැස්ව සිටින්නේ දේවාලය පසු පස බැවින්   ඉදිරිපසට ගිහින් පන්සිල් අරන් රැස්වීම පැවැත්විය යුතු බවයි.  දැන් සියල්ලන්ම එක රොත්තට පහළ වීදියේ දේවලය ඉස්සරහට යන්න උනා. ඒ එක්කම “ඩ්ර්………ර්……….ර්……………. හඬනගමින් වෙඩිවරුසාවක් ! සේරම අය පණ එපා කියල දුවන්න වුනා. දේවාලයේ බටහිර දෙසින් පැමිණි හමුදා කණ්ඩායමක් දිගට හරහට වෙඩි තියනව. දේව බලයක්ද,  දීල තිබ්බ නියෝගයක් නිසා ඉහළට වෙඩි තිව්ව නිසාද දන් නෑ කාටවත් අනතුරක් වුනේ නම් නෑ.

“උග්ගල් අලුත්නුවර වත”(ඒ.එම්. කුලසිංහ මහතා, හල්දුන්මුල්ල- කර්තෘ ප්‍රකාශයනයකි)  කෘතියේ කතුවරයාගේ අත්දැකීම් ලෙස පවසන පෙන්වා දෙන හාස්කමක් විස්තර වේ. කතුවරයා පැහැදිලි කරදෙන්නේද පිහිට වීමක් සම්බන්ධව මිස දඬුවම් දීමක් ගැන නොවීම විශේෂත්වයකි.

https://sugv.wordpress.com/2015/06/24

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල