සංගීතය

එකම එක කුසේන් බිහිවී එකට හැදෙනවා

Off
එකම පවූලේ සොයූරන් සිව්දෙනකුගෙන් යූත් මෙරට ප්‍රථම ගායක කණ්ඩායම ලෙස “ධර්මරත්න සහෝදරයෝ” බිහි වූයේ මීට දශක හතරකට උඩදීය. ඔවූන්ගේ ප්‍රථම ගී තැටිය වර්ෂ 1967 නොවැම්බර් මස නිකුත් විය. ඔවූන්ගේ ප්‍රථම ගීතය වන “වැස්ස වහිනවා” ට අමතරව, “පූංචි හූරතලා”, “කඳුකරේ”, “නොන්ඩි කිරා” යන ගීත ද එහි අඩංගු විය. කොළඹ ගවූරි කෝපරේෂන් සමාගමේ “පිලිප්ස්” ලේබලය යටතේ එම ගී තැටිය නිෂ්පාදනය කළේ පැටිරික් කොරේරා මහතාය. නමූත්, “ධර්මරත්න සහෝදරයෝ” සැබැවින්ම උපත ලැබූවේ වර්ෂ 1965 අග භාගයේ කොළඹ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විදුහලේ පැවැති දීපව්‍යාප්ත ගායනා තරගයකින් දෙවන ස්ථානය දිනා ගනිමිනි. “ධර්මරත්න සහොදරයෝ” නමින් ඊට ඉදිරිපත් වූයේ මෙල්රෝයි ධර්මරත්න සහ දැනට දිවියෙන් සමූගෙන සිටින රොනල්ඩ් ධර්මරත්න යන දෙසොහොයූරන් පමණකි. ඉන් ෙෙධර්යමත් වූ ඔවූන්ගේ මෑණියෝ, එවකට යූග දිවියට පිවිස සිටි ක්‍රිස්ටි සහ මැක්ස්වල් යන සොයූරන් දෙදෙනාද එක් කරගෙන “ධර්මරත්න සහෝදරයෝ” නමින් අලුතින් ගායක කණ්ඩායම ආරම්භ කළහ. වර්ෂ 1982 දී දිවියෙන් සමූගන්නා තුරුම ගායක කණ්ඩායමේ පාලකවරිය ලෙස කටයූතු කළේ මවයි. “පිලිප්ස්” ලේබලය යටතේ නිකුත් වූ ඔවූන්ගේ ඊළඟ ගී තැටියට, “කලකට පෙර ඒ බෙත්ලෙහෙම්”, “මායා”, “ගොවි මාමා”, “ශිරි ලංකා” යන ගීත ඇතුළත් විය. “කලකට පෙර” ගීතය එදා මෙදා තුර සෑම නත්තල් සමයකම කිතුණූ සහ ක්‍රිස්තියානි දේවස්ථානයන්හිද නත්තල් ගී සංදර්ශනවල ද කැරොල් ගීතිකාවක් ලෙස ගායනා විය. “සූරිය” ලේබලය යටතේ නිකුත් වූ ඔවූන්ගේ දෙවන ගී තැටියට, “රාජකුමාරි” “මූතු මැණිකේ”, “වැහිදාක ගගනෝදරේ”, “බොරුවට අඬ අඬ” නම් ගී සතර ඇතුළත් විය. ගායක කණ්ඩායම විසින් තනි ගායනයක් විලසින් ඉදිරිපත් කරන ලද ප්‍රථම ගීතය “වැහිදාක ගගනෝදරේ” වන අතර, එය ගායනා කළේ මැක්ස්වල් ධර්මරත්නය. එසේම, මෙම ගීත තැටියේ තිබූණූ අනෙක් සූවිශේෂත්වය නම්, එවකට ජනප්‍රියව සිටි ශිරෝමී ප්‍රනාන්දු නම් ළමා ගායිකාව (ධර්මරත්න සහෝදරයන්ගේ සොයූරියගේ දියණිය) කණ්ඩායම සමග ගායනා කළ “බොරුවට අඬ අඬ” යන ගීතය ද ඊට ඇතුළත් වීමයි. මින් නොනැවතුණූ “ධර්මරත්න සහෝදරයෝ”කණ්ඩායම, “මංගල මං”, “සූර සරදියල්”, “කුමරි මගේ”, “මෙඩිකල් කොල්ලෝ”, “සහෝදරයො හතර දෙනා”, “කෙල්ලනි මේ අහපල්ලා”, “හලෝ ඩල්සි” යනාදී ගීත රාශියක් වෙළෙඳ ගී තැටි සඳහා ගායනා කළහ. ඒ අතර, ඔවූන් ප්‍රථමවරට ප්‍රවීන ගායිකා සූජාතා අත්තනායක සමග ගායන කළ “රොමියෝ ජූලියටි” නම් ගීතයද විය. “ධර්මරත්න සහෝදරයෝ”, මෙරට අන් ගායක කණ්ඩායම් අතරින් වෙනස් වන සූවිශේෂ හේතුව නම්, ඔවූන් මෙතෙක් ගායනා කළ සෑම ගීතයකම පද රචනය සහ තනූ නිර්මාණය ඔවූන් විසින්ම කිරීමයි. මූල් යූගයේ ඔවූන් ගැයූ ගීත කිහිපයක තනූ නිර්මාණය රොනල්ඩ් විසින් කරනූ ලැබූ මූත් පසූකලෙකදී ඔවූන් ගැයූ සෑම ගීතයකම පද රචනය හා තනූ නිර්මාණය කළේ මෙල්රෝයි ධර්මරත්න ය.

 (විස්තර උපුටා ගත්තේ දිවයින පත්තරයෙන් )

සහෝදරයෝ හතර දෙනෙක් ගීත ගයනවා

පුංචි කොල්ලෝ හතර දෙනෙක් මව් උකුලේ නැලවුනා
දරු නැළවිලි ගීයක් ඇගේ මුවින් පිට වුනා
ඇගේ පියසටහන් ඔස්සේ සංගීතේ බිහිවුණා
පුංචි කොල්ලෝ දුර යන බව මවට තේරුනා

එකම එක කුසේන් බිහිවී එකට හැදෙනවා
එකට එකතුවී සංගීතය පතුරනවා
වැස්ස වහිනවා වැස්සේ සිරිය දකිනවා
සහෝදරයෝ හතර දෙනෙක් ගීත ගයනවා
අපි සහෝදරයෝ හතර දෙනා රස හැඟුම් මවනවා …

මතුපිට රතු රෝස කුසුම් මතුරපු කාලේ
යටින් තියෙන්නේ කටුබව දෙපයට තේරේ
මවගේ ඔවා එලිය දුන්නා යද්දී කළුවරේ
ආව ගමන මතක් වෙලා කඳුලැලි වැගිරේ ..
එකම එක කුසේ …

විසකුරු නයින්ගේ නොපෙනෙන මැණිකක් තිබුනා
ඒ මැණික ලබාගන්නට අපි හරිම වෙහෙසුනා
සමහර අය අපයන මඟ අහුරා තිබුනා
මැණික ගන්න හුඟදෙනෙක් උදවු උනා
එකම එක කුසේ …

ගායනය – ධර්මරත්න සහෝදරයෝ

හෝ වැස්ස වැහිනවා

ඈත හිමින් වලා රොදක් පාවෙනවා
සීත සුලන් කැරලි ගැසී තදින් හමනවා
ආලෝකය අඳුර විසින් ගිලලා දමනවා
මහා වැස්සක් හිටිහැටියේ කඩා හැලෙනවා
හෝ වැස්ස වැහිනවා …//

කානු දිගේ මහා ජයටම වතුර ගලනවා
ගෑනු තුන්දෙනෙක් කුඩ යට ගමන් කරනවා
කුණාටුවේ සැර ගතියට ගස් කැරකෙනවා
වෙලේ තියන පොඩි පැල්පත් පියඹා යනවා
හෝ වැස්ස වැහිනවා …//

විදුලි කොටනවා සැරටම අකුණු ගහනවා
පාරේ ඉන්න කොළු කුරුට්ටෝ වැස්සේ නානවා
ජෙමිසාගේ කඩය වේලපහින් වසනවා
අහස කුමාරයා තවම කඳුළු සලනවා
හෝ වැස්ස වැහිනවා …//

ගායනය – ධර්මරත්න සහෝදරයෝ

අව්ව පායලා

කඳු සිකර තුළින් හොරෙන් හොරෙන් එබිල බලනවා
හිරු කුමාරයා හිනා වෙමින් ‍රැස් පතුරනවා
අඳුරට පහණකි මුළු ලොව එළිය කරනවා
වැසි ඉවරයි සං‍තෝසයි අව්ව වැටෙනවා …
අව්ව පායලා .. අව්ව පායලා …//

ලිං කානු අගල් වතුර හිඳී හොඳට වේලිලා
පිං කරපු ලෙසින් ගොයම් කරල් රනින් දිලිසිලා
කුණාටුවට මැලවුන ගස් සිනා මවාලා
වෙලේ තියෙන පැල්පත්වල සතුට පිරීලා
අව්ව පයාලා …

වැස්සට ගෙට ගත් පැදුරු ගෝනි එළියේ දමන්නේ
පිට්ටනියට රැස්වෙන කොල්ලෝ පන්දු ගසන්නේ
ජේමිසාගේ කඩයට අද සෙනග පිරෙන්නේ
වැසි ඉවරයි දුක ඉවරයි රබන් ගහන්නේ

අව්ව පායලා ….

ගායනය – ධර්මරත්න සහෝදරයෝ

කඳුකරේ …

කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ ..//
තරුණයෙක් සිටි සිදාදියේ
කඳුකරේ වෙත පිටව ගියේ
සඳකැන් වැගිරෙන රාත්‍රියේ
ඇවිදින්නට ආසාව තියේ …
කඳුකරේ පරිසරේ
බෙදනවා සුව නිරන්තරේ …//
කඳුකරේ පාළුව බින්දා
කඳුවැටි ඇගේ ගී රස වින්දා
මිහිරක් කඳුකරයට කැන්දා
ගෙන එන නම ඇයගේ නන්දා ..//
මිහිරියේ ගැමිලියේ
කඳුකරේ මනහාරියේ ..//
ලස්සන මල්ගොමුවල් අස්සේ
යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ
ප්‍රේමෙන් උමතුව හැම තිස්සේ
කඳුකරේ කඳුකරේ
කඳුකරේ රසයක් ඉතිරේ ..//

ගායනය – ධර්මරත්න සහෝදරයෝ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ…//
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
‍ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට ‍පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා

 

දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා
ගායනය – ධර්මරත්න සහෝදරයෝ
වාසිටි කොල්ලෝ

 

නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ
සතුටින් ඉන්නේ හන්තානේ රජදහනේ
කේසර සිංහයෝ අපියි වාසිටි කොල්ලෝ
මැණිකෙල මැණිකෙලා උඩරට පැත්තේ
නෝනලා නෝනලා කොළඹ පලාතේ ……

 

මැණික උනත් නෝන උනත් නවක වදේමයි
බිඒ බිඒ ගන්නයි එන්නේ
ලෙක්චර් ලෙක්චර් අහගෙන ඉන්නේ
ඩිග්රි ඇතත් සැලකිලි
ඩිග්රි නැතත් සැලකිලි
ගෑනු  උනත් පිරිමි උනත්
එකම සැලකිලි
නවීන පන්නේ ගතිගුණ අපිට තියෙන්නේ…//
ගායනය – ධර්මරත්න සහෝදරයෝ
—————————————————————————–
ප.ලි
කවුරු කවුරුත් දන්නා සුන්දර මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න ….
වැරදි ඇතොත් පෙන්වා දෙන්න

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල