කාලීන සංවාද

මගේ සුදු තාත්තා

Off

අද මගේ තාත්තගේ උපන්දිනේ .තාත්තගේ එක ෆොටෝ එකක්වත් මන් ලග නැහැ,,එයාගේ හැඩ හුරුකම විතරයි මගේ මතකයේ ඇදිලා තියෙන්නේ,,අර්ජුන් රාම්පාල් අපේ තාත්ත වගේ ,,ඒකයි එයාගේ ෆොටෝ දැම්මේ ඈ ..ජිවිතේ පලවෙනි වතාවට සහ අවසාන වතාවට එයා ගැන දිර්ගව ලියන්න හිතුවා..

.අපි හැමෝගෙම ජිවිතේ තියෙනවා අතීත මතකයන් වල මුල්ම මතකය ,,,පුද්ගලයා අනුව ඒ කාලය වෙනස් වෙනවා ඇති , මගේ දැන් වයස විසිගානක් , මගේ පරණම සහ මුල්ම මතක ඇති අතීතය මතක තියෙන්නේ අවුරුදු 4 කාලේ ඉදන්, මොන්ටිසෝරි පටන් ගත් කාලය ඉන් එහා මොකුත් මන් දන්නේ නැහැ…

මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කලේ මගේ තාත්තට..මන් මේක ලියන්න හිතුවේ මගේ තාත්තා වෙනුවෙන් නෙමේ. මේක අහම්බෙන් හරි කියවන ඔයා වෙනුවෙන් ,,, මන් ඉපදෙනකොට තාත්තට 23 යි .මට තාත්තගේ පළවෙනි මතකය තියෙන්නේ එයාට 27 වගේ වෙද්දී. එයා හෙන පට්ට හැන්ඩි( මාව දැක්කම හිතාගන්න පුළුවන්නේ නේ ) අම්මා තාත්තා සතුටින් හිටියා. ඒත් තාත්තට 27 කාලේදී අපේ අම්මා මැදපෙරදිග ගියා පසුව දැනගත්ත විදියට තාත්තගේ අකමැත්තෙන් ,,අත්තම්මගේ පෙළබවිමෙන් තමයි.,, ඊට පස්සේ මගේ තාත්තා මාව බලන් හිටියා අම්මා ලියුම් එවුවා අත්තම්මා ඒවා තාත්තාට දුන්නේ නැහැ. පස්සේ ලොකු ලොකු ප්‍රශ්න ඇති වුණා, දැන් වගේ ස්කයිප් , ටෙලිෆෝන් තිබ්බානම් මන් මේ කතාව අද ලියන්නේ වෙන විදියකට,,,
මනුස්සයෙක්ගේ ජිවිතේ ,,ඉදිරිය සාර්ථකත්වය ,බිදවැටීම තමන්ට තනිව පාලනය කරන්න බැහැ දේශපාලනය,තාක්ෂණය,සමාජ කතිකාව වගේ දේවල් සෘජුවම බලපානවා නේද කියලා හිතුනා.

අම්මා ඉන්න කාලේ වැඩට ගිහින් ආපු වෙලේ ඉදන් ගෙදර හිටපු තාත්තා දැන් එහෙම නැහැ.. ඔයා හිතයි එයා එන්න පරක්කු වුණා කියලා එහෙම නෙමේ. එයා ඇවිත් මාවත් අන්දගෙන යනවා යාලුවන්ගේ ගෙවල් වල..”තාත්තේ අම්මා බලන්න ඕනේ ” කිවුවහම එයාපෝර්ට් එකේ තියෙන්නේ ෆමිලියන් කියලා තැනක් එතනට එක්ක යනවා,, එතනට වෙලා ප්ලේන් බලන් ඉදලා කඩේකින් හොදට කාලා එනවා, ඒ දවස් වල මන් හෙන මහතයි(ෆොටෝ වලින් දන්නේ),,ඔහොම කාලයක් යද්දී මේ විදියට එයා යොමු වුණා සුදුවට යාළුවො නිසා, හැබැයි අද වෙනකල් මගේ තාත්තා අරක්කු,සිගරැට් ,බුලත්විට කන්නේ නැහැ..මට ඕවා තේරෙන්නේ නැහැ , අලියා ඔරේන්ජ් ක්‍රෂ් බෝතලයයි චොක්ලට් බිස්කට් 250 කකා මන් ඉදගෙන ඉන්නවා.
ආත්තම්මා එක්ක රණ්ඩු වෙලා මගේ තාත්තයි මමයි ඒ වත්තේම කාඩ්බෝඩ් වලින් ගෙයක් හදලා එකේ වහලට පොල් අතුයි ,ඉටිකොළයි දාලා ඒකෙ පදිංචි උණා,

අම්මට තාත්තා ලියුම් ලිවුවා වෙන ඇඩ්රස් එකකට අම්මා ලියුම් එවලා තිබ්බා පස්සේ,, තාත්තගේ ජොබ් එක නැතිඋනා ඔය අතර..එයා ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් ඒ දවස් වල,, මට මතකයි එයා අලුත් තැන ජොබ් එකට ගියාම කරන්න තිබ්බේ පාළු වෙච්ච කුබුරුවල වලවල් කපලා ඒවලින් මැටි අරන් ගඩොල් පෝරණු කරන අයට ගිහින් බාන්න.. තාත්තා ගොඩක් ඇගේ හයිය තිබ්බ කෙනෙක්,, (අර්ජුන රාම්පාල් වගේ ඇග ) එයා තනියම ගල්කටුවයි සවලයි පාවිච්චි කරලා දවසට පස් ට්‍රැක්ටර් කීපයක් පුරෝලා ගෙනියනවා,, මාත් මොන්ටිසෝරි ගිහින් ආවට පස්සේ එයා අවුවේ පස් කපන තැනට වෙලා ඉදගෙන ඉන්නවා..
ලෝකේ තියන හැම ප්‍රශ්නෙම අහනවා,, තාත්තාගෙන් එයා හැමේකටම මට උත්තර කියා දුන්නා .සමහර ඒවා බොරු කියලා මන් ටිකක් ලොකු වෙද්දී දැනගත්තා,,
“මන් දවසක් ඇහුවා ඇයි තාත්තේ වහිද්දි ගොරවන්නේ වලාකුළු අස්සෙන් එන සද්දේ මොකක්ද එහෙම වෙන්නේ ඇයි ” “පුතේ එහෙම වෙන්නේ මේ ලෝකේ උස්සගෙන ඉන්නේ යෝධයෙක් එයා අපේ ලෝකේ එයාගේ ඇගිලි උඩ තියන් ඉන්නේ එයා හිරිවැටෙද්දී ඇගිළි මාරු කරනවා”, “තව එයා එහෙමෙහෙ යද්දී එතකොට තමයි එහෙම වෙන්නේ කියලා” අකුණු කියන්නේ අහස උඩතියන ලෝකේ යුද්ද තියෙන වෙලාවට කිවුවා’.
එයාට දාඩියා දාලා කළු වෙලා,,මට හොදට මතකයි පිටේ ලුණු වගේ මිදිලා තිබ්බා ,,ඒවා ඇගිල්ලෙන් අරන් මන් කටේ ගාලා කියනවා ‘අම්මෝ අද ගොඩක් ලුණු සසයි කියලා”.
කාළය ගෙවුනා දවල්ට ආත්තම්මා එක්ක හවසට තාත්තා එක්ක,එයා සූදුවට ඇබ්බැහි වුණා,, ඒ වගේම අවුරුදු 28 ක විවාහක පිරිමියෙක් බිරිද නැතුව,, ඉන්ටර්නෙට්,ටෙලිෆෝන් වලින් කිසිම සම්බන්ධයක් නැතුව පුංචි දරුවෙක් එක්ක තනියම ඉන්න එක,,මට අවුරුදු 19 ක් විතර වුනාට පස්සේ මන් මගේ තාත්තගේ තරුණ ජිවිතේ ගැන දුක් වුණා ගොඩක්.. ඔය අතර එයා මාත් එක්ක නිතර නිතර යාළුවෙක්ගේ ගෙදර වැඩිපුර ගියා,, එහෙ හිටියා හොද ලස්සන අක්කා කෙනෙක්, ඒ මාමගේ නංගි.. එයා මට හෙන ආදරෙයි.

මන් පොඩියි ඒකාලේ කන්න බොන්න දෙන ,සෙල්ලම් කරන ,හුරතල් කරන ඕන කෙනෙක් මගේ ලෝකේ හොදම හොද මිනිස්සු.දැන් වගේ “අම්මෝ හෙන මීටරේ ඈ මෙයා නම්” , ‘අපෝ ගොම් පාට්” ඕවා තේරෙන්නැහැ,,(දැන් ඉන්න ළමයිට නම් තේරෙනවා මන් හිතන්නේ,,අම්මලා ඇන්මම්,,, අනම් මනම් කිරිපිටි එහෙම බොන හින්දා ) ඔය අතර අම්මා අවා, තාත්තා ගැන ආච්චිඅම්මා ඔක්කොම අම්මට ලියුම් වලින් බොරුත් එක්ක ලියලා යවලා ,හොදට දැනුවත් කරලා තිබුණේ මන් හිතන්නේ.. අම්මා ආපු දවස් ගැන මට එච්චර මතකයක් නැහැ ,,

අම්මා ඇවිත් අපේ කාර්ඩ් බෝඩ් ගේ වෙනුවට ටිකක් හොද එකක් හැදුවා,, ඒත් ගෙයි ඔක්කොම ඉවර කරගන්න නම් අම්මා ආයෙමත් රට යන්න ඕනේ කියන අදහස ආයේ ආවා. ඔහොම දෙවැනි පාරත් අකමැත්තෙන් එයා ගියා.. අම්මා ගියාට පස්සේ මායි තාත්තයි ආයේ තනියම,, එයා වෙනද වගේ මන් ඉස්කෝලෙන් ආවට පස්සේ එක්කන් යනවා වැඩ කරන තැනට.සිද්දි දහස් ගානක් ඔලුවේ තියෙනවා ඒත් අත්‍යාවශ්‍යම දේවල් විතරක් ලියන්නේ මේක ගොඩාක් දික් වෙන නිසා,,,
මෙදාපාරත් අම්මා ආවේ අවුරුදු 3 කින්,, මට 8 ක් වගේ එයා එද්දී..
තාත්තා අලුතෙන් වැඩ කරන තැන දුරයි ටිකක් ඉස්කෝලේ නිමාඩු දවසට තමයි එක්කන් යන්නේ වැඩකරන තැනට,, එතන හරියට ගෙම්බෝ හිටියා මගේ වැඩේම ගෙම්බෝ අල්ලලා උන්ව බෙල්ලට පොඩි ලනු ,රෙදි පටි දාලා සෙල්ලම් කරන එක ,, හෙන ලොකු වුන් හිටියේ,,
මගේ තාත්තා මාව පුදුම විදියට පරිස්සම් කළා, කිසි කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න යැවුවේ නැහැ,,ඒත් මන් පව් කියලා හිතුනම යවලා එනකල් බලන් හිටියා දුරින් ,,
ඉස්සර එයා පැයක්,දෙකක් හරි එයාගේ ෆුට් සයිකල් එක උඩට වෙලා ඔහේ ඉදන් ඉන්නවා ,, කොච්චර දේවල් කල්පනා කරන්න ඇද්ද,,
ඔය කාලසීමාව වෙද්දී අර අක්කා අපේ තාත්තට අදරේ කළා මන් හිතන්නේ,, අපේ තාත්තත් එහෙමයි,, ලස්සනට ඇන්දා.. අර අක්කලාගේ දිහා යනවා නිතර.,, ඒත් මට වෙනද වගේම ආදරේ කළා,,එයා බයිසිකලේ හැමදාම හෝදනවා ,,පිහිනවා ,, මගේ ඇදුම් සේරම හෝදන්නේ එයා,,උදේට අන්දලා කැම කවලා ඉස්කෝලේ ඇරලලා වැඩට යනවා, උදේ 6 .30 ඉදන් මන් තනියම ඉස්කෝලේ කවුරුත් නැහැ..මොනා කරන්නද ඔහේ ඉන්නවා . දවල්ට ආත්තම්මා තමා ගෙනියන්නේ,, එයත් මට ගොඩක් ආදරේ කළා,,ඊට වඩා එයාගේ හිතේ සහ මුහුණේ තිබ්බා “ෂික් මේ ළමයෙක් ඉන්නවනේ නැත්තම් අපේ එකීව ඕකෙන් අයින් කරලා කියන හැගීම””
රෑට ගෙදර ඇවිත් තාත්තා උයනවා ,,මන් මේසේ උඩට වෙලා බිස්කට් කකා ලෝකේ තියන හැම ප්‍රශ්නෙම අහනවා ,,ඇත්තමයි මගේ තාත්තා එච්චර ඉස්කෝලේ ගිය උගත් කෙනෙක් නෙමේ 6 ට ගිහින් තිබ්බේ ,,ඒත් එයාට ඉංග්රීසි කියවන්න ලියන්න පුළුවන් හොදට,, මන් අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නත් පුළුවන් ,, මන් ළමයි එක්ක රණ්ඩු වෙලා තියනවා නිතර තාත්තා නිසා.මන් හැමෝටම මගේ තාත්තා තමයි හොදම ,හැමදේම දන්නා කෙනා කිවුවා ,,මට ගොඩක් අය අපහස කළා..ඒකට හේතුව මන් නිසා පවුලට අපලයි කියලා අපේ නෑදෑයෝ අතර තිබ්බ කතාව වෙන්න ඇති..

කාළය ගෙවුණා වේගෙන් හෝ හෙමින් නෙමේ දැන් ඔරලෝසුවේ කටු කැරකෙන ස්පීඩ් එකටම..අම්මා ලංකාවට ආවා ආයේ අම්මා තාත්තා එකගෙදර
හොදින් හිටියා ,, ඒත් වටෙන් පිටෙන් අරවා මේවා ආරංචි වුණා,
අන්තිමට රණ්ඩු වෙවී හිටපු තාත්තා අපිව දාලා ගියා. මාව බලන්න අම්මට හොරෙන් ඉස්කෝලේ ලගට ආවා. තාත්තා අර අක්කත් එක්ක යාලු වෙලාලු ඒකලු අම්මා රණ්ඩු වෙන්න හේතුව. දැන් මන් අම්මා එක්ක, අම්මත් මට පණ වගේ ආදරෙයි,,
පස්සේ අම්මා මන් වෙනුවෙන් කියලා ආයේ තාත්තා එක්කගෙන ආවා ඔය අතර ගහ මරාගැනිලි ,රණ්ඩු අතර අම්මෝ ජිවිතේ තිත්තම උනා ඈ..පස්සේ අම්මට මල්ලි හමුබුනා ඒත් අපේ අම්මා නිතර රණ්ඩු වුණා..මේ අවුරුදු කීපය මගේ අම්මා ,තාත්තා වගේම මමත් ගොඩක් විදෙවුවා,, එයාලා කොච්චර හොදින් ඉන්න හැදුවත් විවිදාකාර ආරංචි , සැක සංකා අපේ පවුල වසාගෙන හිටියේ,,මල්ලි හම්බුනා.. තාත්තා සුදුවට ඇබ්බැහිවීම සහ එයාගේ අනිත් අනියම් සම්බන්ධය තමයි දැන් අපේ පවුලේ තිබ්බ ලොකුම ප්‍රශ්නය…

අම්මගේ සහෝදර ,සහෝදරියන් පරපුරම අම්මගේ පැත්තේ මගේ තාත්තා තනි වුණා.ආපහු මල්ලිට මාස 10 ක් වෙද්දී එයා කොහේ හරි ගියා,ඊට පස්සේ එයා අර අක්කලාගේ ගෙදර ආව ගිය බව සහ ලොරියක වැඩ කරන බව ආරංචි වුණා,, මට 11 ක් වගේ වයස,,පස්සේ මාවයි මල්ලිවයි ආත්තම්මා බලාගන්නම් කියලා අම්මා ගේ සම්පුර්ණම හදන්න හිතන් ආපහු රට ගියා අවුරුදු 2 කට,, තාත්තා ඉස්කෝලේ ලගට ඇවිත් මාව බලලා යනවා ,සෙනසුරාදට මාව රවුමක් එක්ක යනවා,ඒ අතර දවසක් තාත්තා මට කාටවත් කියන්න එපා කියලා ටිකක් දුර දිහාක එක්ක ගියා,එහෙ අර අක්කා හිටියා අපේ මල්ලිට වඩා ටිකක බාල මන් වගේම හැඩහුරුකම් තියන පුංචි ළමයෙක් වඩාගෙන.. පොඩි වුනත් මන් හිතුවා මේ අපේ තාත්තගේ බබෙක් තමයි කියලා,, මන් තාත්තට කොච්චර ආදරේ කලත් අර ළමය ගැන ආදරයක් දැනුණේ නැහැ,, එදායින් පස්සේ තාත්තාව තරමක මන් ඈත් කළා මන් හිතන්නේ ,ඒත් කාටවත් කිවේ නැහැ ..

කාළය ගෙවුණා,අම්මා ආවා. එයා ඇවිත් නඩු දැම්මා අනිත් මිනිස්සුන්ගේ පෙළබවිම මත. ඒත් එයාලා නඩුව අයින් කලාද කොහෙද ,,ආයේ තාත්තා ගෙදර ආවා,, ඒත් අර ළමයා ගැන ,හැමෝම දන්නවා..අයෙමත් රණ්ඩු.. පස්සේ තාත්තා පොරොන්දු වුණා ,අර සම්බන්දෙ නවත්වනවා ,,හැබැයි දරුවට වියදම් දෙනවා කියලා,,නමුත් අපේ අම්මා දවසගානේ තාත්තාව රිද්දුව,, මගේ අම්මව නෑදැයෝ රිද්දුවා,, කාලයන් නිශ්චිතව මතක නැහැ මට නමුත් මන් O / L කරන කාලෙත් රණ්ඩු ,,අර ළමයා ඉස්කෝලේ යනවා.. ඒ ළමයට එහෙන් තාත්තා කෙනෙක් නැහැ,, අපේ අම්මාලා ඒ වෙද්දී තරමක් පෝසත්තු,, නෑදෑයන්ට අවනම්බු වෙනවා මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ,, මගේ අම්මයි ,තාත්තයි පුදුමාකරා ජිවිතයක් ගෙවුවේ,, මේ හැමදේම තේරුණත් නොතේරුණ ගානට මන් හිටියේ…
40 පාරක් විතර තාත්තා ගියා ආයේ අම්මා එක්ක ආවා… ඔහොම තමයි කාලේ ගෙවුනේ,,,,
දැන් මේ කතාව ලිවුවා ඇති ,, වර්ථමානයේ මට කියනන් අවැසි දේ මේකයි . මේවා ඔබේ මානයන්ට තර්කයන්ට එකග නොවෙන්න පුළුවන් ,,

කිසිම පිරිමියෙක් කසාද බැදලා ආර්ථික ප්‍රශ්න එද්දී තමන්ගේ බිරිදව පිටරටකට යවන්න හෝ යන්න දගලුවට යන්න දෙන්න එපා..
කිසිම බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයව තනිකරලා පිටරට යන්න එපා. කසාද බදින්න කලින් තමන්ගේ ජිවිතේ තනියම ගන්න තීරණ අරන් ඉවර කරන්න ..රට යන්න ඕනේනම් යන්න,,
කසාද බැන්දට පස්සේ අම්මා තාත්තාව අත්හරින්න එපා ,ඒත් තීරණ ගද්දි තමන්ගේ අලුත් පවුල් ජිවිතේ තීරණ වලට ඒ අයව ගාව ගන්න එපා,,
තමන්ගේ ස්වාමිපුරුෂයාට ගරු කරන්න ,,එහෙම කරන්න තරම් සුදුසු නැති මිනිහෙක්නම් එයාව බදින්න එපා …
කටින් කියන වචන වලින් පිරිමියෙක් ලංකරගන්න බැහැ ,, ගැහැනුන් නම්‍යශීලි විය යුතුයි.. එසේ වූ තැන පිරිමියා වැරදි නොකරයි,,

තව දෙයක් කියන්න බැරි වුණා, අන්තිමට මට 21 වෙද්දී මන් කොහොමහරි අම්මව කැමති කරවගත්තා තාත්තට නිදහස දෙන්න,,අම්මා දික්කසාදය නොදුන්නේ ,,තාත්තාව වෙන කෙනෙක්ට දීලා පරාජය බාරගන්න බැරිකමට සහ තාත්තට රිද්දන්න ,,ඒත් ඒකෙන් වුනේ මගේ ආදර අම්මා ,තාත්තා මගේ මල්ලි මන් ඇතුළු මුළු පවුලම මොක්කුද වගේ ඔහේ හුස්ම ගැනීම විතරයි. ඒ වගේම තාත්තගේ ලෙයින් උපන් අනිත් දරුවා ඇතුළු පවුල දුක් වීම පමණයි.. දැන් මගේ තාත්තා අලුත් ජිවිතයක් ගෙවනවා,,මන් දැක්කේ නැහැ අවුරුදු 3 කින්.නමුත් එයා දැන් සතුටින් ඉන්නවා. මගේ අම්මා ආගමට දහමට ලැදිව ඒ පැත්තෙන් යම් සතුටක් ලබනවා.
මගේ ආදර තාත්තා එයාගේ තරුණ ජිවිතේ තමන්ගේ බිරිද එක්ක සතුටින් ඉන්න ඕනේ කාලේ අහිමිවෙච්ච කෙනෙක්. මගේ අම්මත් එහෙමයි.අතීතයේ දවසක පවුලේ යහපත සතුට ගැන හිතලා ගත්ත එක තීරණයක් නිසා ජිවිත කීයක් දුකට පත් වුනාද.. මරණය දක්වාම ඔවුන්ගේ ජිවිත වැරදිලා ඉවරයි.
අද එයාගේ උපන් දිනේ..කතා කරන්න විදියක් නැහැ නමුත්,එයාගේ ජිවිතේ මරණය දක්වා මන් එයාව බලාගන්නවා. මේකේ අගමුල ඔයාට තේරුම් ගියාද දන්නේ නැහැ.සමාජයේ දහස් ගණන් මිනිස්සු ඉන්නවා මේ වගේ වෙච්ච,, මට මගේ යාලුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ කසාදය කියන බැදීම ආදරෙන් පරිස්සම් කරගන්න කියලා,,,සුබම සුබ උපන්දිනයක් මගේ සුදු තාත්තට

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල