විවිධාංග

ෆ්‍රොම් Mrs. කල්‍යාණමිත්‍ර – To you with love

Off

තැල්ලක් කරට බැඳ මංගල සිරි දිනෙක
අත මත අත තබා හිඳුවා පෝරුවක අත්සන ගසා නිවැරදි ලෙස නීතියට ඔබ මා රැගෙන ගියෙහිය දුර දීගයක උන්නත් ලඟින් පෙර අප උණුසුමෙන් වෙලී දෙන්නා තුන්දෙනා හා වැඩි වෙන කල නොසැලී දෙන්නට දෙන්න මිස වෙන සරණක් නොලැබී මේ ජීවිතේ ඔබ අන් හැමටම වඩා වටී

අවුරුදු දුසිමක ප්‍රේම කතා ගොඩක් මැවී කෝල හැගුමකින් සංකාවක් හිතට මැවී ඇගිලි ගනිමින් පැටව් සමග එලිපත්තටවී බලා හිදිමි ඔබ එනතුරු සිකුරාදා මගේ හිමී

හැම පැටියාම අපේ පැටව් වගෙ හින්දා රට රකින්ඩ ඔබ ගියේ යුතුකම හින්දා රත්තරන් මහත්තයා හැමදා මගේ හින්දා
පාන තියා ඉල්ලමි රැක දෙන හින්දා

****************************
හෝව්.. හෝව්.. ඩෝන්ට් මිස් අන්ඩස්ටෑන්ඩ් ප්ලීස්.. මේක මේ අපේ උන්දෑ එහෙම ලියුව එකක් නොවෙයි..
ඊයේ රාත්තිරියේ කල්‍යාණමිත්‍රයා එක්ක පොඩි ‘චැට්’ එකක් දාපු ‘රූපේ’ ලමයා ට මේ දවස් වල කල්‍යාණමිත්‍රයා ‘විප්‍රවාස’ව ඉන්න එක ගැන බොහෝම දුක හිතිලා.. (විප්‍රවාස වචනය හැලපේ අයියාගෙන් කොපි කලෙමි.) මෙන්න බොලේ ටික වෙලාවකින් එනව අපූරු කවියකුත් ලියාගෙන.. හැබැයි මේකා ලියල තියෙන්නේ අපේ ගෙදර උන්දෑ ලියන විදියට. ඒකට ‘රූපේ’ ම දාපු හෙඩිමම තමයි මං දැම්මෙත්.
රූපේ ගේ අවසරය මත මේක මගේ බ්ලොග් එකේ පබ්ලිශ් කරන ගමන් මුල් කවි දෙකට විතරක් මාත්‍රා පිහිටුවන්න කියල හිතල පුංචි වෙනසක් කරා.. තුන හා හතර කවි වල තිබුණු හෘදයාංගම ගතිය නිසාම ඒවා කිසිම හැඩ ගැන්වීමකින් තොරවම පලකලා.
කල්‍යාණමිත්‍රයා ආසම චරිතයක් තමයි කොකා කෝලා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී බ්‍රයන් ඩයිසන් කියන්නේ. එයාගේ බොහෝම ප්‍රසිද්ධ ‘තත්පර තිහේ කතාව’ මෙතනට නිකමට වගේ එල්ලන්න හිතුනා..
රස්සා බෝලේ උඩ දදා මෙහෙට වෙලා හිටියට අනිත් වීදුරු බෝලවල වටිනාකම නොදන්නව නෙවෙයි.. සමහර දේවල් තියෙනව අපිට අවශ්‍ය විදියටම පාලනය කරන්න බැරි. මොනව කරන්නද ඉතින්?

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල