සාහිත්‍ය කළා විචාර

කැබිනට් රැස්වීම සහ සල්ලි හෙවිල්ල……

Off

එදා කැබිනට් මීටින් එක වෙනදට වැඩිය ටිකක් ඇදිල ගියා. දවස් සීයෙන් බාගෙකට කිට්ටු වෙන්න ගෙවිල ගිහිල්ල තියන නිසා වෙන්නැති කවුරුත් තම තමන්ගෙ යෝජනා චෝදනා කතා කලා. කාගෙ කාගෙත් කතාබහ අවසන් වෙන්න යද්දි ටිකක් නිහඬව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහත්තය කතා කරන්න ගත්ත. කතාව පටන් ගත්ත විදියට නං ටිකක් බරපතල කාරණාවක් බව පේන්න තිබුන.

“සර්, මම මේ කියන්න ගියේ වැඩිකරපු පන්දාහ ගෙවන්නෙ කොහොමද කියල! මහින්ද මහත්තය දීපු තුන්දාහ දෙන්නත් ඕන, අපේ පන්දාහ දෙන්නත් ඕන…. ඒත් ඉතිං සල්ලි තමයි…..” රවී ඔලුව කහ කහ කියන්න ගත්ත.

“ඇයි ඔයා කිව්වෙ සල්ලි හොයාගන්න හැටි දන්නව කියල! දැං අපෙන් සල්ලි ඉල්ලන්නෙ ඇයි?” විහිළුවට වගේ අගමැතිතුමා කිව්ව.

“කිව්ව නං තමයි සර්…. ඒත් ඉතිං පනස් දාහවල් බෙද බෙද යන කට්ටියට වගේ සල්ලි දෙන්න කට්ටිය අපිට නෑනේ….”

“අපිට නං සල්ලි දෙන්න කට්ටිය ඉන්නව…. ” සජිත් ඇමතිතුමා මොකක්දෝ කියාගෙන එද්දිම අගමැතිතුමා එයාව නිස්සද්ද කලා.

“හරි දැං කොහොමද මේ සල්ලි ටික හොයාගන්නෙ?”

“සර් අපි ගනිමු විදේශ ණයක්” රාජිත ඇමතිතුමා කිව්ව.

“හා හා හැම එකම ණයට අරගන්න ලෑස්ති වෙන්න එපා කලිං කට්ටිය වගේ….” අගමැතිතුමා කියපු එක ජනාධිපතිතුමාටත් වැදුන කියල තේරුනේ කිව්වට පස්සෙ. කොහොමටත් එතුමාට තේරුම් යනකොට ටිකක් පරක්කුයි නෙව.

“ඉතිං ඔය සල්ලි ටික ගන්න විදියක් කල්පනා කරන්නකො හිටං” නිස්සද්දව හිටිය ජනාධිපතිතුමත් හඬ අවධිකලා.

“අපි ගහමු බද්දක්! ජීඑස් ටැක්ස් හරි මොකක් හරි නමක් දාමු!” එහෙම කිව්වෙ ජෝසප් මයිකල් ඇමතිතුමා.

“ඒක හරියන්නෑ ජෝසප්…. එහෙම උනොත් මිනිස්සු කලකිරෙනව” අගමැතිතුමා කිව්ව.

“ක්‍රමයක් ඕන්නං කියන්නං……” මේ අතරෙ නිස්සද්දව හිටපු චම්පික ඇමතිතුමා කිව්ව. කවුරුත් එයාගෙ පැත්තට හැරුන.

“හැබැයි ඉතිං මේකට කවුරුත් කැමති වෙයිද දන්නෑ…..”

“ඇයි, අර ඔයා පොතේ කිව්ව හොරුංගෙ ගිණුම්වල තියන සල්ලි ගන්නද?” රවී ඇහුව.

“නෑ නෑ…. මේක ඊට ලේසියි…. උසාවි යන්න වෙන ප්‍රශ්නයක් නෙවේ….”

“එහෙනං දේශප්‍රේමී බද්දක් ගේන්නද? ඔය ආරක්ෂක බදු වගේ?” අගමැතිතුමා ඇහුව.

“නෑ නෑ…. එච්චරත් අමාරු නෑ….”

“තටමන්නෙ නැතුව කියන්නකො චම්පික” අන්තිමට ජනාධිපතිතුමත් කිව්ව.

“සර්, මේකට අපේ ජෝන් ඇමතිතුමාගෙ සහය ඕන….”

“ඇයි? එකක් යන්තං යට ගියා…. ආයෙත් මාව කන්නද හදන්නෙ? අනේ මාව නං ගාවගන්න එපා ඕවට. අඩුගානෙ ඡන්දෙන් පස්සෙ”

“නෑ නෑ ඇමතිතුමා…. මේක බඩට වදින කේස් එකක් නෙවේ…. ඔබතුමාගෙ අමාත්‍යාංශෙ සහයෝගය විතරයි ඕන….”

“හෑ…. පාප් වහන්සෙ දීපු සල්ලි ටිකත් මෙයාට දුන්න තව මොනවද ඉල්ලන්නෙ?”

“නෑ නෑ…. ක්‍රිස්තියානි කටයුතු එක නෙවේ මට ඕන මහජන සාමය”

“ඒකෙං මොකක් කරන්න? මට නං මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ හලෝ! මොකද්ද ඕන කියනවකො ප්‍රෙෂර් හදන්නෙ නැතුව”

“මට ඕන ඔබතුමාගෙ පොලිසිය” චම්පික ඇමතිතුමා හීන් හඬින් කිව්ව. කට්ටිය මීයට පිම්බ වගේ නිස්සද්දයි.

“ඒ මොකටද?”

“ඔයාලගෙ අනුර සේනානායකට කියල, ගස්සල, විකුණල දෙන්නකො තව සීඩී ටිකක්…. ඔය ගාන හොයාගන්න බැරිය ලේසියෙම්ම…. එයාට තව කිරිල්ලියො නැතෑ…. “

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල