විවිධාංග

interlock (flatlock) sewing machine and overlock sewing machine and t shirts , පැට්ලොක් ‘‘ඉන්ටර්ලොක් ‘‘ , ඔවර්ලොක් සහ ටීෂර්ට් සහ යට ඇදුම්

Off

මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක්

‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘

කියන එක මං ඉතින් කියනව

‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද ‘‘

කියල , එතකොට උන්දල කියනව

‘‘අර උඩයි යටයි දෙකම එක විදිහට කරවටෙයි අතවටෙයි යටයි ලස්සනට එලියට පේන්ඩ ගහල තියෙන්නේ ඔලොක් පාර ‘‘

‘‘ආ ඒ ඔවර් ලොක් එකක් නෙමෙයි , පැට්ලොක් එකක් ‘‘

ඔන්න ඉතින් ඊලගට පැයකින් හමාරකින් මං බේරිලා ගෙදර එනව බොරු , ඒ උනත් මං මගේ වැඩක් පස්සට දාලහරි , මං දන්න විදිහට උන්දලට කියල දෙනවා අලගිය තැන් මුලගිය තැං ඔක්කොම .

මොකද ඉතින් දන්න උන් අපෙන් අහනවැ , උන්දල හොදට දැනුම , හයිය හත්තිය තියන උන් , සල්ලිත් යහමින් තියනව කොහේ හරි හොද තැනකට ගිහින් ඕන කලමනා ටිකයි , මැෂින් ටිකයි ඇන්න එනව මිසක් , එහෙම යැ මේ මිනිස්සු කොට්ට උරයක් , ගවුමක් , හැට්ටයක් මහගන ජීවත් වෙන ගමං , ටිෂර්ට් එකක් , ජංගියක් , ලංකට් එකක් මහල , පොලේ දාල විකුනල තව පනං හතරක් හොයාගන්නනේ හදන්නේ .

සයිබරෙත් කාටහරි ඕන වෙයි කියල මං දන්න විදිහට , ඔය පටලැවෙන මෙෂින්වල , මුලික මෙෂින්ටික ගැන කියන්නයි මේ යන්නේ , ( තව ඉතින් මෙව්වායේ එක එක වෙනස්කං තියන ආටෝ රාසියක් මෙෂින් තියනව ) , හැබැයි ඉතින් නැති බැරි එකෙක්ට , මේවායෙන් තමන්ට අවශ්‍ය එකක් දෙකක් තෝරගත්තහම , අනිත් ඒවායෙන් කරන දේවල් වලටත් පැලැස්තරයක් ගහගන , ටීෂර්ට් ගේමක් , ලංකට් ගේමක් ගහත හැකි.

පැට්ලොක් කියන්නේ මොනවද
interlock (flatlock) sewing machine
​ප්ලැට්බෙඩ්

https://www.youtube.com/watch?v=TJJZcY-2wcM  (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

මෙන්න මෙතන තියනවා නූල් පහේ ප්ලැට්බෙඩ් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්.
ඒකෙන් කරන්න පුලුවන් ප්ලැට් බෙඩ් එකකින් කරන වැඩ විතරයි , පෝල්ඩර් හයි කරන එක , සහ සිලින්ඩර් බෙඩ් එකකින් කරන දේවල් එකේන් කරන්න බැ.( අස්සට රිංගවල වටේ මහන එක , පොල්ඩරයක් දාගන ඉලස්ටික් එකක් නමල මහන එක , පයිපින් පොල්ඩර් දාන එක කරන්න බෑ , කොටින්ම කියුවොත් ප්ලැට් ජොබ් විතරයි කරන්න පුලුවන් .
​පෝල්ඩර් මොඩල්
https://www.youtube.com/watch?v=Knsef8o4z_M  (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

මෙන්න මෙතන තියනවා නූල් පහේ ෆෝල්ඩර් මෝඩ්ල්  පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්
එකේන් කරන්න පුලුවන් ඉලස්ටික් සහ පයිපින් අල්ලන්නත් , ප්ලැට් බෙඩ් එකෙන් කරන වැඩ කරන්නත් , සිලින්ඩර් බෙඩ් එකෙන් කරන වැඩ කරන්න බැ .

සිලින්ඩර් බෙඩ්

https://www.youtube.com/watch?v=rJe8qZ0dwqM (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

මෙන්න තියනවා නූල් පහේ සිලින්ඩර් බෙඩ් පැට්ලොක් ( ඉන්ටර් ලොක් ) මෙෂින් එකක්
, ගන්නවානං ගන්න ඕන මේකක් තමයි , ඒකට හේතුව ඔය මෙෂින් එකෙන් පැට්ලොක් මෙෂින් වලින් කරන ඕනම දෙයක් කරන්න පහසුයි  ( කට්ටක් කාල හරි පෝල්ඩර් හයි කරන්ඩ උනත් පුලුවන් ) . මේකක් තියන කොට සෙල්ලං දාන්ඩ ලේසියි , දක්ෂ කාර්මිකයෙක් අල්ල ගත්තහම , මොනව හරි කරල ඕනම ඔපරේෂන් එකක්ට කන්වට් කරගත්ත හැකි මැෂිම , සමහරු නං කියනව  ප්ලැට් බෙඩ් එකෙන් කරන වැඩ කරනකොට අමාරුයි කියල , ඔව් ටිකක් අමාරුයි තමයි හැබැයි පුරුද් උනහම ගානක් නෑ , පුලැට් බෙඩ් එකක් සහ පෝල්ඩර් මෙෂින් එකක් ගන්ඩ ලක්ෂ දෙකකටත් වඩා වියදං කරනවට වඩා හොදයි නේ සල්ලි නැති කෙනෙක්ට , මේකකින් මහල සල්ලි ටිකක් හොයාගන බැරියැ අනිත් දෙකත් ගන්න , අනික පිරිමි අන්ඩවෙයාර් වගේ දෙයක් කරන කෙනෙකුට මේක තිබුනහම හොදටම ඇති .

ඔය මෙෂින් වර්ග තුනෙන්ම මැහෙන්නේ මෙහෙමයි

අවශ්‍ය නම් මැද ඉදිකටුව හෝ පැත්තේ ඉදිකටුවක් අයින් කරල ඉදිකටු දෙකෙනුත් , උඩ  ලූපරයේ නුල අයින් කරල ස්පයිරල් ත්රේඩ් නැතුව ඉදිකටු දෙකේ හෝ තුනේ නුල් පාර නෝමල් මැස්මක් විදිහට පෙනෙන් නත් මහන්න පුලුවන් .

( උදා ….ටිෂර්ට් වල යට වටේ සහ අත්වටේ , කරවටේ එහෙම මහල තියෙන්නේ )

 overlock sewing machine නුල් හයේ ඔවර්ලොක් කියන්නේ මොනවද

මැහෙන විදිහ

https://www.youtube.com/watch?v=cS5m_Hg-6jY (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

නුල් හයේ ඔවර්ලොක් මැෂින් එකක් මේක , නුල 6 සහ 5 සහ 4 සහ 3 වශයෙන් ඕනැම ඔවර් ලොක් මැස්මක් මහන්න පුලුවන් , ගන්නවානං ගන්න ඕන මේකක් , ඕනම වැඩක් කරන්න පුලුවන් නිසා , ( අනිත්වාට වඩා මිල වැඩි උනත් මේකක් තියනකොට ඕන ගේමක් ගහන්ඩ පුලුවන් හන්දා පාඩු නැ .

නුල් හතරේ ඔවර්ලොක් මැෂිමක්
Image result for 4 thread overlock machine

https://www.youtube.com/watch?v=dqjLLxmDWg4 (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

ටීෂර්ට් මහන්න තමයි පාවිච්චි කරන්නේ , ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන්, මේකේ ලොක් ස්ටිච් මැස්මක් හෝ , චේන් ස්ටිච් මැස්මක් නැති නිසා කරවටේ වගේ ඇදෙන්න ඒන මැස්මවල් මහන්නේ මේකෙන් ,

මැහෙන විදිහ

නුල් පහේ ඔවර්ලොක් මැෂිම

https://www.youtube.com/watch?v=wX2-VLryNlQ (ලින්ක් එක ක්ලික් කරල වීඩියෝව බලන්න )

නුල් පහේ ඔවර් ලොක් මෙෂින්  , ඔවර්ලොක් මැස්මට අමතරව යට පැත්තෙන් චේන්ස්ටිච් සහිත නෝමල් මැස්මක්ද සමගින් මහන් පුලුවන් , ඕනනම් නුල් තුනෙන් මහන්නත් පුලුවන් , ගොඩක් දුරට යොදා ගන්නේ ටිෂර්ට් වගේ ඇදෙන රෙදි මහන්න නෙමෙයි , ටීෂර්ට් වලට පාවිච්චි කලත් , ගන්නේ , (ස්ලයිඩ් ස්ලිම් )  කමිසයේ දෙපැත්ත මහන්න විතරයි.
මැහෙන්නේ මෙහෙමයි

ඔන්න එහෙනං , දන්න විදිහට කියුවා , ප්‍රශ්නයක් තියනං 0776531595නොම්බරයට කතා කරන්න

හැබැයි රජෝ දහ පහලොස් දාහට තියන ඔවර්ලොක් , ඉන්ටර්ලොක් අරගන නං  . පට්ට ගේම් ගහන්ඩ බැ කියල මතක තියාගත්තොත් හොදා.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල