කාලීන සංවාද

“පස්සේ කිරීම” නොහොත් – “Ass” Charya

Off

රූප පෙට්ටියේ, මහසෝනයි මෝහිණියි හැමිනෙන වෙලාවට විකාශනය වෙන, දේශපාළන බඩකඩුත්තුවලට එන ආන්ඩුවේ මැති අමතිවරු සබන් නැතුව නාගෙන යන්නේ, පසුගිය ආන්ඩුවේ හොරුන් වංචාකරයන්ට එදිරිව ගන්න වැඩ වලට වෙන්නේ මොකක්ද සත්තරනේ… කියලා ඇහුවාමය. එයාලා කටපාඩම් කරගෙන විත් දෙසා වදාරන උත්තර ටිකක් ඒ කාළේ ඉඳන්ම අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම අඩංගු කර තියෙනවාය.

ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදය ව්‍යවස්ථාදායකය යටතේ සඳහන් උප වගන්තියක් වන “කාර්ය පටිපාටිය හා බලතල” යටතේ සඳහන් “පානිය හා මොත්තේ..” යන කොටසේ ඇතුලත් වගන්ති කිහිපයක් ජහ මනයාගේ හිත සුව පිණිස පහතින් උපුටා දක්වමි.

XI වැනි පරිච්ඡේදය
ව්‍යවස්ථාදායකය
කාර්ය පටිපාටිය සහ බලතල
පානිය හා මොත්තේ උප ලේඛනය

“එහෙම එකක් නම් මමත් මාධ්‍ය වලින් දැක්කා…”
“ඔයාලා කියන්නේ එයාලා කරා කියලා අපිටත් එහෙම කරන්න කියලද..”
“එහෙම චෝදනා තිබුන පලියට ඉල්ලා අස්වෙන්නවත් අස්කරන්නවත් ඕන නෑ..”
“සාක්කි තියෙනවා නම් අපිට ලබාදෙන්න, අපි තදින්ම ක්‍රියාත්මක වෙනවා..”
“එහෙම චෝදනා නගන එක වැරදියි..”
“පොලීසියයි, අධිකරණයයි තියෙන්නේ ඒකට..”
“අපිට හැමදේම කරන්න බෑ. ජනතාවටත් වගකීමක් තියෙනවා..”
“බය වෙන්න එපා, පස්සෙ කරන්නම්..”

මෙහි අවසානයට සඳහන් “පස්සේ කිරීම” හා හොරු ඇල්ලීම සම්බන්ධයෙන් ආන්ඩුවට හිතවත්, අළුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කරන, ජනාධිපති උපසේන, ජයම්පති වික්‍රමරත්නයන් හා සමඟ, ගරු මාතලන් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව පහත පළ කර සිටිමි..

මාතලන් – ආයුබෝවන් සුබ අනාගතයක් මහත්මයා..!!!
ජයම්පතී – සුබ අනාගතේ ඉවරයි මෙයා, දැන් තියෙන්නේ යහ පාළණය…
මාතලන් – අම්මපා මට අමත උනානේ හිටං. අපි කෙලිනම මාතෘකාවට එමු…දැන් කොහොමද අළුත් ව්‍යවස්ථාව ඒක දින 100 කට කලින් ගේනවද..?
ජයම්පතී – මාතේ…, මේවා කාටවත් කියන්න එපා… ව්‍යවස්ථාව නෙමෙයි, මම බයවෙලා ඉන්නේ මගේ උපසේන කමටත් එයිට කලින් කෙලවෙයි කියලා
මාතලන් – හුකා.. තත්වය ඒ තරම් දරුණුද..?
ජයම්පතී – දැන් තියෙන තත්වේ අනුව…, ව්‍යවස්ථාව වෙනස් කරලත් බෑ… නොකරත් බෑ…
මාතලන් – අර ශුකාණු කෑ රිලවා වගේ නේද උපදේශක තුමා…?
ජයම්පතී – එයිට හපන් මාතේ…
මාතලන් – මම හිතන්නේ ඔය හොරුයි කියලා කියන උන් අල්ලලා…, චෝදනාව මතම ඇතුලට යවන ව්‍යවස්ථා සංසෝධනයක් ගේන්න බැරිද 18 වගේ දවසෙන් සම්මත කරන්න…?
ජයම්පතී – ගේන්න නම් පුළුවන්…, ඒත් සම්මත වෙයිද…?
මාතලන් – ඒ මොකෝ…?
ජයම්පතී – වැඩි හරියක් ඉන්නේ, එහෙම උන් නේ මාතේ…
මාතලන් – ඒකත් ඇත්ත නේන්නම් හිටං… දැන් ඔය ව්‍යවස්ථාව කවදද ගෙන්නේ..? ඒ වැඩේ කවදද කරන්නේ..?
ජයම්පතී – පස්සෙ කරනවා…
මාතලන් – එතකොට 18 අයින් කරලා 17 ගේන් එකවත්..?
ජයම්පතී – පස්සෙ කරනවා…
මාතලන් – අර රයිට් ටු ඉන්පෝමේසොන් පනතද මක්කද එක…?
ජයම්පතී – පස්සෙ කරනවා..
මාතලන් – අවුලක් නෑ…, අර පොලොන්නරුවේ අවුසද හාමිහේ පනත…?
ජයම්පතී – පස්සෙ කරනවා… ඒක රාජිත කරයි…
මාතලන් – ෂෝක්… අර ඔඩ්ඩි මස්සිනාගේ ඔඩ්ට් පනත…
ජයම්පතී – පස්සෙ කරනවා අප්පා
මාතලන් – නියමයි.. එතකොට අර පාවෙන අවි ගබඩා තියාගෙන හිටපු ., ඔස්ට්‍රේලියාවට සයිලම් සීකර්ස් යවපු ලොක්කා ප්‍රශ්ණ කරන එක..
ජයම්පතී – පස්සෙ කරනවා..
මාතලන් – ෂුවර්ද…?
ජයම්පතී – ඔව් ඔව්…. පස්සෙ කරනවා…
මාතලන් – කොළොන්නාවේ සත්තරන් සුදු පුතා ඇතුලට දාන එක…? පව් අර හිරුනිකා කෙල්ල දැන් අමු හෙළුවෙන් යන්නේ, මොකෝ රෙද්දක් ඇඳලා පාරේ යන්න බෑ කියලා.. එස් බී ත් එක්කම ගියා නම් බලා ගන්නත් තිබුනා..
ජයම්පතී – පස්සෙ කරනවා අනේ
මාතලන් – හුකා… කාගෙද…? සොරි සොරි… මටත් පිස්සූ… එතකොට අර මල්ටි බැරල් ට්‍රිලියනයර් ගිලපු සජින් කොලු පැටියා ඇතුලට…
ජයම්පතී – පස්සෙ කරනවා මාතේ…, පස්සෙ කරනවා…
මාතලන් – එතකොට අර කළුතර රත්තරන්, නාවලපිටියේ මදාවියා ඇතුල…
ජයම්පතී – පස්සෙ කරනවා…, පස්සෙ කරනවා…
මාතලන් – ඇත්තෙයි.. එතකොට ඔය ආයේ දෙමල්ලුන්ගේ ලේ ඉල්ලන ලේ මාපිල් ජඩමාද්දිය වේදියෝයි, සංඝයොයි, ආචාර්යවරුයි, අරුන්ටයි මුන්ටයි මොකුත්ම කරන්නේ…
ජයම්පතී – ඒයාලට රනිල් ඔය කරන්නේ..
මාතලන් – අපරාදේ…, එකත් පස්සේම කරා නම් තමයි ආතල් එක.. රනිලුත් කැමතියිනේ ඒකට.. අපරාදේ කළබල උනේ…
ජයම්පතී – ඕනම නම්…, ඉතින් ඒ විදියට කරන්නම්..
මාතලන් – එතකොට…, ඒ ඇරුනම, හදිසියේ අද හෙට මුකුත් කරන්නේ නැද්ද…?
ජයම්පතී – කරනවා.. කරනවා….
මාතලන් – ඒ මොකක්ද ඒ…?
ජයම්පතී – අපි ජාතික ආන්ඩුවක් හදනවා..
මාතලන් – මම හිතන්නේ නෑ ඒ වැඩේ හරියයි කියලා…
ජයම්පතී – ඒ මොකෝ..?
මාතලන් – හිටපු හොරුන්ටත් ඇමතිකම් 25ක්ම ඕනෙලු.. ඒකට, දැන් හොරා කන්න ආපු සෙට් එක කැමති නෑ.. කොහොමත් ඔය එක ගෙයි කන වැඩේ අදට ගැලපෙන්නේ නෑ..
ජයම්පතී – නෑ නෑ එක කොහොම හරි කරන්න ඕන.. නැත්නම් ඉතින් අපිත් නෑ නේ…
මාතලන් – එක නම් සහතික ඇත්ත ලොක්කා..එතකොට අනිත් ඔක්කෝම කරන්නෙ පස්සෙද..?
ජයම්පතී – ඔව් ඔව්… කලබල වෙන්න එපා… අපි පස්සෙ කරනවා… එතකන් බලාගෙන ඉන්න..
මාතලන් – බලාගෙන ඉන්න නම් පුළුවන්…, ඒත් ඉතින් පස්සෙ කරන කොට බලාගෙන ඉන්න එක තමයි දුක.. අපිට තනි ඇහැට ඇඬෙයි අප්පා..
ජයම්පතී – අර මොකෝ අප්පා ඒ..?
මාතලන් – නෑ ඉතින් ඔහේලා පස්සෙ කර කර ඉන්න අතරේ…, මැදමුලනේ මහ රජ්ජුරුවෝ, ලේ මාපිලොත් එක්ක එක්කහු වෙලා…, ඔහේලගේ පස්සෙ කරන කොට…., කොහොමද අප්පා ඇහක් කනක් ඇරගෙන බලාගෙන ඉන්නේ.. එහෙම කරලා නවතිනවා නම් ඒත් දුකක් නෑ… ඊට පස්සේ අපිටත් ඒකම කරනවනේ… ඇඬෙන්නේ නැද්ද ඕයි මේව්වට…?

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල