බ්ලොග් නවකතා

“මංමුලා සෙවනැලි “- 01 කොටස

Off

දොරින් අඩක් ඇරියාම එන්නේ

සිහිල් සුළං ආයුබෝන් කියාමෙන්……

.

එසේ ලීවේ කවුරුන් දැයි මට සිහියට ‍නොනැඟේ.නමුත් ඔහුත් මා වැන්නෙකු වන්නට ඇති.අළු පාට ලෝකයක් මා ඉදිරියේ විය.තව මොහොතකින් අසේල පැමිනෙනු ඇත.ඔහු මගේ අම්මාගේ දරුවෙකි.ඔහු නැතිනම් අම්මාගෙන් හිස් වූ මේ විසල් ලෝක‍යේ මා තනි වනු ඇත. අතීතය වර්තමානය එකිනෙක පැටලී ඇත.අප්පච්චි ළඟින්ම අම්මාද මිහිදන්ව ඇත.තමඋණුසුම් මතකය තුලින් මෙන් නොව සැබෑවටම ඈ ඔහු හා එක් වී ඇත.මට මතක ඇති කාලයක පටන්ම අප්පච්චි බිතු සිතුවමක්ව හුන්නේය.එක් මූසල හැන්දෑවක සුදු අයියාගේ රූපයද එතැන තැන්පත් වූයේ ආචාර වෙඩි මුර සමගිනි.මහමෙරුව සේ අම්මා සියල්ල දරා ගත්තීය.පිළිකා මාරයා ඇගේ ජීවිතය අඟලෙන් අඟල ගිල ගනිද්දී ඈ ඊට එරෙහිව සටන් නොකලාය.ජීවිතයට මුහුණ දීමට තරම් මා ශක්තිමත් බව ඈ දැන සිටියාය.

“පුතේ මගේ දරුවට මං නැති කාලෙක ඉන්නේ ඔයාලා තමයි“. ඈ නිතර අසේලටත් ඔහුගේ අයියලාටත් කීවාය.

“අනේ ටීචර් අපේ නංගී ගැන අපි බලන්නේ නැද්ද?“ඔවූහු කීහ.

ඔවුන් අපේ කවුදැයි මට කිසිසේත් වටහා ගත ‍නොහැකි විය.අම්මාගේ ඥාතීන් ඈ හැර දැමුමේ ඇගේ විවාහයේදීය.අප්පච්චිගේ මව  සුදු මම්මා ට හා අප්පච්චිගේ අයියා ලොකු අප්පච්චිට අපේ මුලු හත්මුතු පරම්පරාවම සීමා විය.අනතුරුව නාමල් කමල් සහ අසේල අපේ ජීවිතයට සම්බන්ධ වූයේ මගේ අයියාගේ මරණයේදීය.අම්මා තුෂ්නිම්භූතව සිටිද්දී,මා හඬා වැටෙද්දී මගේම අයියාගේ අවසන් ගමනට අවැසි දේ සම්පාදනය වූයේ ඔවුන් අතිනි.

මා මුලින්ම සිතුවේ ඒ අයියාගේ මිතුරන් බවය.කමල් අයියා සේවය කලේ අයියාගේම සේනාංකයේ ය.

නමුත් අම්මාත් ඔවුනුත් අතර දෙබස් අයියාගේ  උපතටත් පෙර අතීතයට ඇදී යද්දී මම ඒ උපකල්පනය අත් හලෙමි.ඉතා ඈත දුෂ්කර ගමක හැදී වැඩුනු ඔවුන් තිරසර ලෙස අපේ ජීවිතයට සම්බන්ධ වූයේ අපේ ආරක්ෂකයන් බවට පත් වෙමිනි.එක් සොයුරෙක් අහිමිව ගොස් තිදෙනෙකු හිමි විය.මගේ අවසන් නිගමනය වූයේ ඔවුන් අම්මාගේ පෙර විවාහයේ දරුවන් විය හැකි බවයි.

“තාමත් අඬනවද නංගා…..“

“ම්හ්…..

හේ මා මුදුව වැළඳ ගත්තේය.

“මට ඔයා ළඟින් ඉඳන් ඔයා බලා ගන්න ඕන…“

“ඉතින් ඔයා මෙහේ නවතින්න එන්නකෝ…සිරියම්ම ගියාම මං ගෙදර තනියෙන්….“

“ඒක තමයි.දැන් එයා නවත්තගෙන ඉන්නේ කටේ බලෙන්..“

“ඒක තමයි.එයා යන්න කලින් මං මෙහේ එන්න ඕන.

“හෙටම ඔයාගේ බඩු මුට්ටු බෝඩිමෙන් ‍ගේමු..“

“ඔහුගේ මුහුණ රතු වී අනතුරුව සුදුමැලි විය.වැරදි යමක් කියවීදැයි සැකයෙන් මම තොල හපා ගතිමි.“

“පිස්සි එහෙම කොල්ලෙකුයි කෙල්ලෙකුයි එක ගෙදර ඉන්න ගියොත් රට්ටු ලස්සන පද හදයි……“

“අයියටයි නංගිටයි එක ගෙදර ඉන්න බැරි මොකෝ….මම මුරන්ඩු වීමී.“

“මම ඔයාගේ අයියා නෙමෙයි..හේ රළු හඬින් කීය….“

“මගෙම නොවුනට මොකෝ ..අපි එක අම්මගෙ දරුවෝ….“

ඔහු මා දෙස බැළුවේ උඩ ගිය ඇස් වලිනි.“නෑ මොකක්…

මා දෙස කට බලියා මොහොතක් බලා සිටි ඔහු අනතුරුව මහ හඬින් සිනාසෙන්නට විය.

“මොකක්ද විහිළුව….“මම නුරුස්සනා ස්වරයෙන් කීමි.

“අම්මා කිව්වේ අපි කවුරු කියලද?..“

“එයාගේ දරුවෝ කීවේ….“මගේ නැග එන කෝපය අම්මා කෙරෙහිද යොමු විය.

මම හිතුවේ එයාගේ කලින් කසාදේ ළමයි කියලා….

“පිස්සුද“ ඔහු ක්ෂණිකව කීය“.

එහෙම නෑ“…

එහෙත් ඔහු කවරෙක් දැයි පැහැදිලි කලේද නැත.

“මම ඔයාගේ අම්මට පොරොන්දු වුනා හොඳ මහත්තයෙක් වගේ ඔයා බලාගන්නව කියලා..“.
“මහත්තයා…..“

“ඔවු ඔයා කසාද බඳින්න..“

“මොකක් මම ???????????“

“ඔ   ඔ..ඔයා මට කැමති නැද්ද?“

“මම එහෙම දෙයක් ගැන හිතුවෙවත් නෑ.ඔයා මගේ අයියානේ“

“ඔයා ඒක හිතනකල් මෙහේ නවත්තන්න කෙනෙක් මම එක්ක එන්නම්.එයාගේ නම රන් මැණිකා“එපමණක්ම කී ඔහු වේගයෙන් පිටවී ගියේය.

අපේ ජීවිත සමඟ ඇති සම්බන්ධය කුමක්දැයි ඇසීමට මට වුවමනා විය.ඔහු මට ආදරය කළේ ඇයි දැයි ඇසීමට මට වුවමනා විය.නමුත් මා ගොළුව බිහිරිව හුන් තැනම නොසැලී සිටියෙමි.

ඔහු මගේ ජීවිතයෙන් නික්මී ගියේද?බිතු සිතුවම්ව සිටි අප්පච්චිටත් මගේම අයියාටත් වඩා මට සමීපව සිටියේ ඔවුන් නොවේද?අමිල වස්තුවක් මට අහිමි වූ බව මට හැඟිනි.

ඔවුන් මගේ ජීවිතයෙන් ඉවත්ව යාම මගේ දකුණත කපා දැමුවා වැනි වේදනාවක් විය.නමුත් මගේ සිහිනයේ වූ ආදරය ප්‍රකාශකිරීම මෙය නොවීය.ඔහු ඉතා උස ,ගුප්ත නිල් වන් දෑසක් හිමි කඩවසම් හාදයෙක් විය යුතුය.මම සුදු පැහැ දිගු ගවුමක් හැඳ ලැජ්ජාශීලී රැජිනක් මෙන් දිස් විය යුතු අතර ඔහුගේ යෝජනාවත් සමඟ රතු වී ගොස් කෝළ සිනා පෑ යුතුව සිටියෙමි.අප සිටිය යුත්තේ උස් තුරු වලින් වට වූ ජලාශයක් අද්දරය.ලා තණ පලසක් මතය.

නමුත් යථාර්ථය වූයේ කුමක්ද?අපිළි‍වෙල මගේම කාමරයේ,මා නිදන ඇඳුමින් කබ කඩමින් සිටියදී,මගේම අයියා යැයි සිතා සිටි තැනැත්තා විසින් විවාහ යෝජනාවක් ගෙන ඒමය.

මගේ සිහිනය බිඳ වැටීම නිසා මට රිදිනි.මා ඔහු රිදවූයේ එබැවිනි.

රණ් මැණිකා නිහඬ ඇවතුම් පැවතුම් ඇති අතිශය අවබෝධයකින් යුත්ගැහැණියක් වූවා කිහිප අයුරකින්ම අම්මාට සමානකම් පෑවාය.මමනිසඟයෙන්ම ඈට ආකර්ශනය වී ගියෙමි.තවමත් අසේළ මට දුරින්විය.ඔහුගෙන් ඇමතුමක් පවා නොවීය.අයියලා දෙදෙනානම් ඉඳ හිට ආවත්අසේල තරම්  ඔවුන් කිසි දින මට මිතුරන් සේ සමීප වූවන් නොවේ.ඔවුන්හුදෙක් ආදර්ශමත් අනුග්‍රහශීලී අයියලා පමණක්ම විය.නමුත් ඔහු මට සෑමකෙනෙක්ම විය.අවශ්‍ය විට මට ඕනාම කෙනෙක් වීමට ඔහු සූදානම්වසිටියේය.හුදෙකලා මා වැඩි වැඩියෙන් පොත් වලට ඇදීගියේ මෙබඳු තත්වයක්යටතේය.අම්මාගේ පුස්තකාලය මට කෙම් බිමක් විය.එහි ප්‍රසිද්ධකතෘවරුන්ගේ පමණක් නොව අප්‍රකට කතුවරුන් දෙදෙනෙකුගේ මෙතෙක්නොපළ පොත් රැසක්ද ඒ අතර විය.කැළුම්  දිසානායක හා මේඛලා සිරිවර්ධනවූ ඒ දෙදෙනා මගේම අම්මාත් අප්පච්චීත් වූහ.මෙතෙක්ම හුදෙක්ඡායාරූපයක් පමණක්ම වූ අප්පච්චී,ඔහුගේත් අම්මාගේත් දින පොත්  වලින් මට  සමීප විය.මරණයෙන් වත් දුරස් නොවූ ඔවුන්ගේ ආදර‍යේ සුවඳ තවමත්ජීවමානව එහි රැඳී තිබුණි.ඔවුන් ජීවිතය උදෙසා කරන ලද අප්‍රමාණ කැපකිරීම්එහි පිටු වර්ණවත් කළේය.සිය කෙටි ජීවිත කාලය මුළුල්ලේම නොකල ලෙසතමන් කවුරුන් දැයි ඒ සටහන් මඟින් ඔවුන් මට  කියා දෙමින් සිටියි. දුරටත්මම අනාථ දරුවෙක් නොවෙමි .මේ පිටු අතර රැඳෙමින් ඔවුන් මා සමඟමජීවත් වනු ඇත.ඔවුන්ගේ මතකය දුර ඈත තිබෙන මතකයක්,යාන්තමින්වැටෙන ආශිර්වාදයක් මෙන් මා වෙත රැඳෙමින් හුදෙකළාවෙන් මා රැක ගනුඇත

http://wkwijeratna.blogspot.co.uk/2015/04/01_29.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල