සාහිත්‍ය කළා විචාර

ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු…!!! – Is justice equal for all…?

Off

හෙඩින් එක දැක්ක ගමන්, සම හරක්ට මෙය ජෝක් එකක් කියා හිතන්නට පුළුවන්ය. තවෙකෙකුට, මාතලන්ගේ මොළේ දරුණු ලේසම මඤ්ඤං වෙලාදෝ කියා හිතෙන්නත් පුළුවන්ය. ඒත් මාතලන් නියම ලෙස හඳුනා ගත් කිසිවකුටත්, මේ හෙඩිම පුදුම සහගත දෙයක් නොවන්නේය. මේ ලියන්නේ, “කොළඹ ගමයා” ලියන, අජිත් කියන්නාක් මෙන්ම, ශෂීගේ දරු දෙදෙනාගේ සංවේදී ඡායාරුපය දැකීමෙන් නොවේ. මේ ලියන්නේ, සියල්ලන්ම දැනගත යුතු, ලාංකිය දේශපාළණයේද, ජරාජීර්ණ වූ පොලීසියෙද, තුප්පහි නීතියේද නිරුවත පෙන්වීමටය. යහ පාළණ ලෙසද, ආශ්චර්යයන් ලෙසද, එක එක ක්‍රමයට එන සෙප්පඩ විජ්ජාවන් තුල තිබෙනා, මජර කාළකන්නි ක්‍රමය පෙන්වා දීමටය.

මාතලන්, විමල් වීරවංශ, නමින් හෝ හැඳින්වීමට අකමැති කෙනෙක් බව මේ මළජරා බ්ලොග් පඩංගුව කියවන සියල්ලෝම දන්නා කරුණක්ය. ඒ ඔහුගේ ජාතිවාදී දේශපාළණ දැක්ම හේතුවෙන් මිස, පෞද්ගලිකව ඔහු හා ඇති කෙහෙල් මලක් නිසා නොවේය. ඔහුගේ පෞදගලික ජීවීතය කෙනෙකු ආදර්ෂයට ගත් යුතු ජීවිතයක්ය යන්න මාතලන්ගේ පෞද්ගලික මතයයි. නිර්ධන පංතිය තුල ඉපිද, තමා සතු දක්ෂතා හා කුසලතා තුලින්, රජ ගෙදරටම ගිය පුදගලයකු ලෙස මාතලන් ඔහු අගයයි. අගමැතිට හෝ නොමැති විශේෂ ආරක්ෂකයින් පිරිසක් ඔහුට විය. ඒ සියල්ල ඔහුගේ මුඛරි බව තුලින් ලබා ගත් දේ මිස, අහසින් කඩා පාත්වූ දේ නොවේ.

ඔහු, එජාපයේ කරූ ජයසූරිය වන් “ප්‍රභලයන්” (නමට පමණක්) මෙන්, හරකෙක් ලෙස මහින්ද ගාවට ගියේ නැත. ජෙප්පන්ගේ කැපීම් කෙටීම් තුලින් එලියට එන ඔහු, මහින්ද ලඟට යන්නේ තවත් සිරි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු ලෙස නොව, ජනතා විමුක්ති පෙරමුණේ බොක්කටම වදිනා, විශාල පිරිස් බලයක් හා උගතුන්, බුද්ධිමතුන් (නමට හෝ) පිරි, පක්ෂයක නායකයකු ලෙසය.

මේ නායකත්වය ලෙහෙසි පහසු දෙයක් යැයි කවුරුන් හෝ සිතන්නේ නම්, ඔහු දේශපාළණ අඳබාලයකු මිස වෙන කිසිවකු නොවේ. ඔහු නියම නායකයෙකි, (සිරි ලංකා නිදහස් පක්ෂයේ නායකයන් යැයි කියනා හාල්පාරුවන් මෙන්ම, ප්‍රගතිශීලී නායකයන් යැයි කියනා, වාසු, තිස්ස හා දිනේෂ් වැනි ගොබ්බයන්ද විමල් පස්සෙ වැටෙන්නේ ඒ හේතුවෙනි.) සංවිධායකවරයෙකි. කතිකයෙකි, රචකයෙකි. දේශපළණය කිරීම උගතුන්ට පමණක් සීමා කළ යුතු යැයි කියනා හාල්පාරුවන්ට දෙන, තද කනේ පහරකි. ඔහුගෙන්, බොක්කටම ලද පහර හේතුවෙන්, අදටත් ජවිපේ ඉන්නේ බඩ කොර වෙලා හොල්මන් වෙලාය.

මෙතුවක් ආර්ථිකයට හෝ ජනතාවට මෙළෝ හසරක් නොකල, එජාප ආන්ඩුවේ අධෝමුක රත් වී, හිරි වැටී ගියේ, විමල්ගේ නුගේගොඩ විප්ලවයෙනි. (ඉන්ධන මිල අඩුකළේ එජාපය නොවේ, චම්පික රණවකයි, චම්පික රණවක නොසිටින්න්ට, මේ ආන්ඩුව ඉන්ධන මිළ මෙතරම් පහත දමන්නේ නැත. එහි ගෞරවය තනිකරම හිමිවිය යුත්තේ චම්පික රණවකටමය.) ගලේ පැහරු බළලුන් මෙන් රක පුත්වූ ගොබ්බ අලියන්ට කළ හැක්කේ, තෝරු මෝරු ඇල්ලිම නොවේ. අල්ලන්න පුළුවන් පොඩිම හාල්මැස්සා අල්ලන එකය. නැව් ගිලපු හොරුන්ට එදිරිව කිසිම දෙයක් නොකළ ගොබ්බ පොලීසිය වීරයන් වෙන්න යන්නේ, විමල්ගේත් ගෑණී අත් අඩංගුවට අරගෙනය. උන්ට විමල් හෝ අත් අඩංගුවට ගැනීමට කොන්දක් නැත.

මේ ගොබ්බ අලි ආන්ඩුව තුල අත් අඩංගුවට පත් අය ගැන අපි පොඩ්ඩක් සලකා බලමු. ඉස්සෙල්ලාම ගත්තේ තෙවරක්ම පෙරන ලද සුපිරි බඩුවක් වූ, පාලිත තෙවරප්පෙරුමය. ඊළඟට ගත්තේ ඉන්න තැනට කොඩිවිනයක් වූ තිස්ස අත්තනායකය. එයිට පස්සේ හිඟන වෙළඳ ප්‍රජාවක් වන පදික වෙලඳුන්ගේ මහ රජා වූ මහින්ද කහනගමගේ සහෝදරයාය. එයිට පස්සේ රජ ගෙදර රිලවාගේ හාමිනා පොඩ්ඩය. දැන් අපි මේ සියල්ලන්ගේම සමාජ මට්ටම වෙන වෙනම ගෙන බලමු.

පාලිත තෙවරප්පෙරුම යනු ගමේ අහිංසක චන්ඩ්යෙකි. ඌ ගේමට එන්නේ කෙලින්ය. හරියටම අපේ ගරු ආචාර්ය මර්වින් සිල්වා මැති තුමා මෙනි. ඌ ජෝන් අමරතුංග මෙන්, “සිංගප්පුරු සරත්” සහ පිරිස වගේ, කුඩු කාරයෝ, බඩු කාරයෝ, කප්පම් කාරයෝ එවන්නේ නැතිය. ගේම නම් ගේමය. එහෙත් ජෝන් මෙන් නොව ඌ පීඩිත පංතියේ සෙවලයෙකි. එවන් උන් පක්ෂයේ උන්නත් එකය ගියත් එකය. ඒ වගේ උන්ට වෙන පක්ෂයකද තැනක් නැත.

එහෙත් ජෝන් අමරතුංග යනු වතිකානුවේ එජාප නියෝජනයයි, ක්‍රිස්මස් කොමියුනිටියේ නායකයායි, කොටින්ම කතෝලික පල්ලියේ ගිහි නායකයායි. අනික පොර කළු කෝට් කාරයෙකි. ඒ නිසා පාලිතට ක්‍රියාත්මක වන නීතිය ජෝන්ට වලංගු වන්නේ නැතිය. පාලිත තෙවරප්පෙරුම ඉන්නා පාර්ලිමෙන්තුවේ ඉඳගෙන ඉන්න අප්පිරිය, සිරි ලංකා නිදහස් පක්ෂයේ ලේඛමාට, ජෝන්ට ගේන විශ්වාසබංගයත් රෝල් කරලා පුකේ ගහ ගැනීම කිසි සේත් අප්පිරිය නැත. මේ ලාංකිය දේශපාළණයේ සැබෑ නිරුවත නොවේද..?

ඊට පස්සේ පිස්සු අත්තනායකට එමු. ඔහු උපාධිදාරියෙකි. එහෙත් ඔහු සාමාන්‍ය ගැමි පවුලක කොල්ලෙකි. රජ පවුල් හෝ වලව් පැලැන්තියේ කෙනෙකු නොවේ, එසේ ඇති කරගත් සහ සම්බන්ධ කම් හෝ නැත. ඉතින් එජාපයේ හිටපු ලේඛම් වන ඒ ගොන් වහන්සේ, අනුන් හදා දුන් කෙප්ප ගිවිසුම් පෙන්වා, වැලිකඩ බයියා කන්න යනවාය. එහෙත්, හිටපු මහ රජ්ජුරුවන් වහන්සේගේ ආරක්ෂක ළේඛම් යුව රජ තුමා ප්‍රශ්ණ කිරීමට යන්නේ ඔහුගේ නිවසටය.

ජාතික ආරක්ෂාවට පවා කෙලවෙලා යන. හමුදාවට පමණක් භාවිතා කළ හැකි අවි ගබඩා තියාගෙන, ඒවා පවත්වාගෙන ගිය මහ එකා කෙසේ වෙතත්, ඒ සමාගමේ ඩිරැක්ටර් කෙනෙකුට හෝ හෝ අද වන තෙක් පොලීසියේ නිල මැස්සෙක්ගෙන් වත් කිසිඳු අතුරු ආන්තරාවක් නැත්තේමය. මේවා උගෙ අම්මාගෙ නීතිය. මේ පෙන්වන්නේ අම්මට සිරි ලංකාවේ පට්ට සූක්සොමයි කියනා ගොබ්බ පොලීසියේ හෙලිවැල්ල නොවේද…?

ඉන් පසු ඇතුලට දැම්මේ, පදික වෙළඳුන්ගේ සම්මාදම් සල්ලි වලින්, ලක්ෂ කීයකද පොඩි ගනනකට කෙලිය, මහින්ද කහනගමගේ ගොයියාය. සම හරක් විට “මහින්ද ඇතුලට දැම්මා..” කියා ස්වයං වින්දනයේ යෙදීමේ පොඩි ආතල් එකක් මෙහි තිබෙන්නට ඇතිය. මුන් ඒ තරම් ගොබ්බයෝය. ඒත් මේ මහින්ද මහරජෙක් නොවේ, පාදඩ පන්තියෙ, පේමන්ට් වෙළෙන්දෙකි. සමසමාජ පක්ෂයේ යාව ජීව සමාජිකයෙකි. නිර්ධන පන්තියේ හිඟන්නෙකි.

මාසෙකට රුපියක් 54,000.00 ක පඩියක් ගන්නා එකා, පැට්‍රෝල් ෂෙඩ් දමාගත්තා මදිවට, සුපියල්ල් කෝටි 17 ක් වෙනකන් ෂෙඩ් එකට බඩු ගෙනල්ලා තියෙන්නේ නොමිළේය. චම්පික බුවා ගේම ඇද්ද ගමන්, මේ කම්බ හොරා මුළු මුදලම සල්ලි වලින්ම ගෙනත් ගෙවා දැම්මේය. සජින් වාස් ගුනවර්ධන කියන්නේ පාර්ලිමේන්තු එන්න කලින් වාහනයක් වත් නොතිබූ එකෙකි. ඩුබායි හී කාගෝ සර්විස් එකක පඩියට වැඩ කළ එකෙකි. එහෙත් ඌ රජ පවුලේ නම්බර් වන් මිතුරා හා උපදේශකයා වන්නේය.

මූ එසේ මෙසේ පොරක් නොවේ, විදේශ අමාත්‍යශය තනිකරම පාළණය කලේ මූය. පක්ෂයේ උන් පමණක් නොව විපක්ෂයේ උන්ද උන්නේ මුගේ සාක්කුවේය. ලංකාවේ ප්‍රකෝටිපති බිස්නස් කාරයන් පමණක් නොව, ඉනටර්නැෂනල් බිස්නස් කාරයන් හා ඩීල් දාගත්තේ පොරය. පුටුං බුම් එකක්වත් තිබුනේ නැති එකා, කොස්පොලෝස්ද කොස්මෝස්ද මක්කදෝ කියා ෆ්ලයින්ග් ඉස්කූල් පටන් ගන්නේ ඒ නිසාය.

වරක් මූ පාර්ලිමේන්තුවේදි කිව්වේ, ඌ හෙලිකොප්ටර් ගත්තේ බැංකුවෙන් ණයක් අරගෙන කියලාය. අනේ රනිල් මහත්තයෝ මටත් හෙලිකොප්පර් ඕනා නැතිය. සුද්දෝ අරගෙන රට වටේ යන්න, පොඩි පෙට්ටියක් ගන්න ණයක් දෙනවානම් බොහෝම පින් සිද්ද වෙනවාය. රජයේ බැංකුවල මෙන්ම, පෞදගලික බැංකුවලද තියෙන බෑඩ් ඩෙබ්ට්ස් (නැවත නොලැබෙන) කපා හල ණය ගත්ත උන්ගේ ලිස්ට් එක ප්‍රසිද්ධ කලා නම්, අපේ පොලිටික්කන්ගේ ගේම් පක්ෂ විපක්ෂ බේදයක් නැතිව බලා ගන්නට පුළුවන්ය. ඒක ලබා ගන්න මාතලන් ඉන්නේ රයිට් ටු ඉන්පෝමේසොන් පනත එනකන්ය.

දැන් වීරවංශ ගොයියාගේ හාමිනා පොඩ්ඩ අත් අඩංගුවේය. ඒ නීතී විරෝධි ලිය කියවිලි භාවිතය කියලාය. සම හරක් විට, උන්දෑ මේ මක්කත් නොදන්නවාත් විය හැකිය. ගේම දුන්නේ විමලේ වෙන්නත් ඇතිය. ආන්ඩුවේ කන්තෝරුවල ගේම් දන්නා උන්ට නම්, මේවා නිකං පුස් කේක් වගේ නිව්ස්ය. ඒත් ඇතුලට යන වරදක් නම්, ඇතුලට දැමිය යුතුමය. ඒවා භාවිතා කර නීතී විරෝධි ගණුදෙණු කර ඇත්නම්, ඒවාද හෙලි කල යුතුය. එහෙත් සමාජ තත්වය සාදා ගැනීමට මේ දේවල් කලා නම් ඇත්තෙන්ම ඔවුන්ට අනුකම්පා කළ යුතුය.

පීඩිත පන්තියෙන් ආ විමල් වීරවංශලාට ක්‍රියාත්මක වන නීතිය, රනිල් වික්‍රමසිංහලාටත් නෑකම් තියෙන ශිරන්ති වික්‍රමසිංහටත් ක්‍රියාත්මක විය යුතුය. ඔය හොර පූස් පාට් ගේම ඇද්දේ, “රාවය” පත්තරෙන්ය. ඒ පත්තරේම තිබුනේ, ශිරන්ති වික්‍රමසිංහගේ “අයින්ටි” නොම්මරේ 222222222V කියා දමා, ලංකා බැංකුවේ ඇරපු එකවුන්ට එකක් ගැනය.

රයිට්…., රට බේරා ඇනීමට දේශපාළණ නායකත්වය දුන් නිසා, අපි රාජපක්ෂ පවුලේ සියළු වැරදි අමතක කරමු. එහෙත් කැබිනට් අනුමැතියක් හෝ නැතිව, ඉන්ටර්නැෂනල් බඩු කාරයෙක් වූ, “ස්ට්‍රාවුස් ඛාන්ට” ගෙඩි පිටින් ඩොලර් 750,000 ක් ගෙවපු, මහා බැංකුව අනුබව කළ, අජිත් නෙවාඩ් කබ්‍රාල්ලාට හෝ නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? පාදඩ පන්තියේ වෙලේ සුදා මරාගෙන කන්න හදද්දි, එජාපයෙන් බෞතීස්ම කරණ ලද දුමින්ද සිල්වලා බබාලා මෙන් ඉන්නේ කෙසේද..?

අපිට අලි පාටියේ රනිල් ලොක්කාට මෙන්ම අනික් ගොබ්බ අලියන්ටත් කියන්න තියෙන්නේ, මෙවන් “සක්කිලි” වැඩ නොකොට, හැකිනම් නීතිය සැමටම එක ලෙස ක්‍රියාත්මක කරනා මෙන්ය. හිඟන කූනිස්සන් ඇල්ලුවාට වැඩක් නැත. හැකිනම් දේශපාළණ සබඳතා තිබෙන, නැව් ගිලපු තෝරුන් මොරුන් බැරිනම්, කළුතර රත්තරන් වගේ, නයා ගහපු එකෙක් හෝ අල්ලලා පෙන්නන්න කියලාය.

මේ ගිනි විජ්ජුම්බර අස්සේ මාතලන්ට හිකෙන් පුනා ගියේ. රට බේරා ගත් නයකයන්ගේ පවුල් පිටින් ඇතුලට දාන්න කුමන්ත්‍රණයක් යනවා කියලා, රජගෙදර රිලවා කියපු වෙලාවෙය. කරුනා කර රජගෙදර රිලවා නායකත් වය දුන් බැටෑලියන් එක හෝ සේනංකය මොකක්දැයි කියා රිලවුන්ට පෙම් කරනා එකෙක් හෝ මා හට පවසන්නේ නම් මැනවි.

ප: ලි:
විමල්ට කරන්න තිබුනේ, කේස් එක පත්තු වෙන කොටම, පාස් පෝට් දෙක ගෙනත් ආගමන විගමන එකට බාර දෙන එකය. මොකෝ ඒ වියදිට අලි බාර දුන් පොල්මඃකාරයන්ටත් කිසි කේස් එකක් නැති නිසාය. වැරද්ද කරලා තියෙන්නෙ අලි පැටවුන්ය. පාස් පෝට් දෙක දුන්නා නම්, සමහර විට හිරේ යන්නේ එහි කොමසාරිස්වරයා වන්නටත් ඉඩ තිබිනි.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල