විවිධාංග

වෙඩිං කතා….

Off
මේ දවස්වල තදබල රයිටර්ස් බ්ලොග් එකක් ඇවිල්ලරජගල ගියපු කතාවෙ ඉතුරු හරියදාන්නවත් බ්ලොග් එක පැත්ත පළාතේ එන්න හිතෙන්නෙ නැති තරං….කමෙන්ට් වලට රිප්ලයි කරන්න ඊටත් වඩා කම්මැලියි… කම්පියුටරේම එපා වෙලා ඉන්නෙ ජීවිතේ පළවෙනි වතාවට… කොහොමත් මේ ටිකේ පරණ ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරන අබිං කෑමක‌ට සෙට් වෙලා හින්ද 10 වෙනිද වෙනකොට බයිට් ටික ඉවරයි…. අන්ලිමිටඩ් කිව්වට ඉතිං මේව ස්ලෝ උනාම ස්ලෝ වෙන්නෙ ආයිත් ඉතිං වැඩක් කරගන්න බැරි වෙන්නමනෙ…. හි හි..
කොහොම උතන් ලියන්න දේවල් නැතුව බ්ලොග් අතෑරලා ඉන්නව එහෙම නෙවෙයි… ලියන්න දේවල් තියෙනව.. ඒත් ලියන්න කම්මැලියි…. පහුගිය ටිකේ කඩේටම වෙලා හිටපු හින්ද හැමදාම ඉතිං මොන මොනව හරි විකාරයක් සිද්ද වෙනව…. වැඩියම ඉතිං මේ වෙඩිං කේක් හදන කාලෙනෙ… මගෙ වෙඩිමට මම කාපු කට්ට මට විතරක් අදාල දෙයක් නෙවෙයි කියල හිතෙන්නෙ ඒක හින්ද…. ගොඩක් එවුන්ට කොල්ලෙක්\ කෙල්ලෙක් හොයාගෙන බඳින්න ලෑස්තිවෙනකොට වැඩිහිටියොන්ගෙ අත ගැහිලි හින්ද අන්තිමට වෙඩිම වෙනකොට කසාදෙ එපා වෙලා…
පහුගිය ටිකේ එහෙම වෙඩිමක් කැන්සල් වෙලා තිබ්බෙ වෙඩිමට කලින් ද‌වසෙ…. අවුරදු 6ක් යාලු වෙලා ඉඳලා, වෙඩිම ගන්න ගිහින් කොල්ලෙගෙ අම්මගෙ තාත්තගෙ ඇඟිලි ගැහීම් හින්ද, කෙල්ලට කසාදෙ එපා වෙලා… එක අතකින් ඒක කොච්චර හොඳද කියල මට නං හිතුනෙ… මොකද දැං බැන්දෙ නැත්තං මිනිස්සුන්ට මූණ දෙන්නෙ කොහොමද කියල අම්මල පොළවෙ පස් කද්දිත්, අම්මල මිනිස්සුන්ට මූණ දුන්නත්, මං එපායෑ ඔය මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕනෙ කියල කියන්න තරං හයියක් ඒ කෙල්ලට තිබ්බ හින්ද…. කොල්ලට කතා කරල වෙඩිම කැන්සල් කරල, අපිට කතා කරලා ඇහුවෙ වෙඩිං කේක් එක ඕනෙ නෑ, ඒ වෙනුවට එයාගෙ නංගිට බර්ත්ඩේ කේක් එකක් හදලා දෙන්න පුළුවන්ද කියල… අපි සාමාන්‍යයෙන් එහෙම ඕඩර් කැන්සල් කරන්නෙ නෑ.. අපිට පාඩු නිසා… ඒත් ඕඩර් එක දෙන්න ආපු වෙලාවෙ, අපිටත් තේරුන මේක නං හරි යන මඟුලක් නෙවෙයි කියල… වෙඩිං කේක් එක ගන්න අපි එන්න කියන්නෙ සාමාන්‍යයෙන් මනමාලිට… මනමාලයන්ට ඕව තේරෙන්නෙ නැතිව නෙවෙයි.. ඒ උනාට උන් ඕවයෙ වගකීම් ගන්න බයයි.. හ‌පොයි මං තෝරලා ඕක හරි ගියෙ නැත්තං එහෙම කියල…. හි හි… මෙතන දහ දෙනෙක් විතර ආව ඕඩරේ දෙන්න.. මං හිතුවෙ වෙඩිමට වියදම් කරන්නෙ අම්මල තාත්තල වෙන්න ඇති කියල…. එහෙමත් නැති පාටයි.. අපිටත් ලොකු පාඩුවක් තමයි… ඒත් වෙලා තිබ්බ දේ හැටියට සහ කරලා දෙන්න කියල ඉල්ලපු දේ සාධාරණ හින්ද ඉතිං කොහොම හරි අපි ඒ ඕඩරේ කැන්සල් කරල දුන්න…
කොහොම හරි දැං ඔය යාලුවෙලා, බඳින්න හිත හිත ඉන්න, මේක කියවන එවුන්ට මට කියන්න තියෙන්නෙ යාලුවෙලා ඉන්න එකාගෙ\ එකීගෙ ගෙදර මිනිස්සු තමන්ට දිරවන්නෙ නැත්තං වහාම එක්කො ඕක නවත්තල දාන්න.. එහෙම නැත්තං කසාදෙ කරගත්ත ගමන් බස් එකකින් පැය බාගෙකට එහා යන්න වෙන තැනක පදිංචි වෙන්න, පුළුවන් නං දෙන්නටම මේ රටෙන්ම යන්න ලෑස්ති කරගන්න කියල.. මොකද අපි කොච්චර හිතුවත් අපි බඳින්නෙ එයාගෙ පවුලෙ අය නෙවෙයිනෙමං බඳින කෙනා මට කැමතියිනෙ කියල… ඒක හරියන සිතුවිල්ලක් නෙවෙයි.. අපේ රටේ හැටියට කසාදෙදි අපිට එකෙක්ව නෙවෙයි කසාද බඳින්න තියෙන්නෙ… මුළු පරම්පරාවක්ම….
අනිත් එක කොල්ලොත් කල්පනා කරල බලන්න ඕනෙ තමන්ට කොන්දක් තියෙනවද කියල.. තමන්ට අම්මල තාත්තල කියන කියන විදියටම කරන්න වෙනවනං, එහෙම නැත්තං ඊට ඉහලින් යන්න බෑ බෑ වගේ නං,තමන් කසාද බඳින්න සුදුසු තත්වෙක නෑ කියල තේරුම් ගන්න ඕනෙ…  කෙල්ලන්ට නං තේරෙනව කොල්ලන්ට කොන්දක් නැති උනාම… ඒත් ඉතිං ආදරේ නිසා, වෙන කරන්න දෙයක් නැති නිසා ඉවසනව….
මේ මං කිව්වෙ අම්මල තාත්තල නොසලකා ඉන්න ඕනෙ, එයාලා කියන දේවල් සතපහකට ගනං ගන්න එපා කියල එහෙම නෙවෙයි… වැරදියට වටහා ගන්න එපා…. තමන්ගෙ ජීවිතේ ගත කරන විදිය තමන්ට තීරණය කරන්න පුළුවන්ද කියල හිතල බලන්න… ඒ ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න තමන්ට ශක්තිය තියෙනවද කියල හිතල බලන්න.. බැරි නං තවත් කෙනෙක්ව අමාරුවෙ දාන්න එපා… එත‌ෙකාට ඔයාගෙ ජීවිතේ ගැන ඔයා සතුටුත් නෑ.. ඔයා නිසා තවත් කෙනෙක්, දෙතුන් දෙනෙක් දුකට පත්වෙනව….
මෙහෙම හිතල අම්මල තාත්තල පැත්තකට දාලා කසාද කරගන්න තීරණය කරනව නං, ඊට කලින් හිතන්න ඕනෙ ඔයාට ඒ ශක්තිය තියෙනවද කියල.. ආර්ථික වශයෙන් සහ මානසික වශයෙන්… මොකද බඳිද්දි සම්බෝලයි බතුයි කාලා හරි ඉමු කිව්වට, පොල් ගෙඩිය බිඳගන්න පිහියක් ඕනෙ.. ගා ගන්න හිරමණේ ඕනෙ… කොටාගන්න වංගෙඩිය ඕනෙ…. බෙදාගෙන කන්න පිඟානක් ඕනෙ… නැත්තං, වෙඩිමෙදි අම්මලගෙන් යැපෙන්න හිතාගෙන ඉන්නවනං ඒකත් ඉතිං ජීවිත කාලෙම ගෙවන්න ණයක් ගත්ත හා සමානයි….

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල