සාහිත්‍ය කළා විචාර

විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මුල්ම වෙඩි මුරය 1978 දී තැබූ අපේ කාලයේ වීරයෙක්! – A Hero of Our Time!

Off

යූඇම්පීය 1977 මහ ඡන්දය දිනනවා යැයි පාසල් මිතුරෙකු හා ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් ද දිනූ එකල පාසල් වයසේ යූඇම්පීකාරයෙක් වූ මට, 1978 දී ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවේ ඇති බරපතලකමක් තේරුණේ නැත.

එය එදා ම වටහා ගත් දූරදර්ශී විද්වතෙකුවන සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමයේ ආදිනව ගැන “Critical Analysis of the New Constitution of the Sri Lanka Government” නමින් පොතක් ද ලියා පළ කළේ ය. නමුත් හුලං බැස තිබුණු සිරිලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දකුණේ විපක්‍ෂයට ඒ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කළ හැකි දෙයක් නොවී ය. ඔවුන් කළ එකම දෙය වූයේ 1982 දී ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වීමයි.

එසේ වුවද, එදා නව ව්‍යවස්ථාව ක්‍ර්‍රියාත්මක වෙන්නට පටන් ගත් 1978 පෙබරවාරි හතරවෙනිදා නව සමසමාජ පක්‍ෂය විසින් රට පුරා කළු කොඩි ඔසවමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්ට සැලසුම් කළේය. එහි පෙරමුණ ගත්තේ, එවකට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ, නව සමසමාජ පක්‍ෂයේ ලේකම්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසිනි.

පෙබරවාරි තුන්වෙනි දින රාත්‍රියේ, පේරාදෙනිය නුවර පාර අවට කළු කොඩි බඳිමින් සිටි වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් පොලීසියේ අත් අඩංගුවට පත්වුණි. එදා ඒ පිරිස අතර සිටි එක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූයේ එවකට කළා පීඨ අවසන් වසර ශිෂ්‍යයෙකු සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ලංකා ශිෂ්‍ය සම්මේලනයේ සභාපති වූ ලලිත් අබේසිංහ යි.

පොලිස් අත්අඩංගුවට පත්වී, “මහරැජින ගේ ආණ්ඩුවට අපහාස කළා” යැයි (ලංකාව 1972 සිට ජනරජයක් වී තිබුණු නමුත් නීති පොත් 1978 වන විටත් යාවත්කාලීන වී නොතිබුණේ ලු!) නඩු වැටී, ඉන් පසු ඇප පිට එළියට ආ ලලිත් ගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යභාවය එවකට උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න විසින් තහනම් කර තිබුණි.

වික්‍රමබාහු කරුණාරත්නවද ඒ වරදටම රැකියාවෙන් නෙරපා තිබුණි.

උසාවි නියෝගයක් පිට අවසන් වසරේ විභාභයට පෙනී සිටීමට ඉඩ ලැබී ඔහු ඉන් සමත් වුවද, පසුව පැවරුණු නඩුවෙන් ඔහු නිදහස් වුණද, පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ලලිත් අබේසිංග ගේ උපාධි සහතිකය ඔහුට ලබා නොදී අත්තනෝමතිකව ක්‍රියාකාර ඇත.

ඔහුට තම උපාධි සහතිකය ලබා ගන්නට හැකිවී ඇත්තේ එයින් දශකයකට පමණ පසු අර්ජුන අළුවිහාරේ උපකුපතිවරයා වශයෙන් සිටි කාලයේ දී ය.

මේ පරණ කතාව මා ලියන්නට සිතුවේ පසුගිය දා විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වුණු පරිදි ලලිත් අබේසිංහ ඇතුළු එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පුරෝගාමී මුල් වෙඩිල්ල තැබූ පිරිස, අද ඒ ක්‍රමයට විරුද්ධව රටේ බහුතරයක් දෙනා නැගී සිටි ඇති මොහොතේ, තමන් ඒ කළ පරිත්‍යාගයට නිසි අගැයීමක් ලබා දෙන ලෙසට කර ඇති ඉල්ලීමක් දුටු නිසා ය.

ලලිත් අබේසිංහ, අපේ කාලයේ වීරයා, විසින් ලියන ලද, විස්තරාත්මක ලිපියක් ප/ලි කොටසේ දැක්වේ.

එහි ඉංගිරිසි පිටපත මෙතනින්:
http://lalithabeysinghe.blogspot.com/2015/02/the-first-victim-of-executive.html

ඔහු ගේ ඉල්ලීම් අති සාධාරණ බවත්, ඒවා වහා ඉටු කළ යුතු බවත් මම සිතමි.

-රසිකොලොජිස්ට්

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල