සංගීතය

බඩු ඉස්සීම, හඳපාන හා මනාගේ අළුත්ම ගීතය – Runaway brides, moonlight & Mana’s new release

Off

ගොඩක් උන් කියනවා වාගේ, දැන් තියෙන පඩත්තල, අජූව, සක්කිලි දේශපාළණය ගැන ලියනවාට වඩා වෙන මොකක් හෝ බඩකඩුත්තුවක් ලියාගෙන ඉන්නා එක අබ ඇටයක් සයිස් මොළ ගෙඩියටත් සහනයක්ය. මේ තරම් නස්කූනී දේශපාලනයක් අම්මට සිරි ලංකාවේ අම්මා මුත්තා කාළේවත් නොතිබෙන්නට ඇතිය. කම්බ හොරුන්ට හා මහ බැංකු හොරුන්ට දෙනවාට වඩා, මාතලන්ගේ ප්‍රියතම චරිතයක් වන ලාල් කාන්තයාට මනාපේ දෙන්නට මාතලන් හිත හදාගෙන අවසානය. මොකෝ මොන වේසිගේ පුතා ආවත් මේ රටට හෙන හත මිස, කිසි සෙතක් නම් නැති නිසාය.

බද්දේගම කියන්නේ මාතලන්ගේ හාමිනාගේ ගමය. බත් දුන් ගම නිසා ඒ නම ආවා කියා ජනවහරේ තියෙනවාය. ගමේ සුන්දරත්වය වගේම, බොහෝ සුන්දර මිතුරන් පිරිසකුත් මාතලන්ට එහේ ඉන්නවාය. බද්දේගම ඉන්නේ හාමිනාගේ අක්කා පොඩ්ඩය. අක්කා බැඳලා ඉන්න මස්සිනා නොහොත්, ළිඳට බහිනා විට කඹේ අල්ලගෙන ඉන්නා එකාට, ගමේ කියන්නේ කළු මහත්තයා කියලාය. ඒ හන්දා මාතලන් ඉබේම සුදු මහත්තයා වෙලාය.

අද කළේ කොල්ලෝ කරන්නේ, ලව් කරනා බඩුව හෙවත් කෑල්ල උස්සන එකය. කෑලී වර්ග දෙකක් ඉන්නවාය. ඒ කොල්ලන්ගේ කෑල්ල හා මාළු කෑල්ලය. මාළුවාගේ ගෑණු සතාට කියනා නම මාළු කෑල්ලය. අද බඩු ඉස්සුවාට, ඒ කාළේ කොරේ හඳපානේ පැන යන එකය. ඒ කාළේ ලයිට් තිබුනේ නැති නිසාත්, පුකේ ලැයිට් හෙවත් කාළාමැදිරි එළිය රෑ ජාමේ පැන යාමට මදි වූ නිසාත්, ඒ කළේ උන් පැනලා ගියේ පුර පෝය දවසටය. පුර පෝය හඳට පෙමින් බැඳුන තාරකා ළඳුන් අතරින් හිත ගිය කෑල්ල පන්සලට යන වෙලාවක් බලා උස්සාගෙන ගියේ එහෙමය.

පැනයාම් ගැන ලියන කොට බද්දේගම මතක උනේ, මාතලන් අහලා තියෙන හොඳම පැනලා යාමේ කතාව ඇහුවේ බද්දේගම කිරි මාමාගෙන් නිසාය. කිරි මාගේ ඩයල් එක මොන වාගේද කියනවා නම්, අර ඉස්සර කුඩු දුමියගෙ නාලිකාවේ ගිය “ආටක නාටක” එකේ උන්න “කේප්ප සුමනේ” වාගේය. කොටින්ම කියනවා නම්, තනිකරම ඒ යකාය. ඒත්, කිරි මාමාගේ හාමිනා අනුලා කරුණාතිලක වගේ බොහෝම ලස්සන කෑල්ලාක්ය. පෝස්ට් එක දිග වැඩි වෙන නිසා ඒ කතාව වෙන දවසක කියනවාය.

අද කියන්න යන්නේ “මනාගේ” අළුත්ම රිලීස් එක ගැනය. මනා, මාතලන්ට ඉස්සෙල්ලාම හදලා දුන්නේ “තුන් මුල්ලේ” සින්දුවය, ඊට පස්සේ හදලා දුන්නේ, “වලව්වෙ හාමුගේ” සින්දුවය. මනා මාතලන් සුසංයෝගයේ අළුත්ම රිලීස් එක නොහොත් ලෙටැස්ට් සෝන්ග් එක ඇවිල්ලා, “බංගලා හංදියේ ගීතය” ලෙස මනා විසින්ම නම් කොරලා තියෙනවාය. මේ සින්දුව ඇවිල්ලා මාතලන් මුලින්ම ලියාපු සින්දුවය. ඒ කාළේ රූකාන්ත හැම එකාටම සින්දු හඳනවා වාගේ, මනාත් රැයක් දවාලක් නැතිව, බොග දාන හාල් පාරුවන්ට හා මෙළෝ රහක් නැති බොග් ලියනා, “බස්සිට” හා “අපුරුවි ඔමායාට” සින්දු හදන අතරේ මාතලන්ට කිව්වේ, අය්යේ තව සින්දුවක් තියෙනවා නම් එවපන් කියලාය.

ආන්න එතකොට……………, මාතලන් මනාට යැව්වේ මේ සින්දුවය. මේ සින්දුවේ, මගේ ඇත් දැකීම වාගෙම මගේ බොක්කේ යාළුවෙක්ගේ අත්දැකීමුත් තියෙනවාය. ඔය සින්දුවේ තියෙන. “අයියලා මට වට කරගෙන නෙළුව හංදියේ..” කියන සීන් එක උනේ, ලෙනින් මොරායස්ටවත් වෙනින් කාටවත් නොව, මාතලන්ටමය. ඒ කතාවත් පස්සේ වෙලාවක කියන්නම්ය.

ඔය, ලයිට් නැති සීන් එක උනේ මාතලන්ගේ කොල්ලා කාලේ බොක්කේ ෆැන්ඩ් කෙනෙකුටය. ඌ බඩු දාගත්තේ රේල බයික් එකේ ගිහිල්ලාය. රේල බයික් කිව්වේ ට්‍රේල් බයික් වලටය. අමාරුවෙන දාගත්ත බඩුව ගෙදරින් පන්නාගෙන නොහොත් උස්සන්න පැලෑන් කොරපු වෙලාවේ, උගේ කෑල්ල ඌට කියලා තියෙන්නේ, “එහෙනම් ඔයා බයික් එකේ රෑට අපේ ගේ ගාවට එන්න…” කියලාය. ගත් කටට මූ කියලා තියෙන්නේ “රෑට යන්නා බෑ මැණිකේ ලයිට් නෑ බයික් එකේ..” කියලාය.

මාතලන් උන්නේ කැළණියේ, තොරණ හංදියේ උනාට, සින්දුවේ බංගලා හංදිය සහ ගන්සබා හංදිය (ගම් සභා) තියෙන්නේ, මාතලන් කාළයක් ඔය පාරේ කොට කොට යන කාළකන්නි බස්වල කාලා තියෙන පරිප්පුව නිසාමය. අනික ඔය සින්දුවේ සිතුවිල්ල පහළ උනේත්, ගන්සබා හන්දියේදී නිසාමය.

එහෙනම් ඉතින් තවත් බයිලා ගහන්නේ නැතිව, මනා මාතලන් සුසන්යෝගයේ ලෑටොස්ම රිලීස් එක පහළ වීඩියෝවෙන් අහලාම විඳ ගන්න පුළුවන්ය. මනා මේක සුපර් කොලිටියම කොරලා තිබුන නිසාත්, උගේ අනිත් ඒවාට වඩා ඩිපරන්ස් එකක් තිබූ නිසාත්, මම ඌට කිව්වේ වීඩීයෝවකුත් හදමු කියලාය.

ඉතින් අපි දෙන්නා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව, විසුවල් එකට, ඉන්ඩිපෙන්ඩන් ඉස්කොයාර් හංදියේ ආප්ප කඩේ ජැකලින් නංගියි, මුම්බායි හංදියේ සල් මල් ඛාන් මල්ලියි දාලා පට්ට වීඩීයෝ එකකුත් හැදුවේය.

දැන් ඉතින් ඔහේලාට තියෙන්නේ මේ සින්දුවට පුල් පබ්ලිසිටියක් අරගෙන දෙන එකය. ඒකට ඉතින් මේ සොන් එක, බුකියෙයි අරකෙයි මේකෙයි දාලා සප් එකක් දුන්නොත්, නැගලාම යන්න පුළුවන් කියලාත් හිතනවාය.

බංගලා හංදියේ..

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..
මහ රෑක නෙමෙයි.. හැන්දෑවක…
පැනල යමු ප්‍රියේ….
රෑට යන්න බෑ මැණිකේ..හෙඩ් ලයිට් නෑ රීයේ….//

පට්ට යන්න කට්ට කාලා,
දා…ගහ්ත හංදියේ…….
උඹෙ,
අයියල මට වට කර ගෙන,
නෙලපු හංදියේ…..

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..
මහ රෑක නෙමෙයි.. හැන්දෑවක…
පැනල යමු ප්‍රියේ….
රෑට යන්න බෑ මැණිකේ..හෙඩ් ලයිට් නෑ රීයේ….//

හයිලෙවල් එක දීගේ,
කොට්-ටාවේ හංදියේ…..
හයි වේ…. දා.. .,. ලෑල්ලටම,
පදිමු මගෙ ප්‍රියේ..

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ..
මහ රෑක නෙමෙයි.. හැන්දෑවක…
පැනල යමු ප්‍රියේ….
රෑට යන්න බෑ මැණිකේ..හෙඩ් ලයිට් නෑ රීයේ….//

ටික දොහක් ගිහින්,
ඩැඩා..කූ…ල්
උනොත් නංගියේ….
පැලස් වගේ ඇනෙක්ස් එකක්,
ගමුකො පැංචියේ…
බංගලා හංදියේ බෑ…….
ගම් සභා හංදියේ………/////.

මේන් ඕඩියෝ එක

https://app.box.com/s/otuzkp08qj2r7u6dfpzc0bkvqv98664l

මේන් වීඩියෝ එක

http://maathalan.blogspot.co.uk/2015/07/rrunaway-brides-moonlight-manas-new.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල