සඳැස් / නිසඳැස්

ඇක්සලය

Off

ට්‍රක් රථයක රියදුරෙකිය – සති ගාණක් වැඩ කරලා
අන්තිමේදී ගෙදර යන්න – දිනය එළැඹුනා

පිය සොඳුරගෙ රුව සිහිවී – ඉන්න හිටින්නත් බැරිවී
අතර මගදි නවතාලා – ක්‍රමයක් හෙව්වා

ට්‍රක් රථයේ යට රිංගා – දෑස පියා හිත රවටා
තනිවම ඔහු බිරිඳ සිතින් – මවා ගන්නවා

මේක යටට එබෙන කෙනෙක් – ඇත්ද කියා බය නැතිවම
රියදුරු තැන තනිවම – සතුටකි ලැබගන්නේ

මේ ක්‍රියාව කරන අතර – උත්කර්ෂය නංවන්නට
ඔන්න මෙන්න කියා තියා – හරි වැඩකි වුනේ

කකුල් දෙකට තට්ටු කරන – බවක් දැනී ඇස් නොමහැර
කවුද කවුද කියා අසයි – අපේ රියදුරා

අපි ඇවිල්ල පොලීසියෙන් – ඔහේ ඔතන ඔය මොනවද
කරන්නෙ කියලා විමසා – යලි තට්ටු කලා

පේන්නැද්ද මම මාගේ – ට්‍රක් එක යට රිංගාගෙන
ඇක්සලයේ දොසක් නිසා – සොයා බලනවා

දෑස නොහැර මේ මිනිසා – කීවා නිදහසට කරුණු
පොලීසියෙන් එයට මෙලෙස – පිළිතුරු ලැබුණා

ඇක්සලයත් බලන ගමන් – බ්‍රේක් ගැනත් බලනවාකො
ට්‍රක් එක දැන් අන්න අරහෙ – පල්ලමට ගිහින්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල