විචාර

ප්‍රේමය නම්, රාගයෙන් තොර – සංස්කෘතික බයිලාවට පසුවදනක්

Off

‘ප්‍රේමය නම්, රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි …. ‘ මෘදු මළානික මියුරු සංගීතයත් එක්ක පැටලිච්චි නන්දා මාලිනීගෙ ලයාන්විත හඬින් ගැයෙන සිංදුව අහගෙන ඉන්න ගමන් එක පාරට මතුවුණේ හිනාවක්.

” කොහෙද බං ඔය කියන රාගයෙන් තොර ප්‍රේමය තියෙන්නෙ ?”

“එහෙම එකක් නෑ බං”

“නෑ.., ම කියන්නත් බෑ හැබැයි. සමහර තැන්වල තියෙනවා” ඒ තුන්වෙනි පාර්ශ්වයක්.

“කොහෙද ?”

” ඇයි බං වැඩිහරියක් ම සිංදුවල. එතකොට නවකතාවල. ඉඳහිට ෆිල්ම් වලත් තියෙනවා” ආයෙත් පුපුරලා ගිය හිනාවක් ඉවර වෙද්දි පුංචි පැහැදිලි කිරීමකුත් ආවා.

“මෙහෙමයි බං, දැන් ඔය මාළු පාන් කිව්වට එව්වයෙ මාළු තියෙනවාද ? නෑ නෙ. තියෙන්නෙ ලූණුයි අලයි. ඒ වගෙ තමයි. ලිංගික ආකර්ශනයක් නිසා මතුවෙන ප්‍රේමයක තියෙන්නම ඕනි ලිංගිකත්වය උනාට මෙහෙ හැටියට පොතේ අස්සන් කරලා ලයිසන් ගන්න කල් එව්වා බෑ … ”

සංවාදය එතැනින් ඇදුණෙ විවාහය දිහාට. මේ පවතින විවාහ ක්‍රමය පදනම් වෙලා තියෙන්නෙම දේපළ ඉඩ කඩම් නිවාස මිළ මුදල් ජොබ් එක කාර් එක   උඩ.   දේපළ ගනුදෙනුවක්ම මත පදනම් වෙච්චි දෙයක් හැටියට බොහෝ වෙලාවට ඒක කෙළවර වෙන්නෙ එකෙක් අනෙකාගෙ පුද්ගලික දේපළක තත්වයට වැටිලා. ගහයට වැහි දෙකයි කිව්වා වගෙ සිස්ටම් එකෙ අවුලෙන් විතරක් නෙවෙයි සමාජ පසුගාමීත්වයෙනුත් බැට කන අපෙ වගෙ රට වලදි වෙන්නෙ ගැහැණිය මිනිහාගෙ පුද්ගලික දේපළක් වෙන එක.

ලව් කරල බැන්දත් එච්චර තමයි. බඳින්න කලිං අවුරුදු කීයක් ලව් කරලා තිබුණත් එතැනින් පස්සෙ බොහෝ දුරට ගැහැණියට උරුම වෙන්නෙ ලිංගිකව කෙළි බඩුවක් නැත්නම් වහලියක් හැටියට තමුන්ගෙ භූමිකාව ඉටු කරන්න. ඒක වෙන්නෙත් විවාහය යන්න අර්ථකතනය වෙලා තියෙන විදිහ අනුවයි. ගෑණියි මිනිහයි.  ගැණි මිනිහට යටත්විය යුතුයි. ඒක ස්වාමි භක්තියයි.

පුංචි කාලෙ ඉඳන් එළිපිට ඔව්වා කතා නොකෙරෙන තත්වයක් ඇතුළෙ ඇයට ඇගේ ලිංගික ආශාව කියන්න වෙන්නෙත් නෑ, කිව්වත් ඒකට ‘වල්’ කමක් හැටියට ඇරුණාම වැඩි සැලකිල්ලක් හිමි වෙන්නෙත් නෑ. ඉතින් ඉතුරු වෙන්නෙ අතෘප්තිය කරතියාගෙන බැඳගත්තු බෙරෙ ගහගෙන ඉන්න එක.

ඊට වඩා ටිකක් ධෛර්ය තියෙන කෙනෙක් දික්කසාදයක් දක්වා යන්න පුළුවන් වුනත් බොහෝ තැන්වල වෙන්නෙ මේ ටික. ඕක පිරිමියාගෙ  පැත්තෙනුත් වෙන්න පුළුවනි. ඒත් සමාජය ඇතුළෙ ‘කොල්ලෙක් කොහෙ ගිහින් ආවත් නාවලා ගෙට ගත්තාම සුද්දයි’ කියලා නිල නොලත් අවසරයක් පිරිමින්ට තියෙන නිසා ඔවුන් ඒක වෙන කොතනින් හරි පිරිමහගන්න තියෙන අවස්ථාව වැඩියි.

ඒ කොහොම උණත් පවුල් පන්සල් වෙන එකට මෙහා එකට ජීවත්ව වීමත් ලිංගික සම්බන්ධකම් පැවත්වීම  සංස්කෘතික විරෝධීයි සමාජ විරෝධීයි, නීති විරෝධීයි.  මේක හත්පඳුරු පට්ට පද අහගන්න වෙන ලෝක අපරාදයක්. එහෙම තියෙද්දි විවාහයෙන් පිට සම්බන්ධකම් පැවැත්වීම ගැන කවර කතාද ?

මේ කතාව ලියන්න හිතුනෙ වෙබ් පිටු පෙරළද්දි දැක්ක ප්‍රවෘත්ති දෙකක් නිසා. එක්කින් කියවුණෙ ඉන්දීය අධිකරණය විවාහයෙන් තොර ලිංගික සම්බන්ධතා වරදක් නොවෙන බවට පිළි අරන් කියලා. අනිකෙන් කියවුණෙ පේරාදෙණියෙ සරසවි සිසුන් හතර දෙනෙක් සිසුවියක් එක්කර ගෙන ගිහින් නිරුවත් කරලා ඡායාරූප අරන් කියලා.

ඉන්දියාව කියන්නෙ මෑතක් වෙනකල් ම සැමියා මැරුණාම බිරිඳ ඒ දරසෑයට ඇදලා දාපු – ඒකට කිව්වෙ සති පූජාව කියලා – ගෝත්‍රික චාරිත්‍ර තිබුණු රටක්. ඒත් අද ඒ ඉන්දියාව සමාජීයව ලෝකෙ පිළිගත් දියුණු සංස්කෘතිය පැත්තට පියවරක් තියද්දිත් ඒ ඉන්දියාවෙ ම පැරණි මහා සංස්කෘතියෙන කෑලි ටික්කුයි මේක යටත් කරගත්තු කාලෙ සුද්දා ගාව තිබුණු වික්ටෝරියානු සංස්කෘතියෙ කෑලි ටික්කුයි එකා පුරුද්දලා හදාගත්තු ‘ලෝකෙන් උතුම්’ සංස්කෘතිය තියෙන අපෙ රටේ අනාගත පරම්පරාව ලිංගික ‘ඇරියස්’ අල්ලන්න ගඟවල් ගානෙ ගිහින් හෑන්ඩ් ෆෝන් අල්ලං ෆොටො ගහලා මිනිස්සුන්ගෙන් ගුටි කනවා.  ඔන්න ඕකයි තත්වෙ.

ඉතිං අපි අර මුලින් අහපු සිංදුව මෙහෙ තියෙන ඇට්ටකුණා වෙච්චි අච්චාරු සංස්කෘතියට අදාල හොඳ තේමා ගීතයක් එක පැත්තකින් ගත්තාම ….

 

……………………………………………….

http://hithuwakkaree.blogspot.com/2015/07/blog-post_27.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල