සාහිත්‍ය කළා විචාර

මහා වියවුල……

Off

රට රටවල මිනිස්සු සෙට් එකක් තමන්ගෙ රටවල් වල ඡන්ද ගැන කියන්න ගත්ත.

“මම වාමාංශිකයෙක්…. වමේ පක්ෂයට ඡන්දෙ දෙනව”

“මම දක්ෂිණාංශිකයෙක්…. දකුණෙ පක්ෂෙට ඡන්දෙ දෙනව”

“මම නං ජාතිකවාදියෙක්…. අහවල් පක්ෂෙට ඡන්දෙ දෙනව”

ඔන්න ලංකාවෙ එක්කෙනාගෙ වාරෙ ආව. (දන්නව නේ ලංකාවෙ බුවාලගෙ හැටි)…

“ඕව මොන ප්‍රශ්නද බං….. අපිටනෙ ප්‍රශ්න තියෙන්නෙ!” එයා කිව්ව.

“මොනවද උඹලගෙ ප්‍රශ්න?”

“ඉස්සර වාමාංශිකයො සමාජවාදය ගේන්න ‍JVPයට ඡන්දෙ දුන්න…”

“ඉස්සර ලිබරල්වාදීන් ලිබරල් ගේන්න UNPයට ඡන්දෙ දුන්න…”

“ඉස්සර මැදිං යන්න ඕන කියල හිතපු අය ශ්‍රීලනිපයට ඡන්දෙ දුන්න….”

“ඉස්සර සිංහල ජාතිකවාදීන්, ජාතිකවාදය ගේන්න හෙල උරුමයට ඡන්දෙ දුන්න…..”

“ඊට පස්සෙ?”

“2005දි වාමාංශිකයො එකතු වෙලා මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න….”

“2005දි ලිබරල් UNPකාරයොත් මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න….”

“2005දි සිංහල ජාතිකවාදීනුත් මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න…”

“ඊට පස්සෙ?”

“2015දි වාමාංශිකයො එකතුවෙලා අනියමින් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද එලවල සමාජවාදය ගේන්න….”

“2015දි UNP ලිබරල්වාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දල ලිබරල් ගේන්න….”

“2015දි සිංහල ජාතිකවාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දල ජාතිකවාදය ගේන්න……”

“2015දි දෙමළ ජාතිකවාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දන්න තමුන්ගෙ බලය පෙන්නන්න…..”

“ඊටත් පස්සෙ?”

“දැං……..”

“ලිබරල් UNPකාරයො ලිබරල් ගේන්න JVPය‍ට ඡන්දෙ දෙන්න වෙලා…. මොකෝ අවංකව හොරු ටික හරි අල්ලන්නෙ උංනෙ! හොරුත් එක්ක මොන ලිබරල්ද?”

“වමේ එවුන්ට සමාජවාදය ගේන්න UNP රනිල්ට ඡන්දෙ දෙන්න වෙලා….. UNPයේ සරදියෙල් අයවැය හින්ද!”

සිංහල “ජාතිකවාදීන්‍ටයි දෙමළ ජාතිකවාදීටයි මොනවා කරනවාද කියල හිතාගන්න බැරි වෙලා….ඇයි යකෝ විමල්ල, ගම්මන්පිලල ආයෙ සෙට් වෙන්නනෙ යන්නෙ”

“මොකද්ද දැං අවුල?”

“අවුල? යකෝ ආයෙ කවද්ද මිනිස්සුන්ට තමංගෙ මතවාදය වෙනුවෙන් ඡන්දෙ දෙන්න පුළුවං දවසක් එන්නෙ?”

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල